ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු දැක්කහම..
හුගාක් ලියන්න පුලුවන් මොහොතක නෙමෙයි මං ඉන්නෙ... ඒත් බ්ලොග් ලෝකෙ හැමදාම දුක සැප බෙදාගත්ත ඔයාලට පුංචි ආරාධනයක් කරන්නයි මගේ මේ සුදානම...
මගෙ කුළුදුල් කවි පොත එළි දක්වන මංගල දිනය ජනවාරි 05 වෙනිදට යෙදිල තියෙනව. ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයෙදි උදේ 10 ට. ඊට සමගාමීව මගේ අලුත්ම ගීත නිර්මාණ දෙකකුත් ඔබට පිදෙනව.
පුලුවන්කමක් තියෙනව නම් ඔයාටත් එන්න කියල පුංචි ආරාධනාවක් මගෙන්...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...

එන්න උපරිම උත්සහ දරනව දිදී අක්කෙ.. ආවත් නැතත් එදින සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වන්නට පතනවා.. ජය!!
ReplyDeleteමු.නො.ස
බොහොම ස්තුතියි මල්ලියේ....
Deleteබලමුකො ඇවිත්. එදාට දිනිතිවත් බලාගත්තෑකිනෙ !
ReplyDeleteහරි හරි මධුරංග...ඉතින් ඔයා ආවද....
Deleteසුබ පැතුමි දිනිති...
ReplyDeleteස්තුතියි හිරු...
Deleteඋණුසුම් සුබ පැතුම් දිනිති
ReplyDeleteබොහොම ස්තුතියි නලීන් අයියා..ඇවිත් බෙදාගෙන ගිය සහෝදරත්වය හැමදාටම වටිනව..
Deleteඔයාගේ කවි සින්දු මාර රහයි නියමයි දිනිති අක්කියෝ....
ReplyDeleteගොඩක් ස්තුතියි දරුවො ඔයාට..
Deleteසුභ පතමි.....
ReplyDeleteස්තුතියි ඔබට..
Deleteසුභ පැතුම් දිනිති අක්කේ.. ලංකාවේ හිටියනම් මම අනිවාර්‍යෙන් ඔතන කියලා ඉතින් ඔයා දන්නවනේ..
ReplyDeleteඔව් මල්ලියෙ ඔයා ඉදිය නම් එන බව මං දන්නව දරුවො....ස්තුතියි සුබ පැතුමට..
Deleteඉරිදා උදේට හදිස්සි කළ යුතුම වැඩක් යෙදිල තියෙනවා. යම් හෙයකින් ඒක වෙනස් කරගන්න ලැබුනොත් අනිවාර්යෙයන් එනවා.
ReplyDeleteඒ කොහොම වුනත් ඔබට සුබ පතනවා.
බොහොමත්ම ස්තුතියි අයියේ...
Deleteසුබ පැතුම් අක්කේ.. අපුරු වැඩක්.. ඉත සිතින් සුබ පතනවා සාර්ථක වෙන්න කියලා..
ReplyDeleteමට පොතක් ගන්න පුළුවන් විදියක් කියනවද//
ගොඩක් ස්තුතියි දරුවො ඔයාට..
Deleteගුණසේන සමාගමේ කොළඹ සහ නුවර ශාඛා වලින් ගන්න පුලුවන් කවි පොතක්..
ආරාධනාවට බොහොම ස්තුතියි. ඇයි වදේ ගම අහපු වෙලාවේ මේ විත්තිය නොකිව්වේ. එහෙනං ෂෙඩුල් එක හදාගන්නව නෙව.. දැං දැක්කේ මේක.
ReplyDeleteකොහොම උනත් ඔබගේ වැඩකටයුතු සාර්ථක වේවායි ඉතසිතින්ම පතමි.. සුභ පැතුම් දිනිතී..
බොහොමත්ම ස්තුතියි දේශක යා...
Deleteසුභ පැතුම් අක්කේ............
ReplyDeleteගොඩක්ම ස්තුතියි දරුවො...
Deleteඅපිත් ඔබට සුබ පතනවා.......................
ReplyDeleteස්තුතියි ඕගොල්ලන්ටත්...
Delete