පිනි මුතුහර ලිහා දමා
හිරු රජිදුන් ලොව ආවා....
රමණියයි කුඹුල් වතම
බුදුන් හෙමින් මග වඬිනා........
ස්නේහෙන් ආතුර වී
සියුමැලි සිත යශෝදරා
දුඹුරු පැහැති දළ රෙද්දකි
ශෝකී වත දුක් මුසුවකි...........
සිඳුහත් නමකට පෙම් බැඳි
බුදු විවරණ මග දුන්නිය
මද්‍රී දේවි නමට බැදී
ලේන කුලේ සුවඳ දුන්නි........
බුදු පාමොක් මහ සඟනකි
නීල පීත රැස් විහිදෙති....
ලසොවින් හිත වැලපෙන්නි
මැදුරු කුටියෙ සිරවෙන්නිය..........
අබැටකවත් ඇල්මක් නැති
බුදුහිමි ඇය දැක ගන්නේ
සසර පුරා ලියක් විලස
කල යුතුකම් දැක ගන්නේ.........
කින්නර වත කියා දුන්නෙ
කදුලු වර්ෂා නිමාවෙන්නෙ
සියපත සේ පිපුණු සිතින්
සාදු නාද හඩ දුන්නී...............

බ්ලොග් එක හරිම ලස්සනයි දිනිති... මේ නිසඳැස් සේරම හරිම ලස්සනයි... ජය...!!!
ReplyDeleteසෑම සාර්ථක පුරුෂයෙක් පිටුපස කාන්තාවක් ඉන්නවලුනෙ!:))
ReplyDeleteපුසන්න හුගක්ම ස්තුතියි ඔබට...නුවන් මල්ලි ඔයාටත්....
ReplyDeleteඇත්තටම මම දැකපු ලස්සනම බ්ලොග් එක අක්කි!!........... ඔයාගෙ කවි දන්නෙම නැතුව ඔයාව කිවිදියක් කරල ......... සුභ පැතුම්
ReplyDelete