Friday, May 20, 2011

මගෙ වසන්තය...මට ලංවෙලා...

මේ වසන්තය මගේ....
හද සන්තකය නුඹේ...
ජීවිතේ ගිරි දුර්ගයේ....
පිය නගමු හරි සීරුවේ....

සීතලට උණුසුම තනා....
හදවතට පණ ටික පොවා...
අත්වැලක් වී ළග නැවතිලා...
මගෙ වසන්තය මට ලංවෙලා...

මල් පිපෙන්නට කල් යල් බලා...
වසන්තය හිනැහෙයි මුව පුරා...
සිත් පිරෙන්නට සෙනෙහස දරා...
පිය නගමු කෙම්බිම කරා....

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...