අරුම පුදුම ලොවක් මේක
මහත්වරුණි සමාවෙන්න
පුරුදු ගතිය බැහැ අරින්න
දන්න බසින් පද ලියන්නෙ....
පඹගාලක පටලැවෙන්න
නීති ගොඩක හිරවි ඉන්න
රීති වියත් වැකි හොයන්න
පුරුදු නැහැනෙ ලියා යන්න.....
මලේ සුවඳ ලොවට අයිති
හිතේ වචන පොතට දුන්නෙ
ඉගිළි ලොවක සැරිසරන්නෙ
බැහැ මට හිරවෙලා ඉන්න.....
නුඹේ කවිය නුඹ බලන්න
මම නෑ කවි ලියා යන්නෙ...
කාන්සියට පණ පොවන්නෙ
මහත්වරුණි සමාවෙන්න......
ඉස්ස නොදනි උගෙ හිස ගැන
බල්ලා මොටද පිදුරු කන්නෙ....
කෝප ගතිය නොම හෙලන්න
හිත රිදුනොත් සමා වෙන්න.......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
මොකද අක්කේ සීන් 1 ??
ReplyDeleteකව්රුත් කිව්වද කවි ලියන්න එපා කියල??:///
සමහරුන්ට මගෙ කවි ලියන ඒවා ප්‍රවීන නැහැල්ලු...ලොකු බර වචන නැහැල්ලු....සරල දේ සැහැල්ලුයි කියලා නොදැන එහෙම කියනවා ඇත්තෙ මල්ලි..
ReplyDeleteබර බර වචනයෙන් ලීවම අපි වගේ අය තේරුම් ගන්නේ කොහොමද.... ශබ්දකෝෂ හොයා ගෙන කවි බලන්න බෑ....
ReplyDeleteබර බර වචනයෙන් ලීවම අපි වගේ අය තේරුම් ගන්නේ කොහොමද.... ශබ්දකෝෂ හොයා ගෙන කවි බලන්න බෑ....
ReplyDelete