Tuesday, August 31, 2010

මග බලා ඉමි රත්තරන්.................

කලූ කරන් නිල් අහස නුඹ
වහින්නට දගලන වැස්ස නම්..
වැහි දියෙන් මං තෙමෙන්නට
මග බලා ඉමි රත්තරන්

බිමට වැටෙනා වැස්ස වී නුඹ
ඉරි තැළුන බිම යලි තනයි නම්
ආදරේ මහ වැස්ස ළග නුඹෙ
තෙමී සැනසෙන හිතැත්තිය මං...

වැටෙන වැහිදිය බරක් නැත්නම්
උහුලනා මහ පොළව මට...
ආදරේ බර බරක් වේවිද
මහ පොළව සේ පෙම් කරන සද...


2 comments:

  1. වැහිවලාකුළු කොයිතරම් නම්
    අර ඇන්දත්....
    උඹ තෙමෙන්ට මඟ බැලුවත්.....
    හුළඟක් ආවොත් එහෙම....
    විසිරිලා යාවි ආකහෙ පුරාවට....
    උඹේ හීනත් එක්කලම.......

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...