Wednesday, January 15, 2014

සඳට වුව දුක හිතෙනවද...?



ඉතින් ආයෙත් අහසට සඳ නැගන්
ඔච්චමයි හරි මැදින් හදවතට
නෙතින් නෙත බලා වරු ගණන්
ගෙවුන හැටි පුදුමයක් තාම මට

හිම පොකුරු ඇස් පියාගෙන
සිඹිනවා අතු ඉතිත් මල් ථලද
මම මෙතන හිස නවාගෙන
ආයෙමත් කවි ලියනවා දුකට

අයාලේ යන තුනී නල රැල්ලකට
බිඳින්නට හැකි වුනත් සිතුවිල්ල
පමාවේ නම් වළාකුළු එන්න අහසට
දකින්නට හැකියි නුඹටත් සඳ මඬල

පේන තෙක් මානයේ දුර අනන්තෙට
ශ්වේත කඳු විතරමයි පේළියට
කාත් කවුරුත් නැති හිත් අඟිස්සට
පෝය හඳ වුනත් සුවයක් තනිකමට

හිතුමතේ ඉඟිල්ලෙන සිහින අතරින්
ජීවිතේ අත වනනවා කඳු මුදුනතින්
කෑගසා වැටී යන තාරකාවක් වෙමින්
මාවතේ අතරමඟ නවතින්න බෑ ඉතින්

තෙතමනය දැනෙනවිට කම්මුලට
අතගසා නිකට මත හිඳිමි ඒ වෙලාවට
ගැඹුරු තැන් පෙනෙනකොට දිවි මඟට
සඳට වුව දුක හිතෙනවද රෑ මැදට..

_______2014/01/15_______



( ඡායාරූපය අන්තර් ජාලයෙන් )

8 comments:

  1. කාලෙකින් බ්ලොග් පැත්ත මතක් වෙලා තියෙන්නේ.. ලස්සනයි කවිය අක්කේ..

    ReplyDelete
    Replies
    1. ලංකාවට ගිහින් ඉදියනෙ මල්ලියෙ කවි පොත කරන්න. ඒකයි ඒ.

      Delete
  2. අගේ ඇති කවියක් අරන් ආයෙත් ඇවිත්... ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශක යා.

      Delete
  3. ලස්සන කවි සිතුවිල්ලක් දිනිති !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග.

      Delete
  4. අව්තිම මොහොතෙදි ඔබේ කවි මංගල්‍යයට එන්න බැරිවුණා... ඒ වුනත් ඔබේ පොත හොයාගෙන කියවලා විස්තර කියන්නම්

    ReplyDelete
    Replies
    1. කොළඹ ගුණසේන එකේ තියෙනව අයියෙ. පුලුවන් වෙලාවක අරන් බලන්න. ගොඩක් ස්තුතියි අයියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...