Friday, August 8, 2014

කරන්න බැරි මඟුල් කරන්නට යාම පළමු පියවර. :-)

මං ඉතින් හැමදාම එක එක ලේඛකයන්ගෙ කවි කියෙවුවට කවදාවත් හිතුවෙ නැහැ ඒ කවියක් සිංහලට නඟන්න. ඒත් මං උත්සහයක් ගත්තා. පලමු උත්සහය ටිකක් අවුල් කියල දැනුණෙ විවිධ ප්‍රතිචාර මුහුණු පොතේ පල කල කවියට සහ මගේ ඉන්බොක්ස් එකට පිරෙද්දි. ඉතින් මං දෙවන උත්සහයකුත් ගත්තා. බ්ලොග් කියවන ඔයාලට දැනෙන විදිහත් කියල යන්නකො වෙලාවක් තිබුණොත්.

මේ තමයි මං තෝරගත්ත කවිය.
I Do Not Love You Except Because I Love You by Pablo Neruda

I do not love you except because I love you;
I go from loving to not loving you,
From waiting to not waiting for you
My heart moves from cold to fire.

I love you only because it's you the one I love;
I hate you deeply, and hating you
Bend to you, and the measure of my changing love for you
Is that I do not see you but love you blindly.

Maybe January light will consume
My heart with its cruel
Ray, stealing my key to true calm.

In this part of the story I am the one who
Dies, the only one, and I will die of love because I love you,
Because I love you, Love, in fire and blood. 
ඔන්න මගේ පළමු උත්සහය
 
මම ඔබට ආදරේ නොකරමි.
හේතුව විනා මම ඔබට ආදරෙයි
මම ආදරය කරනව. ඔබට දැනෙන්නෙ නැහැ
බලා ඉන්නව. ඔබ වෙනුවෙන් බලා ඉන්නෙ නැහැ
මගෙ හදවත සීතලේ සිට ගින්දරට මාරුවෙනව

මම ඔබට ආදරෙයි. ඒ ඔබ තමයි මම ආදරය කරන එකම කෙනා
මම තදින් වෛර කරමි ඔබට, ඔව් ගැඹුරින්ම.
ඔබ දෙසට හැරෙන විට පියවරෙන් පියවර ඒ ආදරය වෙනස් වෙනව
ඒක හරියට මං ඔබව දැක්කෙ නැහැ. නමුත් අන්ධයෙක් සේ ආදරය කරනව වගේ

ජනවාරියේ එළියත් සමහරවිට නැතිවේවි
මගේ හදවතේ අනුකම්පාවත් නැතිවේවි
සංසුන්තාවයේ මගෙ යතුර ආරම්බයේදිම සොරකම් කරල

මේ කතාවේ මගේ කොටස මම කවුද කියන එකයි.
ඒවගෙම එකම එක දෙයක් කියන්න පුලුවන්
මේ ආදරය, මමමැරෙයි..
හේතුව ඒ මම ඔබට ආදරෙයි.
ඔව්
මම ඔබට ආදරේ කරමි.
ගින්දර වගේ මගෙ ලේවලත් ඒ ආදරය තියෙනව.




ඉතින් හුගක් අයගෙ විවිධ අදහස් ලැබුණ නිසා ආයෙම උත්සහ කලා.. මේ මගේ දෙවන උත්සහය.


කුමට නම් මම ආදරේ කරමිද
ඔබට මා ආදරෙ බැවින්
නොදැනෙනා ඔබ දන්නෙ කොහොමද
බලා ඉන්නේ ඇයිද මා
ඔබේ නාමෙන් රැදෙන හන්දා

සීතලයි මේ හදවත මගේ
උණුසුමක් දැනෙමින් තිබේ


මගේ ආදරෙ ලබන්නේ ඔබම පමණයි
ඉතින් මං ඔබහට ආදරෙයි
ටිකෙන් ටික වෙනස් වීමයි
තදින් දැනනො ඒ වෛරයයි

අන්ධකාරයෙ ආදරය වාගේ
ඔබට ආදරෙ මේ මගේ

දුරුත්තේ රළු එළි පෙනෙයි
මගේ හදවත වෙලාගෙන යයි
නිසංසල බව රහසේම යන්නේ
සොරෙකු විලසින් යතුරුලාගෙන

කතාවක් මේ මගේ කොටසේ
ආදරය නම් මගෙම හන්දා
මිය යාවි මං ඒ ඉසව්වේ
නිමාවක් නැති ආදරය රන්දා

ඔබට මං ආදරෙයි
ඔබට මං ආදරෙයි
රත්වෙච්ච ලේ මගෙ කියන්නේ
ඔබට මං ආදරෙයි.
 

7 comments:

  1. එකම කවිය දෙආකාරයකට පරිවර්තනය කරල නේද...
    ඉංග්‍රීසි දැනුම මගෙ අංජබජල් ඒ හන්ද දෙආකාරයම ලස්සනයි කියනව ඇරෙන්න වෙන මොනවත් කියන්න බැරිවෙනවට සමාවෙන්න...
    කෝම වුණත් මට දැනෙන විදියට නං හොදයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මාත් හරිම අමාරුවෙන් තමා ඔය කඩ්ඩ අල්ලගෙන යන්නෙ මල්ලි.. මට ඉංග්‍රිසිවලට වඩා ග්‍රික භාෂාව නම් හොදට කතා කරන්න පුලුවන් වගේම කියන දේවල් තේරෙනව කියවන්නත් උත්සහ ගන්නව.. ලියන්න තවම අමාරුයි හොදට.. කොහොම වුනත් වෙනත් භාෂාවල් දැනගන්න ඕන කියන ආසාවක් මට ඇවිත් තියෙනව. ලගදි ඉදන්.. හෙ හෙ

      බොහොම ස්තුතියි මල්ලි.

      Delete
  2. dinithiyaatath කරන්න පුළුවන් මගුලක් නැහැ කියල කටක් ඇරලා කාටවත් කියන්න පුළුවන් කමක් දැන් නැහැ. දෙවන උත්සාහය කියල තිබුන එකෙන් මම අදහස් කලේ ඔයා වෙනත් කවියක් අලුතින් පරිවර්තනය කලාද කියල . කියවගෙන කියවගෙන යන කොටයි තේරුනේ අර මුල් පර්වර්තනයේම දිගුවක් කියල. මේ මුහුණට කියනවා නෙමෙයි දිනිති දුවේ, ඒ පරිවර්තනයේ ඔයාගේ අනන්‍යතාව ගැබ් වෙලා තියනවා. පරිවර්තනයක හෝ අනුවර්තනයක සේයාවක්වත් නැහැ. බලන්න මම කියන්නේ බොරුද කියල. දැන් මේ comment එක ඔයාගේ fb page එකට යන්නේ නැහනේ. මෙයට සමාන comments ඔයාගේ fb එකට එන්නේ නැද්ද කියලා. ඔහොම යන් .. ඔහොම යන් .. සිසිර ගමගේ

    ReplyDelete
  3. ඔය තියෙන්නේ නියමෙට.. හැබැයි මම නම් වැඩියෙන් කැමති දෙවනි එකට.. අවංකම අදහස කියවනම් පළවෙනි එකේ මුල් කවිය එහෙම්පිටින්නම් කණපිට ගැහුව ගතියක් තියෙනවා.. අනිකේ එහෙම නෑ..

    ReplyDelete
  4. උත්සාහය ඉතාම සාර්ථකයි. ඉංග්‍රීසි එකටත් වඩා සිංහල ඒක හොදයි වගේ.

    ReplyDelete
  5. දෙවන උත්සාහ නිවැරදියි. පදානුගත පරිවර්තනය නොකර අර්ථානුගත පරිවර්තනය ගැන හිතන්න එතකොට හරි

    ReplyDelete
  6. කවියක් පරිවර්තනය කිරීම ඉතා අපහසුයි.. වචන වලින් පිට පනින අදහස් කොයි තරං එනවද?? දෙවන උත්සාහය සාර්ථකයි..

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...