Thursday, August 9, 2018

කවි කියන්නෙ කවියන්ගෙ කඳුළු

රිඳුණු පෑරුණු තුරු අඟිසි අස්සේ
මතක වේලුණු ලකුණු ඔස්සේ
බුහුටි සිතිවිලි ඔතා රිස්සේ
ඔහේ පාවෙයි වලා තිස්සේ
ළඟින් තැවරුණු සුවඳ කුසුමක්
හෙමින් සිම්ඹත් තැවුල් නිවුනේ
අතින් සන්කර වැටෙන වැස්සේ
කොපුල් මැද්දක කවි ද ලිවුවේ
පෙමාදර පිනි දියර සිහිලේ
තෙමාලන කවි පොකුරු ඇතුලේ
වෙලීගෙන පොඩි අකුරු තුරුළේ
හඬන කවියන් වෙස්වලා ගත්තේ

1 comment:

  1. කවි කියන්නෙ කවියන්ගෙ කඳුළු නෑ කවි කියන්නේ මිනිස්සුන්ගේ කඳුළු

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...