Friday, August 13, 2010

මළ ආදරයක.....

තවත් අවැසි නැත
අටුවා ටීකා තිප්පිනි...
නිමාවක තිත
ආදරය අසලිනි...

නොහඩන්න සිත
කියන්නට බැරිවුනි...
අසන්නට කැමති නැත
වෙන් වෙච්ච හේතු ගැන...

මිහිදුම් සලුවක් මත
සිහින තිබු නිසාවෙනි...
ඉරමල පොළව මත
පීදෙන විගසටම බොදවුනේ...

ආදරයේ සොහොන් කොත
ළගට වී තනි රකින්නට...
හිත අවසර ඉල්ලුවවට...
නැහැ මගෙන් සමාවක්...

1 comment:

  1. ආදරය මැරෙන්නේ කොහොමද.....පුද්ගලයෝ නම් මැරෙනවා කියමු...ඒත් සිතිවිල්ලක්...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...