Thursday, April 29, 2010
Sunday, April 25, 2010
එළිය වෙන්නකො ..........
සොදුරු සීතල මෙ රැයේ
සොම්නසක් රැදි නුඹෙ වත
සොවින් වෙලීගිය මගෙ හදට
සොමි සදක් සේ සිසිල විය...
පහන් තරුවෙන් පාර අහගෙන
පහන් වෙන්නට පෙර හිමිදිරිය
පහන් සිතුවිලි දෝත අරගෙන
පහන් සිලුවක එළිය වෙන්නකො නුඹ මට....
සොම්නසක් රැදි නුඹෙ වත
සොවින් වෙලීගිය මගෙ හදට
සොමි සදක් සේ සිසිල විය...
පහන් තරුවෙන් පාර අහගෙන
පහන් වෙන්නට පෙර හිමිදිරිය
පහන් සිතුවිලි දෝත අරගෙන
පහන් සිලුවක එළිය වෙන්නකො නුඹ මට....
නුඹ දුරක ගිය අරුමය...
මලක් හැඩකර පාට කරනට
ගසක් දුක් ගත් තරමට
නුඹෙ හදවත සිහිල් කරනට
හෙළපු සුසුමන් නුඹ නමට...
මලේ රුව විදගන්ට
ගසට අවසර නැතුව සේ
නුඹෙ සෙනෙහස ලබන්නට
නොදී නුඹ දුරක ගිය අරුමය...
ගසක් දුක් ගත් තරමට
නුඹෙ හදවත සිහිල් කරනට
හෙළපු සුසුමන් නුඹ නමට...
මලේ රුව විදගන්ට
ගසට අවසර නැතුව සේ
නුඹෙ සෙනෙහස ලබන්නට
නොදී නුඹ දුරක ගිය අරුමය...
නුඹයි නුඹෙ දරදඩු හිතයි වාගෙමයි...
උදේ ඉදන් ගොරවලා ගොරවලා
ඉර බහින හැන්දෑව මුසල කරලා
කඩා වැටුනු අනෝරා වැස්ස
හරියට නුඹ වාගෙමයි...
පෙම්වත් හැන්දෑවෙ හීන ඇහිදින්නට
මාත් මගෙ ඇසුත් මග බලා උන්නු තරමම
අදුරු කරලා නුඹ කඩාගෙන වැස්සෙ හරියට
නුඹයි නුඹෙ දරදඩු හිතයි වාගෙමයි...
ඉර බහින හැන්දෑව මුසල කරලා
කඩා වැටුනු අනෝරා වැස්ස
හරියට නුඹ වාගෙමයි...
පෙම්වත් හැන්දෑවෙ හීන ඇහිදින්නට
මාත් මගෙ ඇසුත් මග බලා උන්නු තරමම
අදුරු කරලා නුඹ කඩාගෙන වැස්සෙ හරියට
නුඹයි නුඹෙ දරදඩු හිතයි වාගෙමයි...
ගැහැණියෙ නූඹ හැමදා වාසනාවන්...........
පි්‍රයංකර ඇය සුකුමල ලදක්මය
මල් පෙත්තක් වගේ මුදු බවින් යුතුමය
පිනි පැන් පොදක් මෙන් ඇගෙ හද තෙත්බරය
මේ හැම ඇත්තෙ ලෝකයෙ ගැහැණිය තුළය
පිරිමියා ලොව දකින්නෙත් ගැහැණිය තුලනි
දරුවා පණ ගසන්නෙත් ඇගෙ කුස තුලනි
සෙනෙහස නිසා මේ හැම බර දරන්නි
ලොව හැමදාම බලවත් වෙයි ගැහැනි
බාධක දුක් කම්කටොලු ඇය විද දරාගෙන
කරුණා මිනි පහන හද තුළ රුවාගෙන
ලෝකය රකින්නට ඇය කදුලැලි හෙලාගෙන
දිවි මං තලාවෙ ඇය යයි හැම වසාගෙන
ගල් පිළිමයක් සේ ඇය විදගයි නම් අවමානේ
ඇය යන එන මග මිනිසුන් කියවයි අඩමානේ
විද ගන්නට නැද්ද ඇය හට සතුටේ හීනේ
කියලා අසන්නට සිතුනෙමි මා හට මිනිසුන්නේ
ඇන්දත් වැරදීය ඇය කෑවත් වැරදීය
හිනැහුනත් වැරදීය ඇය ඇඩුවත් වැරදීය
වැඩපල කළත් වැරදීය ඇය නොකළත් වැරදීය
බැලුවත් නෙතින් වැරදීය ඇය නොබැලුවත් වැරදීය
දහදිය හෙළා ඇය දිවිමග සරු කරන්නිය
අතපය රිදෙන තුරු ඇය වැඩපල කරන්නිය
දරුවන් රකින්නට ඇය දිවි කැප කරන්නිය
ජීවන ගමන නෙක අයුරින් හැඩ කරන්නිය
පින්බර උදේ සුපිපුණු මල් වාසනාවන්
සුන්දර ඇගේ සිනහව අපහට වාසනාවන්
ඉපදුනු ලොවට නුඹ කරනා මෙහෙය වාසනාවන්
සුන්කර නොගන ගැහැණියෙ නූඹ හැමදා වාසනාවන්

අපි යනවා ඔබ අත්හැර බැරිමුත් දිවි මග.......
මවකගෙ සෙනෙහෙ ගගුලැල්ලක් වී ගලන දිනේ
පියෙකුගෙ දෙනෙතෙ කදුලැල්ලක් වී සතුටු වුනේ
පුතෙකුගෙ සිනහව දකිනට දුක් වින්ද දිනේ
දුවෙකුගෙ අගය දැනෙනවා අප අසරණ වුන දිනේ
ඔබ අප ලොවේ කිරුලයි රත්තරන් පුතේ
වැටි වැටි නුඹ නැගිටුව හැටි ඇත තවමත් මගෙ සිතේ
දුන්නේ නැ නොවෙද වැටෙන්න නුඹහට මගෙ පුතේ
අද නුඹ අපව අතහැර මග දමා ඇතේ
දිනුමක් ලැබුව නම් ඔබ එය අප ලද දිනුම විය
සිනහව වුනානම් ඔබ එය අප ලද සිනහවම විය
දෙන්නට ඇතත් හොද නරක ඔබහට එය අප සතුම විය
එනමුත් නුඹහැර ගිය එක ඒ ලෙස සිදුම විය
ඔබ අපෙ පුතා ලේලිය අපෙ දියණියක් මය
එනමුත් ඇගේ හද තද කළු ගල් මෙන්ය
ලෝකයෙ හැම දරුවෙක්ම අපෙ දරුවන මය
ලේලියෙ නූඹට අපි නුඹෙ මව්පියන් මය
මගෙ සුදු පුතේ නුඹ ලොව පියෙකු වන දිනට
ලේලියෙ නුඹත් මව් පදවියෙ උරුමය ලබනා දිනට
වැටහෙයි ඔබට සතුටේ රස ඒ දිනට
දැනේවි දුකක් ඔඛෙ දරුවන් ඔබ අත්හල දිනට
අප දෙස නොබැලුවත් අප නැත වෙනසක් ඔබහට පුතුනේ
එනමුත් අද අප දුබලව ඇත ඇවැසියි ඔබගේ සරණේ
දෑසම අන්ධ වූවා සේ ඇයි ඔබ ඔය ලෙස ඉන්නේ
අප දුබලව ගියේ නුඹ සවිමත් කරන්නයි මගෙ පුතුනේ
තරහා වෙන්න බැරිවෙයි මව්පියන් හට දරුවන් සමග
ඔබ කරනා හොද නරක එක්වෙයි ඔඛෙ සසර මග
අප බාධාවක්ම නම් පුතුනේ ඔඛෙ දියුණුවෙ මග
මෙන්න අපි යනවා ඔබ අත්හැර බැරිමුත් දිවි මග

කෝල සිතත් ගෙන ඇගෙ විමනට ඈ යන්නා.....
මාල හතක් බැද දෝනි පෝරුව මත නැගුනා
ලෝල හැගුම් ටික ඇගෙ නෙත ඉගිබිගි පානා
කෝල සිතත් ගෙන ඇගෙ විමනට ඈ යන්නා
මොලකැටි මගෙ සුදු රෝසමල ඔබයි
කිරිකැටි සිනහව ඔඛෙ අදත් මහද මැවෙයි
හුරතල් මගෙ බෝනික්කිය ඔබමයි
නෑගම් යන්නට ඈ සැරසී ඉන්නයි
ඉස්සර වාගේ මිදුල පුරා දුවපැන යන්නට
බෝනික්කන් ගෙන දෝතදරා සෙල්ලම් කරනට
මා එන පෙරමග දසුන් පපා බලා හිදින්නට
හෙට සිට නෑ නොවෙ දොනිය නිවස පුරා මාහට
කැදැල්ලෙ පාළුව දැනේවි නුඹ ගිය පසු නම්
නිදැල්ලෙ යයි හැමතැන සිතුවිලි වැල නම්
දැවිල්ලෙ හද ඇවිලී යයි දෝනියෙ මගෙ නම්
සෙවිල්ලෙ ඉන්නකො නුඹ ඔඛෙ ලොව ගැන නම්
මිනි පහනක් වූවා ඔබ නිවසේ ආලෝකේ
මදපවනක්සේ සිහිලස දුන්නා නිවනට සෝකේ
හිරු කිරණක්සේ විහිදා හිදියා අපගේ ලෝකේ
දුක් ගින්නක් මේ ඇවිලී යන්නේ දරනට බැරි සෝකේ
පුංචි ගවුම් ටික පූසි පැටවු ටික තැන තැන ඇත මුළුගැන් වීලා
සිංදු කියන්නට නැටුම් නටන්නට එන්නේ නෑ ඔබ අපගේ සිනහව වීලා
පුංචි කදුළු බිදු ඇස් අග උනනවා දුක වැඩි වීලා
පැංචි මගේ ඔබ හුරතල් දියණිය අද හැඩවී ඇත මනමාලිය වීලා
පතනෙමි සුදු දෝනියෙ ඔබහට බුදු සරණයි
ගෙනඑමි රැකවරණය ඔබහට දෙවි පිහිටයි
දෙන්නෙමි අපගේ ආලය ඔබහට එක ලෙසටයි
ඉන්නෙමි අපහැම ඔබ ළග දුක සැපටයි
යන්න යන්න ඔබ මෙන්න අපේ අවසරයයි
ඉන්න ඉන්න ඔබ හැමදා නිදුකින් වැජ ඹෙන්නයි
දෙන්න දෙන්න ඔඛෙ අත ඒ සුන්දර මනමාලයා වෙතටයි
ඔන්න ඔන්න මගෙ දු කුමරිය කුළගෙට යන්නයි
අවසර...
අත් දෙකට දැන් වෙහෙසයිලු හොදටෝම...
වැඩ කරන අතර මග දිවුවා මං මැරතන්ම...
හෙට උදේ ආයෙමත් එකම වැඩ මුරය...
පතමි අවසර දමා යන්නට ඔබ සැවොම...
දන්න සිංහල එකතු කරලා...
ගෙතුවෙ මං අපැහැදිලි අකුරු වැල්...
වැරදි ඇති එහි බොහෝමුත්
දෙනු මැන ඉතිං බජනය සමා
වැඩ කරන අතර මග දිවුවා මං මැරතන්ම...
හෙට උදේ ආයෙමත් එකම වැඩ මුරය...
පතමි අවසර දමා යන්නට ඔබ සැවොම...
දන්න සිංහල එකතු කරලා...
ගෙතුවෙ මං අපැහැදිලි අකුරු වැල්...
වැරදි ඇති එහි බොහෝමුත්
දෙනු මැන ඉතිං බජනය සමා
වඩිනු මැන ඉතිං...
හුදකලා මං තවම
මග බලා ඉන්නවා
මෙ බංකුවෙහි
අනික් පස
කවදා නමුත්
නුඹ ඇවිත් ඉද ගන්නකම්...
හීන ගෙත්තම් කර...
පාට තැවරුම් දමා...
ආදරෙ මල් පොකුර
නුඹ දෝතින් ගෙන
වඩිනු මැන ඉතිං...
නිවාලන්නට මගෙ තනිය...
උඹ....
මට හිනා වෙන්න ඉන්නෙත් උඹ විතරයි
කතා කරන්න ඉන්නෙත් උඹ විතරයි
රණ්ඩු කරන්න ඉන්නෙත් උඹ විතරයි
අන්තිමට යාලු වෙන්න ඉන්නෙත් උඹම විතරයි…
මට ආදරය කරන්න ඉන්නෙත් උඹ
මගෙ ආදරය ලබන්න ඉන්නෙත් උඹ
මං ළග දැවටෙන්නෙත් උඹ
මාව දාලා ගියෙත් අන්තිමට උඹ…
එහෙම වුනේ ඇයි…?
ආදරය මදි වුනාද…
ආදරය වැඩි වුනාද…
ආදරයට බොරු කළාද…
දන්නෙත් උඹම විතරයි…
කතා කරන්න ඉන්නෙත් උඹ විතරයි
රණ්ඩු කරන්න ඉන්නෙත් උඹ විතරයි
අන්තිමට යාලු වෙන්න ඉන්නෙත් උඹම විතරයි…
මට ආදරය කරන්න ඉන්නෙත් උඹ
මගෙ ආදරය ලබන්න ඉන්නෙත් උඹ
මං ළග දැවටෙන්නෙත් උඹ
මාව දාලා ගියෙත් අන්තිමට උඹ…
එහෙම වුනේ ඇයි…?
ආදරය මදි වුනාද…
ආදරය වැඩි වුනාද…
ආදරයට බොරු කළාද…
දන්නෙත් උඹම විතරයි…
ගැඹුරු පිනම කඨීනය ලෙසින් කියයි......
මහ වැහි සීත සුළං සමගින් එළඹුනෙ වස්සානය
බොදු බැතියන්ට ලැඛෙනුයෙ ඉන් සැනසීමය
සෙනෙසුනෙ වෙසෙන අප හිමිවෙත කළ ආරාධනාවය
එලොව මෙලොව සුව ගෙනදෙන දෙAශනාවය
සිවුපස නොඅඩුවම දෙමි අපෙ හාමුදුරුවනේ
මේ වස් කාලයේ ඔබ අප දමා නොයන්නේ
ධර්මය හැකිතරම් අපහට පහදා කියන්නේ
වස්සානය බොදු මිනිසුන්ගේ හිත් දිනන්නේ
හැමදා හවස වැඩ නිමවී අප එන්නේ
පන්සල අපේ දුක් ගිනි හැම නිවන්නේ
ලොකු හාමුදුරුවෝ බුදු බණ කියන්නේ
උවැස උවැසියෝ සාධු සාධු කියන්නේ
අපෙ හාමුදුරුවෝ දුර බැහැරට නොවඩියි
සීලය හිස් මුදුනින්ම සුරකියි
තම වැසියනට මහ පිං ඉන් ලැඛෙයි
ගැඹුරු පිනම කඨීනය ලෙසින් කියයි
බුදු හිමියන් තුළ තිබුණු අන් අය වෙත කන් දීමට
නිගන්ඨනාථයන් අප හිමිවෙත කළ ඉල්ලීමට
මේ දෙක එකතුවී පින හැදුනේ ගැඹුරට
එහෙයින් හැකි වුනෙමි අට කුසලක් කර ගන්ට
මේ කාලයේදී හැම හිත් පින්බරය
වචනෙන් කයෙන් සිතිනුත් උන් හැම සංවරය
බුදුහිමි ගුණම හැම කැන රැවු දෙයිය
හැමතැන නෙරෙන්නේ පින්කද යන්නට නිවනටය
වප් මහ පෝය ළග ළග බව පවසන්නේ
තද වැහි සුළං හෙමි හෙමිහිට නවතින්නේ
මුළු ආරාමයම සුදු වතකින් බබළන්නේ
කඨීනම පිංකමට කවුරුත් සැරසෙන්නේ
අට මහ කුසල් කරලන්නා හැටි උගත්තෙමු
හැකි පමණින්ම පිංපොත පුරවා ගත්තෙමු
සසරේ දුකයි ගැඹුරයි ගැන අප සිත් යොමන්නෙමු
ඒ පින හවුල්වී නිවනට මග සැදෙන්නෙමු

Saturday, April 24, 2010
යදිනා සිගමනේ...
කුස පොත්ත ඇලී
පිට කොන්ද ඇතුලටම
හුස්ම අල්ලන්නට ජීවිතේ
යදිනා සිගමනේ...
ඉතිං කවදා දකිනු නුඹ
හීන දැකි හෙට දවස
මෙහෙම මහ පාරටම
ගෙවී ගිය පසු ජීවිතය...
පිට කොන්ද ඇතුලටම
හුස්ම අල්ලන්නට ජීවිතේ
යදිනා සිගමනේ...
ඉතිං කවදා දකිනු නුඹ
හීන දැකි හෙට දවස
මෙහෙම මහ පාරටම
ගෙවී ගිය පසු ජීවිතය...
ආසයි මටත්...
පුංචි බෝනිකි පැටවු ගෙන...
කරනවා අකීකරු කමක්...
හුරතලෙන් නුඹ නිදන යුරු දැක...
සිතුවිල්ලක් ඇවිත් හිත මත..
කරනවා අකීකරු කමක්...
නුඹ වගේ දියනියක් මටත්
උන්නා නම් කියා...
නලවන්න හිතෙනවා මට...
දෑතට අරන් නුඹ...
කිරි සිහිනයේ අතරමං වෙලා
ඉන්න නුඹ හට බැහැ කරන්නට
බාධා ඉතිං...
දැනේවී තනි කමක්...
නුඹ ඉන්න සමනලයා...
වැසෙන්නට පෙර නුඹෙ දෑගිලි...
දුරක යයි...
තලා පොඩිකර නුඹෙ හිත
දැනේවී නුඹෙ හදට...
මහ හුගක් තනි කමක්...
ඉගිලිලා ගිය පසුව ඌ...
මා නුඹ සීතාවමයි....
නොබලන් හිමියනි
අඩවන් දෑසින්
මගෙ දෙස
සැලෙන හදින්...
දුරු රට ආවෙ
සරි කර ගන්නට
අහිමිව ගිය
රන් කාසි ගොඩ ගසන්නට
මිසක්....
රහසින්වත් හිතුවෙ නෑ
බැදෙන්නට වරදෙ...
නොදෙනු මැන මා හට
මෙහෙම දඩුවම්...
ඇයි නුඹ කරන්නෙ
වග විගාගය
සිතාවට මෙන්...
එදා වගේම අදත්
මා නුඹ සීතාවමයි...
අඩවන් දෑසින්
මගෙ දෙස
සැලෙන හදින්...
දුරු රට ආවෙ
සරි කර ගන්නට
අහිමිව ගිය
රන් කාසි ගොඩ ගසන්නට
මිසක්....
රහසින්වත් හිතුවෙ නෑ
බැදෙන්නට වරදෙ...
නොදෙනු මැන මා හට
මෙහෙම දඩුවම්...
ඇයි නුඹ කරන්නෙ
වග විගාගය
සිතාවට මෙන්...
එදා වගේම අදත්
මා නුඹ සීතාවමයි...
පියෙකුගෙ සෙනෙහෙ ගැන..........
පියෙකුගෙ සෙනෙහෙ ගැන
දන්නේ නැතත් ගලපන්නට
දැරුවෙමි පුංචි උත්සහායක්
කෙසේදැයි නොදනිමියි මං
නිහඩවත දරාගෙන
උසුලාගෙන මහබරක්
හිරුටත් පෙර මගට බසින නුඹ
සදවත නැගුන ගෙමිමනේ
පැලට එනදා
සිගිති වුන් නිදයි කිරි සිහින දකිමින්ම
ආදරයෙන් තුරුල් කර ගන්නට වුන් ලොබ කලත් සිත
දරුපෙමම ගුලි කරන්
හඩන නුඹ පියාණෙනි
හෙළපු දහඩිය කධුළ දන්නේ නැතත් වුන්
තුරුල්වන්නේ මවු සෙනෙහෙටම නොවෙයිදෝ.....
ශක්තිමත් කරන්නට දරුපැටවු
ඔබගෙ ශක්තිය වැය කළත්
අවාසනාවක්දෝ නොකියයි වුන් පියෙකුගෙ ගුණ කිසිදා....
....කුසට ආ මල් කැකුළ
නොතළා ලොව දැක්කෙ
ශිල්ප සතර ලැබ
කිරුළ ලබන්නට
නොපෙනුන නොදැකපු
හිරු නුඹම විය පියාණෙනි......

රැවටීම...
අසා මුසා බස්
දොඩා සැහැසි බස්
කියා වහසි බස්
අපේ මිනිසුන් යාවි
එකා පසු පස
එකා ඇවිදින්
කර තියන් දරන්නට බැරි
රටපුරා ඇති සුවද පළතුරු
මල් වට්ටි එකතු කර
දේවාලයේ
කපුවාගෙ පසුපස
දොඩා සැහැසි බස්
කියා වහසි බස්
අපේ මිනිසුන් යාවි
එකා පසු පස
එකා ඇවිදින්
කර තියන් දරන්නට බැරි
රටපුරා ඇති සුවද පළතුරු
මල් වට්ටි එකතු කර
දේවාලයේ
කපුවාගෙ පසුපස
මුවට නැගුනා සිනහවක්.........
සිහින තොටුපොලෙ
අතරමං වුනු
බාල කාලෙ
මතක් වී
මුවට නැගුනා සිනහවක්
දැකපු ලෝකය
හා
නොදුටු ලෝකය
අතර ඇති
පරතරය දැක...
අතරමං වුනු
බාල කාලෙ
මතක් වී
මුවට නැගුනා සිනහවක්
දැකපු ලෝකය
හා
නොදුටු ලෝකය
අතර ඇති
පරතරය දැක...
අත්තටු රිදුනා විතරයි..Part 02
පිළිගන්න එතැන් පටන් ඔහු හරිම ලස්සනට මගේ හිත කියෙවුවේය. ඒ ආදරය නිරාමිස සුවයක් මගේ ජිවිතයට එක් කලේය. දැහැන් වෙන කෙනෙක්ට අයිති බව මට නොදැනුනි. කාටවත් කියා ගන්නට බැරි වුවද මා අපමණ සතුටින් පසුවිය. සමහර දිනවලට ඔහුගේ ගැහැණු ළමයා පැමිණ සිටියද එයින් මගේ හිත රිදුනේ නැත. ඒ මගේ ආදරය පිරිසිදු නිර්මල දෙයක් බැවිනි. එමෙන්ම මා විශ්වාස කලේ අප ආදරය කරන දෙයක් නිදහසේ තැබිය යුතුය යන මතයේ හිදය.
නදුනි මගේ වෙනස දැනගෙන
—මොනවද සෙව්මි කලේ...ඔයාට තේරෙන්නෙ නැද්ද දැහැන්ට කෙල්ලෙක් ඉන්නවා....ඔයාටත් ගෙදරින් යෝජනා කරපු කෙනෙක් ඉන්නවනෙ...මට නම් කොහොමත් ඔය වැඩ දිහා බලා ඉන්න බෑ...ඇත්තමයි සෙව්මි..මොනාද ඔයා මේ කරන්නෙ...ඒ විතරක්ද තව කෙනෙක්ට ගින්දරක් දීලා ඔයා ලබන සතුට මොකක්ද¡¡¡¡
නදුනි කියනා දෙය මට තේරෙන්නේය. එහෙත් සදාචාරයට සම්මතයට යටවී මට මගේ ආදරය හිරකර ගෙන ඉන්නට බැරිය. එමෙන්ම කිසිදිනක මට දැහැන් මගේ කරගන්නට ඇවසි නැත. දැහැන් කාගේ වුවත් මා දැහැන්ගේය. අපි අපට ආදරෙයිය. ඉතිං අපි අපේ හිත්වල හැගීම් පිට කල එක වරදක් වන්නේ කෙසේද...
—අනික් එක සෙව්මි දැහැන් කොහොමද එක සැරේ දෙන්නෙක්ට ආදරය කරන්නෙ...ඔයාට ඒක හිතන්න බැරි වුනාද...˜
මට හැඩුනි. ඒ දැහැන් ගැන සිතා නොවේ. මගේ ආදරය ගැන හිතාය. එමෙන්ම එය කිසිවෙකු විශ්වාස නොකරන හින්දාය..මට කුහක කෙල්ලෙකු වන්නට බැරිය. එසේම දැහැන්වත් ඔහුගේ පෙම්වතියවත් දෙපසකට කරන්නට මට බැරිය. නමුත් දැහැන්ට ආදරය කරන්නට මේ සමාජය මට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි..
කාලය ගෙවුනි. මා පිස්සියක සේ දැහැන්ට ආදරය කලේය. දැහැන්ගේ පෙම්වතියටද දැහැන් ආදරය කලේය. නමුත් කිසිම මොහොතක මා ඒ ගැන දැහැන්ගෙන් නොවිමසීය. එහෙත් දැහැන් දිනක් කීවේ
—මේකනෙ සෙව්මි අපි ඉස්කෝලෙ යනකාලෙ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න ඕනවට එයත් එක්ක යාළුවුනා මිසක් ආදරය කියන දේ ගැන අපි දැනගෙන ඉදියෙ නෑ...ඒත් ඔයාගෙන් මං ආදරය කියන දේ ඉගෙන ගත්තා...ඉතිං ඇයි අපි අපේ හිත්වලට වංචාවක් කරන්නෙ...˜
මට කිසිවක් තේරෙන්නේ නැත..වෙනදා වාගේම මා දැහැන්ට කීවේ
—දැහැන් ඔයා මගෙ නෙමෙයි අනුන්ගෙ....˜
—නෑ සෙව්මි මං ඔයාගෙ....˜
—ඔයා කොහොම කිවුවත් ඔයා මගෙ නෙමෙයි දැහැන්....ඒත් මම මැරෙනකම් ඔයාගෙ තේරුණාද...
—අහන්න සෙව්මි..මං ඔයාගෙ තමයි...අපි අපේ...
—නෑ දැහැන් කවදාවත් අපිට අපේ වෙන්න බෑ...ඒත් මට ඔයාගෙ වෙන්න පුළුවන් දැහැන්... හිතින් වගේම ගතිනුත්....
—චකැ්ිැ…ගගසෙව්මි අපි මේ කතාව නවත්තමු...මොකද මං කොහොමද මගෙ ආදරේ පෙන්නන්නෙ...බැහැනෙ ඒ හින්දා අපි මේක නවත්තමු..
ඉතිං හැමදාම වාගේ කොතරම් බැන්නද මගේ දුක ළග ඉදියේ නදුනී විතරමය. මා මීහරකියෙක් වාගේ අඩ අඩා නදුනී හා මගේ හිත දිග හැරියේය.
—නදුනි මට දුක නෑ ඒත් මගෙ හිත පිළිගන්නෑ දැහැන් මගෙ කියලා... මගෙ හිත කියන්නෙම දැහැන් අනුන්ට අයිති වස්තුවක් කියලා..
—ඒක තමයි මෝඩියේ මං කිවුවෙ...දැහැන්ව අයිති දැහැන් යාළු ගෑණු ළමයට...
—ඒත් දැහැන් මටත් ආදරෙයිනෙ නදුනි...
—සෙව්මි...මං දන්න ආදරයක් නෑ...ඒත් ලෝකෙ හැම මනුස්සයවම විශ්වාස කරන ඔය පුරුද්ද අත් ඇරගනින්...ඔබ ඉතිං බෝධි සත්ව වෙන්න හදනවනෙ...අනුන්ගෙ හිත් රිද්දන්නෙ නෑ...එහෙම ලෝකෙ ජීවත්වෙන්න බෑ සෙව්මි...ටිකක් නැගිටලා ඇස් ඇරලා බලපන්...මිනිස්සු කොහොමද කියලා...
—නෑ නදුනි...මං මට හිතවත් වෙන හැමෝටම මාත් හිතවත් වෙනවා...ඒ අය කරන හොද නරක ඒ අයට.. මං කරන හොද නරක මට....
—මට තේරෙන්නෑ ඔය බහුබූත...ඔන්න ඔය ටැප් එක වහගනිං..හැමදාම දැහැනෙක් ගැන කියව කියව හූල්ලන්නෙ..
—මට දුක හිතුනා නදුනි...ඊයෙ දැහැන්ගෙ ගෑණු ළමයා දැක්කම...එයා ලෝකෙටම පේන්න දැහැන් ගාව ඉන්නෙ හරි ආඩම්බරෙන්...
—ඉතිං උඹට තියෙන දුක මොකක්ද....
—නෑ නදුනි ඒ වෙලාවට දරා ගන්න බැරි වුනා තමයි...ඒත් දැන් මට හිත හදාගන්න පුළුවන්...
—මෝඩියේ...ඕක තමයි සිංහලෙන් කිවුවෙ කොල්ලො විශ්වාස කරන්න බැහැ කියලා...
—නෑ මට දැහැන්ව විශ්වාසයි...
—බම්බුව..එසේ කියා නදුනි මට ඉස්සර විය. ඇය දැන් මා සමග අමනාපවී ගියාට නැවතත් හෙට මගේ ආදරණීය මිතුරියයි.. ඇය දකින්නේ මා දැහැන්ට ආදරය කරන එක වැරැද්දක් ලෙසයි..නමුදු එය මට වැරැද්දක් ලෙස නොපෙනේ...මගේ සිත රිදුනේ වෙනකකටය. එනම් දැහැන් කීවේ ඔහුගේ ගැහැණු ළමයා ඔහු දමා බොහෝ දුර ගිය බවය. එහෙත් මට දැහැන්ගෙන් අසන්නට බැරිවිය. ඇය දමා ගියානම් ආයෙත් ආවේ කෙසේද කියා...ගැහැණු අපේ සිතේ ඉරිසියාවක් උපදින්නේ නැතැයි කීවොත් එය බොරුවක්ය..ඒ වගේම දැහැන් අසල ඔහුගේ පෙම්වතිය හිදින විට මටද ඉරිසියාවක් සිතුණි. නමුදු පිළිගන්න දැන් ඒ ගැන කිසිදු හැගීමක් නැත. ඒ මා ආදරය පුද දෙනවා මිස කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවන හින්දාය.
නෙතු දකිනා දහසක් නෙත් මත
ඔබ නෙතු මා සෙවුව තරම්
ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත
මා ඔඛෙ නෙත් යුවලට පෙම් කෙරුව තරම්...
දෑසම අන්ධ වෙලා මා පෙම් කෙරුව තරම්
නොදනී ඔබ ඒ නොදනී....
මගෙ සිතම දනී එය
ඔබ හට නොපෙනේ
අන්සතු වූවත් මා හට හිමි නොවූවත්
ඔය නෙතු සගලට මා හැඩූ තරම්
සාගර තරමට කදුළැලි ගැලූ තරම්
ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත
පෙම් කෙරූ තරම්...
කිසිදින ඔබ හට නොදැනේවී
ඔය නෙත් දෙකටම මා හෙලූ සුසුම්
බොල් සුළගට මුසු වෙච්ච තරම්
නොපෙනේ පෙම්වත නොපෙනේ
මං පෙම් කෙරූ තරම්...
අහිතක් නොසිතමි මගෙ සිතම දනී
මුළු ලොවම දනී එය
ඔය නෙත් දෙක මට අහිමි බව
තරහක් නොම එයි
මට හිමි නොවූවත්
අන්සතු වෙන බව දැන දැන
මා පෙම් කෙරුව නිසා...

Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...