Wednesday, March 26, 2014

සුබ උපන් දිනයක්

එකම දවසෙ පෝස්ට් දෙකක් දාන්න වුනාට සමාවෙන්න කියල ඔන්න මුලින්ම කියනව. අද විශේෂ දවසක් මට. ඉතින් මේක අද නොදැම්මොත් දාන්න වෙන දවසක් නැහැනෙ. ඒක නිසා පුංචි සටහනක් තියන්නම්.

පෙරී එන සඳරැස් මතින්
ජීවිතේ සුව සිහින දැකිදා
නැගී එන හිරු ළඟදි
දා හෙලා වෙහෙස වුනි මා

එවන් ගමනක යනෙන විට මට
සුහුද සිත් හමුවුනා හිතවත්
හිතට එන ඒ දඩබ්බරකම්
ලියන්නට පෙළඹුනා තනියම

සැරිසරා සයිබරයෙ කිරිලිය වගෙ
මටත් ඉඩ ඇද්දැයි විමසුවා
පුරුදු ලෙංගතු සහෝදරකම
 දුකා අයියා කියා දුන්නා

දුකාගේ පෝස්ට් බල බලා
කිති කැවෙන විට මගේ සිතුවිලි
අනේ අයියේ මටත් ආසයි
මෙහෙම පිටුවක් තනාගන්නට

කිවු සැනින් හරි මඟ පෙන්නලා
දුන්නු ඔවදන් අද වගේ මතකයි
ලියන විට අකුරක් මගේ පිටුවේ
ඔබට අයිතියි තුතිය අයියේ..

නිතර මෙහෙ එන යනෙන උන් ගැන
නොකියා කොහොමද මෙමං..

වර්ණ තවරණ මල්ලියේ
වැහි වැටෙන තැන නංගියේ
සමකය වටේ යන යන අයියෙ
අස්වැන්න නෙලනවා අපි පොදියෙ

දේශකය  මධුරංග බඩී අය හා
විටින් විට ඇවිදින තහනම් අඩවිය
කුරුටු ගෑ ගීපවුර පෙනෙද්දි
හිතේ තුති මල් පිපෙනවා මගෙ...

එදා මෙදාතුර බ්ලොග් ලෝකයේ හමුවුන අප්‍රමාණ හිතවතුන්ට ඇවිත් ගිහින් දිරිය ශක්තිය දුන්න ආදරණියන් සැමට මුළු හදවතින්ම ස්තුතියි.

" සුබම සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට  "


ඉඳින්  සිව් වසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමින් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුබම සුබ උපන් දිනයක් වේවා.....

2010 - 03 - 26 / 2014 - 03 - 26



16 comments:

  1. අෆ්ෆා සැහෙන සිව් වසරක්.. නියමයි.. ඒ කියන්නේ දිනිති අක්ක ප්‍රවීනයෙක් බ්ලෝග් ලෝකේ.. සුබ උපන්දිනයක් බ්ලෝග් එක :D

    ReplyDelete
    Replies
    1. මීට කලින් වර්ඩ්ප්‍රෙස් එකක් තිබුණෙ නංගි. ඒක මිටත් කලින් හැදුවෙ. දුක අයිය කියල දිලම. ඒත් ඒක නැති වුනා... ඉතින් බ්ලොග් ස්පෝට් වලට ඇවිත් අවුරුදු 4 යි.

      ස්තුතියි ඔයාට...

      Delete
  2. හප්පෙ දැං ලොකු ළමයෙක් නේද... හැප්පි බර්ත් ඩේ ආලවන්ත හුදකලාව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු ගොඩක්ම ඔයාට...

      Delete
  3. මගේ අවුරුදු හතරේ උපන්දිනේ ලබන මාසේ සුභ පැතුම් ඉදිරියටත් ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්..

      Delete
  4. හෆ්ෆේ අවුරුදු හතරක්ද.. මං හිතන්නේ හැබැයි අපේ ඇඳුනුං කමට නම් ඊට වඩා කල්.. කමක් නෑ.. කෝම වුනත් සුභ පැතුම් අක්කේ..

    ( ඉන්ට ඉන්ට, මගෙත් 4 ලගයි..)

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව් මල්ලි...අපි දැනගෙන දැන් අවුරුදු 6ක් විතරවත් ඇති.

      Delete
  5. හුදකලාවට අවුරුදු හතරක්.. ඔය දුකා තමා ලමයි නරක් කරන්නේ.. හැක්..

    උණුසුම් සුභ පැතුම් දිනිතියෝ...

    ReplyDelete
    Replies
    1. මොනව වුනත් දුකා අයිය කලේ හොඳක් දේශකයො..නැත්නම් බුකිය පුරා ඔහේ දදා ගියා විතරනෙ... දැන් එක තැනක ටිකක්වත් මෙහෙම තියෙනවනෙ. :-)

      Delete
  6. සුබ පැතුම් නංගී............!
    ජය.............!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කෙ.

      Delete
  7. දවසක් පරක්කු වෙලා හරි "සුබම සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට" <3

    ReplyDelete
    Replies
    1. හරි හරි..ඔයා කොහොමත් හැමදාම මට සුබ පතන කෙනෙක්නෙ..ඔය දවසක පරක්කුව මොකද ඉතින්..

      Delete
  8. ජයවේවා අක්කි! :) :) :) :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...