Tuesday, March 8, 2011

නුඹ නමට මම ලියවුනා..


හිරු එළිය ළග පරවෙලා...
කුමුදු මල් පෙති විසිරිලා...
සඳ අහසෙ රෑ පායලා......
මගෙ සිතට හිනැහුනා...

දුර ගියපු නුඹ ගැන සොයා...
ළග තිබුණු හිත නැතිවුනා...
තරු ඇසට කදුලක් රදවලා...
හැම රැයම නුඹ සිහිකලා...

ලියන කවියත් නුඹ වුනා..
නොලියු කවියත් නුඹ වුනා..
අහිමි කවියත් නුඹ වුනා...
නුඹ නමට මම ලියවුනා...

වැසුනු ඇස ළග නැවතිලා...
හඩන සිතටම නුඹ නියවලා...
මා මගෙන් තව උදුරලා...
පෙමට පෙමවත් නැතිකලා...

නුඹ විතරමයි අඩු ප්‍රියේ....

රෑ පුරා මම නුඹ සොයා...
කුමුදු මල් ළග දුක ලියා...
වැටුනු සදරැස් දෙස බලා...
ඉදියා මගටම ඇස් යොමා...

ඉකි ගසා මං හඩනා දිනේ...
කැ ගසා නුඹ සොයනෙම් ප්‍රියේ...
හිත හදාගනු බෑ අනේ...
නුඹ විතරමයි අඩු ප්‍රියේ....

පාළු හිත ළග කළුවර තියා...
රෑක අහසට දුක ලියවලා...
පාඩුවෙම නුඹ බැස ගියා...
හිතක පැතුමන් වනසලා....

නුඹ ඇවිත් බලන්...

මල් පිපුන තරම්...
මුළු ලොවට කියන්..
මගෙ ආලෙ තරම්...
පෙම් සිතින් බලන්...

නුඹ ගියපු දුරක්...
මම වුන්නා බලන්..
පෙර පුරුදු ලෙසින්...
නුඹ ඇවිත් බලන්...

හද ගැහෙන තරම්...
නුඹ සුසුම තියන්...
මගෙ තොලට උඩින්...
දැන් ඇවිත් බලන්...

නුඹ හිදින් ලගින්...


තරු අහස යටින්...
ඝන කළුව ඉරන්...
සුදු සඳක වදන්...
පෙම් හිතක ලියන්...

නිල් නයන බැලුම්...
මුදු සුවද විදන්...
හද ගැඹර තුලින්...
විද ගන්න ඉතින්...

මගෙ හිතම තියන්...
නුඹට ලියන්...
පෙම් අහස යටින්...
නුඹ හිදින් ලගින්...

මම උන්නා දුකින්...

ලේ ගලන් හිතින්...
උණු කදුළු උරන්...
ඇස් දෙකම පියන්...
මම උන්නා ලගින්...

රළු පරළු වදන්...
මගෙ මුවට කියන්...
ඇස් දෙසම බලන්...
නුඹ උන්නා තදින්...

මට සිලිටු කමින්...
පෙම් සුවය මවන්...
ළග ළගක වෙලින්...
මම උන්නා දුකින්...

නිමල පෙමද මට පවසන්...

නුවර වැවට හාදු තියන...
හීන් හුලගෙ ගතු කියනා...
හන්තානම පීරාගෙන..
හමන පවන පෙමද කියන්...

කලා වැවට වහංවෙලා..
රැලිති දියඹ කලත්තවා..
හිත ඇතුලෙන් වාන් දමා..
ගලන දියත් පෙමද කියන්...

තිස්ස වැවෙන් මල් නෙලලා...
බුදු සමිදුට දුක කියලා...
හඩන සිතෙන් නුඹ යදිනා..
නිමල පෙමද මට පවසන්...

නුඹ දන්නව නම්..

මගෙ සිහින අරන්...
තරු ඇසක් ලගින්...
මං වින්ද දුකක්...
නුඹ දන්නව නම්...

පුර හදත් අරන්...
නිල් අහස ඉරන්...
තරු පොකුර මතින්...
පෙම පුදන තරම්...

මං සිහින මවන්...
නෙතු මගට යොමන්...
දුක් වින්ද තරම්...
නුඹ දන්නව නම්..

නුඹ දුරට ඇදෙනවා...

සඳ නගියි බසියි...
දුක සැපද ගලයි...
නුඹ එනවා යනවා...
මම බලා ඉන්නවා...

ආදරය ගලනවා...
හිත මගක තියනවා...
ඇස කදුල පුරනවා...
නුඹ දුරට ඇදෙනවා...

මට නුඹව දැනෙනවා...
නුඹ අහක බලනවා....
මුළු ලොවම බලනවා...
මම ඔහේ ඉන්නවා...

Sunday, February 27, 2011

නුඹ නම් නෑ කිසිදා දන්නේ...

කුසුමක් විකසිත වන්නට මල් පොට්ටුව
දුක් වින්ද තරම්....
බඹර කුලේ උන් නෑ කවදාවත් දන්නේ....
වැස්සක් දෙන්නට අහසක් දරාන
දුක් වින්ද තරම්...
පොළවට නම් නෑ කිසිදා වැටහෙන්නේ....

ගගුලක් හදනට උල්පත වී දිය බිදු
දුක් වින්ද තරම්
සිදු නම් නෑ කවදාවත් දන්නේ.....
පුරපස වන්නට සඳ හඩමින්
දුක් වින්ද තරම්....
කළුවර රෑ නම් නෑ දන්නේ...

කප්පර සෙනෙහස පොඳි බදිමින්
දුක් වින්ද තරම්
නුඹ නම් නෑ දන්නේ....
නුඹගෙ නමට මම පේ වෙන්නට
දුක් වින්ද තරම්.....
නුඹ නම් නෑ කිසිදා දන්නේ...



 

Tuesday, February 22, 2011

අපි ඉතිං වෙන්ව යමු....

රැයට පෙම් බදින
සඳ කුමරි මං වෙලා...
ඇස් අගට ළංවුන
උණු කදුළ නුඹ වුනා...

පෙම් සිහින දකින්නට...
නෙතු නොමැත නිදි තවම..
මල් සුවද විදින්නට
සමනල්ලූ දුර ඈත...

අත් බැඳන් දුර යන්න..
බැරි හින්දා වෙන් වෙන්න...
සෙවනැල්ල මම වෙන්නෙ...
නුඹ ලගින් ගැවසෙන්න...

Saturday, February 19, 2011

අප්පච්චී...


රාජ තේජසින් සමනල කන්දෙන් මතුවෙන හිරු රජු අප්පච්චී...
දහවල ගිනියම් පැටවුන් රකිමින් හිරු හා හිනැහෙන අප්පච්චී....
හැන්දෑ අහසම කළුවර කරමින් සෙවනැලි මහළුයි අප්පච්චි...
හිරු වන් සෙනෙහස පුද දුන් නුඹ මතු බුදුවෙනවාමයි අප්පච්චී...

ජීවිත කාලෙම සෙනෙහස නොසිදෙන සැනසුම නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොනිමෙන පහනකි ආලෝකය නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොවෙනස් මිතුදමෙ බැදුනේ නුඹමයි අප්පච්චී
ජීවිත කාලෙම නොනැසී හිදිනා මාහැගි වත්කම නුඹමයි අප්පච්චී..

Monday, February 14, 2011

ආදරේ අරන් නුඹ වඩින්න..



ආදරේ අරන් නුඹ වඩින්න...
සෞම්‍ය සද කිරණ දිගේ....
ජීවිතේ විදින්න ලගින් ඉන්න....
ප්‍රාණෙ සේ මගේ....
සුවඳයි...සිසිලයි විදිනා ප්‍රේමේ...


හීන දිගේ පාවෙලා යන්න
තාරුකා ඇස් වසා...
පාට නේක පුරවලා ගෙනෙන්න
නීල ආදරේ අපේ...
සුවඳයි...සිසිලයි...නුඹ ළග ප්‍රේමේ....


රෝස යායෙ සුවඳ අරන් එන්න
එති එතී විඳින්න...
නුඹේ සුවද මටම දෙන්න...
ජීවිතේ අපේ නෙලන්න...
සුවඳයි..සිසිලයි...දැනෙනා ප්‍රේමේ....

            

අම්මේ මං නුඹට ආදරෙයි...

Wednesday, February 9, 2011

නුඹ ඇවිත් ළග හිදින් කුමරෝ....

හින වැස්සක් යටට වී මා...
හීන ඇහිදින පෙම්වතී...
හමන සුළගක් අතර සගවා...
පෙම එවාපන් කුමරෝ....
නුඹ නැතිව මම දුකින් හිඳිමී.....

ගොරවනා කළු අහස යට මා...
බයෙන් වෙව්ලා යතී....
නුඹ ලගක උන් උණුසුම සොයා...
මගෙ හිත අතරමංවී....
නුඹ ඇවිත් ළග හිදින් කුමරෝ....

අමාවක රෑ තරුත් තනියම හුදකලා...
මා සේම වැලපෙතී....
කලා සොලොසක් අරන් වඩිනා තුරා...
මම මගක දෑසම තබා ඉමී....
කුමරෝ...ආදරෙ ගෙන එනු මැනේ....

Monday, February 7, 2011

....මගෙම නුඹත් දුරක ගියා....

රාහු ඇවිත් රැයට හොරා
හාදු දුන්න හඳ ගිලගෙන
නුඹ ගියාට මටත් හොරා
දීපු කදුළු තව උණුසුම්...

අමාවකම ළගින් තියා
සුසානයක පාළු තියා
දුක්ගීයක තනුව ලියා
හිතක හීන අරන් ගියා...

සෙනෙහෙ ගගුල සිදී ගියා
වැටෙන කදුළ ගගක් වුනා
මැවෙන සිහින බොඳව ගියා
මගෙම නුඹත් දුරක ගියා....

Sunday, February 6, 2011

නුඹට

නුඹ නමට බලන්...
නුඹ නමට ලියන්...
නුඹ නමට මමත්...
මග ඉදියා හුගක්...
 

හද සේනේ දරන්..
හිත නුඹට තියන්..
මල් සිහින මවන්...
මම වුන්නා හුගක්...

ඇස කදුළ තියන්...
හිත සුසුම තියන්...
පෙම් සිහින අරන්...
නුඹ ගියා දුරක්....

මගේම නුඹ... මට ආයෙමත් ලැඛෙයිද.....අනේ එහෙම වෙනව නම් හොදයි කියලත් මට හිතෙනවා....හැමදාම වගේ අදත් නුඹටයි මෙය ලිවුවෙ මම.
.....

Sunday, January 30, 2011

සිහිනය

තරු කැකුළක් වෙන්න හිතයි ...
රෑට සඳට තනි රකින්න...
මල් කැකුළක් වෙන්න හිතයි...
හිරුට ළගින් තනි රකින්න...


දේදුන්නක් වෙන්න හිතයි...
වහින අහසෙ තනි රකින්න..
මහ වැස්සක් වෙන්න හිතයි...
පොළව ඇවිත් සිඹලා යන්න...


නින්ද වෙලා එන්න හිතයි
නුඹේ ඇසක් යට හිදින්න
සිහින අරන් එන්න හිතයි
නුඹෙ සිහිනය මට දකින්න..



මගේ සිතුවිලි වල අදත් නුඹ සිහින ගොඩ නගන හැටි හරි අපූරුයි...සුදු අයියේ....ඒත් අපිට අපි අයිති නෑ නේද...

මගේ ප්‍රාණෙ නුඹයි කුමරි....

Saturday, January 29, 2011

අත්තටු රිදුනා පමණයි..Part 04

   නදුනීත් මමත් හැන්දෑවේ හන්දිය පැත්තට ගියේය. ඒ නදුනිගේ පෙම්වතාට දුරකථන පණිවිඩයක් ගැනීමටය. එහෙත් මගේ හිතේ හිටියේ දැහැන් දැක ගැනීමය. අපි එතුළට යන විට වෙනදා වාගේම දැහැන් ළගින් සිතුමිණී නංගීද හිදියේය. මා දෙස ඇස් කොනිනවත් නොබැලු දැහැන් නදුනීට දුරකථන කුටිය පෙන්වා නැවතත් ඇය අසල හිද ගත්තේය.
  හිතන්න.. මා එතරම් අසරණ වූ මොහොතක් මගේ ජීවිතයේ තවත් නොතිබුණී. ඊයේ දුරකථනයෙන් කතා කළ දැහැනුත් මෙහි දැන් හිදින දැහැනුත් දෙදෙනෙකු බව මට සහතිකය. ඒත් මට තේරුම් ගන්නට බැරි කෙසේ මේ ලෙස චරිත දෙකක් රගපාන්නේද කියාය. මගේ යටි පතුල් සීතල වීගෙන එන බව මට දැනුණි. හිතෙන් දෙවියන් බුදුන් සිහිකර මා මගේ හිතට ශක්තිය ඉල්ලුවේය.
  —මොනාද සිතු කරන්නෙ...ඉන්නකො ළගින්...මට ඇසෙන්නට දැහැන් ඇයට හයියෙන් කියයි.
  —ඉතිං දැහැන් මං මේ ඔයා ළගනෙ ඉන්නෙ..
  —තව ටිකක් ළගට එන්න සිතු
මෙය අසා සිටින්නට බැරි වන සේ මගේ කන්වලට අගුල් දමා තිඛෙන්නෙ නම් කෙතරම් හොදද දැයි මට සිතිණි. මා පණ පිටින් මැරනෙ බව මට දැනුනි. එහෙත් එක පාරටම මගේ සිතුවිලි වැල නැවතුයේ නදුනි මා අතින් අල්ලා ගත් හින්දාය. මට පියවි සිහිය ලැබුණි. හිතින් දෙවියන්ට ස්තුති කරමින් මා මගේ හිතට කිවේ දැහැන් මගේ නොවන බවය. මට මෙලොවදීම පල දෙන පාපායක් කරන්නට බැරි බව මම දනිමි. ටික මොහොතකට හෝ මා මගේ හිතේ වහලෙක් වූ එක ගැන දැන් මට දුක සිතේ.
  —සෙව්මි ආදරය දෙනවා මිස කිසිදා කිසිවක්ම පෙරලා ඉල්ලන්නේ නැත. හැමදාමත් මගේ ආදරය නිදිහසේ තිබුනාවෙ යැයි මම මගේ හිතට කීවේය.
   —යන්නම් දැහැන්...යන්නම් නංගී කියා කියන්නට තරම් ශක්තියක් මා තුළ ගොඩ නැගුණි. දැහැන්ටද තේරුම් ගන්නට අපහසු වන්නට ඇති මගේ ඒ වෙනස. නමුත් සැබෑ සෙව්මි ඇය බව කියන්නට මට දැහැන්ට අමතක විය. ඇත්තම ඇත්ත සෙව්මී අනුනගේ වත්තක මලක් කඩා තමන්ගේ දෝතින් බුදුන්ට පුජා කරන්නටවත් බැරි අහිංසකියක් බව තවම දැහැන් නොදන්නවා ඇත. කවමදාටවත් සෙව්මීට අනුන් රිදවන්නට බැරිය. හැමදේම දෙනවා මිස ආපසු කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. මගේ මේ දේවලට නදුනී අනන්තවත් බැන්නේය. ඇය කීවේ...
  —උඹ ඉතිං දාන පාරමිතාව පුරපන්..
  —ඒ මොකක්ද නදුනි ඒ...
  —තව ඒ මොකක්ද කියලා අහන ලස්සන...ඔය තරම් අහිංසක වෙන්න එපා බං...දැන් දැක්කා නේද දැහැන්...කොල්ලො ඔහොමම තමයි...
      —නදුනී දැහැන්ට දොස් කියන්න එපා...හැමදාම මම දැහැන්ගෙ..එයා මගේ නෙමේ වගේම මටත් එයාව එපා තේරුණාද...
      —මං දන්නෑ උඹේ ඔය හතර බීරි කතා...
      —තේරුම් ගන්න උත්සහා ගන්නත් එපා...
      —ඔව්..ඒත් මට බෑ සෙව්මි උඹ හූල්ලලා මැරෙනවා බලන් ඉන්න.. මොකද මං උඹේ පුංචි වෙනසත් හොදට අදුරනවා.
      —හරි නදුනි මං නැහැයි කිවුවෙ නැහැනෙ
      —එහෙනම් තේරුම් ගන්න උත්සහා ගනින්...
      —ඒත් මං කැමති නෑ කවුරුවත් දැහැන්ට මොකුත් කියනවට...මොනවා උනත් මම දැහැන්ගෙ හැමදාමත්....
      —කෙහෙල්මල...ඔන්න ඕකව අමතක කරලා දාපන්..උඹට නිවී සැනසිල්ලෙ ඉන්න බෑ සෙව්මි නැත්නම්...
     —ඒක කවදාවත් වෙන්නෑ නදුනි...දැහැන්ව අමතක කරනවා කියන්නෙ මං මාවම අමතක කරන එක...ඉතිං මට මාව අමතක කරන්න බැහැනෙ නදුනි...
    —හැමදාමත් සෙව්මි ඇයි දුක එකතු කරන්නෙ...
    —කමක් නෑ නදුනි...ඒක දුකක් වුනත් මගෙ සැනසීම තියෙන්නෙ එතන තේරුණාද....
    —වැඩකට ඇති දෙයක් හිතපන්....එසේ කියා නදුනි නිහඩ විය.


           සෙව්මී...සෙව්මී...නිගිටපන් කියා අම්මා මා නැගිට වන්නට උත්සහා කලාය. ඒත් මුළු ඇගම පන නැතිවී ඇති බවක් මට දැනේ. එමෙන්ම කිලෝ ගානක බරක් මගේ හිසට දැනින. යන්තම් දෑස අරින්නට තැත් කළද එය ව්‍යර්තවී කදුළු බිදක් මා නෙතගින් ගලා වැටුණි.
      —මොකද දුවේ...ඇයි මේ... එසේ කියා අම්මා මගේ නළලට අත තිබ්බේය. ඒ අතේ තිබුණ සීතලද නැත්නම් මගේ ඇගේ තිබුණ ගිනි රස්නය හින්දාමද නොදනිමි මට අපූරු සුවයක් දැනුනි.
      —අම්මෝ කෙල්ලට සහලෝලා උණ නේද...කතාකරපන් දුවේ...අම්මා මා ඔසවන්නට තැත් දැරුවේය. එහෙත් මුළු ඇගම වාරු නැතිව මා සයනය මතට වැටුනි. —අනේ කෙල්ලට මොකද වුනේ....කියා අම්මා හීනෙන් වාගේ කියනවා මට ඇසුනි. එතැන් පටන් මා සිදුවූ කිසිවක් දන්නේ නැත.
    මට පියවි සිහිය ලැඛෙන විට මා සිටියේ රෝහල් ඇදක් මතය. මගේ ඇද වටා තනි නොතනියට හිටියේ අම්මා පමණක්ම විය.  යන්තම් —මොකද අම්මෙ වුනේ කියා මා අසන විට ඒ විඩාබර දෑස තුළ කදුළක් නළියන්නට විය.
   —අනේ පුතේ මං හිතුවෙ උඹව මට ආයිත් කවමදාවත් නැති වෙයි කියලා...ඒ තරම් මම බය වුනා පුතේ...ආදරේ වැඩිවූ විට අම්මා පුතේ කියා මා අමතයි. උඹ දවස් 3 කින් පුතේ ඇස් ඇරියෙ. මේ ඇද ගාවට වෙලා මං දන්න නොදන්න දෙවියන්ගෙන් ඉල්ලුවෙ උඹව සනීප කරලා දෙන්න කියලා.
  අම්මා ගැන ඇති ආදරය තව තවත් දැඩිව මට දැනුනි. වෛද්‍යවරු පවසා ඇත්තේ දරාගැනිමට නොහැකි මානසික කැළඹිල්ලක් හේතුවෙන් මගේ පියවි සිහිය අතුරු දන් වී ගොස් ඇති බවය. එහෙත් අම්මාට කියන්නට බැරිය. මට දරා ගන්නට බැරි වූ දෙය නම් දැහැන්ට මටත් වඩා මා ආදරය කළ හින්දා කියා. මම සියල්ල දරා ගතිමි.  අනේ දැහැන්...මං මේ රෝහලේ ඇදක් උඩ දුක් විදිනවා. දැහැන් ඔයාට පේනනෙ නැද්ද....මාව දැනෙනවා මාව තේරෙනවා කිවුව ඔයාට මං මේ විදින දුක පේන්නෙ නැද්ද දැහැන්...මොනවා වුනත් අන්තිමට ඉතුරු වෙන්නෙ අම්මගෙ ආදරේ විතරයි. මම හොදින් හුස්මක් ගත්තේය.
—රුවල් බිදුනු නෞකාවේ...
 හබල ඔබයි...
 පිළිසරණ ඔබයි...
 නුඹයි මගෙ අම්මා...

ඇත්තටම මාත් රුවල් බිදුනු නෞකාවක් වගේ නේද කියලා මට දැනෙනවා. කොහොම වුනත් දැහැන් මම මේ දැනුත් කියන්නේ මට ඔබව අයිති කර ගන්නට අවැසි වූයේ නැත. එහෙත් ඔබ මේ තරම් හිතට වංචාවක් කලේ කෙසේද...මට තේරුම් ගන්නට බැරි එයමය.
  ඉතිං මම දැහැන් ගැන සිතුවෙමි. ඒ මගේ හිත හොදටම රිදී තිබුණ හන්දාය. ඇත්තටම දැහැන් ඔයා සිතුමිණිටද මටද වැඩියෙන් ආදරේ...මං නම් හිතන්නෙ සිතුමිණීට කියලා. ඒත් මට අහන්න බැරි වුනානෙ මේ විදිහට මටත් ආදරේ කරන්නෙ ඇයි කියලා. මම නම් සසර මගේ හැමදාමත් ඔයාට ආදරේ කලා දැහැන්. ඔයාගෙම වෙලා ළගින් ඉන්න වරම් නැති වුනත් මං තනියම ඔයාට ආදරේ කළා. කොහොම වුනත් කමක් නෑ දැහැන් මගේ හිතට එන දේවල් මං ඔයාට ලියන්නම්. ඒක ඔයාට හෙට දවසටවත් ප්‍රායෝජනවත් වෙයි. අම්මාත් නදුනීත් ගිය පසු මම දැහැන්ට ලියුමක් ලියන්නට පටන් ගත්තේය.


ආදරණීය දැහැන්

    කොහොමද...ඔයා හොදින් කියලා මං හිතනවා. ඔයාට මෙහෙම ලියන්න ගත්තෙ හුගාක් දුක හිතුන හින්දා...ඒ විතරක් නෙමෙයි.. ඔයාට මේවා කවදහරි අවශ්‍ය වෙයි කියලා මට හිතෙනවා. ඇයි දන්නවද...දැහැන් ඇත්තටම ආදරය කරද්දි පුංචි දේටත් හිත රිදෙනවා. කොහොම උනත් මං කියන්න යන්න ඒ දේ නෙමෙයි.
     අද මම රෝහලේ ඇදක් උඩට වෙලා අසරණව මේ ජීවිතේ අහිද ඇහිද එකතු කරන්න දගලනවා. ඒ දේවල් සිද්ද වුනේ මම හදවතින්ම ආදරය කරන්න ගිය හින්දා කියලා මං දන්නවා. ඒත් මං ඔයාට ආදරේ කලේ ඔයාව අයිති කර ගන්න නෙමෙයි දැහැන්. නමුත් ඇයි දැහැන් ඔයා ඔයාගෙ හිතට වංචාවක් කලේ. තමන්ගෙ හිත තමන්ම රවට්ට ගන්න එපා දැහැන්. ඔයාට කියන්න දෙයක් තිබුණ නම් මාත් එක්ක කියන්න තිබුණා. මම කවදාවත් වැරදි විදිහට හිතන්නෙ නැහැනෙ. ඒ වගේම ඔයා දන්නවා මං හැමදාම ඔයාට කියනවා දුක මට දීලා ඔයා සතුට ගන්න කියලා. ඉතිං ඇයි දැහැන් ඔයා මට කිවුවෙ නැත්තෙ ඔයාගෙ සතුට ඔයාට ඕන කියලා. මං දන්නවා ඔයා සිතුමිණිටයි මටයි දෙන්නටම ආදරෙයි කියලා. ඒත් ඔය විදිහට නාස්ති වෙන්න ගියිහම ඔයාගෙ අරමුණ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්නෙ නැහැ නේද..දැහැන්. යාළුවො ඕන තමයි ඒත් රෙස්ටුරන්ට් ගානෙ ගිහින් සිහිය විකල් වෙනකම් බොන යාළුවො මොකටද දැහැන්...ඇයි ඔයා දැන දැනම විනශ වෙන්න හදන්නෙ...
     දැන් මට දැනෙන මානසික වේදනාව මෙච්චරයි කියලා කියන්න බැහැ. ඒත් දැන් මං හිත හදා ගන්නවා. ඒ කියන්නෙ ඔයාට ආදරේ කරන් නැතුව ඉන්නවා කියලා නෙමෙයි... මං ඔයාට ආදරය කරන්නම්. ඒත් ඔයා මට ආදරේ කරන්න එපා. නදුනි හැමතිස්සෙම අහනවා කෝ දැහැන් ආවද කියලා. මට දෙන්න උත්තරයක් නෑ දැහැන්. මට කියන්න තියෙන්නෙ එකම එක උත්තරයයි. ඒ ඔයා වැඩ කියලා. බිසී කියලා තමයි. ඒත් දැහැන් දවසට පැය 24 ක් තියෙන එකේ ඔයින් එක විනාඩි 10 කට මාව ඇවිත් බලන්න බැරිද... මං ඔයාට ිපි කීයක් එවුවද...අඩු ගානෙ එකම එක ිපි එකක්වත්. දැක්කත් නොදැක්ක වගේ ඉන්න එපා දැහැන්. මට නෙමෙයි.. අනාගතයෙදි ඔයාගෙ සිතුමිණිට හරි වෙනින් ගෑණු ළමයෙක්ට හරි ආයිම එහෙම කරන්න එපා. කෝල් කලාම මම වැඩ කියලා පෝන් එක තියන්න එපා. තමන් ආදරේ කරන කෙනෙක්ට තව කෙනෙක් කතා කරන්නෙ කොච්චර බලාපොරොත්තු තියාගෙනද... එහෙම කතා කලහම මං බිසී කිවුවම කොයි තරම් හිත රිදෙනවද දැහැන්. මට එහෙම කලාට කමක් නෑ..එත් තමන්ට ආදරේ කරන වෙන අයට එහෙම කරන්න එපා. ඒ වගේම මොන තරම් අවංක වුනත් ගෑණු ළමයෙක්ගෙ හිතත් එක්ක විහිළු කරන්න එපා. ගෑණු ළමයෙක්ගෙ ආදරේ එක්ක සෙල්ලම් කරන්න එපා. ගෑණු හැමදාමත් බොළදයි තමයි ආදරේ ළගදි. ඒත් ඒ බොළද කමත් එක්ක තියෙන ආදරේ ගෑණියෙක්ගෙ මුළු ජීවිතේම වෙනවා. මොන තරම් මහන්සියෙන් වැඩ කලත් එක පුංචි මොහොතක හෝ අහන්න —ඔයාට කොහොමද...ඔයා හොදින්ද..කෑවද..බිවුවද කියලා. ඒ නැතුව ආදරෙයි ආදරෙයි කිය කිය කොච්චර ලිවුවත් කිවුවත් ඒක වචනයක් විතරක් වෙනවා. ආදරය දැනෙන්න ඕන දැහැන්. එතනයි තමන් ආදරය කරනවා කියලා දැනෙන්නෙ.. සාගරයක් තරමට ආදරය හිතේ තියාගෙන ආත්මාර්ථකාමියෙක් වගේ ජීවත් වෙන්න එපා දැහැන්.. හැම වෙලාවෙම මමත්වයෙන්ම හිතන්න එපා. ඔයාට වගේම අනිත් අයටත් රිදෙනවා දැනෙනවා.. හැම තිස්සෙම යාළුවො එක්කයි අරයා මෙයා එක්කයි කතා කර කර ඉන්න වෙලාව තියෙද්දි තමන් වෙනුවෙන් බලා ඉන්න කෙනෙක්ට මොහොතක් දුන්නට පාඩුවක් වෙන්නෙ නැහැනෙ දැහැන්. නොදුන්නොත් තමයි පවක් වෙන්නෙ. 
     ගෑණියෙක්ව සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනි නැහැ දැහැන්. අඩුම ගානෙ එකම එක වචනෙකිනුත් ගෑණියෙක් මහා හුගාක් සතුටු වෙනවා. ඒ තරමට ගෑණියෙක්ගෙ ආදරය බොළදයි. සරලයි. බොහොම පුංචි පුංචි දේවලින් තමයි ගෑණියෙක් සතුට ලබන්නෙ. ඉතිං ඒ බොළද දේ ගාව අපූරු සුන්දරත්වයකුත් තියෙනවා නේද දැහැන්. නිකන් ඉන්න වෙලාවට නිවී සැනසිල්ලෙ හිතලා බලන්න.
    ආදරය කියන්නෙ දෙන දෙයක් දැහැන්. ඒක පරිත්‍යාගයක්. කැප කිරීමක්. එතනදි පෙරලා කිසි දෙයක් බලාපොරේත්තු වෙන්න බෑ තමයි. නමුත් අපි දෙන ඒ ආදරය හින්දා තව කෙනෙක් ලබන සැනසිම වචනවලින් කියන්න බැහැ නේද දැහැන්...ඒ වගේම කොයිතරම් කාලයක් අපි මේ ලොකේ ජිවත් වුනත් අපිට ඉතුරු වෙන්නෙ අපි කරන හොද නරක විතරයි. ඒ නැත්නම් මනුස්ස කම විතරයි දැහැන්. මං මේ කියපු දේ වලට හිත රිදුන නම් සමාවෙන්න. ඒත් මං හිතනවා මට නැතත් අනාගතයෙදි ඔයා අදරය කරන සිතුමිණි නංගිට හරි වෙනින් ගෑණු ළමයෙක් වෙනුවෙන් හරි ඔයාට මේවා ප්‍රායෝජනවත්වෙයි. ඒකයි මං ලීවෙ. ඉතිං දැහැන් පරිස්සමෙන් හොදින් ඉන්න. මහ හුගක් ආදරෙයි. 

                                                         සෙව්මි.

See U...Part 05

සීගිරි අප්සරාවියන්දෝ...

Saturday, January 22, 2011

ආවෙ කිම නුඹ...

නවම් සඳ ඇවිදින් අහසට...
යන්න යනවා හෙමින් බැසගෙන....
නුඹත් ඇවිදින් මගෙ මතක අස්සට...
ඉන්න හදනවා කදුළු දීගෙන...


තරු මලුත් රෑ ඇස් පියාගෙන...
සඳ මලට ඉඩ දෙයි බිම බලාගෙන...
හිත් මලුව නුඹ වසාගෙන...
හීන මල මගෙ යයි කඩාගෙන...


පාන සඳකැන් හිඳියි තරු දරාගෙන...
කෝල කරනට දෙයි ගතු කියාගෙන...
ආල කම් මගෙ ගියා නම් වීසි කරගෙන...
ආවෙ කිම නුඹ හිත මගෙ හිත රිදෝගෙන...

Sunday, January 16, 2011

නුඹ තාම නැතේ යෞවනේ....

මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....


හීන මල් පිපී....
පාන ලෙංගතු...
කාට කෝම කියා දෙන්නෙ...
මගේ ආදරේ හැටී....


පාව යන්න වළාකුලේ....
මාගේ සෙනේ එක්ක ඔහේ....
ආවා දුරක නිරන්තරේ....
තාම නුඹ නැතී....


කිටි කිටියට හීතලේ...
හෙමි හෙමිහිට අප ලංවුනේ....
යන තැනකට ගලා යන්න...

සෙනේ ගගුල සිදී නැතී....


මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....

තනිය.......



නීල නෙතු ලග තාරුකා පරදින රැයේ...
හීන හිත ළග මං ඇඩුව තනියම පැලේ...
පාන සිනහව තාරකා මන්ඩිය ගත් පැයේ...
ආල කම් නැති නුඹ දුරයි මට හැම වෙලේ....

Saturday, January 8, 2011

පොඩි මිතුරේ....

හිරු නැගෙන පැයේ...
මගෙ සිනා අරන්..
යලි වරෙන් ඉතිං.... 

පොඩි මිතුරේ.....මගෙ පොඩි මිතුරේ...
 

නුඹ ඉන්න රටේ...
හොද පරිස්සමක්..
තියනවාද කියලා....
මට කියා යන්න ඉතිං....
පොඩි මිතුරේ...මගෙ පොඩි මිතුරේ....

 

නුඹ නැතිව මෙමං...
හද දුකම දරන්...
නෙතු මගට යොමන්...
දැන් හිදමි ඉතිං.....
පොඩි මිතුරේ....මගෙ පොඩි මිතුරේ...
.

නුඹ අහිමි සෙනෙහස මගේ....

ජීවිතය කවියක් වගේ
නුඹ නොලියු කවියක් වගේ.....
සිහිනය සරදමක් වගේ
නුඹ නොවිදි දඩුවම වගේ....


ඇස කදුළ නලියන පැයේ
හිත ලගට නුඹ දුර වෙතේ....
නෙක රුප ඡායා පසු වෙතේ
නුඹ නොදුටු රූපය මගේ....


හිත දුරක යන වෙලේ
නුඹ නාපු සිතුවිලි වුනා....
මා ලද ජීවිතය පුරා
නුඹ අහිමි සෙනෙහස වුනා....

වැසි දෙවිදුන්ටා....

Saturday, December 25, 2010

සුභ නත්තලක්....

පුතුනේ නාඩන්...

සත්තකින්ම මේ ඇත්තම පියෙකුගේ සිතවිල්ලක්...මං දන්න අදුරණ කෙනෙක් මේ සැරේවත් වගාව පාළු නොවුනොත් දුවට කරබු 2 ක් අරන් දෙන්න පුළුවන් කිවුවා...මම අරන් දෙන්නද ඇහුවුම ඒ තාත්තා කිවුවෙ මගෙ මහන්සියෙන්ම මං දුවට කරාබු 2 ක් අරන් දෙන්න ඕනි කියලා...ඒත් ඒ දුව කියන්නෙ කරාබු නැතත් අපි සතුටින් ඉන්නවා කියලා...

නුඹ ගැන සිතමි...

ආදරණිය අම්මේ ඔබට සුභ උපන් දිනයක්...

Tuesday, December 7, 2010

මම හිදිමි බලා...

මල් පිපෙන උදේ..
හිරු නැගෙන පැයේ..
මල් සුවද වගේ
හිරු එළිය මතින්
නුඹ එනවා....මගෙ හිතට ඉතින්....

මල් සුවද විදන්
දුර යන්න බැරිව
හිරු එළිය විදන්
තනි වෙන්න බැරුව
මම හිදිමි බලා....නුඹ එන්න ඉතිං...

මල් පාට මතින්
නුඹ රුවම ඇඳන්
හිරු කිරණ ලගින්
නුඹෙ මතක තියන්
මම යනවා...ජීවිත ගමන ඉතින්...

Friday, December 3, 2010

මගෙ සිහිනයේ අයිතිකාරී....

මගෙ සිහිනයේ අයිතිකාරී
මා නිදා නොනිදා හිදීවී
මගෙ නෙතු නුඹ සරසවාවී
මටම පමණක් හිමිකාරී
නුඹෙ මතකෙ විතරමයි
මගෙ සිහිනයේ අයිතිකාරී

වසන්තයෙ මා රෑ දිවා
නුඹ වටා ඇවිද්දා
අනන්තයේ මා කරකවා
නුඹ නොපෙනිලා ගියා
නුඹෙ මතකෙ විතරමයි
මගෙ සිහිනයේ අයිතිකාරී

දුක් දුකම විදි මේ ජීවිතේ
සිත තුටින් විදි සරතැසේ
මට මගෙම වුනු සන්තකේ
එදා අදමෙන් විදින්නේ
නුඹෙ මතකෙ විතරමයි
මගෙ සිහිනයේ අයිතිකාරී


Friday, November 26, 2010

සිහින සිහිනම වු හැටි අපූරුද....

ළගට ලංවී ඉන්න සැමදා
වරම් නැතිමුත් අපට මෙදිනා
සිතට ලංවී හිදිමු සැමදා
අපට අප නැති වෙච්ච හින්දා

සිහින විමනෙදි ඇවිත් යනවද
සිහින විමනෙදි මගෙම වෙනවද...
සිහින සිහිවී නුඹ අඩනවද
සිහින සිහිනම වු හැටි අපූරුද.....

ආදරේ දුක බරක් වූවත්
ආදරේ සුව විදිමි තාමත්..
ආදරේ කළ නුඹ නොලැබුනත්
ආදරෙයි මං මියෙන තුරමත්....

Friday, November 12, 2010

මං හිදිමි හඳ දුක වසා....

සඳ මලට පෙම් කවිය ලිවුදා...
ඉර මලයි විරසක වුනේ...
ඉරහදට පෙම් කවිය ලිවු දා..
තරු කැකුලු විරසක වුනේ...

ස ඳමලම වුනු නුඹම මා ලොව...
ඉර මලත් වුනු බව නොදත්තේ..
ඉර හදත් පෑයු මසිත් අහසේ
තරු පොකුරු නුඹමයි වුනේ...

සඳමලේ නුඹ යන්න යනදා...
ඉර මලත් මා ගියා හැරදා...
තරු පොකුරු වුනු නුඹෙ මතක ළග
මං හිදිමි හද දුක වසා....

Friday, November 5, 2010

අම්මා..........

සිහින ලොව දකින ගොස් මම
පාළු අහසේ අතරමං වුනි...
අතින් අල්ලා මගෙ කියා දුන්
පුර හදයි නුඹ මගේ අම්මා...

 

සුදු අම්මා බුදු වෙනවා

මගේ අම්මා ගිම් නිවුවා

බුදුන් ළගින් මට වුන්නා

ඇගෙ ගුණ නම් නැත නිම්මා...

Tuesday, November 2, 2010

මා තවමත් දන්නේ නෑ....

දැන් කොහේද ඒ කාලේ...

ඇයිද සිතුවිලි මතම පැටළුනේ...

පාර වැරදුන සුළග ඇවිදින්

රන්ඩු කරනවා මාව වටකර

සිතුම් වැල මැද නුඹත් පැටලී

ඔචම් කරනවා මටම රිදවන්



වැරදුනත් මග හැමුව සුළගට

ඇයිද මා හා උරණ වූයේ..

සිතුම් ඇතුළට නුඹම ආවත්

ඇයිද සිතුවිලි මතම පැටළුනේ...



යනෙන මගකම යන්න සුලගේ

නොකර බාධා මෙහෙම මාහට

මගේ සිතුවිලි මටම දීලා

නොකර පොඩිකර මගේ පැතුමන්...

Wednesday, October 27, 2010

මගෙ අම්මේ...

නෙක නෙක දේ මත..


හිත වත්තම් කර...

කාළය ගෙවුවත්

මගෙ අම්මේ...

නුඹ නැති පාළුව..

හිත උඩ මතුවී...

කැළතෙන දුක නම්..

මහ නුපුරුයි අම්මේ..

සිහිනය විසිකර...

කාසිත් අතහැර...

නුඹ ඇකයේ දැවටෙන්නට...

හදවත මග බලති....

කිසිවෙකු නෑ දුටුවේ...

Tuesday, October 19, 2010

ආදරණීය අම්මේ...

හිතේ සිහිනය නෙතින් දකිනට
තවම මග බලනවා අම්මේ
නුඹත් සතුටින් දෙන්න අවසර
මටත් සතුටින් යන්න බුදු මග


මගේ සරණක් ඇවැසි බව
දන්නවා මම මගේ අම්මේ
ඒ වුනත් තව දරුවො ඉන්නවා
නුඹව සෙනෙහින් බලාගන්නට


බැරිම බර ටික මං ඉවර කර
යන්න යන්නේ ඒ නිවන් මග
ඉතිං දැන්වත් යන්න දුන්නොත්
නුඹට පිංවෙයි මහ හුගක් හෙට

Wednesday, September 15, 2010

ආදරණිය සුදු අයියේ...

රැය පුරා නිදිවරා
නුඹ හටම පෙම් පුරා
දුටු සිහින සිත පුරා

බොදවුනා ඇස පුරා

නෙත පුරා පැටලෙන්න
වෙර දරූ බිදු කදුලූ
ඇස් කන්ඩි පුපුරමින්
ඉරි තලන් බිම වැටුනා...



පොදි ගැසුනු ස්නේහයන්
හද පුරා ගුලි කරන්
වෙන්වෙලා ගියෙ ඉතින්
අපි අපිට නැති ලෙසින්..

නුඹ ඇවිත් යන්නේ නම්..

සොදුරු මල් කම්...
හැඩ දමා ලිය කම්...
අකුරු කවි කම්...
ගොතා යන්නම්...
නුඹ බලනවා නම්....


මානස විල මගෙ නම්
පිරෙන්නේ පෙමින් නම්
උපන්නේ නුඹ නම්
එවිල මැද නෙලූමක්ම නම්...
විල් හිමි කරු මම වෙම්...
නුඹ නෙතක් සේ රකිම්...



අවු වැසිද නොතකම්...
ලගින් හිද නුඹ සුරකිම්...
පෙම්න් නුඹ මගෙ නම්...
පෙම් සිනා සුරකිම්....
තිඛෙන තුරු දිවි නම්...



එකම පාරක් නුඹ ....
ඇවිත් යන්නේ නම්..

සදා නුඹ රැක දෙනු,,,,,

දින හතක් කී සෙත් පිරිත ළග
වරු තුනක් මතුරා පැන් ටිකක්
පුවක් කිනිතින් ඉසින්නම් මම
සදා නුඹ රැක දෙනු කියා....

 

කිළි කුණෙන් පවා වැලකී
හිරු නගින්නට පෙරත් නැගිටා
සත් වටක් පැදකුණු කරන්නම්
සදා නුඹ රැක දෙනු කියා....

 

ගිතෙල් පහනුත් එළිය දුන්නා..
කපුටු දානත් ඉතිං ඛෙදුවා..
සෙනසුරා ගොස් දුරක ඉගිලි..
නුඹට හොද දවසක් ලැඛෙන්නට...

Saturday, September 11, 2010

ආසයි මම නුඹ දකින්න...

 

එකත් කරගෙන ඉන්න සිතුවිලි
හාර හාරා ගොඩට අරගෙන
හූර හූරා කරයි මැසිවිලි
නුඹම ඉල්ලා මා අඩාගෙන....

 

පසක් කරගෙන ඉන්න සිතුවිලි
පාර පාරා මා දවාගෙන
පාවි පාවී කරයි දැගලිලි
නුඹ දකින්නට පාර අහගෙන....

නිමක් නැති මේ සිහින සිතුවිලි
ගාට ගාටා නුඹ සොයාගෙන
ඇදි ඇදී යයි තෙරක් නොපෙනෙන
අනන්තය ළග නුඹ දකින්නට....

නුඹ මට හිනැහෙනවා...

Friday, September 3, 2010

කදුළ ඇවිදින්.....

කදුළ ඇවිදින් මගෙ ළගට
ඇස ඉවුර පුපුරා ගියා...
නාය නොගියත් හිත මගේ
කදුලු වැහි නෑයෙක් වුනා


බොර කරන් නුඹ කලතවා හිත
හැදුවෙ වහිනට බව දනියි
ඇස් කණ්ඩි කොනහන්නෙ නුඹ අද
සිත් මණ්ඩියත් දිය කරනට තමයි...

සුළි සුළං ගං වතුර මැද
තෙමුණ බිත්තිය බිම වැටෙයි.....
ආදරේ පෙම් වැස්ස යටදියි..
මෙහෙම හිත අසරණ වුනේ...

Tuesday, August 31, 2010

මග බලා ඉමි රත්තරන්.................

කලූ කරන් නිල් අහස නුඹ
වහින්නට දගලන වැස්ස නම්..
වැහි දියෙන් මං තෙමෙන්නට
මග බලා ඉමි රත්තරන්

බිමට වැටෙනා වැස්ස වී නුඹ
ඉරි තැළුන බිම යලි තනයි නම්
ආදරේ මහ වැස්ස ළග නුඹෙ
තෙමී සැනසෙන හිතැත්තිය මං...

වැටෙන වැහිදිය බරක් නැත්නම්
උහුලනා මහ පොළව මට...
ආදරේ බර බරක් වේවිද
මහ පොළව සේ පෙම් කරන සද...


Sunday, August 29, 2010

වුන වැරැද්ද කියන් පුතේ...

කරදිය මහ වලල්ලෙනුත්..
නුඹ එතෙරට පැන ගියාට...
ඇස් පියෙවෙන ඇසිල්ලකට...
පුත නුඹ එනවද මහ ගෙදරට....

පැල්පතෙ මගෙ පිල්කඩ උඩ...
කහට බැදුනු දත් අතරින්
සිනාසිසී මග බලන්නෙ...
නුඹ එනකම් මා පුතුනේ...

ශිල්ප සතර ණැන නුවණැස..
නුඹට දීලා ලොකු කෙරුවත්...
මෙහෙම අපිව දාලා යන්න...
වුන වැරැද්ද කියන් පුතේ...

Friday, August 13, 2010

මළ ආදරයක.....

තවත් අවැසි නැත
අටුවා ටීකා තිප්පිනි...
නිමාවක තිත
ආදරය අසලිනි...

නොහඩන්න සිත
කියන්නට බැරිවුනි...
අසන්නට කැමති නැත
වෙන් වෙච්ච හේතු ගැන...

මිහිදුම් සලුවක් මත
සිහින තිබු නිසාවෙනි...
ඉරමල පොළව මත
පීදෙන විගසටම බොදවුනේ...

ආදරයේ සොහොන් කොත
ළගට වී තනි රකින්නට...
හිත අවසර ඉල්ලුවවට...
නැහැ මගෙන් සමාවක්...

Friday, August 6, 2010

දුක් කවිය අහවර වෙයි ලියා.....

දුක් දුන්න පෙම ගැන හිතා
දුක් ගැනම මං කවි ලියා
දුක් වින්ද ඇති යැයි සිතා

දුක් කවිය අහවර වෙයි ලියා

දුන්නා නම් අභිමන් සදා
දුන්නා බැතිමන් හැමදා
දුන්න මුත් ඔය හිත එදා
දුන්නෙ එහි අඩුවක් තියා

දුරක යන බව කියා
දුරින් හිද නුඹ කියා
දුවන හිත ගෙන මෙදා
දුරස් වූවා නුඹ දුක තියා

Thursday, August 5, 2010

කවිය පැටලී ගියත් මගෙ... ජීවිතය පටලා ගනු නම් බෑ....

නුඹ නැති අඩුව මට දැනෙනවා

අපෙ සිහින පිබිදිච්ච
සොදුරු ඒ ගම් මැද්දෙ
නුඹ නොපෙනි හැංගිච්ච
බව තාම දන් නැද්ද

එක්ව ගිය මගතොටේ
තනිව යන්නට බැරිව
මං බලා ඉන්දැද්දි
නුඹ කොහේදැයි අහනවා

අපි අපිට අතරමං වී
නුඹ කොහෙද මා කොහෙද
අතීතෙන් එන ඔඛෙ සුවද
තාම මට දැනෙනවා

Friday, July 23, 2010

නුඹට...

හීනයක්...කදුළකුත්...
ඇස ළගින් තියාගෙන...
ඒ ළගින් තියා නුඹෙ රුවත්...
මං තාම මග බලාගෙන...

එනවනම් නුඹ අද හෙටක...
කවි මලුත් අත දරාගෙන...
හීන ගෙත්තම කදුලු අහුරක...
හිර කරන්නම් නුඹ බලාගෙන...

නොආවොත් නුඹ කිසිම දවසක...
අඩන දෑසට හිනා අරගෙන...
නොවැරදිම නුඹ බලන් දවසක...
අඩන ඇස් ඇත සදහට පියාගෙන...

Wednesday, July 21, 2010

අත්තටු රිදුනා පමණයි part 3...

ඉතිං කාලය ගෙවුනා සේම දැහැන් අප දෙදෙනාටම ආදරය කලේය. පිළිගන්න එය වැරැද්දක් කියා නදුනී මා හා අනන්තවත් විරසක විය. ඇය කියන්නේ දැහැන් අමතක කරන්න කියාය. දිනක් නදුනිත් මාත් Class යන අතරමග දැහැන්ගේ පෙම්වතිය හිදියේය.
   —මේ මම ඔයාව ටිකක් මුණ ගැහෙන්න ඉදියෙ..... ඇය මට කීවේය.
   —කියන්න නංගි....
   —මට නංගි කියන්න එපා හලෝ...තමුසෙට බැරිද තමුසෙගෙ පාඩුවෙ ඉන්න...දැහැන් මගෙ...අපි අවුරුදු ගානක් ආදරේ කළා...මට බෑ දැහැන්ව ඛෙදා ගන්න..තේරුණාද....
   —මං කවදාවත්ම දැහැන්ව මගෙ ඛර ගන්නෑ නංගි....
   —ඕක පොඩ්ඩක් නවත්තන්න මං තව කියලා ඉවර නෑ....
   —කියන්න නංගි...
   —බලනවකො තමුසෙට ගැලපෙන කෙනෙක්ව හොයා ගන්නවකො...දැහැන් මගෙ බව හොදටම දන්නවනෙ...ගෙවල්වලින් කෙනෙක්ව හොයලා තියෙද්දි මොන මගුලටද හලෝ මගෙ කොල්ලා එක්ක නටන්නෙ....මගේ කොල්ලව මං හදා ගන්නම්...තමුසෙ පැත්තකට වෙලා ඉන්නවද....
   —මේ නංගි වැදගත් විදිහට කතා කරනවද...කියමින් නදුනි ඉස්සර විය. කොතරම් හරි වැරදි වුවද නදුනි මගෙ හිත දන්නේය.
  —ඇයි ඔයත් මෙයාට උදවුද...පුළුවන් නම් තමුසෙවත් තමුසෙගෙ යාළුවව හදා ගන්නවා...
  —මං මගෙ යාළුවව හදා ගන්නම්...ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න...ඔයාගෙ ආදරේ ඔය තරම් දැහැන්ට තියෙනවනම් ඇයි දැහැන් වෙන කෙනෙක්ගෙන් ආදරේ හොයන්නෙ...මේ නංගි මං එකක් කියන්නම් සෙව්මි විතරක් නෙමෙයි දැහැනුත් මේ වට වැරදියි...තනි අතින් අත්පුඩි ගහන්න බැහැනෙ...හොදින් කියන්නම් ඔයත් ගැහැණු ළමයෙක්නෙ ඇයි තවත් ගෑණු ළමයෙක්ට දොස් කියන්නෙ...තමන්ගෙ ආදරේ රැකගන්න බැරිව අනුන්ට දොස් කියලා වැඩක් නෑ නංගි...
   —මේ මට ඔය බණ වැඩක් නෑ...ඒත් මං කියන්න ආවෙ දැහැන්ට දැහැන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න...දැහැන් ගැන් බලන්න මං ඉන්නවා...එසේ කියා ඈ යන්න ගියාය.
    මහමග කියා මට නොසිතුණි. එතනම බිම වාඩිවී වැළහින්නක සේ මම හැඩුවෙමි. නදුනි කොතෙක් මා අස්වසන්නට හැදුවත් එය පලක් නොවුනි. මග යනවුන් මදෙස බැලුවේ මට පිස්සු යැයි කියාය. එහෙත් තුන් හිතින් මා ප්‍රේම කලේ දැහැන් මගෙ කර ගන්නට නොවන බව ඇයට තේරුම් ගන්නට බැරිවිය. නදුනි තොතෙක් අවටිලි කලද මා අස්වසන්නට බැරිවු තැන ඇය දැහැන්ට කෝල් කර මගට ගෙන්වා හැමදේම පැවසීය.
    —අනේ සෙව්මි මට සමාවෙන්න එයාට පිස්සු...ඔයා වගේ හොද කෙනෙක්ට දොස් කියන්න...එසේ කියා දැහැන් මා අතින් අල්ලා ගත්තේය. පිළිගන්න මගේ හැම දුකක්ම ඒ දෑස අසලදී යටපත් විය. හඩා හෙම්බත් වූ මගේ මුහුණට හසරැල්ලක් නැගුණි. නදුනි මට කීවේ
   —දැහැන්ව ගෙන්න ගන්නනෙ ඔය තරම් ඇඩුවෙ නේද...
 මට නදුනිට කියන්නට බැරි විය මේ මගේ සංසාරික සුවද ඔස්සේ බැදී ආ පවිත්‍ර ප්‍රේමය බව. එදා වගේම අදත් මට දැහැන්ව අයිති කර ගැනීමේ ලෝභ සිතුවිල්ලක් මා තුළ නැත. එහෙත් ඔහුට ආදරය කරන්නට මට පුළුවනි.ඔහු කොහේ කාට හිමි වුවද මා ඔහුගේ බව මට දිවුරා කිව හැකිය.

'සදේ අයිතිය නැතත් පොළවට
 හැකියි හිමිකම් කියන්නට....
 සද එළියට
 ඔබව මට හිමි නැතත්
 හැකිය මට ඔඛෙ වෙන්න
 පුරසද නැගුන රැයකට
 සිනාසෙයි පිපුනු මල් සදවතට
 ඔබව මගෙ නොවුනත්
 සැනසෙයි මා ඔබේ එක වදනකින්
 බැස ගියත් අදුර දි පුරසද
 හිමිවේවි මට ඝන කළුවර
 ඔබ ගියත් මා දමා
 සිත දුක පිරුණු දිනයක
 මම කවි ලියන්නේ ඔබහට
 රිදවන්න නෙමෙයි හිමි සදුනි
 අවදියෙන් හිදින හැම මොහොතෙ
 වේගෙන් එයි ඔබ මවෙත
 රිදවයි මා හඩවයි සිත
 අපේ ඒ සොදුරු මතකය
 හිමි නැති උනත් ඔබ මට
 පතනෙමි හැමදා එක ලෙස
 සතුටු සිනාවේ මල් පොකුරු
 රැදියන් හැමදා ඔඛෙ ලොව තුළ.....



        හැමදාමත් දැහැන්ව මග අරින්නට මා එතැන් පටන් ප්‍රයත්න දැරුවෙමි. ඒ හැම බොල් සුළගට හසුවී ගිය සිතුවිල්ලක්ම පමණක් විය. එක පැයක් ඔහු ගැන තොරතුරක් නැතිවූ විට මා ඔහුට නොනවත්වාම කෙටි පණිවිඩ යවයි. මට පසක් කර ගන්නට බැරිවූ සෙයක් විය එනම් මා එතරම් දැහැන්ට ලෝභකම් කරන්නේ ඇයිද කියාය. නමුදු හිත් කොනකවත් දැහැන් මගේ කර ගන්නට සිතුවිල්ලක්ද නොවුනි. මෙය මුසාවක් නොවේ. ලෝකයා කොතරම් මා වැරදී යැයි කීවද මේ මගේ හිත හිතන හැටිය. මා තේරුම් ගන්නට මේ ලොව කිසිවෙක් හිදියේ නැතත් දැහැන් මගේ හිත හදුනා ගෙන හිදියේය.
 
     මේ අතර දිනක් අම්මා කියූ දෙයකින් මගේ හීන ලෝකය තුළ මා අතරමං විය.
  —ආ...සෙව්මි...දැන් ඔය ඉගෙන ගත්තා මදැයි...අපි මේ අවුරුද්දෙ අන්තිමට සුපුන්ගෙයි ඔයාගෙයි වෙඩින් එක ගන්න හිතා ගෙන ඉන්නෙ...
  —අනේ අම්මා මට තව මෙහෙම ඉන්න දෙන්න..
  —ඇයි උඹ නාකි වෙනකම් ඉන්නද කල්පනාව...
  —නෑ අම්මා ඒත් සුපුන් ළග ඹගෙ සතුට නෑ...
—    එA මොකෝ ඉන්නවද කොහේ හරි එකෙක්ව හොයාගෙන...
—    නෑ අම්මා එහෙම නෙමෙයි... ඒත් මට දැන්ම සුපුන්ව බදින්න බැහැ...
 —ඒක හරි කතාවක්නෙ...සුපුන්ගෙ මොනාද අඩු...අපි පවුල් 2 කම ඒ ගැන ස්ළුිර කරලා කොච්චර කල්ද...දැන් ඒවා වෙනස් කරන්න බැහැ..
  —හරි අම්මා මං කිවුවෙ මගෙ ජීවිතේ සතුට සුපුන් ළග නෑ...මට බෑ එයාට ආදරේ කරන්න...
  —උඹට ඕන ඕන දේ කරන්න බෑ සෙව්මි...එහෙනම් ඉතිං අම්මා නෑ කියලා හිතා ගනින්...එසේ කියා අම්මා කුස්සිය පැත්තට ගියේය. මා මගේ කාමරය තුළට රිංගා ගෙන හැමදාමත් සේ හැඩුවෙමි. එහෙත් මා තීරණයක් ගත යුතු බව මා සිත කීවේය. හැගීම් වලට වහල්වී බුද්ධිය යට ගොස් ඇති බව මා දැන ගත්තේය. නමුදු සිත එය පිළි ගත්තේම නැත. එහෙත් මා තරයේ අදිටන් කර ගත්තෙමි. එනම් හිත්පිත් නැත්තියක සේ හිත ගලක් කරගෙන ජිවත්වන්නේය. මන්ද මට මා අමතක කර සුපුන්ගේ මනමාලිය වන්නට හැකිය. එහෙත් ගතින් පමණක් මා ඔහුට හිමිවූවත් මගේ සිත කිසිම දිනක ඔහුට හිමි නොවන්නේය. හිත රළු කර ගත්විට හැගීම් මට දැනෙන්නේ නැතැයි මා සිතුවෙමි. එක දිගට වදින්නට ගත් මගේ ජංගම දුරකථනය සිතුවිලි තුළින් මා මිදවූයේය. දැහැන් යැයි නම සදහන් වන විට මගේ හැම තීරණයක්ම හිරු දුටු පිනිබිදු මෙන් විසිර ගියේය. මීට මොහොතකට පෙර මා සිතු කිසිවක් මට කි්‍රයාත්මක කරන්නට බැරිවිය.
   —දැහැන් කොහොමද...
   —සෙව්මි මට ඔයාගෙ වෙනසක් තේරෙනවා...ඔයා ඇඩුවද...කියන්න... මා ඇසූ දෙයට ඔහු වෙනකක් කීවේය.
   —නෑ දැහැන් මං හොදින්....
   —බොරු කියන්න එපා සෙව්මි... මට ඔයාව තේරෙනවා...මට ඔයාව දැනෙනවා...
   —බොරු නෙමෙයි දැහැන්
   —හරි දැන් කියන්න මොකද වුනේ කියලා....දැහැන් එසේ කියන විට නිකම්ම මගේ කට ඉස්සර විය.
   —නෑ දැහැන් අපේ ගෙදරින් සුපුන්ව මට බදින්න කියනවා...
   —සෙව්මි....මං ඔයාව කාටවත් අයිති වෙන්න දෙන්නෑ...ඔයාව මගෙන් උදුර ගන්න දෙන්නෙත් නෑ...ඔයාව මං මගේම මගේම කරලා ජීවිත කාලෙටම මං ළගින් තියා ගන්නවා...ගොඩක් ආදරෙයි සෙව්මි...ඔයාගෙ ආදරේ හැමදාටම මට ඕන...තේරුණාද....
  —දැහැන් ඔය ඇත්තමද...
  —ඇත්තමයි සෙව්මි...ප්‍රොමිස්...මාව කාටවත් ලියලා දීලා නැහැනෙ බබෝ...මම ඔයාගෙ විතරමයි.
  —අනේ දැහැන් ඒත් මට ඔයාව අයිති කර ගන්න එපා...මම ඔයාට ආදරේ කරන්නම්... ඔයා මට ආදරේ කරන්න එපා
  —සෙව්මී මොනාද මේ කියවන්නෙ...මාව මනුස්සයෙක් කලේ ඔයා..ඔයාගෙ ආදරේ...ඉතිං මට කියන්නෙ ඔයාව නැති කර ගන්න කියලද..
  —නෑ දැහැන් මාව ඔයාට නැති වෙන්නෑ...මං හැමදාම ඔයා ළග ඉන්නවා...ඒත් මට ඔයාව මගේ කර ගන්න එපා...මං පවු කරන්න බයයි දැහැන්...
  —මොන පවක්ද සෙව්මි...
  —ඒ වුනාට එකතු වෙලා ඉන්න දෙන්නෙක්ව වෙන් කරන්න මට බෑ දැහැන්...තේරුම් ගන්න ඔයාව මට අයිති නෑ.
  —කෙහෙල්මල...සිතුමිණිට මම ආදරේ කළා..ඒ ඉස්සර ඒත් දැං මගෙ සිතුමිණී නෑ...එයා මැරිලා...ඒ ආදරය මැරිලා...
  —මං දන්නෙ නෑ දැහැන්...
  —ඔයා දන්නැති තරමට හොදයි...මං කැමතිත් ඒකටම තමයි...අපි අපි දෙන්නා ගැන කතා කරමු...අනික් දේවල් මෙතෙන්ට අදාල නෑ...
  —කැමැත්තක් දැහැන්
  —හරි ගෙදරටම වෙලා ඉන්න එපා...නිකන් මේ පැත්තෙ ඇවිත් යන්න නදුනි එක්ක හරි...හුග දවසකින් දැක්කෙත් නෑ...
දැහැන්ට මා එන්න පොරොන්දුවී දුරකථනය විසන්ධි කලේය.
 පිළිගන්න ඒ ආදරය ළගදී මා කෙතරම් අසරණ වන්නේද කියා මටම කියන්නට බැරිය. එහෙත් මට එක මොහොතක් දැහැන් දැක්කොත් මාස ගානක් ජිවත් වෙන්නට ආස හිතෙන බව නම් ඇත්තය.

— කතා කරන ඇස් දෙක තුළ
 දෝරෙ ගලන ආදරයට
 වාන් දමන්නට දගලන
 කෝඩුකාර පෙම්වතියේ
 කොතරම් හිත තද කලාට
 සිතුම් පෙළම මුහුණෙ තියේ
 නොකියා ඔබ කියනා මට
 සුන්දර ප්‍රේමේ...
 ගව් ගානක් දුරින් තියන්
 ඉන්නට ඔබ වෙර දැරුවත්
 සුළග වගේ දුවන් එනවා
 හිත ඇතුලේ නලියන
 ඒ ආදරේ...
 සගවා ගන්නට හැදුවත්
 ඔබ හට බෑ එය තාමත්
 පොපියා දගලන කැල්මන්
 මනමත් වී විසිරේ නෙතගින්...

See u Part 4

මට මාවත් අහිමි වුන අන්දම....

Tuesday, July 6, 2010

මගේ පුංචි ආදරියේ...

රැයට ඇහැරෙන...
සදට පෙම් බැදි...
කොද මලයි නුඹ...
පෙම්බරී...
හිතේ තනියට...
ළගින් ඉදගෙන..
කුරලු ගීයක්
හෙමින් මුමුණන...
සියුමැළී...
විලට ලොබ කළ
විලෙම ඉපදුන..
රුවැති නුඹ මගෙ
සුන්දරී...
ප්‍රාණ සම මගෙ...
ප්‍රේමෙ වුනු නුඹ...
ඉතින් හැමදා..
ළගින් ඉනු මැන..
ආදරී......

Wednesday, June 9, 2010

කලකිනි මිනිසත් බව ලැබ ගන්නේ....

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ ඉතාමත් දුර්ලභව ලබන මිනිසත් කම අමතක කරලා අමනුස්සයින් වගේ ඔබ ජීවත් වෙන්න එපා. කිසියම් කුසලයක් හේතුවෙලා අපි ලබාපු මනුස්ස ආත්මය ඔබට...ගෙදරට...සමාජයට...රටට ප්‍රයෝජනයක් ලැඛෙන විදිහට ගත කලොත් තමයි ඒ ජීවිතයේ නියම වටිනා කම තියෙන්නෙ. එහෙම නැතුව මහපොලවට ඉපදුනාට දෙමාපියන් කන්න බොන්න දීලා ලොකු කලාටම ඉන්නම වාලෙ ඉන්න පුද්ගලයෙක් වෙන්න එපා. ඔබ මෙ ලෝකෙ ජීවත්වෙන එක මොහොත හරි බලන්න ඔඛෙන් යම් අයෙකුට ඉටුවිය යුතු දෙයක් තියෙන වද කියලා. තියෙන වනම් නොපිරිහෙලා ඒ දේ ඉෂ්ඨ කරන්න ඔබ පසු බට වෙන්න එපා.
 ඒ වගේම උසස් මනසකින් යුක්තව අපි ඉපදුන නිසා අපිට මනුස්සයා කියලා කියනව නම් ඒ මනුස්සයට ඔබින උචිත දේ පමණක් ඔබ කරන්න. එහෙම නැතුව තිරිසන් සත්තුනට අයිති දේ ඔබ කරන්න එපා. එහෙම උනොත් අර උසස් මනසක් තියෙන මිනිසා මෙලෝ රහක් නැති කිරිසනෙක් වෙයි. අපේ ජීවිතය හෙට දවසෙ එහෙම නැත්නම් මෙ ගෙවෙන මොහොත හුස්ම ටිත ඉවර වෙයිද කියලා අපි දන්නෙ නෑ.පණ නම් තණ අග පිනිබිදු වැන්නේ...කොයි මොහොතෙද කියන්න අපි කාටවත් බෑ. ඒක නිසා ජීවත්වෙන පුංචි දවස් ටිකේ මනුස්සයෙකුට අයිති දේ විතරක් ඔබ අතින් සිද්ද වුනොත් කලකින් ලබා ගත්ත මනුස්ස ආත්මයෙ වටිනාකමක් ඔබට තියේවි. දැනේවි.

මනස උස යැයි කියන මිනිසුනි
ඇයිද මෙ ලෙස හිදින්නේ
ලැබුව උපතට මනු ලොවෙ
අරුත දී මිය යනු සොදේ....

තමන් ඇස ඇති දේ නොදැනෙනා නුඹ
අනුන් ඇස පිසලන්න වෙහෙසෙති
දුකින් ලද ඒ මිනිස් උපතට ඔබ
නිගරු කරනුයෙ මෙ හැටි...

තම තමා ගැන වග බැලුවොතින්
ඇවැසි නෑ අනෙකට දිගු කරනු ඇගිලි
ඔබ ඔබට හොදම මිනිසා වූවොතින්
මුලු ලොවම හෙට හිනැහෙති..
.

Wednesday, June 2, 2010

අනුගමනය කරන්න....එත්...අනුකරනය නොකරන්න...

           එකිනෙකා පරයමින් ජීවන වියදමත් එක්ක ඔට්ටු අල්ලන මිනිස්සු අතර මෙහෙම දෙයක් කතා කළාට කියවන්න ඉඩ තියෙයිද කියලා මං දන්නෙ නෑ..ඒත් සමාජයෙ අපි ජීවත් වෙනකොට අපිට විවිඩාකාර මිනිසුන් මුන ගැහෙනවා..ඒ මිනිසුන් ජීවත්වෙන රටාව යම්කිසි රිද්මයකට ගලා යන්නෙ. එක්කො තමන්ම හදා ගත්ත ජීවන ප්‍රතිපත්තියකට.එහෙම නැත්නම් ජීවත්විමත් සමග අත්දැකීම් මත. එහෙමත් නැත්නම් තව කෙනෙක් දිහා බලමින්. මේ කොයි විදිහට අපි ජීවත්වුනත් අපිට අවශ්‍ය සමාජයෙ හොදින් ලස්සනට ජීවත්වෙන්න.
 අපි කවුරුවත් කැමති නෑ දුකින් ජීවිතේ ගත කරන්න. ඒත් ඒ සතුටින් ජීවත් වෙන්න අපි යනකොට අපි අතින් අපි නොදැනුවත්ව කොපමණ අඩුපාඩුකම් සිද්ද වෙනවද...
  හිතලා බලන්න කෙනෙක් ලස්සන ඇදුමක් ඇදගෙන ගියොත් අපිත් ඒ විදිහටම ඇදුමක් ගන්නවා. එහා ගෙදර අය කාර් එකක් ගෙනාවොත් අපිත් ඒ ජාතියෙම කාර් එකක් ගේනවා.අපේ වත්කමක් නැති වෙන්නත් පුලුවන්. ඒත් අපි කොහොම හරි කරනවා. ඒ කොයි දේ වෙතත් මං කියන්න යන්නෙ මෙකයි...අපිට බැරිද අපේම කියලා තමන්ගෙම කියලා අනන්‍යතාවයක් ඇතිවෙන විදිහට ජීවත් වීමෙ රටාවක් හදාගන්න. ඒ කියන්නෙ මෙහෙමයි..අපිට ගැලපෙන අපේ හැකියාවත් එක්ක හොද දේවල් ටිකක් ගොඩ නගා ගන්න. එහෙම නැතුව එහා ගෙදර අය කරන විදිහටයි අපේ අනික් යාලුවා කරන විදිහටයි අනුන්ගෙ පස්සෙ ගිහින් අනුන්ගෙ දේවල් කොපි කරලා ඒ මතට අපේ, මගේ කියන සීල් එක ගොඩ නගා ගන්නෙ නැතුව ටිකක් දුක් විදලා තමන්ටම ආවේනික පිලිවෙතක් පැවැත්මක් සකසා ගත්තොත් මං හිතනවා කවමදාවත් අපිට අපේ ජීවන රටාව නොවැටී ඉදිරියටම යන්න පුලුවන් කියලා.
  ලෝකය තරගකාරියි තමයි. නමුත් ඒ තරගකාර රටාව තුල අපි දුවන්න ඔනෙ අපේ විදිහට. එහෙම නැතුව අනුනගෙ විදිහට යන්න ගියොත් නිකන්ම නිකන් හති වැටෙනවා විතරමයි.


 හැබැයි යම්කිසි කෙනෙක්ගෙ හොද දේවල් කොපි කරගන්නෙ නැතුව ඒ විදිහ ඒ මග අනුගමනය කරලා ඒ දේවල් අපි ලබා ගත්තට කමක් නෑ කියලා මං හිතනවා. උදාහරනයක් හැටියට හිතන්න අපිට හම්බවෙනවා හොද පොතක්. කියවන්න කියවන්න ආසයි.  මිනිස්සු ඒ පොත වෙළදපොලේ පොර කකා අරගන්නවා. අපිටත් දැන් අවශ්‍ය වෙනවා එහෙම දෙයක් කරන්න. හැබැයි අපිට ඒවගේ ලියන්න හැකියාවක් නෑ. ඒත් ටිකක් ගලපලා ලියා ගන්න පුලුවන්. අපි මොකද කරන්නෙ අර පොත අරගෙන ඇවිත් ඒ පොත වගේම එහෙන් මෙහෙන් වචනයක් දෙකක් වෙනස් කරලා අපේ නමින් වෙළද පොළට දානවා. මිනිස්සු හිතනවා මෙන්න හොද නිර්මණ කාරයෙක්. අර මනුස්සයා වගේමයි කියලා. හැබැයි ඒ පොත ගෙදර ගෙනිහින් කියවන මිනිස්සු දන්නෙ නෑ මෙ මනුස්සයා මෙ පොත ලිවුවෙ අර දුක් විදිලා දුක් විදලා වචන ගැට ගහලා රැයවල් ගණන් නිදි මරාගෙන බිහි කරපු පොත ළග තියාගෙන කියලා.
එහෙම නැතුව අපිට තිබුණා ඒ මනුස්සයා මුණ ගැහිලා මෙහෙම ලියන්නෙ කොහොමද...කියලා කතා බහ කරලා ඒ කෙනා යොදා ගත්තෙ මොන වගේ දේවල්ද කියලා තෝරා බේරාගෙන ඊටවඩා වෙනස් නමුත් අර වගේම සාර්ථක දෙයක් කරන්න.
   හොදට මතක තියාගන්න අනුනගෙ දේවල් කොපි කරලා බොළද දේවල් බොළද මිනිසුන් ඉදිරියෙ පොරක් එහෙම නැත්නම් කඩදාසි වීරයෙක් වෙනවට වඩා තමන්ගෙම දේ තුලින් තමන්ගෙම ප්‍රතිපත්ති මතින් තමන්ටම කියලා උචිත දේවල් ටිකක් ගොඩ නගාගෙන අහි0සක සතුටක් ලබාගන්න එක. ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න ගියොත් අපිට වෙන්නෙ ඊටත් වඩා ඉක්මනට මැකිලා යන්න. ඔබ තාරකාවක් වෙන්න. ඒත් අනුන්ව අනුකරනය  කරලා එක රත්තිරියෙන් බැස යනවට වඩා තව කෙනෙක්ගෙ දෙයක් අනුගමනය කරලා දිගු රත්තී්‍රන් ගණනාවක් එළිය දෙන එක ලස්සනයි හොදයි කියලා ඔබට වැටහේවි...

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...