Friday, August 11, 2017

මගේ අම්මා බිමින් තියපන්

කරන්ට් වැට ඇවිදලා ගිහින්වද
කළුවරේ සෙවනැල්ල ඇන්දේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද

හූයි හුයි හුයි කියා ගිනිමැල
නටයි වත්තේ හතර කොන
හූ තියාගෙන අලි පෙරළියයි
පලුගහෙත් පිට අතුල්ලාගෙන
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා පිහිට වේවිද

වීර ගහ ඇස් පියාගෙන
වීරෙ අයියත් අහක බැලුවා
බඩ ගගා උඩ පැන්න ඉරිඟුයි
අලියා සින්නක්කරට ගන්නේ
අනේ අම්මේ ඇත් රජුන් නැති
අපිට තනියා ඇයි මේ වගේ වෙන්නේ

හුස්ම හඩටත් සවන් සොලවන
අලියා අණසක තදින් පතුරයි
හුළං විතරක් වැඩිය ලෙංගතු
කුසත් හයියෙන් හූල්ලයි
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ

රාත්‍රියෙ තරු එළිත් නිහඩයි
ඇහේ කඳුළුයි බිමට පැන්නේ
ලේවායෙ ලුණු වෙලා නිතරම
දුකම විතරයි එතන මිදුණේ
අනේ අම්මේ ඇත් රජුන් ඇයි
අපිට විතරක් අහක බැලුවේ
======================
දන්ත දාතුන් වඩම්මන්නට
බුදුන් දැක මතු නිවන් දකිනට
අලි රජුනි මල් පුදා පින් දෙමි
මගේ අම්මා බිමින් තියපන්.

#දිනිති 2017/08/11

1 comment:

  1. සංවේදී කවි. දලඳා කරඬුව ගෙනයන සහ පෙරෙහැරේ යන සියළුම අලි ඇතුන්ට ඒ පිනෙන් ඊලඟට මනුස්ස ආත්මයක් වත් ලැබෙයි කියලා අපිට හිත හදාගන්න වෙන්නෙ.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...