විසල් පෙමක් අතැතිව
තරු පිරි ගඟනතට
නෙත් යොමා කදුළැලි
හංගගෙන හිනැහෙනවා
ළගට යන්නට බැරිකමට
උණුසුමක් හද දරාගෙන
මහ පොළව හැමදාම..............
දස දහස් තරු පිපෙන රැයට
මත් බඹර වෙස් ගන්න සඳ
අබැටක් තරම්වත් නොසිතුවෙද
පපු කුහරෙ හාර හාරා මේ
පොළව විඳිනා දඩුවමක් තව.............
ලෙහා සළු නුඹේ ඇවැසි නැහැ සඳේ
නිරුවතින් තරු ළගක දවටන්න....
මුදු මලක් වගේ හිත අරන් දැන්
යන්න යන්නම් දුර දුරට විගසින්ම
නොරිදවා තව මල් පෙති ළගක
නැවතියන් නුඹ එකම එක
තරු මලක් ළග සැනසිලා අද අදම.............
Monday, January 16, 2012
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.