Saturday, September 7, 2013

මචං උඹ

ඉර බැහැල අඬ හෝරාව ළග
මචං වැල්ලේ උඹ උන්න
බීර පෙන දදා හති නගනකොට
ගනිං බන් කිවුවෙ හීනියට....

හප හපා රටකජු එකින් එක
තාලයට අළු කළා උඹ හිතම
කැරලි ගසමින් ආකහට ගිය
දුම් වළලු කොපමණද පැයකට...

නිය අගින් තට්ටුවක් මේසයට
ගස ගසා සිවුරුහන් කළ හඩට
තැනින් තැන නැවතිච්ච රෑ බදුල්ලට
මොනවදෝ උඹ කිවුවෙ නෑසෙන්ට

අතගගා පපුවෙ කෙහෙරොඳ හොඳට
එකින් එක ඇද්දෙ උඹ සීරුවට
දණ ගසාගෙන වැල්ලෙ අඬ සඳ
ගන්න තුරුළට කිවුවෙ උඹටම..

මඳක් රතුපාට උඹේ ඇස් දෙක
නාය ගියෙ කඳු හෙල් කඩාගෙන
වේගයෙන් දුවගොස් වැල්ල මැද්දට
අඬගැසූවා උඹ මැරුණු ප්‍රේමෙට...

5 comments:

  1. විශිෂ්ඨයි.. ඔබ අදහස් කරපු දෙයට වඩා දෙයක් කවියෙන් හැගෙනවා.. ඒක මට පැහැදිලිව කියන්න පුළුවන්.. ලස්සනම කෙටිකතාවකුයි, මේ වගේ කවියකුයි සසදන්න බැරි නිර්මාණ..

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි දේශකයා ඇවිත් ගිහින් අදහස් දැක්වුවට.

    ReplyDelete
  3. විඳවීම සහ විරහව... ඇයි අපි තවත් කෙනෙක්ගෙ විරහවක් රස විදින්න ආසා මෙච්චර ???

    ReplyDelete
  4. දිනිතිගෙ කවි ලියන බස කොහොමත් කිවත්වයෙන් පිරිලනේ. කවිය වගේම හිත මිතුරු අදහසක්

    ReplyDelete
  5. බීල බීල හොඳම හරියෙදි වෙන්න ඕන සිද්ධිය වෙලා තියෙන්නේ.

    අත් අහසට විහිදවා
    උඹ කියුවා මොනවද
    ඒකිට නෑහුණත්
    හිස් අහසට ඇසෙන්න ඇති..

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....