අහසක් කුමටද තරුකැට නැතිනම්
කරදිය කුමටද පවසට බැරිනම්
මිරිගුව තරමට ඔබ දුර යා නම්
පෙම්කර කුමටද ඔබ නො ලැබේනම්
එක මග යන්නට දෑගිලි ගැන්නට
සිතුවිලි ගොන්නක් නැතිනම් හරියට
කෙලෙසක යන්නද බැහැනෙ කියන්නට
වෙන්වී යමු අපි මේ ගමනේ දෙපසට
දාහය නිවනට සුළගක් නැතිනම්
දෑස් මායිමේ නැත පෙම්වත ඔබනම්
අත්වැල් අල්ලා කැදලි හදන් නටනම්
කවදා කෙලෙසදැය දන්නේ නෑමානම්
සයුර සොයා යන ගංදිය සේමා
ඔබව සොයා ආවා මේ දුර බෝමා
වෙරළ සොයා ඇදෙනා රළ සේමා
ඔබ එන්නෙA කවදාදැයි නොද නිමිමා
සදදිය කුමටද ඔබ නැතිනම් පෙම්වත
පිනිදිය කුමටද නොදකින මේ රෑ හිමිවත
නිල්දිය කුමටද දෙන්නට බැරිනම් ඔබවෙත
පෙම්කර කුමටද එන්නේ නැත්නම් ඔබ මා වෙත
තරුකැට ගැන්නා නිල් අහසේ හැමතැන
දකිනට ඔඛෙවත කොහි හො යම්වෙත
කදුලට නැගුනා ඔබ නැතිවිට කිසිතැන
හිමිහට කියනෙමි ඉන්නකො ඔබ නිසිතැන
පාට පාට හීන එකතු කර හැදෙනා දේදුන්නේ
රෑට රෑට ඇයි ඔබ නිල් අහසේ නො නගින්නේ
ඊට මීට වැඩියෙන් හොද දුරකට පාවී යන්නේ
ගාට ගාට හෝ ඔබ ළගටම එන්නට බැරි හන්දානේ
සිත්තම් කරමින් ඔඛෙ රුව හැමදා මගෙ මනසේ
ගෙත්තම් කරමින් මා ඉන්නම් සිතුවිලි වැලසේ
වත්තම් කර හෝ එක්කන් යන්නට බැරි වූවා සේ
ඉන්නම් මා මේ ලොව තනිවූ අයෙකු ලෙසේ
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.