Thursday, September 25, 2014

තාම පඩි අරන් නෑ ඉවසාපන් පුතුණේ.


කලා සොලොස අරගෙන පුන්සඳ ගම නාවේ
උනා සළුව ගගනත මැද තරු මල් රැඟුවේ
බලා නොඉද වැඩපන් දෙවියනි මං කිවුවේ
මුසා මොටද ඒ දුක නෑ කවුරුත් ඇහුවේ...

නපුරු සිහිනෙ දුටු දා හිත මළගම වැටුණේ
රුදුරු වන සතුන් කවදත් මිනිසුන් වන්නේ
සොඳුරු සිරින් පිරි හෙට තනනට මයෙ පුතුණේ
අතුරු කතා නෑ ඒකයි කතරට ඇදුණේ...

හෙමින් හෙමින් පත් සිඳිලා යන වදුලේ
තැනින් තැනින් කටු විතරයි මැද මිදුලේ
දුවන පනින නුඹ සිහිවෙන හිත ඇතුලේ
ඉහෙන් කණින් බේරෙන දුක මගෙ කමුලේ...

උදේ රැයින් දුරකථනෙන් ඔය හඬ ඇහුනේ
පානෙ එළිය විතරයි හරියට ගෙයි තිබුණේ
රෑට බතට නැති බවකුයි සවනත වැකුණේ
තාම පඩි අරන් නෑ ඉවසාපන් පුතුණේ.


 

6 comments:

  1. Replies
    1. ස්තුතියි රතීගෙ දිනපොත ඔබට.

      Delete
  2. මේක ගීතයක් කරන්න අදහසක් නැද්ද දිනිති ? ඇත්තටම ගීතයකට ගැලපෙන රටාවක් සහ පද පේලියක්

    ReplyDelete
    Replies
    1. ගීතයක් කරන්න නම් අදහස් ආවෙ නැහැ ඉවාන්.. සඳැස් විදිහට මාත්‍රා බලල තමයි කවි ටික නම් ලිවුවෙ. ස්තුතියි හැමදාම වගේ.

      Delete
  3. මම එනකොට නං පඩි ලැබිලත් ඇති..

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....