පඩි නැතුව
පඩි නගින
මිනිස්සුත්...
මස් නැතත්
මස් තලන
මිනිස්සුත්....
පන නැතත්
පන පොවන
මිනිස්සුත්...
නෙත් නැතත්
ලොව දකියි
මිනිස්සු......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
අන්ධ අයත් ලෝකය දකිනවා. ඒ එයාලගේ විදිහට...
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් දිනිති !
ස්තුතියි මධුරංග..
Deleteමෙහෙම අයත් අපි අතර ඉන්නව....ඒ ගොඩදෙනෙක්ගෙන් අපේ ජීවිත වලට ගන්න ආදර්ශත් තියෙනව නේද අක්කෙ??ලස්සනයි පෝස්ට් එක.
ReplyDeleteස්තුතියි සිහින මතකයන්...
Deleteඅන්ද අය අපිට වඩා ලස්සනට ලෝකේ දකිනවා..
ReplyDeleteඅනිවාර්යයි මල්ලි.
Deleteඅන්ධ මිනිස්සු පින් කරලා තියෙනව.මොකද ඔවුන් දකින්නෙ ඔවුන්ගේ හිතින් මවාගත්ත හොද ටික විතරයි.අපි එහෙමද??මිනිහෙක්ට බලන්න සුදුසු නැති හැම දේම මේ ඇස් 2න් දකිනවනේ!
ReplyDeleteඒකනම් ඇත්තම ඇත්ත මල්ලි..
Deleteමටත් කියන්න තියෙන්නෙ අන්ධඅය අපිටවඩා වාසනාවන්තයි...
ReplyDeleteහ්ම්.............
Delete