ආදරණිය නන්දා..........
මේ විසල් පොළව මෙන්
ඉවසුවා නුඹ නන්දා
අර ගැබ්බරම අහස මෙන්
දුක් දරාගත්තා නන්දා.........
දැවටි දැවටී පුසී පැටියෙක්
වගේ ළග මාතර හාමිනේ
තනි රැක්කා නුඹ මහ ගෙදර
නිහතමානීවමම නන්දා....
ලතෙක් හදක් ඇති සංවේදි
ගැහැණියම වුනා නන්දා...
කොග්ගලට ඉර සඳ ඇවිත්
ගියද නුඹ බලා උන්නා නන්දා
" මළගම කළෙත් මගෙ මුදලින්ම "
යැයි කියද්දිත් නෑසුනා නන්දා...
නොවුවත් අපෙ පරපුරේ ඔබ
වටිනවා මහ හුගක් දැන් නන්දා......
Tuesday, January 31, 2012
... හිතන්න ඔබට බාරයි...
වසන්තය
උපවාසයක...
ගිම්හානය
දවා හලු කලාට
සියළු
ගස්වැල්
මල් පල......
දැන් ඉතින්
කදුළු ගෑස්
ඉල්ලා
හඩයි යොමා අත්
මහ පොළව
අහසින්.....
කෝටා ක්රමයට
දෙන්නම්ලු
අහස අද හෙට
නැත්නම්
වසන්තය
යට කරන්නම්ලු
ඒකාධිපතිත්වයේ
හස්තයට.....
උපවාසයක...
ගිම්හානය
දවා හලු කලාට
සියළු
ගස්වැල්
මල් පල......
දැන් ඉතින්
කදුළු ගෑස්
ඉල්ලා
හඩයි යොමා අත්
මහ පොළව
අහසින්.....
කෝටා ක්රමයට
දෙන්නම්ලු
අහස අද හෙට
නැත්නම්
වසන්තය
යට කරන්නම්ලු
ඒකාධිපතිත්වයේ
හස්තයට.....
Monday, January 30, 2012
*** සොදුර මේ නුඹ නමට ***
හැමදාම එකම ලෙස
ගඟ ගලා බසිනවා
නුහුරු නුපුරුදු තැනක
ගල් පරත් තියෙනවා....
ළග නැතත් සිත ළගක
ඇවිත් තනි රකිනවා
ගඟ රකින ඉවුරු ලෙස
මම නුඹව රකිනවා...
නිවා ගන්නට ගඟ වෙහෙස
මුව දොරක් සොයනවා
මුව දොරක් වෙලා නුඹ
හස මලක් ගෙනෙනවා....
ගඟ ගලාවිත් මහ සයුරෙ
දුක කියා වෙලෙනවා
මම ඇවිත් නුඹ ළගක
හිත නිවා ගන්නවා.....
.... දිනිති ....
*** මගෙ දුවට ***
හිල් වෙච්ච අහස මෙන්
නොම සලන් කදුළු කැට....
හෙටත් අලුයම උදාහිරු එයි
හිනැහියන් නුඹ මගෙ දුවේ...
නෙක විලස හැඩ තියපු
රුව දිලෙන මලක් නුඹ
දේදුන්නෙ පාට ගෙන
බැහැ කරනු ජීවිතෙ පාට....
සියපතක් වුව පිපි එන්නෙ
ගඳ ගහන මඩ දියේ......
වැර අරන් අද දිනේ
හිනැහියන් නුඹ මගෙ දුවේ..........
කලු වලාවන් ඝන ඇවිත්
දුටුවේද පුන් සඳ වසන
ඒ ලෙසම යන දිවි ගමන
රලු පරලු ගල් බොහොම...
එකම කාසියෙ උඩ යටම
පෙරලෙනවා ලෝ දුක සැපම.....
නුවන් පොඩිකර නොම සිටින්
හිනැහියන් මනහරව ලද දෙයට........
Sunday, January 29, 2012
*** ලෙච්චමී ***
තුඩු අගින් නෙක තාල තියමින්
නැතත් බෙරපද නටයි දෑගිලි
රෙදි කඩක් හිස බැදන් ඇය
හදයි බේරෙනු පිනි සීතලෙන්.....
සර සරින් එයි දැවටිලා
මුණු මුණුව සුලගේ තැවරිලා
සිල් අරන් වගෙ බිම බලා යයි
ගලා ඇස උල්පත් දිය පාවෙලා...
උඩ බලනු බැරි නිල් කදු බඳේ
මැදහරියෙ ඇය නැවතිලා
නොපියා පියවෙන දෑස් පොඩිකර
ඉරමලෙන් ඔරලෝසු කටු මනිනවා ....
මිනින්දෝරුවො වගේමයි කූඩැල්ලො
මැන මැනම පතුල් යට සිට එයි
සිඹ සිඹා ඇගෙ ලේ සොලවනා
වගක් නැතිවම හුස්ම පිඹ පිඹ
යාවි ඇය තව දිවි සරි ගැන සිතා....
එකදිගට නද දේවි අතරැදි
වලලු පෙළ තනි මහහැරා....
රතු කරන් කට හපන විටයක
යාවි ගිනි කුස අමතකා.....
මල්ලවම පොරයක් වගේ මුලු
දවස තිස්සෙම ඔට්ටු වීලා
කඩාගත් දලු දීලා යයි ඇය
දිනක වේතනෙ අත හිරවෙලා....
පිච්ච මල් ගෙන දැවටුවත් හිස
දිවි ගමන සුවඳක් නෑ ගෑවිලා...
හැන්දැ වරුවට කෝවිලේ දණ ඔබා
යදියි ඇය පිහිටක් ඉල්ලලා....
*** සමාකරන් අප්පච්චී *** Part - 01
පළමු දිගහැරුම
සුදු රෙද්දක් පොරවා ගත්තාසේ අවට සියල්ල මීදුමෙන් වැසී ඇත. ගස්වලට වැටී ඇති පිණි බිංදු අතින් අල්ලමින් මම මිදුලේ ඇවිද්දෙමි. හැමදාමත් අවුරුද්දට සැරයක් නුවරඑළියෙ එන අපි එහි සුන්දරත්වය හදවතින්ම විදගන්නෙමු. සෙරෙප්පු දෙකක්ද නොදමා තණකොළ උඩ ඇවිද යනවිට අපූරු සුවදායී බවක් දැනේ. නිවසේදී මට මෙලෙස එළියටවත් එන්නට සිතෙන්නේ නැත. ඒ.....රන්මුතු˜ බංගලාවෙන් එළියට එන අපි වාහනයට පය තබයි. එතනින් ඇරුනුකොට රන්මුතු සදකිරණි වික්රමසිංහට වෙන දෙයක් නැත.
අයියලා හතරදෙනා මට ලෝකයක් වටී. අප්පච්චී මහමෙරක බර හදවතේ තුරුල් කරගෙන ඇතිබව මා දන්නේය.
—රෝසමල˜ පිනිබාල හෙම්බිරිස්සාව හැදෙයි......
ලොකු අයියා මා අසල හිදියේය. අයියාට හිනහාවී මා ඔහුට තුරුල් වුනෙමි. අයියා මගේ ඔළුව අතගාමින් නිවස දෙසට දෙපා එසවූයේය. ඒ අතරින් ඈතින් පේන කදු පංති දෙසට නෙත් යොමා එළිය දෙන්න කිරණ විහිදන හිරු රැස් දෙස බලමින් මම දෑසට සුන්දර හැගුම් එකතු කළෙමි.එය මට දරාගන්න බැරි හැගීමකි. හැමදාමත් ගස්වැල් ඉරහද තාරකා වලට මම පෙම් බැන්දෙමි.
—ඔය ආයිත් පොද වැටෙනවා....මං ආවෙ නැත්නම් රෝසමල තාම එළියෙ...ඉක්මන් කරමු....˜ කියා මා ඔසවාගෙන ඇවිත් සාලයේ පුටුවක් මතින් තබා මගේ නළලද ඉඹ ලොකු අයියා කුස්සිය දෙසට ගියේය.
—හීතලද මගෙ මැණිකට....
—නැහැ අප්පච්චි....
—අපි අද හවස ගෙදර යන්...,
—අනේ අප්පච්චි අපි අද මල්වත්තෙ යන්....
—හැමදාම යනවනෙ මැණික...
—මං ආසයි අප්පච්චි...
—පුතාගෙ සතුට මගෙත් සතුට....
එසේ කියමින් අප්පච්චි මා අසලම හිදගත්තේය. පිරිමි දරුවන්ම හතරදෙනෙක් හිටි අප්පච්චීට මාද පුතෙකි. කවමදාවත් දුවේ කියා ඔහු මට කියන්නේ නැත. අයියලාට මැණිකෙ නැන්දාට රෝසමල වූ මා අප්පච්චීට මගෙ මැණික විය.
ලොකු අයියා දුම් දමන කෝපි කෝප්පයක්ද ඇතිව මා ගාවට ඇවිදින් හිද ගත්තේය.
—ලොකු පුතේ ඕක නිමලා දෙන්න...නැත්නම් මගෙ මැණික පුච්ච ගනියි....
අප්පච්චී ලොකු අයියාට කීවේය. අවුරුදු දහහතක වයසක පසුවූවත් ඔවුන්ට මා තවමත් පොඩි දරුවෙකි.
—කෝ ලොකු අයියෙ මද්දු අයියලා තාම නිදිද....?
—තවම හතයිනෙ..,රෝසමල උදේ පාන්දර නැගිටලා මිදුල පුරා ඇවිද්දට ඒ තුන්දෙනා හොදට ගුලිවෙලා නිදි....
—අනේ අහරවමු...,අපි යන් මල්වත්ත බලන්න...
—උදේ පාන්දරම බැහැනෙ රෝසමල අපි තව ටිකක් ඉමු....එහෙම කියා චුට්ට චුට්ට කෝපි කෝප්පය පෙවූ ලොකු අයියා මුහුණ සෝදගන්න යැයි කියා ගියේය.මාද දිග අඩි තියමින් තරප්පු පෙළ දිවුවෙමි. අප්පව්චි — මගෙ මැණික වැටෙයි..කීවද මා දුවවිත් කාමරයේ ඇදේ පෙරලුනෙමි.
—අනේ...අනේ..,මේ බලන්න ඉරත් පායලා....රෝසමල තාම නිදි...එහෙම කියා හිනැහෙනවා මට ඇසිණි.ඇස් ඇර බලද්දී ලොකු අයියාත්, මද්දු අයියාත්, දෙවෙනි අයියාත් චුටි අයියාත් එක පෙළට මගේ කාමරයේ ඇද අසල විය. දෙවෙනි අයියා මා ඔසවා ගනිද්දී මද්දු අයියා තුවායද රැගෙන බාත්රූම් එක දෙසට ගියේය.ලොකු අයියා අල්මාරිය අරිද්දීි චූටි මගෙ සෙරෙප්පු දෙක ළං කලේය. මුහුණ සෝදා ඔළුව පීරා ඔවුන් මගේ හැඩ බැලුවේය.
—මෙයා රෝසමලටත් වැඩිය ලස්සනයි...,චුටි අයියා කීවේය. ඉතිං මේ අදරය මට ජීවිතයේ සුවද ගෙනෙයි.
අප්පච්චි ඩ්රයිවින් සීට් එකේ හිදගත්තේය. ලොකු අයියාත් මාත් ඉදිරිපස හිදගත්තේය. මද්දුත් දෙවෙනිත් චූටිත් පසුපස හිදගත්තේය. අප්පච්චි මල්වත්ත දෙසට වාහනය පැදවූ අතර අවට ඇති නොයෙකුත් දේ ගැන මා විමසද්දී,
—රෝසමල කියවන්නෙ ගිරවියක් වගේ කිය චුටි අයියා කෑගැසුවේය.
—ඉතිං මං හැමදාම එනවයැයි....,අවුරුද්දකට සැරයයි එන්නෙ...,ඔයාලනම් හැමදාම එනවා ඇති...,ගෙදරයි ඉස්කෝලෙ ගිය කාලෙයි විතරයි මං දන්නෙ....,
අප්පච්චිගෙ මුහුණ වෙනස්වූයෙත්, ලොකු පිටුපස හැරී එකිනෙකාට මුහුණින් මුහුණ බලා ගත්තේත් එක පාරටමය. මා අතින් වැරදි දෙයක් කියවුනාදැයි මා සිතුවෙමි. අම්මා ගැන මට මතකයක් නැත. අප්පච්චි කියන්නේ මා ඉපදෙන විට අම්මා මිය ගිය බවයි. එහෙයින් කිසිදිනක රන්මුතු බංගලාවෙ මට උපන්දින සාද නැත. එහෙත් එදිනට අපි කොහේ හෝ පන්සලකට යයි. හැමදාමත් මගේ උපන්දිනය දා අප්පච්චි මා තුරුල් කරගෙන මහමෙරක් තරමට කල්පනා කරයි. එහෙත් මතකයක් නැති අම්මා ගැන මට තේරුමක් නැත. අප්පච්චි අයියලා හතරදෙනා මගේ හුස්ම පොදය. ඉතිං මගේ අතින් වැරදි දෙයක් කියවුනාදැයි සිතමින් මගේ දෑසට කදුළු ඉනුවේය. නොදැනුවත්වම දෙකම්මුල් අතරින් ගලා යනවිට අප්පච්චි එක අතකින් මා තුරුල් කරගනිමින්,
—මීට පස්සෙ මගෙ මැණිකට එහෙම වෙන්නෙ නෑයි කීවේය.
මල්වත්ත අසලට ඇවිදින් බසින තුරුත් අපි කිසිවෙක් කතා කලේ නැත.
—එන්න රෝසමල මං අල්ල ගන්න ඔයාව...
ලොකු අයියා එසේ කියමින් මගේ අතින් අල්ලා ගත්තේය.
වසන්ත කාළය බැවින් නුවරඑළිය මල්වත්ත මලින් බරවී තිබුණි. හිතට කියාගන්න බැරි හැගීම් ගොන්නක් එකතු විය.
—බලනවකො අර කෑල්ල දිහා...එකපාරටම මද්දු අයියා කීවේය.
—ෂා....මාර පැද්දිල්ල....චූටි අයියා පොහොර දැම්මේය.
—චූටි.....ඔයා නම් හොදටම නරක්වෙලා..... ලොකු කී විට..,
—ඇයි මං විතරක්...මද්දුත් එහෙමනෙ...,චූටි අයියා කීවේය.
—දෙන්නම හැදිලා ඉවරයි ....කියමින් ලොකු අයියා මා අත තදට අල්ලා ගත්තේය. ඒ අතර තුර මද්දුත් චූටි අයියාත් අමනාපයට වාගේ හිනැහෙමින් අප පසුපසින් ආවේය.
—වාව්...හෙඳන් අවිත් වගේ..........ආයිමත් චූටි කාට හෝ ගැහැණු ළමයෙකුට විහිළුවක් කරන්න පටන් ගත්තේය.
—ආනන්දෙ අය ගැහැණු ළමයි දැකලා නෑ....මද්දු අයියා හරහට කීවේය...
—ආ.....ආ....ආනන්දෙ අය ගැහැණු ළමයි නොදැක්කට කමක් නෑ.....ලුම්බිණියෙ උපාසකයො වෙන්න ඇති.....
—ඔප්කෝස්.....හොද හැදිච්ච උපාසකයො....ඒකනෙ හලෝ ලුම්බිණිය කියලා කියන්නෙ.....
—අපොයි ඔව්.....මොකටද ඉතිං බලන්න තිබුණා ඉස්කෝලෙ ඇරුනම අර ගැ...හැ....ණු....
—හෝව්....හෝව්.....ගාගෙන මද්දු අයියා චූටි අයියාවත් ඇදගෙන වෙනත් පැත්තකට හැරුණේය. දෙවෙනිත් අප්පච්චිත් හෙමින් සැරේ මල්වල සුනදරත්වය විදගන්නා බව පසුපස හෑරී බැලු මට පෙනුණි.
ලස්සනට පිපුනු රෝසමල් ගොඩක් ළග නැවතී මම හිනැහුනෙමි. ලොකු අයියා අසල බංකුවක හිදගත් නිසා මම රෝසමල් යාය මැදට ගියේය. රෝසමල් නාසයට ළංකර ගනිමින් සුවද විදගත් මහිතට අමුතු නැවුම් හැගුම් ගොන්නක් ගලාගෙන ආවේය. එහෙත් ඒ කිසිවක් වෙන්කර හදුනා ගන්නට මට ඇවසි නොවීය.
—ඕ.....හෝ.....රෝසමල් මැද්දෙ එයත් රෝසමලක් වගේ.....එකපාරටම කවුරුන් හෝ කියන දෙයක් මට ඇසුණි. මම හැරී බැලුවෙමි.
ලස්සන නිල්පාට ඇස්දෙක, අපිළිවෙලට විහිදුනු කොණ්ඩෙ, ලස්සන සුදු මුහුණ, උස.... උසට සරිලන මහත, මා වශීවී වාගේ ඔහු දෙස බලා හිදියේය. ඔහු යාන්තමට මා සමග සිනහ විය..
—නැහැදිච්ච කොල්ලො රෝසමල මෙහෙ එන්න...කියමින් ලොකු අයියා මා ඔහුගේ සවිමත් අතට හිරකර ගත්තේය...
මා ආපසු හැරී බලන විට අර පිරිමි ළමයා ඒ සිනහාවෙන්ම මුව පුරවාගෙන මදෙස බලා හිදියේය. මා පිටුපස බලනවා ලොකු අයියා දුටුවේය.
—රෝසමල හොද නිති අය දිහා බලන්න එපා. ඒ අයට අම්මලා තාත්තල උගන්නලා නැද්ද මන්දා.....එසේ කියමින් ලොකු අයියා මා සමග මල්වත්තේ අනෙක් කොටසට ගියේය.
—රෝසමල.....මේ ඔයාගෙ ස්විටරය.....රෝස පදුරක පැටලිලා තිබුණා.....මා හැරී බලනවාත් සමග
—මොකක්ද මේ වෙලා තියෙන්නෙ.....?හැසිරෙන්නවත් දන්නැද්ද.....එසේ කියමින් ලොකු අයියා අර පිරිමි ළමයාට රළු වූයේය.
—මේ නංගිගෙ ස්විටරය එයා ඉදිය තැන ගහක පැටලිලා තිබුණා.ඔයාලා ගියාට පස්සෙයි මම දැක්කෙ....ඒක දෙන්න කතා කලේ.....වැරැද්දක් නම් සමාවෙන්න.....
—මොකද සිහින අවුලක්ද?....කියපන්..... කියමින් තවත් පිරිමි ළමයි ටිකක් එතනට ආවේය..
—මොකුත් නෑ මචං..... කියමින් ඔහු අර පිරිමි ළමයි සමග යන්න ගියේය.
සි...හි....න.....
මගේ හිත තුළ එය රැව් පිළිරැව් දුන්නේය. සත්තකිනම ඔහුට ඒ නම අපූරුවට ගැලපෙන්නේය. ඔහු සිහිනයක් ලෙසම මා ඉදිරිපට රැදී සිහිනයක් ලෙසම නොපෙනී ගියේය.
අර ඈත සඳ වගේ
කතා කරනවා
නුඹේ ඇස්.....
ළගට වී සඳෙ
විදගන්න මට
සිතුනා හොදේ....
හමුවුනත් සඳ
අද මේ ලෙසේ
යලි දකිනු කෙසේ....
සිහිනයක් වී
සඳ හදවතේ
...සිහින.. නම
ලියවුනේ.....
____________ නැවත හමුවෙමු ______________

කෝමද මග අරින්නේ.....
හෙන්දිරික්කා මල් අරගෙන
සඳ ආවා හැන්දෑවට....
නිල් කලුවරෙ නෙත් ඇරගෙන
ඔබව සෙවුවා පුරුද්දටම..........
ඇස් වැසුනම සිහිනෙ දිගේ
ආල නුරා පාන්නේ
පාලු රැයේ සුවඳ සොයන්
මතක කරා දුවන්නේ...
පරළු රළුම හදක් මත්තෙ
තාම හඬා වැටෙන්නේ.....
මට ඉන්නෙත් නුඹම හන්දා
කෝමද මග අරින්නේ....
සඳ ආවා හැන්දෑවට....
නිල් කලුවරෙ නෙත් ඇරගෙන
ඔබව සෙවුවා පුරුද්දටම..........
ඇස් වැසුනම සිහිනෙ දිගේ
ආල නුරා පාන්නේ
පාලු රැයේ සුවඳ සොයන්
මතක කරා දුවන්නේ...
පරළු රළුම හදක් මත්තෙ
තාම හඬා වැටෙන්නේ.....
මට ඉන්නෙත් නුඹම හන්දා
කෝමද මග අරින්නේ....
Saturday, January 28, 2012
,,,, මල් කරාබුව,,,,.
කලාබර
රුයිත
හේරා
හාරත්
ඔක්කොම
නුඹ ගාව කිය කියා
මතකද උඩ පැන්නා
දවසක් අපේ කාමරෙදි..
ඔන්න
අන්තිමට
තුරුම්පුව මගෙ
අතට ආවා
අද දවල්
කමිසෙ
හෝදනකොට
ඔයාගෙ....
අහස පොලව
ගැටලන්න
හිතනවද දැන්
මොකක්ද
කියලා...
ඊයෙ හවස
හතිදාගෙන
හෙව්වෙ මේක
වෙන්න ඇති
අද රෑට ඔයා ආවහම
දෙන්න මම
අරන් තිබ්බා
සාක්කුවෙ තිබුණ
.....මල් කරාබුව......
රුයිත
හේරා
හාරත්
ඔක්කොම
නුඹ ගාව කිය කියා
මතකද උඩ පැන්නා
දවසක් අපේ කාමරෙදි..
ඔන්න
අන්තිමට
තුරුම්පුව මගෙ
අතට ආවා
අද දවල්
කමිසෙ
හෝදනකොට
ඔයාගෙ....
අහස පොලව
ගැටලන්න
හිතනවද දැන්
මොකක්ද
කියලා...
ඊයෙ හවස
හතිදාගෙන
හෙව්වෙ මේක
වෙන්න ඇති
අද රෑට ඔයා ආවහම
දෙන්න මම
අරන් තිබ්බා
සාක්කුවෙ තිබුණ
.....මල් කරාබුව......
සමනලයා මැරුවෙමි
සමනලයාට
වෙඩි තැබුවෙමි.
මළගම
සදුදා හවස
*** විශේෂ ***
බඹරුන් නොපැමිණෙන්න
අවසන් ගෞරවයට
කිඹුල් කදුළු අතදරා
බිද සිඳ දැමූ මල්වලින්
තැනූ මල් වඩම් ගෙන....
වෙඩි තැබුවෙමි.
මළගම
සදුදා හවස
*** විශේෂ ***
බඹරුන් නොපැමිණෙන්න
අවසන් ගෞරවයට
කිඹුල් කදුළු අතදරා
බිද සිඳ දැමූ මල්වලින්
තැනූ මල් වඩම් ගෙන....
නුඹෙ දිරිය මට නැති හැටි
යායාට වැටෙන
හිම පියලි උඩකත්
මම
සීරුවට ඇවිදනකොට.....
හීනියට උල්
කටු තුඩු උඩ
ඔබ
වේගයෙන්
දුවන්නේ කොහොමද
කර්කෂ
ගෙන්දම් පොලවෙම.........
තවමත්
අන්දුන්කුන්දුන්
මම....
ඇයි දන්නවද
නුඹෙ දිරියෙ
බිඳක්වත්
මට නැති හන්දා..........
හිම පියලි උඩකත්
මම
සීරුවට ඇවිදනකොට.....
හීනියට උල්
කටු තුඩු උඩ
ඔබ
වේගයෙන්
දුවන්නේ කොහොමද
කර්කෂ
ගෙන්දම් පොලවෙම.........
තවමත්
අන්දුන්කුන්දුන්
මම....
ඇයි දන්නවද
නුඹෙ දිරියෙ
බිඳක්වත්
මට නැති හන්දා..........
*** මහ වැස්ස ***
දඩිබිඩි ගගා වීදුරු
ජනේල උඩට
ගහනවා ඇහුණා
තරහාකාර
පෙම්වතක් වගේ
පෙම්වතිය සොයා
ගෙන ආපු ලෙස...
මිනී මැරුමක්
ලේ විලක් මැද
සාක්කියක්
දෙන්න වෙයි කියා
හිතු නිසා
තවත් ගුලි ගැහුණා
මම
පොරවනය
ඇතුළට.........
නොනවතින
බෙරිහන් දිදි
එන සද්දයට
කන් දෙකේ ඇගිලි
ගසාගෙන
බැරිම තැන
ගියා බලන්න
පෙරලන්න
දොර ජනෙල්
තඩිබාන්නා දැක ගන්න....
අනේ බැලින්නම්
මොරගෙඩි තරම්
වර්ෂාව
සුළං මුහුණත වෙනස්වී
වැදෙනවා නොවැ
හරි හරියට.......
ජනේල උඩට
ගහනවා ඇහුණා
තරහාකාර
පෙම්වතක් වගේ
පෙම්වතිය සොයා
ගෙන ආපු ලෙස...
මිනී මැරුමක්
ලේ විලක් මැද
සාක්කියක්
දෙන්න වෙයි කියා
හිතු නිසා
තවත් ගුලි ගැහුණා
මම
පොරවනය
ඇතුළට.........
නොනවතින
බෙරිහන් දිදි
එන සද්දයට
කන් දෙකේ ඇගිලි
ගසාගෙන
බැරිම තැන
ගියා බලන්න
පෙරලන්න
දොර ජනෙල්
තඩිබාන්නා දැක ගන්න....
අනේ බැලින්නම්
මොරගෙඩි තරම්
වර්ෂාව
සුළං මුහුණත වෙනස්වී
වැදෙනවා නොවැ
හරි හරියට.......
*** ආදරණිය අම්මේ ***
නාදයක් නැතිවම
ගොළුවෙච්ච ලිහිණිය
කට්ට කාන්තාරෙ
පිඩු සිගා යදිනවා
උගසට තියන්
රෝස කුසුම් හිනාව
මුව මඩලෙ
ඔබට කියන්න බැහැ අම්මෙ...............
රලු වෙවී ආව ගිම් තාපය
දරන්නට බැරි කමට
වසන්තය විලාප දෙද්දි
සිනාමල් හොයන්නට
ගිනිගන්න කතරට ඉගිලුනේ
සිහිල් වෙන්න ඉඩක්
දෙන්න ඇස කදුලට
ඔබ දන්නවා නේද අම්මෙ.............
සාර සියක් රජපෙල
මාල මුදු අරන් ආවත්
නිහඩවම සිල් ගත්ත
වස්සානය මිට මොලවන්
ජය මගුල් මල් යහන්
සිහින විමනක හිර කරන්
පරවෙන්න පෙර නුඹ පා කමල
පරසතු පලසක ඇවිද්දන්න
හීන ගොතනවා කියලා
ඔබ දන්නෙ නැහැ නේද අම්මෙ..........
රිදුම් දෙන පියාපත් තුරුල්
කරගෙන ගිම්හානයක තවම
හති දම දමා මහන්සියෙන්
කදුළු ගොතමින් හීන අහුලන සුයාමෙක
බලෙන් පියවන නෙත් සගල අතරින්
සිහිනයක් වෙලා ඇවිදින්
එකම එක පාරකට
මේ හිස අතගාල යන්න බැරිද අම්මෙ.......
ගොළුවෙච්ච ලිහිණිය
කට්ට කාන්තාරෙ
පිඩු සිගා යදිනවා
උගසට තියන්
රෝස කුසුම් හිනාව
මුව මඩලෙ
ඔබට කියන්න බැහැ අම්මෙ...............
රලු වෙවී ආව ගිම් තාපය
දරන්නට බැරි කමට
වසන්තය විලාප දෙද්දි
සිනාමල් හොයන්නට
ගිනිගන්න කතරට ඉගිලුනේ
සිහිල් වෙන්න ඉඩක්
දෙන්න ඇස කදුලට
ඔබ දන්නවා නේද අම්මෙ.............
සාර සියක් රජපෙල
මාල මුදු අරන් ආවත්
නිහඩවම සිල් ගත්ත
වස්සානය මිට මොලවන්
ජය මගුල් මල් යහන්
සිහින විමනක හිර කරන්
පරවෙන්න පෙර නුඹ පා කමල
පරසතු පලසක ඇවිද්දන්න
හීන ගොතනවා කියලා
ඔබ දන්නෙ නැහැ නේද අම්මෙ..........
රිදුම් දෙන පියාපත් තුරුල්
කරගෙන ගිම්හානයක තවම
හති දම දමා මහන්සියෙන්
කදුළු ගොතමින් හීන අහුලන සුයාමෙක
බලෙන් පියවන නෙත් සගල අතරින්
සිහිනයක් වෙලා ඇවිදින්
එකම එක පාරකට
මේ හිස අතගාල යන්න බැරිද අම්මෙ.......
Friday, January 27, 2012
මම මා දකිමි.
සැණින් වෙනස් වූයෙමි
ජීවිතය...
ඉතින් දැන් ගෙවන්නෙමි
කාලය...
ළගින් නුඹ හිඳින්නෙමි
පෙරලෙස...
මා මම ම දකින්නෙමි
ඔබ සමඟ..........
ජීවිතය...
ඉතින් දැන් ගෙවන්නෙමි
කාලය...
ළගින් නුඹ හිඳින්නෙමි
පෙරලෙස...
මා මම ම දකින්නෙමි
ඔබ සමඟ..........
*** සුනිල් නමට ***
*** ලෙංගතුම සුනිල්ට ***
පුරුදු එළිය බිංගේ
පසු කල විට එනවා කිවුවට
හිතේ බැදුන මිතුරු සෙනේ
තාමත් ඒ විදිහමද කියනවද සුනිල්..........
කුස පොත්ත ඇලී කොඳු ඇට
පෙළ එක්ක තියෙනවිට
උකුසු ඇස් රවට්ටා වටපිට
නෙලුම් ගෙදරින් ආවෙ නුඹ නේද සුනිල්.........
මහ කුමාරි හාමිගෙ රකුසු ඇස්
වලට බියවී මුතු බණ්ඩා හාමු
ගල් පිලිමයක් වගේ දුම් පයිපෙ
කටේ රුවාගෙන ගිය හැටි මතකද සුනිල්............
මඩොල් දූව වට කරක් ගැසු
උපාලිත් ජින්නත් අපි වගේමද
වෙලාවකට මට හිතුනා අහන්න
හදවත පුරෝගෙන නුඹ ළගින් හිටියම සුනිල්...............
නෙළුම් ගෙදර වලව්වවත්
ගල්වලේ ගෙදරත් අතරමැද
මිත්රත්වයේ සෙවනැලි අපි හංගා
පියවර මැන්න හැටි අමතක නැහැ නේද සුනිල්.............
දුක අලාභ අයස නින්දා මැද
සුදු පැහැ ලේන්සුවෙන් ඔතපු බත්
පෙට්ටිය තුරුල් කරගෙන දෙන්න
යන දවසෙ හිනාවුන හැටි මට කියන්න බැහැ සුනිල්.............
අවිහිංසක මලක්සේ නිර්ව්යාජ
මනු දහම් අපි ළගින් හමන කොට
බණ්ඩාර හාමුලා වැටකොටු බැන්ද හැටි
අදත් දැනෙනකොට හිත සවිමත් වෙනවා සුනිල්...........
නොසිදෙන සත් සමුදුර තරමට
අත්වැල් අලිලගෙන යන මිතුදමක
කම්පා නොවි අටලෝ දම් මගක
මතු මතුත් අපි යන්න යමු මේ විසල් ලොවෙම සුනිල්........
**** අඹ යහළුවෝ නිමල් ****

Thursday, January 26, 2012
*** සොඳුර නුඹ***
දන්නවද.......
කෝපි මල් හිනා කැන්දන
තරුපති එළිය මැද්දක
නීල දිගටි නෙත් සඟලක
නිද්රගත සප්නයක් වුනා________
මේඝවලා ගිරි සිරස සිඹ
චන්ද්රාලෝකය මිහිලක් ලමැද උඩ
ආලවඩන සිකුරු තරුව ගෙන
ජීවිත නෞවකාවට ගොඩ වුනා_________
දිය ඇල්ලක් වගේ කඩා වැදී
හදවත් දොවොල මැද වැඩ හිදී
මිණි වෙණ නද තත්සරණයදී
ආලයේ සප්ත ස්වරය නින්නාද වුනා_____________
සලිල රැල් නගා හද පුරවගෙන
සිහිලැති මදනලක හමාගෙන
පුන්යවන්ත සිතුවිල්ලක දැවටීගෙන
පින්සාර ස්නේහයේ නිරාමිස සැනසුම වුනා__________
_______ සංසාර සුවඳ දිග සොඳුර නුඹ මගෙ__________

එනවා නම් නුඹ...
හීන දකින
සිතේ කොනක
හෙන්දිරික්කා මල්
සුවඳ තියන්නට
ඔබ එනවා නම්
මහ රෑ මැද්දට
පියවුන මගෙ ඇස්
අස්සට
සත්තයි කුමරනි
තුටුවෙයි මම
හිමු වුන බව
දැක නුඹ
සිහිනෙන්වත්...
සිතේ කොනක
හෙන්දිරික්කා මල්
සුවඳ තියන්නට
ඔබ එනවා නම්
මහ රෑ මැද්දට
පියවුන මගෙ ඇස්
අස්සට
සත්තයි කුමරනි
තුටුවෙයි මම
හිමු වුන බව
දැක නුඹ
සිහිනෙන්වත්...
*** ගබ්සාව ***
දෙගොඩ තලා යයි
කිරි කදුළ දැන්
හීතලෙන් ඇස් කොනක...
ගිනි ගහන මද්දහනෙ
කතුරු තුඩු අඬු එක්ක
වීසි කර දැම් නිසා මස් කැබල....
ඇත්තිනිය විළාපෙක
හදවතින් බුර බුරා
කියා ගනු බැරි ලසොව
සඳ නාපු කළුවරක
රාහු විත් ගුලි කරපු
අස්වැන්න පොඩිකලා රාගයේ.....
කිරි කදුළ දැන්
හීතලෙන් ඇස් කොනක...
ගිනි ගහන මද්දහනෙ
කතුරු තුඩු අඬු එක්ක
වීසි කර දැම් නිසා මස් කැබල....
ඇත්තිනිය විළාපෙක
හදවතින් බුර බුරා
කියා ගනු බැරි ලසොව
සඳ නාපු කළුවරක
රාහු විත් ගුලි කරපු
අස්වැන්න පොඩිකලා රාගයේ.....
වුනා අමතක
අත් අල්ලන්
නගින විට මහගිර
වුනා මට අමතක
අරන් යන්නට
මහන්සියකට
වතුර අහුරක්
නුඹෙන් නොඉල්වා
ගෙන මට බොන්න
දැන් ඉතින් හිනාවෙන
නුඹෙ අතේ දිය බිඳෙන්
කෝම මම ඉල්ලම්ද
මගෙ නොවුන වතුර පොඳ
වුනේ වැරදීමක්ද
වුනේ අමතකමය
කෝම වුව සිත සිතා
ඉන්නවා මම තව බලා...
නගින විට මහගිර
වුනා මට අමතක
අරන් යන්නට
මහන්සියකට
වතුර අහුරක්
නුඹෙන් නොඉල්වා
ගෙන මට බොන්න
දැන් ඉතින් හිනාවෙන
නුඹෙ අතේ දිය බිඳෙන්
කෝම මම ඉල්ලම්ද
මගෙ නොවුන වතුර පොඳ
වුනේ වැරදීමක්ද
වුනේ අමතකමය
කෝම වුව සිත සිතා
ඉන්නවා මම තව බලා...
*** පමා වී වැහැපන් ***
නිල් අහස එකපාර
වෙස්ගත්ත කලුපාට
ලිහිණියෙක් කෑ ගසා
ඉගිලුනා හිස උඩින්
මග බලන කිරිසිනා
දෙතොලගම පොඩි පුතා
මතක් වී හද පුරා
උණුවුනා ලය පලා...
කීර කංකුන් වේලිලා
හාමතෙම අද තනිවෙලා
ඇවිද ගියෙ දන හිනැහිලා
ගිනි ගනියි සිත පෑරිලා...
හිල් වුනොත් මේ අහස
කිසිදු තෙතමනයක් නැතිව
මුහුණ මත පොඩි පුතුගෙ
සිනා මල පරවේවි.....
කටු ඇණුනු යටි පතුල්
පිරිමදින දෑත ගෙන
එක්කලා අහස වෙත
පමා වී වහින ලෙස....
____දිනිති____
නුඹ
අසෙනි වැස්සට තෙමි තෙමී මං
නුඹට සිතුවිලි එවනවා
සීත හිම කැට දිය වෙවී තව
උණුසුමට ආදරය බෙදනවා...
වලාකුළු අත හංගලා පෙම
රහස වාගෙම තියෙනවා
පාළු රැයකදි සඳක් සේ ඔබ
ලොවට ප්රේමය කියනවා.....
හාදු මල් වැහි දෙතොල් පෙති ළග
කිටි කිටියෙ තව විඳිනවා...
මගෙ නොවී නුඹ දුර ඉදන් තව
මටම ආදරෙ පුදනවා...
නුඹට සිතුවිලි එවනවා
සීත හිම කැට දිය වෙවී තව
උණුසුමට ආදරය බෙදනවා...
වලාකුළු අත හංගලා පෙම
රහස වාගෙම තියෙනවා
පාළු රැයකදි සඳක් සේ ඔබ
ලොවට ප්රේමය කියනවා.....
හාදු මල් වැහි දෙතොල් පෙති ළග
කිටි කිටියෙ තව විඳිනවා...
මගෙ නොවී නුඹ දුර ඉදන් තව
මටම ආදරෙ පුදනවා...
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...