ගිනි වැදී හිදින දා...
ඉසුව දිය බිඳක් වාගේ...
සිසිල දුන්නා බණ පදය මට....
පිච්චෙනා මිහි මඩල යට...
ඇවිලෙනා දුක් ගිනි මැදදි
සිහිල් සුළගක් වගේ ඇවිදින්
නිමා දැම්මා මගේ හිත
පංසලේ බෝ සෙවණ යට.....
නෙතට කදුළැල් උනපු දා...
හිතට සැනසුම අහිමි දා...
වතට හසරැලි නොමැති දා...
හදට අරමක සුවය දුන්නා..
තෙමා සැනසෙන්නට අමා දහරින්.....