පාං වත් බෑ කියාගන්නට
ඒ වුනත් ඇහෙනවද රත්නේ
හාංකවිසිය නොදන්වම මට
ඇයිද රිංගුවෙ මංගලා අස්සේ
චූන් වෙනකොට තොලුත් රතුවී
රාත්තිරි කීයක්ද නාවේ
මාත් පොඩි වුන් වටකරන් හිටි
හැටිත් මතකද කියන් රත්නේ
සෑම දාකම උදේ විතරයි
නුඹට සිහියක් එහෙම තිබුණේ
පාන තිය තිය කියපු දුක
දන්නෙ බුදු රුව සාලෙ මැද්දේ
ලැමේ පොඩි උන් හිටපු තැන
තාම දැනෙනව රස්නෙ පෙරසේ
හීනයෙන් මං ඇවිත් නිතරම
උන්ගෙ සුවදුක් අහනවා රහසේ
මගේ තරහක් මතුත් නෑ නොවැ
නුඹේ සතුටයි හෙටත් පැතුවේ
අපේ දීගය කැඩුණ වරදට
මගේ අම්මා එල්ලිලා මැරුණේ
කොතෙක් තව පඩි මාස අරගෙන
ඇවිද යාවිද නුඹ වැල්ලවත්තේ
ඉතින් දැන්වත් නවත්තනවද
ගියේ නෑ මං වෙන එකෙකු පස්සේ
මා මිත්‍ර කරුළු බුකියෙ දාල තිබුණ කවියට දැම්ම පිළිතුරු කවක් මේ.
පහළින් මේ තියෙන්නෙ ඒ කවිය
- දුක තමයි රංජනී පඩි හම්බෙනකං -
තාම ඉස්සර
වගේමයි බං
අඬනවා පොඩි
එවුන් ගින්නේ..
මාසෙ අන්තිම
ලගට එනකං
දින ගණියි ලොකු
පුතා චන්නේ.. (චන්න)
පොඩි එකී ගෙට
වුණා ගිය "බක්" (බක් මාසය)
මං තමයි ඒ
සේරෝම බැලුවේ
ඉස්සරත් මට
අමාරුයි රං
ඒනිසයි මං
බින්න බැස්සේ
රංජනි පඩි
තාම නං නෑ
නුඹ ගියත් වෙන
එකෙකු පස්සේ
හිතේ තරහක්
මගේ දැං නෑ
හීනෙනුත් මුන්
කියයි අම්මේ
එනවනං උඹ
ඇවිත් බලපං
යතුර ඇති
පා පිස්ස අස්සේ
-කුරුළු-----
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
පිලිතුරු කවිය පරිනතයි
ReplyDeleteබොහොම ස්තුතියි අටම්පහුර ඔයාට.
Deleteමට නං කවි දෙකම පට්ටයි...
ReplyDeleteඑතකොට කව්ද වැරදි...
හැබැයි මට ඒක නං හිතාගන්න බැ
මගේ කවියෙ හැටියට නම් පිරිමිය වැරදිලු.. :-p
Deleteමාත් ඕකට පිළිතුරක් දුන්නා මතකයි..
ReplyDeleteඅයියෝ.. මං දැක්කෙ නැහැනෙ දේශක යො.. කොහොම වුනත් ඒ කුරුල්ලගෙ කවිය හිතට දැනෙනව.
Deleteවැඩ් කියන්නේ මං උත්තර දුන්නේ පිහියෙන්..
Deleteපිළිතුරු කවිය මරුනේ ..
ReplyDeleteඔයාට රත්නේ මං ආදරෙයි
බොහොම ස්තුතියි ඉවාන් පවූලූශා.
Deleteඅද කාලේ ඛේදවාචකය ක්��
ReplyDelete