දඩිබිඩි ගගා වීදුරු
ජනේල උඩට
ගහනවා ඇහුණා
තරහාකාර
පෙම්වතක් වගේ
පෙම්වතිය සොයා
ගෙන ආපු ලෙස...
මිනී මැරුමක්
ලේ විලක් මැද
සාක්කියක්
දෙන්න වෙයි කියා
හිතු නිසා
තවත් ගුලි ගැහුණා
මම
පොරවනය
ඇතුළට.........
නොනවතින
බෙරිහන් දිදි
එන සද්දයට
කන් දෙකේ ඇගිලි
ගසාගෙන
බැරිම තැන
ගියා බලන්න
පෙරලන්න
දොර ජනෙල්
තඩිබාන්නා දැක ගන්න....
අනේ බැලින්නම්
මොරගෙඩි තරම්
වර්ෂාව
සුළං මුහුණත වෙනස්වී
වැදෙනවා නොවැ
හරි හරියට.......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
අම්මේ වැහින වෙලාවට නිදියනවා තරම් කැමති දෙයක් වෙන නෑ......
ReplyDeleteවැස්සේ නිදා ගත්තාම බීටට ලස්සන ලස්සන හීන පේනවා...
වැස්ස,
ReplyDeleteසුන්දරයි නුඹ විටක
රුදුරුයි තව මොහොතක...
@ බිටා මල්ලි... ඒකනෙ මාත් දැක්ක ලස්සන හීන....මේ පේනවනෙ... :-p :-D
ReplyDelete@ දිනේෂ් මල්ලි...
වැස්ස නුඹ
පෙලයි සිත විටක..
වැස්ස නුඹ
සිනා දෙයි තව විටක...