Tuesday, October 18, 2016

මටත් තිබුණා ‍ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්,
කිවිසුමක් ගියවිටත්
තැතිගත්ත ඇස් දෙකින් බලන,
මහා හුස්ම රැල්ලකටත්
ගැස්සිලා අත තබා බලන,
තනිමඟක යන්න හැර
පිටුපසින් යනෙන යුරු බලා සිටින,
පුංචි අව්රැලි පොදටත්
හිසට අත්ල තියා රැකවරණ සදන,
බත් පිඩක් ගානේ ආදරේ
තවර තවරා කවන,
අාදරේ කියන්නෙම
දුන් දෙයක්මයි කියන,
මටත් තිබුණා ප්‍රේමයක්
කවියක ඉගිලිලා මඟ හැරුණ
යලි කිසිම දවසක හමුනොවන.

2016/ඔක්තෝම්බර් 10

2016 ඔක්තෝම්බර් 16 ඉරුදින පුවත්පත.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නිහඩවම ඈත අහස්කුස දිහා බලාගෙන පැය ගානක් කල්පනා කර කර ඔහේ ඉන්න පුළුවන් ප්‍රේමයක් මටත් තිබුණ දිදී අක්කෙ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දරුවො. අපි හැමෝටම තිබිල ඒ වගේ පෙම් පලහිලව්වක්.

      Delete
  3. ප්‍රේමයේ ආවර්ජනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... ඒකනෙ මල්ලියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...