Friday, August 24, 2012

සමාවෙන්න

මගෙ බ්ලොග් එකට ඇතුල් වීමට නොහැකිව සිටිය ටික දිනක්... දැන් එය ආයෙමත් සක්‍රිය කර ගත්ත. දැමූ කතාවවත් දාන්න බැරි වුනා...අද හෙට ඇතුළත කතාවද අවසන් කර ඔබ සියළුම දෙනාගෙ බ්ලොක් කියවීමට එමි...

මම හිතන්නෙ ගූගල් වල තාක්ෂණික දෝෂයක් නිසා එහෙම වෙන්න ඇත්තෙ...සියළුම දෙනාගෙන් සමාව ඉල්ලමි.

Tuesday, August 14, 2012

නැගිටපන් පුත නැගිටපන්

හන්දියේ මැද හරස් කරලා
තොරන් බදිමින් සැදූ
මහා පිළිමය අඬනවා අද
දිනු රට දෙස බල බලා...

පුතේ නොසිතා සෙලවියන් පුතෙ...

මදැයි උන්නා එකතැන රැදී...

උඹත් විරුවෙක් මහා විරුවෙක්

අනේ කිවුවා උන් කෑගසා
නුඹේ යුතුකම් අමතකයි දැන්
ඇතේ කඳුළක් ඇස පුරා....


පුතේ නොසිතා සෙලවියන් පුතෙ...
මදැයි උන්නා එකතැන රැදී...

 
හමන සුළගත් ගිනි වැදී
හැපෙයි සියොළඟ නපුරුවී
තවත් විපතක් එන්න කලියෙන්
නැගිටපන් පුත එකවරක්....

Tuesday, August 7, 2012

*** හිතවත ***

හිතවත,

අපි හිල් කූඩෙන් වතුර අදිමු
බේසම් අඩියෙන් හඳ අල්ලමු
හණ නූලෙන් ලණුව ගොතන්
තුත්තිරි ගහක එල්ලෙමු....

හාද....හා කියන්න ඉතින්.....

ආයෙමත් බාලාංශෙට යන්
සල් ගහ යට හැංගෙමු
ඔන්න බබෝ ඇතින්නියා
පිටි පෙට්ටිය ගණන් ගියා....

ඇහුනද....ඇහුනද කියන්නකො....

පානුයි පරිප්පුයි දවසක බුදුවෙනවා
බඩුමිල රොකට් එකකින් උඩ යනවා...
ඩීසල් එක්ක ඡන්දය ඇවිලෙනවා
පාසැල් ළමුන් මහමඟ වැලපෙනවා....

අර ඔයා දැක්කද...දැක්කද කියන්නකො..

අපිටත් දවසක හඳ පායනවා
මහරජු දින දින ගොඩ යනවා
හයිවේ එකකින් රජලොව යනවා
උඹටත් බඩගිනි ඇතිවෙද අහනව....

එහෙම හොඳයි නේද....මේ..හොඳයි නේද....

Thursday, August 2, 2012

*** මව්වරු අතර මහමායා කොහෙද පුතේ *** ( සියල්ලන්ටම නොවේ )



මල් වැහි පොදය යන්තම් දෙවටින් රිංගා
සල් මල් සුවඳ වෙහෙරෙන් දැමුවා හංගා
පල් ගඳ ගහන දිය යට සියපත් හංගා
සිල් ගත් සිතුම් මිනිසුන් දැම්මා හංගා....

කිරිකොක් රෑන ගල් අරඹෙට ඉඟිළ ගියා

තිරිසන් ජාත සිතුවිලි හද ගැ‍ඹරෙ තියා
මිනිසත් ලෝකෙ උරුමය ඉපදුමම කියා
ජඩයින් විලස රමණයෙ ඇත මුදල ලියා....

දෙපතුලෙ කුසුම් තියමින් වැඳුමන් ලබනා අම්මා

සුහුඹුල් කලල දියකර සැනසෙති සමහර අම්මා
මල්වර සුවඳ ගැන ලෝකෙට නැහැ උරුමය නම්මා
පව්කළ නොපිපි කුසුමන් මැරුවෙත් එලෙසම අම්මා....

ඉහිරුණු කිරට තව අඬනා මව්වරුද ඇතේ

නැතිවුන කමට කාසිය ළග විකිණෙනව වෙතේ
කරුමය කිය කියා බෝසත් ගති වසනු ඇතේ
මව්වරු අතර මහමායා අද කොහෙද පුතේ.....

______________________________
__________දිනිති _____

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...