නීල හරිත ගස් වැල් තඹවන් අවුරැල් මැදින්
පාට තද හෙවනැලි
ඒ යටින් වැටෙන කොට
මන්දස්මිතයෙන් නැලවෙමින්
තියෙන බව දන්නෙ අදයි මම.....
සප්ත වර්ණ මුසුවෙච්ච
දේදුන්නෙ පාට
අරන් ඇවිත් මල්
නැලවෙන හැඩය
සුවඳත් එක්ක
නෙතු නොපියවමින්
සුන්දරව දැක්කෙ අදයි මම....
විසල් අහස නිල්ම නිල්
පාටට වරෙක...
කළුම කළු පාටට
නපුරුව වරෙක
මනමාලිය පිරිවරා ගත්
සහ පිරිවර හා
සඳ එබෙන කොට
මේ තරම් අරුම
යැයි මම දැක්කෙ අද තමයි.......
මහා වැසි වැටෙන කොට
නාකපනවා යැයි
ඇසුණා විතරයි...
සීතල දැනුනා විතරමයි....
ඒත් මේ තරම්
අපුරුවට සිරි සිරි වැහි පොද තාල තියන්
රඟන බව දැක්කෙ මම අද තමයි...
ඒ විතරක්ද.......
දසමසක් කුස දරා
ගිනි උහුලමින්
මං වගෙයි ඌත්
කිය කියා වුන්
සද්දන්ත කලේ
ඇත් රජිදනුත් රාජිනියවත්
දැක්කෙ මම අද තමයි.......
මේ හැමදේම මම අද දැක්කෙ කිවුවෙ ඇයි දන්නවද......
උපන්දා සිට නොපෙනුන නෙත් දෙක
පුරුවේ පිනකට අදයි මට දකින්නට ලැබුණේ......
කලුම කලු ලෝකයක
හිරවෙලා ඉදිය මට
තාම මේ හැමදෙයක්ම
හීනයක් වගේමයි.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...

No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.