ආදරණිය ටුකු ටුකු, 2014 සැප්තැම්බර් 10 ( පළමු පිම්ම)
ඔයාගෙ නම අනික් අය දැක්ක ගමන් අහයි මේ කවුද කියල. ඒ වුනත් ඔයා කවුද කියල හා හා පුරා මං කියන්නෑ කියල මුලින්ම ඔන්න පොරොන්දු වෙනව. අද ඉදන් ඉඩ ලැබෙන හැම දවසකම අතීතය වමාරනව මතක තියෙන තැන්. ඔයා මට උදව් වෙයි කියල හිතනව.
ටුකු ටුකු,
ඔයා දන්නෑ බැදීම් වලින් ඈත් වෙනකොට හිතෙන දැනෙන වේදනා. මට මුලින්ම බැදීමක වේදනාවක් තේරෙන දවසක දැනුනෙ අපේ ගෙදර හදපු බල්ලා , ( ඌට අම්මා දාල තිබ්බෙ * ගෝරා * කියල ) මියැදුණ දවසෙ. එදා බිම පෙරලි පෙරලි ඇඩුව මං. ඒවගේම අඩපු දවසක් ලොකු වෙච්ච මට ආවෙ මීට අවුරුදු දහයකට කලින්. එදා 2004 ජුලි මාසෙ 04 වෙනිදා. කටුණායක ගුවන්තොටුපොල රෑ දොළහටත් මහ දවල් වගේ. එකම කලබලයයි. මිනිස්සු එහෙට යනව මෙහෙට යනව. එක පැත්තක හිනා පිරුණු මුහුණු. තව පැත්තක කඳුළු පිරුණු කනාටුවෙච්ච මුහුණු.
'මම නම් අඬන්නෙ නැහැ' කියල චණ්ඩිකම් දාල ගෙදරින් පිටවුන මගෙ කකුල් දෙක වෙවුලගෙ බඩ පපුව හීතල වේගෙන උගුර හිරවෙනව වගේ මුලින්ම දැනුණෙ ඇතුල්වීමේ දොර ගාවදි. ඊට පැය බාගෙකට විනාඩි 40 කට විතර පස්සෙ මහ පොළව පෙරලගෙන අම්මගෙ , අයියගෙ කකුල් දෙක ගාව මං පෙරළුනා. පස් නැතත් බිම ටයිල් හිල් කරන්න පුලුවන් තරමට හැපුණා. ඒත් අන්තිමට මට බැදීම් වලින් ඈත් වෙන්නම වුනා ටුකු ටුකු.
අන්තිම එළියත් පේන කටුනායක ගුවන් තොටුපොළ දිහා මං එමිරේට්ස් ගුවන් යානයෙ කවුළුවෙන් හැරි හැරි බැලුව. ඒ මොහොත කියන්න බැරි තරම් දුකක් ටුකු ටුකු. ඔයා ගල් පිළිමයක් වගේ බලන් ඉන්නකොට අද මට හිනාත් යනව. ඒත් ජීවිතය කියන්නෙ හැමදාමත් අවින්ශ්චිත දේවල්වලට අවිනිශ්චිත වෙලාවල් වල මුහුණ දෙන්න වෙන එකක්. ඒකට තැනක්, වෙලාවක්, දිනයක් නැහැ ටුකු ටුකු. හරියට ළිඳක් ඇතුළට පනිට්ටුවක් වේගෙන් බොලොක්කයක් දිගේ යනව වගේ අපි නොහිතන අගාධයකට අපිව යන්න පුලුවන්. එතකොට වතුර පිරුණු බාල්දියක් දෑතෙම වෙර යොදාගෙන ළිඳකින් උඩට ගන්නව වගේ හෙමින් හෙමින් අපිට ජීවිතට ගොඩට ගේන්න වෙනව. මාත් ඒවගේ ආපු හැටි හැරිල බලන තැනක දැන් ඉන්නෙ ටුකු ටුකු. ඔයාට මේ කියන ඒව කාලයක් යනකොට තේරෙයි. අද පටන් ගත්ත විතරයිනෙ. පරිස්සමට අහගන්න දස වසරක මතක තැන් අවුස්සන හැටි. හැබැයි මං එක දෙයක් කියනව මේ හැම තැනදිම නොසැලි ඉන්න මට ශක්තිය දුන්නෙ ඔයා ටුකු ටුකු. ඔයා කවුද කියල අවසාන දවසට මේක බලන අයට කියන්න ඉඩ තියල අදට මං නවතිනව.
මෙහෙට උණුසුම් සෘතුවෙ අන්තිම දවස්. ඒකත් හෙමින් හෙමින් බැඳීම් ලිහනව වගේ. නිරුවත් ගස් කොළන් අත පය දිග අරින්න වටපිට බලනව මේ දවස්වල. හීන් හුළඟක් තුනීයට ඇවිදින් මඟෙ කෙහෙ රොදක වැදෙනව. ඔයාට පේනව නේද ඒක.. ඉතින් අත් අරින්න බැරි බැදීම් වුනත් තාවකාලිකව හරි අත් අරින්න වුනාම කාලයක් ගියාට පස්සෙ අපිට ඒව සාමාන්‍ය වෙනව. දැන් ඔයාට තේරෙන නේද. එහෙනම් අදට නවතින්නම් මං.
.
.
,
මං
දිනිත
ආදරණීය ටුකු ටුකු, 2014 දෙසැම්බර් 03 දෙවනි කොටස
__________________________________________
ඔයාව අමතක වෙලා නෙමෙයි. මතක් කරලම ලියන්න හිතුනට වෙලාවක් නැතිවුනා. අදත් මේ වෙලාව තියෙනවට නෙමෙයි. ඒත් අතර මැදින් කතාව වෙනස් කරන්න වුනත් මේක ඔයාට කියන්නම ඕනි කියල හිතුණා.
ඉතින් ටුකු ටුකු අපි එදා නැවැත්තුවෙ මධ්‍යධරණී මුහුදෙන් වටවුණු මේ කුඩා දූපතට පය ගහපු තැන. එතන ඉදන් එකපාරටම අවුරුදු දහයක්ම මං ඉස්සරහට අද ගේනව. ඇයි දන්නවද? හරියටම මේ දූපතට ඇවිදින් සති 3ක් වෙන නැගණියක් අද අහම්බෙන් මට හම්බවුනා.
ඉතින් ඒක ඔයාට දැන්මම කියල තියන්න ඕනි කියල මගෙ හිත කිවුවා. අකීකරු නොවී හිතට ඕනි විදිහට ඔන්න මං දැනුත් හැසිරුණා හොදේ.
හෙලෝ.., Are You From india
ආහ් නෑ නංගි මං ලංකාවෙ
අම්මේ සිංහල කතා කරන අපේ රටේ කෙනෙක් හම්බවුනාමයි
ඔව්. මේ විලේජ් එකේ ලංකාවෙ අය නැහැ.
ඔයා මේ ළඟද?
නෑ නංගි. මං ටවුන් එකේ. අපේ සර්ගෙ ගෙදර එනව නිවාඩු වෙලාවට.
ආහ්..ඒ කියන්නෙ ඔයා ආයෙ හම්බවෙන්නෑ
ඒව කියන්න බෑ
අනේ අක්කි.
තමන්ගෙ අයව දාල හැතැම්ම දාස් ගාණක් දුරට එන්න පුලුවන් නම් මේ එකම විනාඩියකට හමුවුන කෙනෙක් මොකක්ද නංගි.
ඒත් අක්කි ජිවිතේ අලුතෙන් පටන් ගනිද්දි තමන්ගෙ කියල කවුරි හරි දකින්නවත් ඉන්නව නම්.
ඒව එහෙම තමයි. ඒත් හිත හයිය කරගන්න.
හිත කොච්චර හයිය කරන්ද අක්කෙ මේ ගමන ආවෙ. උපන් දා ඉදන් හිත හයියයි. ඉස්කෝලෙ යන්නෙ උදේම කඩයප්පන් කඩවලට දාල. ගෙදර එන්නෙ ආයෙත් ඒ කඩවලට ගිහින්.
නංගිගෙ පවුලෙ කවුද ඉන්නෙ?
අම්මයි මායි මල්ලිලා දෙන්නයි නංගිලා දෙන්නයි.
තාත්තා?
තාත්තා අපිව බලන්නෑ අක්කා
මෙහෙ ආවෙ
ගෙවල් ළග කෙනෙක් උදව් කලා . එයාට ණය ගෙවන්න ඕනි
හ්ම්
අක්කෙ මාව දැන් හොයයි. කඩේට ආවෙ. මං යන්නම්.
ආහ් හරි නංගි.
අක්කා මේ පැත්තෙ ආයෙ එනවද
හුගක් වෙලාවට එයි
මං යන්නම් අක්කෙ.
හරි නංගි. ජීවිතේ අත් අරින්න එපා.
මේ අද අවුරුදු දහයකට පස්සෙ මට හමුවුන අමුත්තියක්. ඈ කාගෙ කවුද ලංකාවෙ කොහේද කියලවත් මට අහන්න බැරිවුනා
ටුකු ටුකු. ඔයා තරහ නැහැ නේද ඒකට. ඒත් ඒ නංගි නිසා මට මාව මතක් වුනා. ඔයා දන්නෑ නේද? මාත් ජීවිතේ ගැට ගහගන්න අනන්ත දේවල් කළා. අපේ අම්මා පුදුම වීර්යයකින් ජීවිතේ කරේ තියන් අපිවත් ඇඳගෙන යන්න දත කෑවෙ. ඒ දවස්වල මං හිතුවෙ අම්මා යෝධයෙක් කියල. අපි හැමෝටම පිගන් වලට බත් බෙදල දීල අම්මා නෑඹිලියට බත් කටක් දාගෙන කනව. ඒකත් බල්ලට පූසන්ට ගියාම අම්මා කනවද කියල දැක්කෙ නැති තරම් ටුකු ටුකු.
ඉතින් මට මාව මතක් වුනා කියල මං ඔයාට කිවුවෙ ඇයි දන්නවද? මට මතකයි මං සාමාන්‍ය පෙළ ලියල අහවර වෙච්ච දාට පහුවදාම අපේ නගරෙ ගාමන්ට් එකක වැඩට ගියා. හෙල්ප කෙනෙක් විදිහට හරි කියල ගියාට මට එතන ලැබුණෙ නූල් කපන අයව බලන්න , එයාලගෙ ටාගට් දාන්න, එයාල නූල් කපල දෙන ඇදුම් චෙක් කරන්න වගේ. මට හැමදාම පස් හය දෙනෙක් ඒ මේසෙ ඉන්නව. එයාල කවුරුත් හිත හොදින් ඉදිය කියල හිතන්න අමාරුයි. එයාලගෙ මුහුණවල් තරහෙන් තිබුණෙ. ඒ මම අලුතින්ම ගිය ගමන් ලැබුණ රස්සාවට.
ඒ දවස්වල වැඩ වැඩි වුනාම ඕටී කරන්න ඕනි. පාන්දර හතරට , පහට ගෙදරට ගෙනත් දාන අපි ආයෙම උදේ අටට වැඩට යන්න ඕනි. මගෙ අම්මා මොනව වුනත් එක හොද්දක් එක්ක හරි බත් බැදල දෙනව.
ඔයා දන්නවද ටුකු ටුකු..හා හා පුරා කියල මට මුලින්ම රු තුන්දාස් ගාණක වැටුපක් ලැබුණෙ. ඒක අම්මගෙ අතේ තිබ්බම මගෙ අම්ම ඇස්වල කඳුළු පුරවගත්ත. වෙන ළමයි විභාගෙ ලියල ගෙදර ඉද්දි මගෙ එකි රස්සාවකට ගිහින් හම්බකරල ගෙනත් දුන්නා කියල.
ඔයා දන්නැ ටුකු ටුකු ඒ ගෙවුන ජිවිතේ පුදුම රහයි කියල අද හිතෙනව. අර නංගි මාව මගෙ අතීතෙටම ඇදගෙන ගියා. අන්න ඒකියි ටුකු ටුකු මං එයාට කිවුවෙ ජිවිතේ අත් අරින්න එපා කියල.
එදා නූල් කපන තැන මේසෙ හිටපු අය තරහ මුහුණු පෙන්නන්න පෙන්නන්න මං ආදරෙන් හිටිය. ඒක මං පොඩි දා ඉදන් පුරුදු වෙච්ච දෙයක් ටුක ටුකු. අම්ම බනින හුගක් වෙලාවල් වලට වුනත් මං කලේ නිහඩව ඉන්න එක. බැරිම වුනොත් කතා කරනව වගේ. මට කෙනෙක්ට තරහ මුහුණ පෙන්නන්න අමාරුයි. මං මේ රටේදි නම් හමුවෙන හුගක් අය කතා කලත් සිංහල තේරෙන්නැතිව වගේ ඉන්න අවස්ථාවලුත් අනන්ත තියෙනව. ඒ මේවයෙ ගැවසිලා මේ අය අතරින්ම පාඩම් ඉගෙන ගෙන මං හොදට තැම්බිලා නිසා ටුකු ටුකු. මගේ පෙනුමත් එක්ක හුගක් අය මං ලංකාවෙ කියලත් හිතන්නැ. අර නංගිත් මං ඉන්දියාද කියල ඇහුවෙ ඒකයි. ඒත් මගෙ හිත ඒ නංගා එක්ක කතා කරන්න පෙළඹුණා.
මට ඒ නංගිට කියන්න බැරි වුන මගේ කතාව මං ඔයාට කිවුවෙ මගෙ හිත හදාගන්න ටුකු ටුකු. ඉතින් ආයෙම කලින් නවත්තපු තැනට පස්සෙ දවසක යන්නම්. දැන් හිතේ බර අඩු වුනා.

හම්ෙබා්.. අද නං බෑ. ෙහට ෙහට
ReplyDeleteමේ කතාව එක්කෙනෙක්ගේ කතාවක් නෙවේ.. සෑහෙන දෙනෙක්ගේ කතාවක්. ඒක මේ වහල් සේවය පවතින තාක් පවතීවි..
ReplyDeleteඅනේ මංද බාං අක්කෙ මට නිකං පිස්සු වගේ මේක කියවල...
ReplyDeleteමොනා කියන්නද කියල හිතෙනව
ඒත් හිතෙන දේ නොලිය ඉන්නෙක හොදයි මොකද හිත රිදෙන්න පුලුවන්