සඳ සීතලට ඇවිදින්
කනා මැදිරි එළි අරගෙන
නුඹ ඉන්න දෙස යන්න
නොකියම මට පාර කියනවා
මේ රාත්‍රියම කලුවර බව
කෝම නම් මම කියන්නද...
ඒ වුනත්
කෑලී කපන ඝන අදුර මැදින්
නීල නුඹේ තරු ඇස් දෙක
මග කියනවා මට
හැමදාම පුරුදු විලසට...
නපුරු දඩබ්බර කම් ළග නුඹේ
බියවෙච්ච මුවැත්තිය මම
හැමදාම වෙව්ලමින්
ඇස් රතු කරන් ඉන්න...
උණුසුමට ගලන මේ කදුළු
කෝම නම් කියන්නද මම
සත් සමුදුර දුර ඉදන් හැමදාම
එවන මේ මද පවන නුඹ නමට
ආදරේ ගොඩක් බව කියනා ඇති
නොවැරදිම ඔය හදට...
අපි අපෙන් වෙන් වෙච්ච..
හිරිගඩු නැගුන පාන්දර අදත්
මට මැවෙනවා
පුරුදු සිතුවම් පෙළ වගේ...
මහ දවල් වගෙ එකිනෙකා
ඇඩු කදුලින් සෝබර උවන්
මැද අපි වෙන් කරපු ඒ
ගුවන්තොටුපලෙ වීදුරුව ළග
අතින් අත නොගෑවුන මුත්
අත් තියන් දෑසට කියූ දේවල්
අදත් තියෙනවා හදවතේ ගැඹුරෙම....
කියන්නම් මම අදත් පෙර ලෙස
ගෙවෙන මේ හැම පැයම
තවත් සෙනෙහස දළුලමින්
නුඹ නමට ලියවිලා ...
සත්තමයි සොදුරේ....
නුඹ ළගින් එන මුදු පිරිමි සුවද ළග අදත් මම තනිවෙලා...
ආදරය පුරවගෙන දුවන් එන්නට මග බලන් නුඹ සොයා...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.