වත්සුණු පාට සායම්
උලාගෙන මුව කමල
සරසවන් දෙව්ලියන්
පරදවන් රැයේ තනියට
මග තොටින් එබෙන්නේ....
ඒ වුනත් පුසුඹ ගැන
සිතුවෙ නැහැ කිසිම
අත්තික්කා මල් වගේ
කරදාසි මලෙ රුව
විතරමයි ගැවසුනේ...
වංගුවෙන් හැරෙනවිට
නියොන් එළියට දිලෙන
නාදල්ලෙ පාට ගෑවුන
තොල් සගල සොලවමින්
මිලක් දෙන්නට වෙහෙසුනේ.........
නා කියා ගෙට ආපු දාකට
සුදන වෙන සළෙල වුන්
පිස දමා දැලි කුණු ඉතින්
කරයි අත දිගු ඇයට නෙක
නිගා කරමින් හැමදිනේ....
බුදුන් සිටි කල අම්බපාලිය
නොවුනමුත් වෙන්න බැහැ
මග්දලාවේ මරියා කොයිම
පටාචාරාවක්ද නුඹත් අද
කිසාගෝතමියක්ද සිතුනේ.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...

ළය නොපෙනෙන ලඳුනේ....
ReplyDeleteහ්ම්..... ස්තුතියි විමුක්ති...
Deleteරූපයෙන් ඔද වැටී
ReplyDeleteකාසියට වහ වැටී
නොසිතා වෙන වගක්
නොමග යති මේ ළදුන්
ඒ වුනත් බට්ටියේ කෝම නම් දිගු කරන්නද ඇගිලි... කෑගසා හඩනවා ඇති පපුව...
Deleteස්තුතියි බට්ටියේ...
කුහුඹුවකුට වරදක් නැති
ReplyDeleteවැරදි කාර ළදුනේ..
හ්ම්... ඇත්ත මල්ලි... ස්තුතියි ඔයාට...
Deletehmm... lassanai..
ReplyDeleteස්තුතියි...
Deleteකවිය තේරේ! නමුත් මුකුත් සිතාගත නොහැක :( :(
ReplyDeleteහිහි මොකුත් නොසිතාම ඉන්න මල්ලියේ... ස්තුතියි ඔයාට...
Deleteලැම පමණක් ලොවට පෙනෙන
ReplyDeleteලය නොපෙනෙන ළඳුනේ!
හ්ම්... ඔවුනෙ නුවන් මල්ලි....
Deleteකුහුබුවෙකුට ......... වරදක් නැති වැරදිකාර ළදුනේ!!!!!!!!!!
ReplyDeleteඒකනෙ නිපුන.... ස්තුතියි ඔබට ඇවිත් ගියාට ආලවන්ත හුදකලාවට...
Deleteපිරිමින්ගේ පාප කදට..දෝෂ විදින ලදුනේ .............
ReplyDelete:-( :-(
Deleteකවිය තේරේ......
ReplyDeleteඑනමුදු
කිසිත් කියන්න නොතේරේ....
ම්... මල්ලි ඉතින් බීටනෙ.... :-p
Delete