යායාට වැටෙන
හිම පියලි උඩකත්
මම
සීරුවට ඇවිදනකොට.....
හීනියට උල්
කටු තුඩු උඩ
ඔබ
වේගයෙන්
දුවන්නේ කොහොමද
කර්කෂ
ගෙන්දම් පොලවෙම.........
තවමත්
අන්දුන්කුන්දුන්
මම....
ඇයි දන්නවද
නුඹෙ දිරියෙ
බිඳක්වත්
මට නැති හන්දා..........
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
ඔබ ඇවිද යන්නේ හිම පියලි උඩින් නොව...
ReplyDeleteපුන්චි කටු මත බවවත් ,
ඔබට නොදැනෙන්නේ
මටත් වඩා දිරියක් නුඹට ඇති නිසාවෙන්....
සත්තටම මට වඩා හොදටම මා ගැන දැනුනි ඔබට... ස්තුතියි නදුන් උයන....
ReplyDeleteනුඹේ දිරියට
ReplyDeleteඋල් කටු තුඩුත්
මල් පියලි වෙලා
මග සරසාවි..
සරසන විට
ReplyDeleteමල් පියලි මතින්
මග දෙපස
මම සිනාසී නුඹ
දෙස බලා හිදීවී...
ස්තුතියි දිනේෂ් මල්ලියේ...........