2015 මැයි මස 03 වන දින ඉරිදා ලංකාදීපය.
( වේදිකාව සඳහා යොදා ඇති ඡායාරූපය අපගේ එකක් නොව. එය ඔවුන් විසින් පැටලීමක් සිදුවී ඇතිව පලවී ඇත්තකි. අපේ වේදිකාවේ ඡායරූපය මෙයයි.
කවර රටකට වුව, එ රටට අනන්‍ය වූ
භාෂාවක් , සංස්කෘතියක් සහ ඒ හා බැඳුනු නොයෙකුත් උප සංස්කෘතීන්
රාශියක් ඇත. එය නිසි ගෞරවය ලබමින්
සීමාවන් හඹා යමින් විවිධ දෙස් විදෙස් තුළත් තම අභිමානය පෞඩව සනිටුහන් කරද්දී ජාතික
හැඟීමකින් එවන් තැන්වල ජීවත්වන දනන් තම හැඟීම් තුළ කිදා බැස යති. එකට එකාවන්
හමුවී, අත්වැල් බැඳ සිත් මල් තුළින් නැගෙන අපේ කම වගා කිරීම තම අරමුණ කරමින්
එපසුපස යෑම සතු දනවන කරුණකි.
ලෝකය තරඟකාරිත්වයට මාරුවීමත් සමග ගෝලීයකරණය හා
සමගින් සමස්ත ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වීමත් සමග
අප සැමගේ සයිප්‍රස්
ආගමනය යනු විවිධ රැකියාවන් තුලින් තම තමන්ගේ ආර්ථිකය සවි බල ගැන්වීමේ ඒකායන අරමුණ
මුදුන් පමුණුවා ගැනීම වුවද අප තුල ඇති නිසග හැකියාවන් විදහා පෑමට කිසි විටෙකත්
පසුබට නොවීම සතුටට කරුණකි.
බත බුලත පිරි සිරිලක අතමිට
හිඟ කම තදින් නොතිබුණ යුගයක් තිබුණද සංවර්ධනයේ ඉලක්ක වෙත ධාවනය වන ජීවන ගමනක තම
දේශ සීමා පසු කර මාතෘ භූමියටත්, එහි තමන්ගේ සහ තමන් නමින් සිටින්නවුන්ගේත් මුව මත
හසරැලි පුබුදවන්නට වැර ගන්නා පිරිස් අද වන විට මෙහිද බොහෝය. මධ්‍යධරණී මුහුදින් වට
සයිප්‍රසය නැමැති පුංචි දූපතේ සිනාපිරි තෝතැන්න සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමයයි. ඇත්තෙන්ම අපට නම්
එය කතරට වට වැසි බිඳක් බඳුය. මන්ද බෞද්ධාගමික හා
සිංහල සංස්කෘතියේ පුනර්ජීවනයේ කෙන්ද්‍රස්තානයද එයම වන බැවිනි.තමන් ආවේ විවිධ රැකියාවන්
තුළින් ආර්ථිකය ජය ගන්නට වුවද හැකියාවන් ද පොහොසත්ව ළෙලදෙවන්නට අමතක නොකිරීම අපේ
භාග්‍යයකි.
සිල්සුවඳ පතුරුවමින් සෑම මසකම ගුණ දම් පිරුණු මිනිසුන් සමාජයට දායාද කිරීමට දේශගුණික විපර්යාසයන් හමුවේ වුව නොසැලී අධිෂ්ඨාන හා වීර්ය පාරමිතා සපුරමින් කටයුතු කරන සයිප්‍රසයේ ප්‍රධාන සංගනායක මොරවක සෝරත අපේ ලොකු හාමුදුරුවන් අපට මහත් ශක්තියකි.උන්වහන්සේගේ අනු දැනුම හා
මග පෙන්වීම මත සයිප්‍රසයේ අවුරුදු ගම්මානය" මෙවරද උත්සවශ්‍රීයෙන්
පැවැත්වීම අප සැම ලද ජයග්‍රහණයකි.
සයිප්‍රසයේ අවුරුදු ගම්මානය
කිවු සැණින් දැන් සිරිලක් වාසීන් පමණක් ලොව පුරා විසිරී සිටින සියළු ලක්වැසියන් පෙරුම්
පුරා බලා සිටින්නට තරම් පුරුදු වී ඇත. ඒ මන්ද යත් එදා අපේ හෙළ සංස්කෘතියේ සියළු දේ
කැටි කරගනිමින් සැදුම් ලත් විශේෂ අවුරුදු ගම්මානයක් මේ යුරෝපයේ මැවෙන නිසාමය. හෙළයේ මහා මංගලයේ අවුරුදු නෑගම් එන සිව් දෙස දන
කදමලු බැදන් මහ ගෙදරට පැමිණීමත් සමඟ අවුරුදු චාරිත්‍ර මහ ගෙදරදී සිදුවූයේ දෙස්
විදෙස් ආරාධිතයින් අතිනි. නැකතට ලිප ගිනි මොළවා සෞභා්‍යෙය් සංතේකයෙන් හදවත්
පුරවාගෙන සාදා පිළියෙල කරගත් සියල්ලෙහිම අග්‍රබාගය අප ගෞතම සම්මා සම්බුදුන් හට
බුද්ධ පූජාව තබමින් ආරම්භ වූ අප අවුරුදු ගම්මානයේ, විශාල කඹ ආධාරයෙන් තනාගන්නා ඔංචිල්ලා
දෙක සහ ඒ මත ඔංචිලි වාරම් ගයමින් රෙදි හැට්ට ඇද හිස මල් ගවසා එහෙට මෙහෙට පැද්දෙන
ලලනාවන් හරිම සුන්දර දසුනක් ගෙන දුන්නේය. මේ අතර විදෙස් රටවල යුවතියන්ද අපේ ස්ස්කෘතියට ඇද
පැළද ගෙන පැමිණ මේ රසයේ උපරිමය අත් විඳීම කාටත් සුපුරුදු දසුනක් වුවද හදවත
පුරා දිවෙන අපේකම තුලින් දැනෙන වින්දනය වචනයෙන් කිව නොහැකි තරම්ය
මහ ගෙදරට නුදුරින් තනන වී බිස්ස යට සිට පංච දමන,
ඔළිද කෙලින ළමා ළපටියෝ විතරක් නොව රබන් සුරල් වයමින් ආසියාවේ අන්‍යනතාව ලොවට
පෙන්වීම ආඩම්බරය මුසු හැඟීමක් විය. . සියළු නැකැත් චාරිත්‍ර හැකි උපරිමයෙන්
ඉෂ්ට සිද්ද කළ සයිප්‍රසයේ ලක්වැසියෝ පැළ සිටුවීම පමණක් නොව දෙමාපිය වන්දනාව ද
අපේ ලොකු හාමුදුරුවන්ගේ ඒ මධුර ස්වරයෙන් ඇසෙන මාතෘ ප්‍රේමයෙන් පිතෘ ප්‍රේමයෙන්
හදවත් තෙත් වී ඇස් වලින් ගලා යන ස්නේහයේ මුසු කඳුළු වැල් මුළු අවුරුදු ගම්මානයම මීයට පිම්බා සේ නිහඩතාවයක
ගිල්ලී සියල්ලෝම හදවතින් මව් රටේ තම නිවෙස්වල දෙමාපියන් අසල වැද වැටී හෙලන සුසුමේ
බර මෙපමණ යැයි මේ ලියුම්කරුටද කිව නොහැකි තරම් තදින් දැනීම මහා පුදුමයකි.
සිරිලක දේශීයත්වයට ලැදී ශ්‍රී
ලාංකික කලාකරුවෙක් වන මහින්ද පතිරගේ (
පුරෝහිත ) නම් කලාකරුවා මෙවරද සයිප්‍රස් අවුරුදු සිරිය ඔප නැංවීමට පැමිණි බව
දනවනුයේ හද පිරි සතුටිනි.
ඔහුත් සමඟද අවුරුදු සිරි බෙදා හදාගනිමින් ගත කළ මෙවර අවුරුදු ගම්මානයටද සයිප්‍රසයේ
ශ්‍රිලංකාරාමය සහ බෞද්ධ සංගමයෙන් ඉෂ්ඨ සිද්ද වූ වගකීම් ඒ අයුරින්ම ලාංකියන්ට දීම
කෘතගුණ සැලකිය යුතුමය. විවිධ නගරවල
වැසියන් විවිධ අංගයන් බාර ගනිමින් එකාවන්ව මේ අත්වැල් බැදගෙන නිමාව දුටුවේ හෙළයේ ඒ
මහා මංගල්ලයේ සිරි අසිරියමය.