Friday, January 3, 2014

" ආරුක්කු කවියක් යටට එන්න "

ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු දැක්කහම..

හුගාක් ලියන්න පුලුවන් මොහොතක නෙමෙයි මං ඉන්නෙ... ඒත් බ්ලොග් ලෝකෙ හැමදාම දුක සැප බෙදාගත්ත ඔයාලට පුංචි ආරාධනයක් කරන්නයි මගේ මේ සුදානම...

මගෙ කුළුදුල් කවි පොත එළි දක්වන මංගල දිනය ජනවාරි 05 වෙනිදට යෙදිල තියෙනව. ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයෙදි උදේ 10 ට. ඊට සමගාමීව මගේ අලුත්ම ගීත නිර්මාණ දෙකකුත් ඔබට පිදෙනව. 

පුලුවන්කමක් තියෙනව නම් ඔයාටත් එන්න කියල පුංචි ආරාධනාවක් මගෙන්...




24 comments:

  1. එන්න උපරිම උත්සහ දරනව දිදී අක්කෙ.. ආවත් නැතත් එදින සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වන්නට පතනවා.. ජය!!

    මු.නො.ස

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියේ....

      Delete
  2. බලමුකො ඇවිත්. එදාට දිනිතිවත් බලාගත්තෑකිනෙ !

    ReplyDelete
    Replies
    1. හරි හරි මධුරංග...ඉතින් ඔයා ආවද....

      Delete
  3. සුබ පැතුමි දිනිති...

    ReplyDelete
  4. උණුසුම් සුබ පැතුම් දිනිති

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන් අයියා..ඇවිත් බෙදාගෙන ගිය සහෝදරත්වය හැමදාටම වටිනව..

      Delete
  5. ඔයාගේ කවි සින්දු මාර රහයි නියමයි දිනිති අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දරුවො ඔයාට..

      Delete
  6. සුභ පැතුම් දිනිති අක්කේ.. ලංකාවේ හිටියනම් මම අනිවාර්‍යෙන් ඔතන කියලා ඉතින් ඔයා දන්නවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෙ ඔයා ඉදිය නම් එන බව මං දන්නව දරුවො....ස්තුතියි සුබ පැතුමට..

      Delete
  7. ඉරිදා උදේට හදිස්සි කළ යුතුම වැඩක් යෙදිල තියෙනවා. යම් හෙයකින් ඒක වෙනස් කරගන්න ලැබුනොත් අනිවාර්යෙයන් එනවා.

    ඒ කොහොම වුනත් ඔබට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අයියේ...

      Delete
  8. සුබ පැතුම් අක්කේ.. අපුරු වැඩක්.. ඉත සිතින් සුබ පතනවා සාර්ථක වෙන්න කියලා..

    මට පොතක් ගන්න පුළුවන් විදියක් කියනවද//

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දරුවො ඔයාට..
      ගුණසේන සමාගමේ කොළඹ සහ නුවර ශාඛා වලින් ගන්න පුලුවන් කවි පොතක්..

      Delete
  9. ආරාධනාවට බොහොම ස්තුතියි. ඇයි වදේ ගම අහපු වෙලාවේ මේ විත්තිය නොකිව්වේ. එහෙනං ෂෙඩුල් එක හදාගන්නව නෙව.. දැං දැක්කේ මේක.

    කොහොම උනත් ඔබගේ වැඩකටයුතු සාර්ථක වේවායි ඉතසිතින්ම පතමි.. සුභ පැතුම් දිනිතී..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි දේශක යා...

      Delete
  10. සුභ පැතුම් අක්කේ............

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි දරුවො...

      Delete
  11. අපිත් ඔබට සුබ පතනවා.......................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඕගොල්ලන්ටත්...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...