Sunday, October 20, 2013

ආදරේ රකින්නන් තව ඉන්නවා.

පෙම්වත,
ඔබයි සිදුහත් කුලේ කුමරුන්
දුර දුර ගව් ගණන් ඈත සිට
ආදරේ වඩින තුරු
සත් මුහුදු තොට ළඟ
ඇසි පිය සල සලා මඟ බලන,

පිය සක්විති රජානෝ
උණුනොවන හදක් ඇති
මව් බිසෝ බරණැසින්
පෙළවහක් සොයන්නිය
හිටිවනම නොසෙල්වෙන හද ඇතිව
නුඹයි දින ගැන ගැන මඟ බලන්නා,

පිටස්තර දේස දීපංකරේ
පැලැස්තර ගසන්නට ගිය මා
වනන්තරෙ මෘග යකුන් අතරේ
රන් කාසි අහුලන්න ගත්තියයි
නොවෙනස්ව එක හිතින් ආදරේ පුදා 
මඟ බලන කුමරුන් ඔබය තාමත්.

කිරිල්ලියො කූඩු අතහැර පියාඹන විට
සුළි සුලං දරන්නට බැරි කුණාටුත් එයි
තදින් බඳ අල්ල ගෙන පෝසත් හිතින්
ඉවසමින්,පාරමී පුරන්නට පුරුදු කළ
ආදරේ ඇදුරා ඔබයි මඟ බලා ඉන්නා.

රංචු ගැසෙමින් සමනල්ලු
සිරිපාදේ වඳින්නට යනවිටදි
නඩේ කාගෙත් සිනහ උහුලන්
මහ ගිරත් තනිවම සීතලෙන්
කරුණා කරනු හැකි කිය කියා
සමනල කන්ද මුදනේ පඩුරක් බැන්ද
ආදරේ දෙවියන් ඔබම විය මා පතන.

හත්දින්න තරු එකින් එක ගැන
සිකුරු තරුවත් නෙලාගෙන
ආපහු ඉගිල්ලෙන තුරු මෙමං
කාමරේ සයනයේ වම් පසින්
ඉඩ තියන් සිටියි ඔබ තවම නොනිදාම.

____________________________
හිතුවක්කාර කොලු හිත් නොසංඩාලයි කිවුවාට
ආදරේ රකින බෝසත් රජවරුන් සිටියි මිහිබට.

5 comments:

  1. හරිම ලස්සනයි ඇත්තටම.. කවි නිමිත්තට එකතු කරපු, රෑපකායන් හරිම බලවත් ඒ නිසාම ඒ ආදරේ කොයි තරං බලවත්ද කියන එක කවි පද පේලි වලින් මැවෙනවා. අපුරු නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකයො..මේ පැත්තෙ ඇවිත් සංචාරය කරල ගියාට.

      ඇත්තටම ඒ ආදරේ හරිම පුදුම බලවත්. ඒ ආදරේ විදින මටම ආඩම්බරයි මං ගැන. :-)

      Delete
  2. කියවා රසය වින්දත්, ආදරය ගැන කතා කරන්න කැමැත්තක් නැහැ අක්කේ :(

    ReplyDelete
  3. අද තමයි මේ පැත්තට ආවේ. ලස්සන කවි ටිකක්. හරිම සතුටුයි දැක්කම. අපේ බ්ලොග් එකෙනුත් ලින්ක් එකක් දෙන්නම්. ඔබ විසින් දරන්නා වූ උත්සහයට අපේ ප්‍රණාමයත් පිළිගන්න. අපි කුරුටු ගෑ ගී පවුරෙන්

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...