Saturday, January 22, 2011

ආවෙ කිම නුඹ...

නවම් සඳ ඇවිදින් අහසට...
යන්න යනවා හෙමින් බැසගෙන....
නුඹත් ඇවිදින් මගෙ මතක අස්සට...
ඉන්න හදනවා කදුළු දීගෙන...


තරු මලුත් රෑ ඇස් පියාගෙන...
සඳ මලට ඉඩ දෙයි බිම බලාගෙන...
හිත් මලුව නුඹ වසාගෙන...
හීන මල මගෙ යයි කඩාගෙන...


පාන සඳකැන් හිඳියි තරු දරාගෙන...
කෝල කරනට දෙයි ගතු කියාගෙන...
ආල කම් මගෙ ගියා නම් වීසි කරගෙන...
ආවෙ කිම නුඹ හිත මගෙ හිත රිදෝගෙන...

2 comments:

  1. ලස්සනයි නන්ගි, හොදට ගේය පද ගලපලා ලියලා තියනවා. මේ තරම් විරහා ගේයපද ලියන්නේ ජිවිතේට ආබද්ධ අත්දැකීම්ද? :)

    ReplyDelete
  2. හිතට දැනෙන දේ හැමදාමත් ලිවුවා...ස්තූතියි මහ හුගාක්....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...