නිල් අහසම කළු වලාවිත්
වසාගෙන රෑ වෙලා වාගෙමයි....
කළුවරට මං බයේ ගුලි වුනා
පොරවනය ඇතුලෙම....
මහා සද්දෙට ගොරවගෙන
විදුලියක් කෙටුවා දුටුවා මං
සෙවනැලි එලි වැටෙන
ජනෙල් පියන් පත් අස්සෙන්...
හොදට ගුලිකර හැංගුනත් මම
පියන් ඇස්දෙක තද කරන්
දරන්නට බැරි අයිස් කැට වැටෙනවා
වහලෙට හරිම සද්දෙට......
හදිසියෙම දුවන්නට හිතුනා මට
පොරවනය විසිකරන්
වැටෙන හිමකැට ළගට....
සුන්දරව රටා තියලා මුළු මිදුලම
සුදු රෙද්දකින් වැසුවා වැනී.....
හෙමි හෙමින් අඩි තිය තියා
ඇවිද යනවිට මම ඔහේ
දරන්නට බැරි සීතල මතින්
හදිසියෙම හිත අතීතෙට ගියා
මතකද මන්දා....
ළග ළගම වෙලි වෙලි
ඇවිද ගිය මග දිගේ
නුඹ ළගින් හිද
උනුසුමක් දුන් හැටි.......
දැනුත් ඇස් තෙත්වෙන හැටි මගේ කොහොම නම් කියන්නද....
ඉතින්.......
සෙවනැල්ලක් වගේ ළග වුන්නු නුඹ ගැන හිත හිත අද මම කාත් කවුරුත් නැති නන්නාදුනන රටක පාරවල් දිගේ ඇවිදගෙන යනවා ඔහේ...මගේ ළගකින් අනේ උන්නා නම් නුඹත්.....මම තරම් තුටුවෙන කෙනෙක් නැති වෙන්න තිබුණා මේ ලොවේ කොහේවත්....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...

No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.