Saturday, July 13, 2013

සිහින දිනිය යුතුමය.

සිහින...සිහින හා මා අතර ඇත්තේ හරි අපූරුම සම්බන්ධයකි. එය කෙනෙක්ට කිවොත් සිනහසෙනවා අනිවාර්යය. එහෙත් සිහින අත්හැර මට එකදු හුස්මක් ගන්නට බැරි බව නම් ඇත්තය...

හිත අතීතයට දිව යන්නේ නොසිතාමය... පුංචිම දා කවුරු වගේ වෙන්නදැයි දෙක වසරේ කුමාරතුංග ගුරුතුමිය ඇසු විට මා කිවුවේ මං කැමතියි ටීච වගේ වෙන්න කියාය. එදා යමක් කමක් නොතේරුණ දා මා ඇයට අසීමිතව ආදරය කලෙමි. හොරණ එකල අපි හදුන්වන ලොකු ශ්‍රිපාලිය ගාවම පාරේ අරුන්දතියට යන මගෙහි ඇගේ නිවස පිහිටා තිබුණේය. අදද ඒ නිවස ළගට හදවතින් දිව යන වාර අනන්තය. පුංචි මගෙ හිස අතගා වාඩිවෙන්න යැයි කිවු ගුරුතුමිය වන්නට මට බැරිවිය. එහෙත් ඈ හදේ උතුරන ආදරය කරුණාවෙන් එකම එක නිය තුඩක් හෝ මට හිමි කරගන්නට මා වැර ගත්තෙමි. තුන්වන වසරට සමත්වෙන විට වෙනත් පාසලකට මාරුවක් ගත් මට කුමාරතුංග මිස් වෙන සිහිනයම හිතේ නොතිබුණා නොවේය.
ඉදින් එදා නොදන්නා දා පටන් පෙම් කළ සිහින සහ මා අතර ගණුදෙණු අප්‍රමාණය. මව්පිය තුරුලේ රැදෙමින් සිහින දකිනවාට වඩා අප යොවුන් වියට ආ විට සිහින දකින ප්‍රමාණය බොහෝ සෙයින් වැඩිය. එයිනුදු පෙම්වතා හෝ පෙම්වතිය මුල්කරගෙන ගොඩ නගන සිහින මෙපමණයැයි අපට කිව හැකිද. ඔබ මෙන්ම මාද එසේමය. ජීවිතයේ අසරණ වෙන හැම මොහොතකම සිහින ගැන දැඩි විශ්වාසයකින් මා බැදෙන බව නම් අනිවාර්යය කරුණකි.
හිත ආපස්සට යන සෑම තැනකදීම මා නවතින එක තැනක,

මේකි නම් හීන පිස්සියක්...
ඔව් අයියෙ මං හීන පිස්සියක්..ඔයාට කරදරයක් නැහැනෙ..
අපොයි මට කරදරයක් නැහැ තමා...ඕව කීයක් දැන් මාව අල්ලන් දැකල තියෙනවද කියන්න බලන්න...
එකම එකයි අයියෙ ඔයා වටේ තියෙන්නෙ...
පුදුමයි..මගෙ මෝඩි එකම එක හීනෙද මා එක්ක දැකල තියෙන්නෙ....
හ්ම්....
කෝ...කෝ..ඔලුව උස්සනව...බිම බලාගන්නෙ නැතුව...
බෑ....
බැරි හැටි මම පෙන්වන්නම්...
ඔය ඉතින්..රිදෙනව මට....
රිදෙන්න තමයි ඇල්ලුවෙ...
යකා...පෙරේතයා...ගැඩවිලා...
ආහ්...ආහ්...තව ජාති තියනවද කියන්න..
තියෙනව තමයි..ඇයි මොකෝ...
මොකුත් නැහැ..කියනව බලන්න දැන් ඔය හීනෙ..
මට බෑ..බෑ..බෑමයි...
ගුටිකනවා...
හා ගහනව බලන්න...
ඔව් ඉතින් මේකිට එහෙම කරන්නෙ නැති නිසා කියෝනව මෙතන...
වැඩේමයි...
වැඩේ තමයි කියනව ඉතින් දැන් හීනෙ..
අනේ මට ලැජ්ජයි හලෝ...
අපොයි අපුරු ලැජ්ජාව මගේ ළග...මෝඩි..උඹ මගෙ..මොකට ලැජ්ජ වෙන්නද...ආහ්..
මට ...මට.....
මට මට මොකද ගොත ගහන්නෙ....
අනේයියා...ඉතින් ඉන්නවකො කියනකම්..
කියනවකො ඉතින්...
මට ළමයි ගොඩා....රියක් ඕනි...මහා.... හුගාක්..
හපොයි මේකි දකින්න තියෙන ලේසිම හීනෙනෙ දැකල තියෙන්නෙ..ඈ මැන්ටලේ ඔය වගේ එකක් විතරක් දැක්කම ඇති...
අනේ..ඉතින්...
අනේ ඉතින් තමා...මේකි තමයි දවසකට හරි කෙල්ල...
ඔය ඉතින් මං ඔයාට ඒකනෙ කියන්නෙ නැත්තෙ....
හරි හරි දැන් මොකටද ඔච්චර ළමයි තොගයක්...
මොන්ටිසෝරියක් දාන්න...
කිවුව නේද කටේ තොලේ නොගෑවි බොරුවක්....
යනව යන්න...හැකරැල්ලා...
දැන් හැකරැල්ලෙක් ගෙනත් දානව ගවුම අස්සට...
ඊයා...දුප් යන්න...ඔයා හොඳ නැහැ අයියෙ..
හොඳ නැති නිසා වෙන්න ඇති මගෙන් ළමයි ගොඩක් ඉල්ලන්නෙ...
නෑ මට ඕනි නැහැ එකෙක්වත්...
ඇත්ත.......ට...........
ඇත්ත තමා....
හා හා මේ අහන්න මගෙ මැණික...ජීවිතේ මෙන්න මෙහෙමයි කියල කලින් දැනුම් දීල දේවල් අපිට සිද්ද වෙන්නෙ නැහැ...අද මං ළග ඉන්න ඔයා හෙට නැතිවෙන්න පුලුවන්.. සිහින දකින්න සුදු. ඒත් ඒ හීන නිසා ජීවිතේ ආපස්සට හරව ගන්න එපා කොයිම මොහොතකවත්..තේරුණාද.... අපි දකින හැම හීනෙම අපිට ඉටු නොවෙයි මගෙ නංගියෙ..ඒත් අත් අරින්න එපා එහෙම වුනා කියල කිසිම සිහිනයක්...
ඉපදුණ ගමන් දරුවෙක් ඇවිදින්නෙ නැහැ වගේම සිහිනයක් දැක්ක පමණට ඉටුවෙන්නෙ නැහැ...ඒක නිසා ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. දැන් හිතන්න... දරුවො හුගක් හදන්න ඕනි නම් මගෙ නංගි හොද සෞඛ්‍යෙයන් ඉන්න ඕනි...හොද අම්ම කෙනෙක් කොහොමද කියල ඉගෙන ගන්න ඕනි...ඒ දරුවො රකින හැටි ඉගෙන ගන්න ඕනි...ඒ තියා ඒ දරුවෙක් අහිමි වුනොත් ඒකත් දරාගන්න පුරුදුවෙන්න ඕනි... මං දන්නව මගෙ කෙල්ලට ඒව නම් හරිම සිම්පල් කියල..
ආයෙත් අහල...ඕව මොනාද අයියෙ...
ඔව්..ඒ වගෙම මම නැති වුනත් වෙන කෙනෙක්ගෙන් හරි ඔය සිහිනෙ ඔය විදිහටම ඉටුවෙනකම් දකින්නම ඕනි..
අනේ..ඔය දුක හිතෙන කතා කියනව...
දුක කියන්නෙත් සතුට කියන්නෙත් එකම මිනිස් හිතට එන හැගීම් පැට්ටො...ඒව දිහා උපේක්ෂාවෙන් බලන්න..වැඩිය දුර හිතන්න එපා...
ඒ වුනාට මට අයිය ඕනි...
ආහ්...හදිස්සියෙ මම හෙට මැරුණොත්...දැන් ඔය සිහිනෙත් මැරෙනවද...?
මොනාද අයියෙ...
මොනවත් නෙමෙයි...අපි කිසි කෙනෙක් මත්තෙ ජීවිතයෙ කිසිම දෙයක් ගොඩ නගා ගන්න හොද නැහැ රත්තරං...එහෙම වුනොත් අපිට අපිවත් නැතිවෙනව...තේරෙනවද...
හ්ම්...තේරෙණව...
_______________________________
සත්තටම එදා ජිවිතය අකුරෙන් අකුර කියල දුන්න ඔබ නැතත් මා අදත් සිහින තොගයක් දකිමි. ඒ වෙනුවෙන් කැපවෙමි. මහන්සි වෙමි...වැරදුණා මග හැරුණා කියා සිහින හෝ ජිවිතය අතැර නොයමි. ඔබද එසේ වන්න.දිනක මේ සිහින සැබෑවෙනවාමය...

6 comments:

  1. ඉතාමත් සාර්ථක වියමනක් දිනිති. ඔබට ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් ඔබට...

      Delete
  2. මේ කියවුයේ වර්චුවල් අවකාශයේ වූ බ්ලොග් පිටුවක් දැයි කියා සැක සිතෙන තරම් හිතට දැනෙන , නවකතා පොතක් පිටුවක් වගේ දැනුනා ඔබේ පද මුසුව ...
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියාට බොහොමත්ම තුති මහේෂ් ඔබට...

      Delete
  3. මහ මෝඩි... මොකටද අර හීනෙ කියන්න ගියේ.. හීනෙ කිව්වම ඒව වෙන්නෙ නෑ කියල අහල නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා..මටත් දැන් හිතෙනව මං මහ මැට්ටියක් කියල... :-)

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...