Monday, June 5, 2017

ගැහැණු හිතක් කොයිතරම් කැමතියිද



" දාඩියයි මගෙ ගාව "
" මහන්සියි මැණිකෙ අද"
" උණුවටම තේ එකක් බොමුද"
පිරිමි හඬකින් ඇසෙන එක
ගැහැණු හිතකට කොයි තරම් මිහිරියිද ?

බතක් රොස්වෙන වෙලාවක
අලුත් සබන් සුවඳක් වඩාගෙන
"අපි කඩෙන් කන්න යමු අද"
පිරිමි හඩකින් ඇසෙන එක
ගැහැණු හිතකට කොයිතරම් මිහිරියිද ?

"මගෙ මැණික වැතිරෙන්න
මේ පපුවෙ හරි මැදින් "
පිරිමි රස්නෙට ගුලිකරන් තදවෙද්දි
ගැහැණු හිතකට කොයිතරම් දැනෙනවද

4 comments:

  1. Replies
    1. ස්තුතියි සපුමල්

      Delete
  2. reversed virsion ;)

    ගැහැණු හිතකට එහෙම වුණත්
    පිරිමි හිතකට දැනෙන දේ ගැන
    ගැහැණුන් වුණත් මොනව දන්නවද

    දාඩිය පොල්ල දාගෙන
    ගෙට ගොඩ වෙනකොටම
    ආ..හ් ආවද... අද කලිං මොකද
    එහෙම නැත්තං වෙනස් දවසක
    අද පරක්කු මොකද

    කතන්දරත් ‍හරි ගොඩයි නොවෙද
    එහෙම අහනකොට රිදෙන්නේ නැතිද හිත
    පිරිමි හිතක් වුණත් කැමතී
    රොමෑන්තික වෙන්න
    උඹ ඔය කියන විදියට
    ඒත් යෙහෙළිය ඉඩක් නැතිකොට
    පෙම්වත් වෙන්න
    කාට වුණත් එපා වෙයි මේ ජීවිතය

    ReplyDelete
    Replies
    1. ෂා... මල්ලිගෙ ගැලපුමත් රසයි..
      ස්තුතියි මල්ලියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...