අපේ කිරි අම්මා මැටි ගේක ඉඳියෙ නැහැ. ඒත් මේ
කවිය එක්ක, එහෙම නැත්නම් ගීතය එක්ක මගේ හිත දුවනව ඈ උන්නු කාලෙට. අපිට අපේ
කියන්න නෑයෙක්ට අපේ ගෙදරට ආවෙ, අපිට පහුසුවෙන්න යන්න තිබුණෙ අපේ කිරි අම්මගෙ ගෙදර විතරයි.
ඇයගෙ ගෙදර ඉස්තෝප්පුවෙ ඉදන් බණ පොත් කියව කියල ඉද්දි ඉස්කෝලෙ බෑග් එකත්
කරේ එල්ලන් පෙරේතයො වගේ යද්දි බත් මුට්ටියෙ බත් ඇති කාල ඉඳපන් කිවුවෙ ලෝබ
නැතිව අපේ කිරි අම්මා විතරමයි.
ගහක වැල ගෙඩියක්, වරක ගෙඩියක් ,
කුරුම්බා ගෙඩියකට කුරුමාණම අල්ලල ගහ බදාගෙන බඩගාද්දි පොල් පිත්තක් අරගෙන
බැහැපිය ගහෙන් බිමට කිය කියා කෑගැහුවෙ අපේ කිරි අම්මා විතරයි.
ගෙදරට චීත්තෙ හැට්ටෙ අදින, නාපු වෙලාවට සුදු දිග කෙස් වැටිය කඩා දාගෙන ඉන්නකොට රූප සුන්දරිය පරාදයිනෙ කියල හිනාවුනේ අපි.
ඔසරියක් පටලවගෙන ගිනි මද්දහනෙ අපේ ගෙදරට හැරෙන කන්ද පාමුල ඉදන් අපිට අඩ ගගහා කන්ද නැග්ගෙ අපේ කිරි අම්මා විතරමයි.
අපිට මොනව හරි අත මිට මොලවන් ආවෙ ඇය විතරමයි.
වැඩියෙන් සල්ලි තියෙන සල්ලිකාර මාමා කෙනෙක්ගෙ හරි ලොකු අම්මා කෙනෙක්ගෙ හරි
ගෙදරට ගිහින් කිරි අම්මගෙ වියදමට දෙන සල්ලි මෙන්න බන් උඹලට කියල හැට්ටෙ
අස්සෙන් අරගෙන දුන්නෙ අපේ කිරි අම්මා විතරමයි.
ඇයට තිබුණ ඒ ලතෙක් හදවත සමහර වෙලාවට මං අපෙ අම්මගෙන් හොයනව.
හරිම පින්බර මුහුණක් තිබුණ ඈ නිවන් පුරේ අපිට කලින් යන්න යයි කියල හිතෙන්නෙ ඒකමයි මට.
ඉතින් ඔය ඔක්කොම වැල් වටාරම් එක්ක හිත ගියේ මෙන්න මේක නිසයි. ඔබත්
විඳින්න. අපේ කාලයේ අයගෙ අතීතය මේ අස්සෙ ඇති අනිවාර්යයනේම. අපිත් කිරි දත
හොල්ලල හොල්ලල ගලවල ලේනෝ ...ලෝනෝ..මේ දත අරගෙන වෙන දතක් දීයෝ කියල වීසි
කරපු පරම්පරාවෙ අය නිසා. smile emoticon ස්තුතියි රජී වසන්ත වෙල්ගම නම් ගේය
පද රචකයාට.
බිම වැටුණ කිරි දතට
අඬන මගේ ළපටි හිත
අඹ ගහේ ලේනකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා
රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන
සිටුවරුන් සිටු ගෙදර උන්නා
මා නමට ගෙයි ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
හඬන කෝඳුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා
මැටි ගෙදර තිබුණු තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්න
වෙබ් අඩවියේ තැනක
හමුවුණොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරි අම්මා
ගීතය අහන්න මෙතනින්...
Showing posts with label ගීතයක් විඳිමු.. Show all posts

Wednesday, February 11, 2015
Sunday, October 19, 2014
මූසල සිතුවිල්ලක් විඳපු හැටි.
ඊයෙ රාත්‍රියෙ සිට මහ මූසල හැඟීම් එක්ක ජීවිතය ගණුදෙණු කරනව කියල මට දැනෙනවා. මෙන්න මෙතන, මෙන්න මෙහෙමයි කියල කියන්නට බැරි තැනක රිදවුමක් දැනෙනව. කියන්නට බැරි වුනත් ගුප්ත සිතුවිලි මා අාක්‍රමණය කරමින් අතික්‍රමණයකට ගොස් හමාරයි. හැම හුස්මකටම කතා කරන්න බැරි වුනත් හැම හුස්මකම කතාවක් තියෙනව කියල මං විශ්වාස කරනව. අලුත් වෙන හැම හුස්ම පොඳකම ජීවිතේ අලුත් වෙනව කියන අධිෂ්ඨානයෙ මං පසුවෙනව.
ආදරණිය ඔබ, දන්නවද අකුරුවලට කතා කරන්න බැරි වුනාට වචන වලට පණ දෙන්න මං පුරුදුවුනේ නොතේරෙන දා ඉදන්. ඒ ඉස්සර අම්මා රැකියාවකට විදේශගතවෙලා, පුංචි මං ගෙදර මිදුලෙ වැලි ගොඩේ ඉදගෙන කොස් ගහේ "අම්මා" කියල ලිවුවා. අක්ක ඇවිදින් කණ මිරිකල " හැදෙන පැලේ පොත්ත කෑව නේද " කියල මට ගැහුව. ගහක පොත්තෙන් එලය රැකෙනව කියල මං දැනන් උන්නෑ. අම්ම නැති අඩුව අක්කට කවමදාවත් පුරවන්න බැරිවුනා මගෙ පුංචි හිතේ. හා හා පුරා කියල මට මතකයි මං කවියක් ලිවුවා මගෙ දහම් පාසලේ බිත්ති පුවත්පතට. එදත් ලිවුවෙ
"අනේ අම්මේ ඉක්මනින් ගෙදර එන්නකො" කියල. කොහොම වුනත් අම්මා ආවෙ මං ශිෂ්‍යත්වයත් ලියල අහවර වෙලා තවත් අවුරුද්දක් විතර ගියහම. එදා මට අර තරම් අම්ම ගැන ඕනි වුන් නෑ. ඒ මං අවුරුදු 3ක් 4ක් විතර අක්කගෙ අණසකට යටත්වෙලා ජීවිතේ උහුලගන්න පුලුවන් බරක් තනියම බාර අරගෙන හිටිය නිසා.
අම්ම ගැන,මං ගැන මෙහෙම ලිවුවෙ අර ඊයෙ රෑ ඉදන් පැටලෙන මූසල සිතුවිල්ල තෝරා බේරාගන්න බැරිකමට. උදෑසනත් ඒකටම හරියන්න කළුකරගෙන. දැන් වෙලාව උදේ දහයයි දහයයි. ඒත් කළුවරම කළුවරක හෙමින් හෙමින් වැහි පොද වැටෙනව. මගේ හිත හිරිවට්ටන ගතියක් තියෙන්නෙ. අම්මව හොයාගෙන දුවගෙන ගිහින් අම්මගෙ උකුලෙ වැටිල හයියෙන් හුස්ම පාරක් අරක් පපුවෙ තියෙන මූසලකම් නැතිකරගන්න හිතුණ වාර අනන්තයි අප්‍රමාණයි.
ඇට, ලේ , මස්, නහර පුරා විතරක් නෙමෙයි කේෂ නාලිකා, අනු නාලිකා හැම අංශුවකම මේ තුප්පහි, අප්‍රිය, ජුගුස්සාජනක සිතුවිලි වෙලාගෙන. එකින් එක ලෙහල මොකක්ද කියල හොයාගන්න පුලුවන් වුනා නම් ප්‍රතිකාරයක් කරන්නට තිබුණ මට. කොහොම වුනත් ඒ හිතත් එක්ක උදේ මුහුණු පොත් සැරිසරනකොට #music #lanka ගෘප් එකේ අපේ #Tharu #Gmage අක්කා සිංදුවක් ෂෙයාර් කරල තිබුණ. මොබයිල් එකෙන්ම ඒක ඇහුව. වෙනදත් අහල තිබුණට අද හිතත් එක්ක ඒක තව තව අහන්න හිතුණ. ප්‍රේමයේ ගිිවිසුම් ලිහායෑමක්වත්, අහිමි වීමක්වත් විරහවක එළියක්වත් මං අසලක නැතිබව දිවුරා කිව හැක. එහෙත් මේ දුක්බර ගීතය මා වශී කරගත්තා. දැන් අනුමානව විසි තිස් පාරක් විතර ඇහුව. මේ දැනුත් අහන ගමන්.
කඳුළු මන්දාකිණියෙ ආදරයේ
නුඹේ ඇස් දෙක තමයි ආදරියේ
තාරකා දුන් කඳුළු ආලෝකේ
වේදනාවේ අඳුර දුරු කරනා
වේදනාවේ අඳුර දුරු කරනා
වේදනාවේ අඳුර දුරු කරනා...
කවමදාවත් සිනහ සඳකැන් නුදුටු ජීවිතයේ
කොපුළෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ...මකන්නද කෙලෙසේ
කඳුළු මන්දාකිණියෙ ආදරයේ.....
එළිය කඳුළක් දුන්න දෑසට අඳුර හුරු පුරුදුයි
නුඹට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි...ඒ පවත් මටමයි...
කඳුළු මන්දාකිණියෙ ආදරයේ....
බලන්න මොනතරම් දුක්බර වචන ටිකක්ද? හැම සංවේදී හදක පත්ලටම දැනෙනව නේද? ඒ සංවේදි රට ලියන අය අතුරින් #අමිල #තේනුවර අයියා කවදත් ඉදිරියෙන් මගෙ හදවතේ. වචන කතා කරන තත් රට #දර්ශන අයියගෙ. මහළු නොවූ ආදරයේ, විරහවේ හඩ #පණ්ඩිත් #ඩබ්ලිව් #ඩී #අමරදේවයන්ගෙ. ඉතින් මගේ මූසලකම තව තවත් හදවත වෙලාගනිද්දි මේ පදවලට මං අම්මව ගාව ගත්තෙ ඇයි කියන්නම්,
මුලින්ම හිත හොරාගත්තෙ
"කවමදාවත් සිනහ සඳකැන් නුදුටු ජීවිතයේ
කොපුළෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ...මකන්නද කෙලෙසේ"
මේ පද ටික මටමයි. මමයි ඒ ඇතුලෙ ඉන්නෙ. සිනහවෙන්න කොච්චර හැදුවත් දුෂ්කර ජීවිතයේ සිනහව උදුරගෙන යන හැටි අනන්ත අප්‍රමාණව මං විඳල තියෙනව. ඒක කවමදාවත් ලියා කියා අහවර කරන්න බැරි හැගීමක්. ඊලගට මගේ අම්මව මැවිල පෙනුන මට මේ වචන වලදි
"නුඹට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි...ඒ පවත් මටමයි..."
මගේ අම්මට කොයිතරම් ඈ රිසි දේ දුන්නත් ඒ මදියි කියන දේ මට හැමදාම දැනෙනව. විරහවේ ගීතයක් වුනත් මා විඳි විදිහ ඔබට කිවුවෙමි. එය ඔබට වෙනස් ලෙස දැනේවි. අහල බලන්න.
අහන්න මෙන්න මෙතනින් සිංදුව

Tuesday, July 1, 2014
එන්න ගීතයක් අහමු..
"ගැහුණු ළමයි කවදත් අහංකාරයි. ඒත් පිරිමි ළමයෙක් අහංකාර වුනාම තරහයි ..දුකයි..රිදෙනව. ඔව් අයියෙ මටත් හොඳටම දුකයි.
ඔහොම ලොකු කම් පෙන්වන්නෙ කාටද ඔයා..?
ඔයාටනෙ....
මං නිසාම හොදයි නේද...
ඔව් ඔයා හින්දම තමයි...
අනේ යනව යන්න....
මං තියනවා...
හා... බුදුසරණයි.
හප්පේ ආයෙමත් පපුව රිදෙන්න ගන්නව. රෑ එළිවෙනකම් ආයෙ රෑ වෙනකම් දකින සිහින ඔක්කොම කඩා වැටෙනව. මොකක් හරි හේතුවක් හදාගෙන කතාකරන්න අවස්ථාවක් ගන්නෙ මං කොච්චර අමාරුවෙන්ද.. ඒ අවස්ථාවත් විනාඩියක්වත් නැහැ. මේකා නම් පුදුම පිරිමියෙක්.. ගලක්ද මන්දා පපුවෙ තියෙන්නෙ. මං මටම කියාගන්නව.
කොච්චර මෙලෙක් කරන්න හැදුවත් තව තවත් ගනන් උස්සන හැටි.
නටාගන්නව. මං අද ඉදන් මොනම හේතුවකටවත් කතා කරන්නෙ නැහැ. ඔයාව හමු වුනත් මඟ අරිනව. ඔව් ඇත්තමයි. එයාට විතරක්ද ලොකු කම් පෙන්වන්න පුලුවන්. හුහ් .. මටත් පුලුවන්. හරි බලමුකො කවුද දිනන්නෙ කියල. දවසක ඔයාටම කතා කරන්න වෙයි. එතකන් මං ඉවසගෙන ඉන්නව. දින සති මාස අවුරුදු ගණන් ගියත්. මගෙ හිත රිදෙයි ඉතින් ඇතුලින්..මගෙ ඇස් ඔයා පස්සෙ පන්නයි. මං දන්නව මගෙ හිතේ තියෙන හැම දේම මුහුණෙන් පේනව කියල. ඒ වුනාට කමක් නැහැ. මං දරාගන්නව ගන්නවමයි.
ඔන්න ඉතින් මං මගෙ හිතටම කියා ගත්ත"
අද වත්මනේ ඉදන් සිහිවෙද්දි පුදුමත් හිතෙනව. ඒ අහංකාර ප්‍රථම ආදරේ. අපි කාගෙත් නොමැරෙන සිහිවටනයක්. එකී ප්‍රේමයේ වියෝව ගැන සරල දැනෙන බසින් මේ සුගායනීය ගීතයෙහි පද රචනය ධම්මික බණ්ඩාරයන්ගෙන්ය. සුමියුරු සංගීතය ඩෙනිෂ්ටර් පෙරේරාගේය. එදත් අදත් කවදත් මා වශීවන ගායන හඬ අමරසිරි පීරිස්ගේය. වචනින් වචන මා පැහැදිලි කරන්න යන්නේ නැත. මගේ ප්‍රථම ප්‍රේමයේ වචන අතරින් ඔබ ඔබේ ප්‍රථම ප්‍රේමය සිහියට නංවා ගන්න. ඔබෙ ්මනසින් ඔබ විදියි කියා මා සිතමි.
හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....
පාසැලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේලියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්..
හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....
මතක ගොක්කොළ රැහැන් අතරින්
යලි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලියා මල් මිටක්...
හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....
ගීතය මෙතනින් අහන්න. මේ යූ බටේ..

Tuesday, April 1, 2014
ප්‍රේම තටාකේ..............
ගුවන් විදුලියෙන් කලාව වෙනුවෙන් එහෙම නැත්නම් සංගීතය වෙනුවෙන් සිද්ද වෙච්ච අර්ථ සුබ සිද්ධිය මෙච්චරයි කියන්න බැහැ. අදත් කටක් ඇර ගායකයෙක් කියන්න පුලුවන්, නිවේදකයෙක් කියන්න පුලුවන් බොහෝ මිනිසුන්ගේ උපත ගුවන් විදුලියේය. උදේ සිට රෑ වෙනතුර කණ් බිහිරි කරන එෆ් එම් නාලිකා වලින් හතු පිටින් ගායක ගායිකාවන් නිවේදකයින් වෙනත් අයවලුවන් බිහි කරන්නට නොයෙක් විදිහේ දේ කළත් එදා ගුවන් විදුලියෙන් සිදුවුන දෙයින් දශමයක්වත් සිද්ද වෙනවාදැයි සැක සහිතය.
වේදිකාවට නඟින සැණින් බසින්නට හිමිවන එවන් මිනිසුන් කොපමණ බිහි කළත් කුමකටද..? එහෙත් එදා ගුවන් විදුලියෙන් උප්පත්තිය ලද උනුන් අදත් රසාස්වාදයේ ඉහළම තැනින් රසිකයා පිනවනවා යැයි කීවොත් ඔබ අමනාප නැත.
පණ්ඩිත ඩබ් ඩී අමරාද්ව ශූරීන් ගැන කතා කරද්දී අමට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කෙසේ නම් අමතක කරන්නද..? ආනන්නයෙත් ප්‍රඥාවේත් සියුම් ඉසිඹු සොයමින් ශ්‍රාවකයා පිනවන්නට ඔහුගේ තෙළි තුඩින් පිපුණ මල් නම් කොපමණ ඇද්ද...? වරෙක අමරදේවයන් කියා තිබුණේ චන්ද්‍රරත්න මානවසිංහන් මුණ නොගැසුණා නම් අමරදේවයන් කෙනෙකුත් මෙතරම දුරක් නොඑන බවය. ඒ නම් අමරදේවයන්ගේ දිවි ගමනේ වටිනා සංස්ධිස්ථානයක් වන්නේ ශ්‍රී චන්ද්‍රරක්න මානවසිංහන් නිසාය.
එතරම් දක්ෂ පද රචනා කළ මානවසිංහයන් " රන්මුතු දූව" සිනමා පටය සඳහා එකකට එකක් වෙනස් විදිහේ ගීත ලියා ඇත. අදත් පොඩි දරුවාගේ පටන් මහල්ලා දක්වා මතක තියෙන " පාරමිතා බල පූජිත " පිපී පිපී රේණු නටන" සහ ගලන ගඟකි ජීවිතේ ගීතද මානවසිංහයන්ගේ තෙළි තුඩේ විශ්මිත සිතුවම්ය.
ඉතින් ගුවන් විදුලිය ගැන මා අර තරම් පැවසුවෙ ගුවන් විදුලි ගීත නාටකය පෝෂණය කිරීමෙහිලා මානවසිංහයන් දැක්වූ නිර්මාණාත්මක කෞෂල්‍යය ද එතෙක් මෙතෙක් කිසිදු පද රචකයකු සිදු කරන ලද කාර්යභාරයට වඩා ඉතා පුළුල් වූ ද, සෞන්දර්යාත්මක වූ ද, ශ්‍රැති රම්‍යතාවෙන් යුත් විදග්ධ ව්‍යායාමයක් නිසාමය. “මනෝහාරි” ගීත නාටකය එහි කූට ප්‍රාප්තිය සලකුණු කරනු ලබන අතර ඔහු විසින් රචනා කරන ලද, පණ්ඩිත් ඩබ් ඩී අමරදේවයන් විසින් සංගීතවත් කොට වජිරා බාලසූරිය සමඟ ගායනා කරනු ලබන "ප්‍රේම තටාකේ මේකයි මැණිකේ” ගීතය ගුවන් විදුලි ගීත නාටක සාහිත්‍යයෙහි තවත් එක් සන්ධිස්ථානයක් විය. එමෙන්ම මෙහි ගායනය සම්බන්ධයේදී කිව යුතු අනික් දෙය නම් , වත්මනෙහි මෙම ගීතය රශ්මි සංගීතා සමඟද ගයා ඇත.
එම ගීතයෙහි පද වැල පුරා ගලා හැලෙන ප්‍රේමණීය හැඟීම් සමුදාය ඇසුරෙහි බිහිවන පාරිසරික වැනුම ද, අර්ථ ධ්වනිය සමඟ මුසු වූ ශබ්ද ධ්වනිය ද, ගායන අලංකරණය ද උක්ත ගීතය සැබෑ ප්‍රේම ගීතයක් ලෙස ඕනෑම අයෙකුට කිව හැකිය. එහෙයින් එහි ඇත්තේ ඕනෑම යුගයකට සරිලන රස ප්‍රවාහයකි. ඕනෑම අයෙකුට දැනෙන භාෂා ශෛල්‍යයකි.
හදවතේ සියුම් නහර වලට පවා දැනෙන ආදරය පිරුණු මෙම ගීතය ඔබටත් රසවිඳින්න කියල මං කියනව.
ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ //
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ
ප්‍රේම තටාකේ..............
මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ
චම්පා චම්පා කියලයි මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ //
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ
ප්‍රේම තටාකේ..............
හිමියනි ඔබගේ පුළුලුර තලයේ හි
වැව් ඉවුරේහි නැහැ වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ
අනාගතේ මෙහි පෙම් රස විදිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ //
එකයි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
ප්‍රේම තටාකේ..............
මා ඉහත කිවු ගීතයේ පද රචකයා මේ ඉන්නෙ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්.
මේ ගායනය සහ සංගීතය යෙදූ පණ්ඩිත් ඩබ් ඩී අමරදේවයන්.
සහාය ගායිකාව වජිරා බාලසූරිය.
">

Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...