සුවඳ සුදු මල්වැල් එපා
ගෙන එන්න
සරසවන්නට මගේ මළගම.....
පුරුදු සුවඳින් නුඹේ
ඇබින්දක් අරගෙන
ළග ඉන්න මොහොතකට...
පැන් වඩා පින් පෙත්
පුදන්නට එපා
මගේ මළගම දවසෙ එන්නට....
පුරුදු කදුළැලි ටිකක් මගෙ
තියා ඇත ඇස්
කොනක ඔබට බැහැ විඳගන්න
පුදා බැතියෙන් ස්නේහයෙන්
හද සතපවා වුන්නු තැන
එපා කාටත් දෙන්න කිසිදින.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.