Tuesday, August 14, 2012

නැගිටපන් පුත නැගිටපන්

හන්දියේ මැද හරස් කරලා
තොරන් බදිමින් සැදූ
මහා පිළිමය අඬනවා අද
දිනු රට දෙස බල බලා...

පුතේ නොසිතා සෙලවියන් පුතෙ...

මදැයි උන්නා එකතැන රැදී...

උඹත් විරුවෙක් මහා විරුවෙක්

අනේ කිවුවා උන් කෑගසා
නුඹේ යුතුකම් අමතකයි දැන්
ඇතේ කඳුළක් ඇස පුරා....


පුතේ නොසිතා සෙලවියන් පුතෙ...
මදැයි උන්නා එකතැන රැදී...

 
හමන සුළගත් ගිනි වැදී
හැපෙයි සියොළඟ නපුරුවී
තවත් විපතක් එන්න කලියෙන්
නැගිටපන් පුත එකවරක්....

7 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් දිනිති !

    ReplyDelete
  2. ලස්සනයි අක්කි...

    ReplyDelete
  3. fua ;rx කෑ ගහලත් නැගිට්නැත්තං ඉතිං ඌ බීරි අලියෙක් වෙන්න ඇති...ඒත් බීරි අලි මේ දැන් දැන් සුලබයි...

    ReplyDelete
  4. අපූරුයි අක්කේ...

    ReplyDelete
  5. විජය කුමාරතුංග ගැයූ "සොල්දාදුවෝ.. නුඹ අපවන් මිනිසෙකි සොල්දාදුවෝ" ගීතය මතක් වෙනවා. ඒ ගීයෙන් කියවෙන්නෙත් මේ අදහසමයි.

    ReplyDelete
  6. අවුරුදු හතරකට විතර කලින් තිබුණු යුගය ආයෙත් මතක් වුණා.ලස්සන නිර්මාණයක් දිනිති අක්කේ.දිගටම ලියන්න.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...