Thursday, March 30, 2017

රස්තා කෙල්ලෙක් වෙන රහස සොයමි


සිහිනිඟ සුඟ මිටට ගන්නට කුමට
පාවෙන බෙල්බොටම රිසිකො‍ට
පිට මැදින් එල්ලෙන රෑන කිතුලක
හැඩ වරල නැති එක නුහුරද ඔය හැටිම
නා දළු ලෙලෙන දෙතොලක පැහැය
සායම් මතින් මතු නොකරමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි

ඇට මාල පාට පාටින් ගෙළ මාල කර පළඳමි
පය තබන ලාලිත ගමන් කුමටද අසමි
නීල පීත නූලකින් වළලු හැඩ පරදමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි

ඇතිනි පැටවුන් කර තියාගෙන ඇතිනි අම්මා වෙලා
පතිනි බල ගැන නොකියමි නොකරමි නොහොබිනා
ලොබු ඩැහැන් වැට අද්දරින් අතු ඉති මුවා කරමින්
බලන උන් හට ඇති තරම් හිපොපිය හැඩ දමමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි

ඉඳහිට ඔතන මලක රස තනියම උරමි
අක්බඹර කෙහෙරැලි රැලි රැලි සදමි
මාර්ජුවානා සුවඳ දැයි හදවතින් අසමි
ටැටූවක් කොටාගෙන අත් නැති හැට්ට අඳිනෙමි
මිනිසත් කමේ අනුහස් මනු හදට පවසමි
බොබ් මාලෙ ගීතම සිවුරුහන් කරනෙමි
රස්තා කෙල්ලෙක් වෙන එකක රහසක් සොයමි.

රෙගේ නැටුමක් දමා දමා හතිලමි
මගේ විජිතයෙ මම අග රැජිණ වෙමි
රස්තා කෙල්ලෙක් වෙලා රහ අත්විඳිමි.

3 comments:

  1. ඇතිති පැටවුන් කර තියාගෙන ඇතිනි අම්මා වෙලා///
    ඇතිනි වෙන්න ඕන නේ..

    කවිය නං අලුත් අදහසක. ඒත තැන තැනිං රහ මැරිල වගේ... හදිසියට ලියල ද කොහෙද..
    ඔහොම නං බෑ ඉතිං..

    ReplyDelete
    Replies
    1. ජංගමයෙන් සර් එහෙට මෙහෙට වෙද්දි කොටන ඒවා මල්ලි. අතිනි තමා වෙන්න ඕනි. ඒක දැනුයි දැක්කෙ. ස්තුතියි මල්ලියෙ.

      Delete
  2. නිියම කවියක්
    ඒ ජාතියේ නිදහස් ගැහැණියකයක් වන්න

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...