පි්‍රයංකර ඇය සුකුමල ලදක්මය
මල් පෙත්තක් වගේ මුදු බවින් යුතුමය
පිනි පැන් පොදක් මෙන් ඇගෙ හද තෙත්බරය
මේ හැම ඇත්තෙ ලෝකයෙ ගැහැණිය තුළය
පිරිමියා ලොව දකින්නෙත් ගැහැණිය තුලනි
දරුවා පණ ගසන්නෙත් ඇගෙ කුස තුලනි
සෙනෙහස නිසා මේ හැම බර දරන්නි
ලොව හැමදාම බලවත් වෙයි ගැහැනි
බාධක දුක් කම්කටොලු ඇය විද දරාගෙන
කරුණා මිනි පහන හද තුළ රුවාගෙන
ලෝකය රකින්නට ඇය කදුලැලි හෙලාගෙන
දිවි මං තලාවෙ ඇය යයි හැම වසාගෙන
ගල් පිළිමයක් සේ ඇය විදගයි නම් අවමානේ
ඇය යන එන මග මිනිසුන් කියවයි අඩමානේ
විද ගන්නට නැද්ද ඇය හට සතුටේ හීනේ
කියලා අසන්නට සිතුනෙමි මා හට මිනිසුන්නේ
ඇන්දත් වැරදීය ඇය කෑවත් වැරදීය
හිනැහුනත් වැරදීය ඇය ඇඩුවත් වැරදීය
වැඩපල කළත් වැරදීය ඇය නොකළත් වැරදීය
බැලුවත් නෙතින් වැරදීය ඇය නොබැලුවත් වැරදීය
දහදිය හෙළා ඇය දිවිමග සරු කරන්නිය
අතපය රිදෙන තුරු ඇය වැඩපල කරන්නිය
දරුවන් රකින්නට ඇය දිවි කැප කරන්නිය
ජීවන ගමන නෙක අයුරින් හැඩ කරන්නිය
පින්බර උදේ සුපිපුණු මල් වාසනාවන්
සුන්දර ඇගේ සිනහව අපහට වාසනාවන්
ඉපදුනු ලොවට නුඹ කරනා මෙහෙය වාසනාවන්
සුන්කර නොගන ගැහැණියෙ නූඹ හැමදා වාසනාවන්
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...

No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.