Thursday, January 12, 2012

හෙටින් ඇරඹෙන දිවිය සුවඳයි...........


පුරා අවුරුදු 3ක් තිස්සේ
බෙදාගත් සෙනෙහස අපේ
‍අලුත් දවසක නැවුම් උදයේ
වෙනස් වෙනවා නොහිතු විලසේ......

මලට ලෙංගතු සුවඳ වාගෙම
ගසට ඈදුනු වැලක් විලසට
හිතට හිතවත් පැතුම විලසට
අපිට අපි වෙනස් හෙටකට....

කාලයක් මුල් ගත්ත බීජය
හෙටයි ලොව එළි දකින්නේ
එහෙම දවසක පැතුම් හීනය
ගැනයි මේ පවසා ඉන්නේ...

පෙමින් පිබිදුනු හිතක් මත්තේ
ළගින් උන්නා දිනිදු විලසේ...
හෙටින් ඇරඹෙන නැවුම් දවසේ....
ඉතින් අපෙගෙයි අපිම සිත්සේ...........

කිසිම දවසක වෙනස් නොමවෙයි
පුදන සෙනෙහස නුඹට පමණයි...
ඉතින් ඉරහඳ වෙන්නෙ ඔබමයි...
හිමිසදුනෙ ඔබ මගේ පණමයි........

3 comments:

  1. වෙනද වගේම ලස්සනයි!
    හැමදාම බලනවා ඔයාගේ කවි නම්!දිගටම ලියන්න!
    ජය වේවා!

    ReplyDelete
  2. දැං මොකද අක්කිය හෙට වෙන්නෙ? මොනා උනත් සුභපැතුම්! :)

    ReplyDelete
  3. @ නුවන්....කාන්සියට අකුරු කරනවා....දිරි ගැන්වීම් වලට හදවතින්ම ස්තුතියි.... @ නිපුන් මල්ලි............දැං ඉතින් හෙට මොකද වෙන්නෙ...මාත් ඕකම හිතුවා............ :-p

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...