සිහිනයක සිතුවිලි 10
අද ජනවාරි 23
ලස්සනම ලස්සන දවසකට උදාවෙලා තියෙන්නෙ.... නොලියා ඉන්නට හැදුවත් කෝම නම් නොලියා ඉන්නද සිතුවිල්ල හදවතේ පණ ගැහැනෙ සිහිනයක....
හැමදාම වගෙ උරුම කම් මතින් ගෙවී යන දවසක හදපුරා සතුට බෙදාගන්න මග බලා ඉදියත් මම
දුක වගෙම සතුටත් දැනෙනවා හුගක් මට......
ඇස් දෙක පියාගෙන මුලු ජිවිතේම එකම එක තැනක නතර කරගෙන මේ ගෙවෙන සිහිනය මොකක්ද කියලා නොසිතෙනවා නෙමෙයි.....
මම දන්නවා මලක් පිපුනම සුවඳ රුව ලස්සන ලෝකෙට දිලා පරවෙලා යනවා...
ඒත් ඒ මල බලා ඉන්න සමනලා වෙනස් කම් කර කර මල ළග ගැවසෙන කොට මලට දුකයි... කෑගහලා කියන්න බැරි හින්දා මල දුක ඉවසගෙන ඉන්නවා ඇති.....
කොච්චර ලියන්න ගත්තත් ලියා ගන්න බැහැ අද...... මහා ආත්මානුකම්පාවක් දැනෙනවා මට මං ගැනම....
හදවතට ලේ ගලන
මේ පුංචි නාල ටික
අරන් විසි කරන්නට
හිතෙනවා මට හුගක්....
ජීවිතේ ගමන් මගෙ
දැවටෙන්න බැරි කමට
මට ඉතින් නුඹ ළගක
දුක දැනෙයි පෙර ලෙසම....
මහා මුසල හැගුම්
වට කරයි මා නිතර
කියා ගන්නට නොහැකි
දේ බෝම හිර කරයි.....
හිමි අහිමි කම් ළගක
ගෙවෙන දිවි මගක
කෝම නම් කියන්නද
අහිමි වේදැයි මට නුඹව.........
ඔයා දැක්කොත් හිතයි අද වගේ දවසකත් මම මෙහෙම හිතන එක ගැන වැරදියි කියලා...
ඒත් ඔයා උඩම උඩ අත්තක පිපුනු මලක්...
කවමදාවත් මට මගේ කරගන්න බැරි බව මම දන්නවා...
ආදරය මරලා දාන්න බැරි කමට මම තාම දගලනවා ඔයා ගාවම වෙලි වෙලි...
පුංචි දේටත් කදුළු එන මගෙ ඇස් දිහා නැවතිලා බැලුවොත් ඔයාට තේරෙයි..........
ඒත් මම දන්නවා කවමදාවත් ඔයාට ඒ තරම් නිවී සැනසිල්ලෙ වෙලාවක් නොතිබුණා කියලා........
මේ මගේ ලබා උපන් හැටි වෙන්න ඇති...
මම දරාගන්න බලන්නම්...
සමහරවිට සිහිනය අකුරු කරන්න මට බැරිවෙයි..... අදින් පස්සෙ... ඒත් පුලුවන් වුනොත් ලියලා යන්නම්...
ඒ ඇයි දන්නවද වැරදීමකින් හරි කවමදාක හෝ ඔයා ඇවිත් කියවලා බලයි කියන පුංචි බලාපොරොත්තුවක් තාමත් හිතේ කොනක පුංචියට වගේ තියෙන හන්දා......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...

No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.