Thursday, September 4, 2014

අතරමං හිතත් එක්කම, මං වගෙම මගෙ එකෙක් හට

හදවතට රිදුමක් ගෙනෙන විට
අතැගිලි වලින් ගසනෙමි අකුරකට
කඳුළකට ඉඩ හදන කවියකට
සිනාසෙන එකත් පුදුමයි නොහිතුවට


උෂ්ණ සෘතුවට හැකිලිච්ච ගස් වැල්
නග්න සිරුරින් අයදියි සැනසුමක්
විශ්ව ශක්තිය කියා ඉර හඳ තරුවලට
පෙම් කරන එක හොඳයි හුදකලාවට


ග්‍රීසියේ ගිරිස්මය වැදෙනකොට මුහුණට
සයිප්‍රසය සර්ප්‍රයිස් දෙන්නෙ නැහැ කිසිමවිට
කුරුසියේ හැඩ ඇද ඇදම පපු මැදක රටාවට
තුර්කියේ උන් හටම වදිනවා බිය ගුලුකමට


කොහේ හෝ අතරමං හන්දියක සිට
මාලිමා නෑ දිශානතියට ඔබ මාව හරවන්න
ජීවිතේ කාසියක් වෙලා පෙරලෙන විටක
හඳිසියේ මළගම් ගියපු පැතුම් කොච්චරද


සිනාවක් නැති ගසක සිනාමල් පළදන්න
කතාවක් නැති මුවට කතන්දර අමුණන්න
නිමාවක් නැති ගමනෙ ඇරඹුම්ම ගන්න
වෙලාවක් නැතිව දිවුව සැතපුම් මැනගන්න


දෙතොල් පෙති මුමුණමින් කාටවත් නොඇසෙන්න
කිවු කතා මොනතරම් දුක්බරද හදවතින් අහගන්න
ප්‍රේමයක් නැති උන්ට ප්‍රේමයක් ගැන පහදන්න
දුෂ්කරය හැගුම් එක්කම දිවි ගමන පිහිනන්න


ගැලවිලා විසික් වෙන සිතුවිල්ලකට ලංවෙන්න
බැරි නිසා තියා යමි අකුරකින් විදවනා විදවිල්ල
හැරපියා යන්න බැරි දුර සිටන් පැවසුවත් ලතැවිල්ල
නුඹ වගෙම මාත් අසරණවෙලා නොදන්නා උන් අතර


8 comments:

  1. මං කිව්වේ මේවා හරිම ගිරිස්මයි..

    ReplyDelete
    Replies
    1. හා...ගිරිස්මෙට සීතල වතුර ටිකක් බොන්න.. :-p

      Delete
  2. විශ්ව ශක්තිය කියා ඉර හඳට පෙම කරන එක ඇත්තටම හොඳයි තමයි, තුන්වෙනි කවියේ පද ගැලපීම නම් නියමයි , ඒ කවිය තමයි මේ කවි පන්තියේ මගේ සිත් ගත්තම කවිය

    ReplyDelete
    Replies
    1. මට හැමවෙලේම හිතෙන දෙයක් අපි නොදැන වුනත් ඉර හඳට ආදරේ කරන්නෙ, ඇදිල යන්නෙ ඔය විශ්ව ශක්තිය හින්දමද කියල...
      බොහොම ස්තුතියි ඉවාන් පවුලූශා.

      Delete
  3. ලස්සන කවි ටික අක්කේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියේ..

      Delete
  4. ලාස්සනයි කවි ටික...
    පට්ට අක්කෝ....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි මල්ලියේ..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...