Wednesday, September 25, 2013
Saturday, September 7, 2013
මචං උඹ
ඉර බැහැල අඬ හෝරාව ළග
මචං වැල්ලේ උඹ උන්න
බීර පෙන දදා හති නගනකොට
ගනිං බන් කිවුවෙ හීනියට....
හප හපා රටකජු එකින් එක
තාලයට අළු කළා උඹ හිතම
කැරලි ගසමින් ආකහට ගිය
දුම් වළලු කොපමණද පැයකට...
නිය අගින් තට්ටුවක් මේසයට
ගස ගසා සිවුරුහන් කළ හඩට
තැනින් තැන නැවතිච්ච රෑ බදුල්ලට
මොනවදෝ උඹ කිවුවෙ නෑසෙන්ට
අතගගා පපුවෙ කෙහෙරොඳ හොඳට
එකින් එක ඇද්දෙ උඹ සීරුවට
දණ ගසාගෙන වැල්ලෙ අඬ සඳ
ගන්න තුරුළට කිවුවෙ උඹටම..
මඳක් රතුපාට උඹේ ඇස් දෙක
නාය ගියෙ කඳු හෙල් කඩාගෙන
වේගයෙන් දුවගොස් වැල්ල මැද්දට
අඬගැසූවා උඹ මැරුණු ප්‍රේමෙට...
මචං වැල්ලේ උඹ උන්න
බීර පෙන දදා හති නගනකොට
ගනිං බන් කිවුවෙ හීනියට....
හප හපා රටකජු එකින් එක
තාලයට අළු කළා උඹ හිතම
කැරලි ගසමින් ආකහට ගිය
දුම් වළලු කොපමණද පැයකට...
නිය අගින් තට්ටුවක් මේසයට
ගස ගසා සිවුරුහන් කළ හඩට
තැනින් තැන නැවතිච්ච රෑ බදුල්ලට
මොනවදෝ උඹ කිවුවෙ නෑසෙන්ට
අතගගා පපුවෙ කෙහෙරොඳ හොඳට
එකින් එක ඇද්දෙ උඹ සීරුවට
දණ ගසාගෙන වැල්ලෙ අඬ සඳ
ගන්න තුරුළට කිවුවෙ උඹටම..
මඳක් රතුපාට උඹේ ඇස් දෙක
නාය ගියෙ කඳු හෙල් කඩාගෙන
වේගයෙන් දුවගොස් වැල්ල මැද්දට
අඬගැසූවා උඹ මැරුණු ප්‍රේමෙට...
Wednesday, September 4, 2013
පැරඳුම
මේ බිනර අහස යට
ජීවිතේ හැරවුම් ලක්ෂයේ
කවිය ලියා යන්නට හැකිය.
ඇස් පිල්ලම් ගැහෙන
තුරු පතක
එකදු නිමිත්තක්වත් නොතියා
ගී කියූ කුරුල්ලා
ඉගිලෙන්න තටු ගසන
හෝරාවක
කවියේ
ශෝකීම වචන
ඇමිණිය හැකිය.
මේ උදෑසන
රාත්‍රිය තරමට
හිස්ය.
හදවත කළුවරය.
නිද්‍රාගත සප්නයක
කෙනිත්තුමකට ගැස්සී
ලබ් ඩබ් ගැස්මටත්
ගුලි ගැසී හැංගෙන
මූසලම උදෑසනක
අපරාජිත ප්‍රේමයේ නටබුන්
උගුල්වා විසි කරන්නට
අකුරු එල්ලන
කවියක්ය.
මනමාලකම් පෑ සුළඟත්
පැත්තකට වී අතපය සඟවා
බියපත් ඇස් උලුප්පා
ආවඩන්නේ
ආලවන්ත ඇස්වල
තෙතමනය නොගෙන්වන්න කියා නම්
මේ කවිය ඔබට බලන්නට හැකිය.
සදුදාවක සන්ධ්‍යාවක
හිරු ගිලී හෝරා දෙක තුනකදී
පාංශකූලයට
සංඝයා පැමිණි
නිශ්චිතම වෙලාවේ
අවිනිශ්චිත ගැඹුර
කවියෙන් බලන්නට නොහැකිය.
ඒත් මේ කවිය මං ලියමි.
ප්‍රේමයේ උඩුගං බලා පිහිනූ
කින්නාරාවිය
සියල්ල හැරපියා දියේ ගිලී
මියගිය පුවත
අද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.
2013/09/03
ජීවිතේ හැරවුම් ලක්ෂයේ
කවිය ලියා යන්නට හැකිය.
ඇස් පිල්ලම් ගැහෙන
තුරු පතක
එකදු නිමිත්තක්වත් නොතියා
ගී කියූ කුරුල්ලා
ඉගිලෙන්න තටු ගසන
හෝරාවක
කවියේ
ශෝකීම වචන
ඇමිණිය හැකිය.
මේ උදෑසන
රාත්‍රිය තරමට
හිස්ය.
හදවත කළුවරය.
නිද්‍රාගත සප්නයක
කෙනිත්තුමකට ගැස්සී
ලබ් ඩබ් ගැස්මටත්
ගුලි ගැසී හැංගෙන
මූසලම උදෑසනක
අපරාජිත ප්‍රේමයේ නටබුන්
උගුල්වා විසි කරන්නට
අකුරු එල්ලන
කවියක්ය.
මනමාලකම් පෑ සුළඟත්
පැත්තකට වී අතපය සඟවා
බියපත් ඇස් උලුප්පා
ආවඩන්නේ
ආලවන්ත ඇස්වල
තෙතමනය නොගෙන්වන්න කියා නම්
මේ කවිය ඔබට බලන්නට හැකිය.
සදුදාවක සන්ධ්‍යාවක
හිරු ගිලී හෝරා දෙක තුනකදී
පාංශකූලයට
සංඝයා පැමිණි
නිශ්චිතම වෙලාවේ
අවිනිශ්චිත ගැඹුර
කවියෙන් බලන්නට නොහැකිය.
ඒත් මේ කවිය මං ලියමි.
ප්‍රේමයේ උඩුගං බලා පිහිනූ
කින්නාරාවිය
සියල්ල හැරපියා දියේ ගිලී
මියගිය පුවත
අද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.
2013/09/03
Friday, August 23, 2013
මගේ ප්‍රේමය
ප්‍රේමය
ගොළුවා දුටු හීනයක් වගේමයි
කිය කියා
හිස ලූ ලූ අත දුවන්නිය වු
සෙනෙහෙවන්තිය මා විය.
ඌරන් ඉදිරියේ මුතු නොදමන්
පුන පුනා කීවත්
මා උගුරට හොරා බෙහෙත් බිවුවෙමි.
ආරේ ගති නෑරේ මුත්
මා
ඉවසීමෙන් සැනසීමම පැතුවෙමි.
ආප්ප පනමට ඉඩමක් දුන්නා
සේ හදවතේ සියල්ලම
සූර සූරා වෙන්දේසි කළ
සෙනෙහෙවන්තිය මාම විය.
අත හයිය නම් බත වරදීදැයි
සිත සිතා ඇඟිලි පහම එක වගේ
නොවේයැයි මතුර මතුරා
හිල් කූඩෙන් වතුර ඇද්දෙමි.
හැමදාම දකින කුකුළගේ
කරමලේ සුදු වගේ
කබලෙන් ලිපට වැටුණ
අසරණිය මාම විය.
ඉහේ ඇම්මට කොට්ටෙ මාරු කළ
ජම්මෙට වඩා පුරුද්ද ලොකු
තුන් සිතම මායාවක් වූ
ඔහු අසල
මරණ තුනක් ඇති මිනිහෙක්
පැණි කන්නා සේ ලද ප්‍රේමය
ළඟ හෙම්බත්ව වැළපුනෙමි.
අට වම්බොටු නව සුංගම්
අය කළ පරිද්දට
අත්තටු කපා පියාඹන්නට කියා
ප්‍රේමයෙන් මා නිදහස ලැබුවෙමි.
උනු හින්ද බොන්න බැරි
කිරි හින්ද හලන්න බැරි
මගේ ප්‍රේමය
අන්ධයෝ අලියාගේ හැඩ කිවුවාට සමාන විය.
ගොළුවා දුටු හීනයක් වගේමයි
කිය කියා
හිස ලූ ලූ අත දුවන්නිය වු
සෙනෙහෙවන්තිය මා විය.
ඌරන් ඉදිරියේ මුතු නොදමන්
පුන පුනා කීවත්
මා උගුරට හොරා බෙහෙත් බිවුවෙමි.
ආරේ ගති නෑරේ මුත්
මා
ඉවසීමෙන් සැනසීමම පැතුවෙමි.
ආප්ප පනමට ඉඩමක් දුන්නා
සේ හදවතේ සියල්ලම
සූර සූරා වෙන්දේසි කළ
සෙනෙහෙවන්තිය මාම විය.
අත හයිය නම් බත වරදීදැයි
සිත සිතා ඇඟිලි පහම එක වගේ
නොවේයැයි මතුර මතුරා
හිල් කූඩෙන් වතුර ඇද්දෙමි.
හැමදාම දකින කුකුළගේ
කරමලේ සුදු වගේ
කබලෙන් ලිපට වැටුණ
අසරණිය මාම විය.
ඉහේ ඇම්මට කොට්ටෙ මාරු කළ
ජම්මෙට වඩා පුරුද්ද ලොකු
තුන් සිතම මායාවක් වූ
ඔහු අසල
මරණ තුනක් ඇති මිනිහෙක්
පැණි කන්නා සේ ලද ප්‍රේමය
ළඟ හෙම්බත්ව වැළපුනෙමි.
අට වම්බොටු නව සුංගම්
අය කළ පරිද්දට
අත්තටු කපා පියාඹන්නට කියා
ප්‍රේමයෙන් මා නිදහස ලැබුවෙමි.
උනු හින්ද බොන්න බැරි
කිරි හින්ද හලන්න බැරි
මගේ ප්‍රේමය
අන්ධයෝ අලියාගේ හැඩ කිවුවාට සමාන විය.
Thursday, August 15, 2013
සොයනු කුමකටද...
අතරමං හිතක ලතැවිල්ල
නතර නොවෙනා වැලපිල්ල
කතර දුර වුනත් කියවිල්ල
අතර මැද ඇතිය ඇරඹිල්ල...
කවියකට කවියක් සමකළ හැකිද
හදවතක හැගුම් මිල කරණු කුමටද
කුලියකට ගන්න බැරි කමද
කවි හිතක ඇති ගැඹුර දැක්කද...
ඉස්සිලා හසරැල්ල නගන විට
ඇලවෙලා ඇලපිළි දමනකොට
වැරදිලා ලියවුනා කියා කුමකට
කවිවෙලා කවි හිත් පිපෙනකොට...
හඳිස්සියෙ අවදි වුන කුරුල්ලෙක්
තටු ගසා අසන විට රංචුවක්
හිස් අහසෙ ඇවිද යන සිතුවිල්ලක්
වගෙයි ජීවිතෙ තනිකම බරක්
සිසිරයට එන්න යැයි නොකිවුවට
හැමදාම වසන්තය කෝ ඔබට මට
තනිකමට ගසක මල්ඵල හැදුණාට
අයිති නැති හැටි දැක්කාද ගසකට...
ඇල් මැරුණ තැන් හමුවුණත්
ඔප දැමූ කවියක ඇසෙයි වෙණ නද
පිස දමා නිදහස්ව කොනින් කොන
විඳින්නට හැකිය කවි දන්නවද ....
නිදි නැතිව බලා ඉන්නා රාත්‍රියකට
කවි කතා බිම වැටෙයි නොකියාම
සඳ කිණිති එක දෙක හැපි හැපී තිබුණාට
අසන්නට එපා හදවත රිදෙයි හොඳටෝම....
අහුමුළු වලින් එබිකම් කරන විට හඳිස්සිය
මඟහැරෙන තැන් අනන්තය මේ විශ්වයෙම
හැව ඇරල ඉස්මොළ ඇතුළෙ පිරිසිඳුව
බලනු මැන කවියෙක් සොයා යනු කුමකටද.....
නතර නොවෙනා වැලපිල්ල
කතර දුර වුනත් කියවිල්ල
අතර මැද ඇතිය ඇරඹිල්ල...
කවියකට කවියක් සමකළ හැකිද
හදවතක හැගුම් මිල කරණු කුමටද
කුලියකට ගන්න බැරි කමද
කවි හිතක ඇති ගැඹුර දැක්කද...
ඉස්සිලා හසරැල්ල නගන විට
ඇලවෙලා ඇලපිළි දමනකොට
වැරදිලා ලියවුනා කියා කුමකට
කවිවෙලා කවි හිත් පිපෙනකොට...
හඳිස්සියෙ අවදි වුන කුරුල්ලෙක්
තටු ගසා අසන විට රංචුවක්
හිස් අහසෙ ඇවිද යන සිතුවිල්ලක්
වගෙයි ජීවිතෙ තනිකම බරක්
සිසිරයට එන්න යැයි නොකිවුවට
හැමදාම වසන්තය කෝ ඔබට මට
තනිකමට ගසක මල්ඵල හැදුණාට
අයිති නැති හැටි දැක්කාද ගසකට...
ඇල් මැරුණ තැන් හමුවුණත්
ඔප දැමූ කවියක ඇසෙයි වෙණ නද
පිස දමා නිදහස්ව කොනින් කොන
විඳින්නට හැකිය කවි දන්නවද ....
නිදි නැතිව බලා ඉන්නා රාත්‍රියකට
කවි කතා බිම වැටෙයි නොකියාම
සඳ කිණිති එක දෙක හැපි හැපී තිබුණාට
අසන්නට එපා හදවත රිදෙයි හොඳටෝම....
අහුමුළු වලින් එබිකම් කරන විට හඳිස්සිය
මඟහැරෙන තැන් අනන්තය මේ විශ්වයෙම
හැව ඇරල ඉස්මොළ ඇතුළෙ පිරිසිඳුව
බලනු මැන කවියෙක් සොයා යනු කුමකටද.....
Saturday, August 3, 2013
පරදමු අමන කැළ
නිදහස ලබා ඔල්වරසන් ගැසුව දිනේ
නුඹලා වුනිය මහ විරුවන් සතර කොනේ
මඳහස පපා රට කරනා උන්ගෙ විනේ
පිපිරී ගියා නොවෙදැයි නුඹලාට අනේ...
හරි හෝ වැරදි අණසක ලැබුණාය කියා
හිත හෝ නොහිත උණ්ඩය දුර ගියා කියා
අද හෝ හෙටත් මේ බිම අපගේම කියා
සුරකින නුඹලාම ඇයි කලෙ එවැනි නියා
උඩ යට දෙපැත්තෙම ඉන්නේ හොරුයි රටේ
මුල මැද අගින් කොතනිත් කනවාය ඇටේ
දුක කිය කියා ගියහොත් වැරදෙනව රටේ
පෙර දින ගිහින් මනුදම් නැව් නැගල රටේ
පෙනි පෙනි වරද ඇස් පියවන් ඉන්න විට
පැන පැන හුරේ තියනව උන් හතර වට
නුඹ මෙන් මමත් ඉපදුන මේ උතුම් රට
තිරිසන් අමන කැළ පරදමු නොදී හෙට
_____________________දිනිති _______
නුඹලා වුනිය මහ විරුවන් සතර කොනේ
මඳහස පපා රට කරනා උන්ගෙ විනේ
පිපිරී ගියා නොවෙදැයි නුඹලාට අනේ...
හරි හෝ වැරදි අණසක ලැබුණාය කියා
හිත හෝ නොහිත උණ්ඩය දුර ගියා කියා
අද හෝ හෙටත් මේ බිම අපගේම කියා
සුරකින නුඹලාම ඇයි කලෙ එවැනි නියා
උඩ යට දෙපැත්තෙම ඉන්නේ හොරුයි රටේ
මුල මැද අගින් කොතනිත් කනවාය ඇටේ
දුක කිය කියා ගියහොත් වැරදෙනව රටේ
පෙර දින ගිහින් මනුදම් නැව් නැගල රටේ
පෙනි පෙනි වරද ඇස් පියවන් ඉන්න විට
පැන පැන හුරේ තියනව උන් හතර වට
නුඹ මෙන් මමත් ඉපදුන මේ උතුම් රට
තිරිසන් අමන කැළ පරදමු නොදී හෙට
_____________________දිනිති _______
Thursday, July 25, 2013
අහිමි වීමේ ප්‍රථම හැගුමක්.
කාලෙකින් පපුවට දැනෙන්න
හිත හෙල්ලුනා_______________
හදවතේ සංවේදී සෛල තවමත්
පණ ගහනවා කියලා දැනුනා______________
ඇට මිදුළු කකියන්නට වේදනාව
දැනෙනවා කියලා තේරුණා_____________
මේ ගලන්නේ
________ප්‍රේමය________
නම්...............
ඒ ප්‍රේමයේ ධාරිණිපාත වර්ෂාවට
තෙමෙන්නට මඟ බලා ඉන්නවා_______________
දැන් ආදරයේ අසෙණිය වැසි වැටෙයි_____________
ඒ වැස්සට තෙත බරියම් වී හෙම්බත්ව
ඉන්නට ආසයි________________
ඒත් හදිස්සියකවත් කවුරුන් හෝ කියයි
පිස්සු යැයි කියා_______________
ආදරය...විරහව.... කදුළ... විතරමද අහයි
ළගක ඇත්තෙ______________
නැහැ..............නැහැ...............නැහැ..................
ගිරි දුර්ග මග දිගක කටු කොහොල් පිරි
තරම දන්නවා_______________
ඒත් සහේතුකව හිත ඉල්ලන්නෙම සබුද්ධික
නුවණ වෙනුවට මේ උන්මාදනීය හැගුමම නම්________________
ඉතින් සිහි විකල් කර ශල්‍යකර්මයකට යනවාට වඩා..........
මේ රිදීම් දැනීම් මත වෙලී හිදීම අපුර්ව නොවන්නේද..............?
කාලෙකට කලින් උන්මාද ප්‍රේමය ගැන ලියන්න හිත කිවුව. ඔව් මං දැනෙන හැම හැගීමම ලියනව. අහන්න එපා ඇයි හිත හෙල්ලුනේ කියල. ඒත් පළවෙනි වතාවට අහිමි වීමේ අනාගත සලකුණු ගැන අනාවැකි කියන්න මගේ හිතට සිතිවිලි වැළ නොකැඩි ආව. මං අසරණ වුනා මගෙ හිතත් එක්කම. මං දන්නව උපදින්නත් පෙර ගබ්සාව වීම දුකක්. මිහිපිට දරන්න බැරි දරුණු වේදනා අතර එකක් . ඒ එතරම්ම කළලයට අපි ආදරේ නිසා. ඒත් අහිමි වීමේ ගබ්සාව හදවත පතුලෙ පුංචියට තැන්පත් වුනා.
දැන් මං දන්නව ඔයා කියයි මැදිහත්ව හිතන්න. දුක දැනෙනව අඩුයි කියල. බැරි නැහැ. පුලුවන් එහෙම හිතන්න. ඒත් අහිමි වීම් ළඟකම හුස්ම එකතු කරපු ජීවිතයකට තවත් මැදිහත් වීම අමාරුයි.
මං දන්නවා සැත්කමකට වුනත් මේ හිත දැන් බාරගන්නෙ නැහැ. පිළිකාවක් වගේ මගෙ ඇග හැම තැනම ලේ වල ඉදන් ගමන් කරල ඉවරයි. ආපසු හැරෙන්න බැහැ. ඒත් දෙයක් කියන්නම්.
ගෑණු ළමයි කොච්චර හිතුවක්කාරයි මුරණ්ඩුයි වගේ පෙනුනත් පුංචි පුංචි බොළද අහිංසක කම් තියෙනව. මං ඉස්සරම දවසක් කිවුව. අහස පොළව ඉර හඳ තාරකා නෙමෙයි ඉල්ලන්නෙ. සමහර වෙලාවට කිසිම වටිනාකමක් නැති එකම එක දෙයක් වෙන්න පුලුවන්. ඒත් එහෙම දේවල් ළග ගෑණු හිත් තනිවම විදින සුන්දරත්වය මහ හුගයි.
දැන් දැන් මගෙ පපුවෙ හිරවීමක් එනව. හයියෙන් හුස්මක් අරගෙන ආයෙත් ඇස් දෙක පියාගත්ත. මං බයයි ඇස් පියාගන්න. ඒ සිහිනයකින් හෝ අහිමි වීම ගැන මට පෙනෙයි දැනෙයි කියල. ඒත් මම වෙනද වගේම ආයෙම මාව කෙනිත්තුව. මම පියවි සිහියෙන් තමා ඉන්නෙ. ඒ කියන්නෙ මට දැනුණ දේ ඇත්තක්. අඬු කතුරු පිහි අමෝරාගෙන සෛලයක් සෛලයක් ගානෙ කපමින් මහමින් මේ දැනෙන සංවේදී හැගීම මගෙන් නැතිවෙන නම් ,
එදාට මට මැදිහත්ව නෙමෙයි අහස කඩාගෙන වැටුණත් ඔහේ වැටුණාවෙ කියල ඉන්න පුලුවන් වෙයි. ඔන්න බෝම්බයක් ගහන්න යන්නෙ කිවුවත් නෑසු කන්ව ඉන්න පුලුවන්.
දැන් ඉතින් තනියම හිනාවෙයි මේ අකුරු වලට. මං දන්නවනෙ ඒ ඔයාගෙ හැටි. ඒත් මට කියන්න ඕනි වුනේ වෙන දෙයක්. ඒ මොකක්ද දන්නවද... කොයිම වෙලාවකවත් කිසිම දේකට අසීමාන්විතව ආදරේ කරන්න නරකයි. නිතරම ළඟ තියාගන්න උත්සහා ගන්න නරකයි. මොකද ලැබෙන සෑම දෙයකම නොලැබීම කියන විරුද්ධ පදය අත් නොහරින බන්ධනයක් වගේ පසුපස ලුහු බඳිනව. ලැබෙන පුංචි ඉඩකදි දිනුම ගන්න බලා ඉන්නව.
උඩ ඉදන් පහළට ජීවිතේ පල්ලම බැලුවම හරිම ගැඹුරයි කියල දැනෙද්දි ...ඒ තරම් පහළක ඉදන් මේ කන්ද තරණය කළා කියල දැනෙද්දි එකම එක පුංචි සිතුවිල්ලක් හෝ කිහිපයක් නිසා ආයෙමත් පහළට වැටෙන්න නරකයි.
දැන් කියන්න එපා කියන්නෙ මොනවද කිවුවෙ මොනාද කියල...ඒත් මට තේරෙණ එකම දේ කිසිම තැනකදි පමණට වඩා විවෘත වෙන්න නරකයි වගේම සංවේදී වෙන්න හොද නැහැ.
අනේ ඉතින් මං කොහොමද මේ දේවල් නැති කරගන්නෙ. ඔව් මං කරනව ශල්‍යකර්මයක්. හිත තද කරගෙන මං ඒ දේ කරණවමයි. නිඳ්‍රාගත සප්නයක හිදිනවාට වඩා ගලක් තරම් තද හැගුම් හා දිවි ගෙවීම අපූරුයි.

Saturday, July 13, 2013
සිහින දිනිය යුතුමය.
සිහින...සිහින
හා මා අතර ඇත්තේ හරි අපූරුම සම්බන්ධයකි. එය කෙනෙක්ට කිවොත් සිනහසෙනවා
අනිවාර්යය. එහෙත් සිහින අත්හැර මට එකදු හුස්මක් ගන්නට බැරි බව නම් ඇත්තය...
හිත අතීතයට දිව යන්නේ නොසිතාමය... පුංචිම දා කවුරු වගේ වෙන්නදැයි දෙක වසරේ කුමාරතුංග ගුරුතුමිය ඇසු විට මා කිවුවේ මං කැමතියි ටීච වගේ වෙන්න කියාය. එදා යමක් කමක් නොතේරුණ දා මා ඇයට අසීමිතව ආදරය කලෙමි. හොරණ එකල අපි හදුන්වන ලොකු ශ්‍රිපාලිය ගාවම පාරේ අරුන්දතියට යන මගෙහි ඇගේ නිවස පිහිටා තිබුණේය. අදද ඒ නිවස ළගට හදවතින් දිව යන වාර අනන්තය. පුංචි මගෙ හිස අතගා වාඩිවෙන්න යැයි කිවු ගුරුතුමිය වන්නට මට බැරිවිය. එහෙත් ඈ හදේ උතුරන ආදරය කරුණාවෙන් එකම එක නිය තුඩක් හෝ මට හිමි කරගන්නට මා වැර ගත්තෙමි. තුන්වන වසරට සමත්වෙන විට වෙනත් පාසලකට මාරුවක් ගත් මට කුමාරතුංග මිස් වෙන සිහිනයම හිතේ නොතිබුණා නොවේය.
ඉදින් එදා නොදන්නා දා පටන් පෙම් කළ සිහින සහ මා අතර ගණුදෙණු අප්‍රමාණය. මව්පිය තුරුලේ රැදෙමින් සිහින දකිනවාට වඩා අප යොවුන් වියට ආ විට සිහින දකින ප්‍රමාණය බොහෝ සෙයින් වැඩිය. එයිනුදු පෙම්වතා හෝ පෙම්වතිය මුල්කරගෙන ගොඩ නගන සිහින මෙපමණයැයි අපට කිව හැකිද. ඔබ මෙන්ම මාද එසේමය. ජීවිතයේ අසරණ වෙන හැම මොහොතකම සිහින ගැන දැඩි විශ්වාසයකින් මා බැදෙන බව නම් අනිවාර්යය කරුණකි.
හිත ආපස්සට යන සෑම තැනකදීම මා නවතින එක තැනක,
මේකි නම් හීන පිස්සියක්...
ඔව් අයියෙ මං හීන පිස්සියක්..ඔයාට කරදරයක් නැහැනෙ..
අපොයි මට කරදරයක් නැහැ තමා...ඕව කීයක් දැන් මාව අල්ලන් දැකල තියෙනවද කියන්න බලන්න...
එකම එකයි අයියෙ ඔයා වටේ තියෙන්නෙ...
පුදුමයි..මගෙ මෝඩි එකම එක හීනෙද මා එක්ක දැකල තියෙන්නෙ....
හ්ම්....
කෝ...කෝ..ඔලුව උස්සනව...බිම බලාගන්නෙ නැතුව...
බෑ....
බැරි හැටි මම පෙන්වන්නම්...
ඔය ඉතින්..රිදෙනව මට....
රිදෙන්න තමයි ඇල්ලුවෙ...
යකා...පෙරේතයා...ගැඩවිලා...
ආහ්...ආහ්...තව ජාති තියනවද කියන්න..
තියෙනව තමයි..ඇයි මොකෝ...
මොකුත් නැහැ..කියනව බලන්න දැන් ඔය හීනෙ..
මට බෑ..බෑ..බෑමයි...
ගුටිකනවා...
හා ගහනව බලන්න...
ඔව් ඉතින් මේකිට එහෙම කරන්නෙ නැති නිසා කියෝනව මෙතන...
වැඩේමයි...
වැඩේ තමයි කියනව ඉතින් දැන් හීනෙ..
අනේ මට ලැජ්ජයි හලෝ...
අපොයි අපුරු ලැජ්ජාව මගේ ළග...මෝඩි..උඹ මගෙ..මොකට ලැජ්ජ වෙන්නද...ආහ්..
මට ...මට.....
මට මට මොකද ගොත ගහන්නෙ....
අනේයියා...ඉතින් ඉන්නවකො කියනකම්..
කියනවකො ඉතින්...
මට ළමයි ගොඩා....රියක් ඕනි...මහා.... හුගාක්..
හපොයි මේකි දකින්න තියෙන ලේසිම හීනෙනෙ දැකල තියෙන්නෙ..ඈ මැන්ටලේ ඔය වගේ එකක් විතරක් දැක්කම ඇති...
අනේ..ඉතින්...
අනේ ඉතින් තමා...මේකි තමයි දවසකට හරි කෙල්ල...
ඔය ඉතින් මං ඔයාට ඒකනෙ කියන්නෙ නැත්තෙ....
හරි හරි දැන් මොකටද ඔච්චර ළමයි තොගයක්...
මොන්ටිසෝරියක් දාන්න...
කිවුව නේද කටේ තොලේ නොගෑවි බොරුවක්....
යනව යන්න...හැකරැල්ලා...
දැන් හැකරැල්ලෙක් ගෙනත් දානව ගවුම අස්සට...
ඊයා...දුප් යන්න...ඔයා හොඳ නැහැ අයියෙ..
හොඳ නැති නිසා වෙන්න ඇති මගෙන් ළමයි ගොඩක් ඉල්ලන්නෙ...
නෑ මට ඕනි නැහැ එකෙක්වත්...
ඇත්ත.......ට...........
ඇත්ත තමා....
හා හා මේ අහන්න මගෙ මැණික...ජීවිතේ මෙන්න මෙහෙමයි කියල කලින් දැනුම් දීල දේවල් අපිට සිද්ද වෙන්නෙ නැහැ...අද මං ළග ඉන්න ඔයා හෙට නැතිවෙන්න පුලුවන්.. සිහින දකින්න සුදු. ඒත් ඒ හීන නිසා ජීවිතේ ආපස්සට හරව ගන්න එපා කොයිම මොහොතකවත්..තේරුණාද.... අපි දකින හැම හීනෙම අපිට ඉටු නොවෙයි මගෙ නංගියෙ..ඒත් අත් අරින්න එපා එහෙම වුනා කියල කිසිම සිහිනයක්...
ඉපදුණ ගමන් දරුවෙක් ඇවිදින්නෙ නැහැ වගේම සිහිනයක් දැක්ක පමණට ඉටුවෙන්නෙ නැහැ...ඒක නිසා ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. දැන් හිතන්න... දරුවො හුගක් හදන්න ඕනි නම් මගෙ නංගි හොද සෞඛ්‍යෙයන් ඉන්න ඕනි...හොද අම්ම කෙනෙක් කොහොමද කියල ඉගෙන ගන්න ඕනි...ඒ දරුවො රකින හැටි ඉගෙන ගන්න ඕනි...ඒ තියා ඒ දරුවෙක් අහිමි වුනොත් ඒකත් දරාගන්න පුරුදුවෙන්න ඕනි... මං දන්නව මගෙ කෙල්ලට ඒව නම් හරිම සිම්පල් කියල..
ආයෙත් අහල...ඕව මොනාද අයියෙ...
ඔව්..ඒ වගෙම මම නැති වුනත් වෙන කෙනෙක්ගෙන් හරි ඔය සිහිනෙ ඔය විදිහටම ඉටුවෙනකම් දකින්නම ඕනි..
අනේ..ඔය දුක හිතෙන කතා කියනව...
දුක කියන්නෙත් සතුට කියන්නෙත් එකම මිනිස් හිතට එන හැගීම් පැට්ටො...ඒව දිහා උපේක්ෂාවෙන් බලන්න..වැඩිය දුර හිතන්න එපා...
ඒ වුනාට මට අයිය ඕනි...
ආහ්...හදිස්සියෙ මම හෙට මැරුණොත්...දැන් ඔය සිහිනෙත් මැරෙනවද...?
මොනාද අයියෙ...
මොනවත් නෙමෙයි...අපි කිසි කෙනෙක් මත්තෙ ජීවිතයෙ කිසිම දෙයක් ගොඩ නගා ගන්න හොද නැහැ රත්තරං...එහෙම වුනොත් අපිට අපිවත් නැතිවෙනව...තේරෙනවද...
හ්ම්...තේරෙණව...
______________________________ _
සත්තටම එදා ජිවිතය අකුරෙන් අකුර කියල දුන්න ඔබ නැතත් මා අදත් සිහින තොගයක් දකිමි. ඒ වෙනුවෙන් කැපවෙමි. මහන්සි වෙමි...වැරදුණා මග හැරුණා කියා සිහින හෝ ජිවිතය අතැර නොයමි. ඔබද එසේ වන්න.දිනක මේ සිහින සැබෑවෙනවාමය...

______________________________

Sunday, June 30, 2013
තනිය තමයි මට කවිකම් ගෙනෙන්නේ
නිතර රිදෙන හදවත තව රිදෙන්නේ
අතුරු සිඳුරු නැති තනිකම පිරෙන්නේ
මිතුරු මිතුරියන් කුමටද සොයන්නේ
අකුරු ගනිමි කවියකි ඉන් මැවෙන්නේ
තනිය තනිය කියා කයිය ගැයෙන්නේ
හරිම මැදක පපු මත්තම රිදෙන්නේ
තැවුල් අවුල් නැහැ හැරදා දුවන්නේ
කැපුම් කෙටුම් ඇත කවිපද ලියෙන්නේ
පංගුපේරුවට ඇවිදින් වචන වුනත් වැදෙන්නේ
රංගකාරි හරි හැටියට පෑන තමයි කියන්නේ
සංවිධානෙ නැති වූවොත් ඇතැගිලි නිදි මරන්නේ
හැන්දැයමේ ඇවිත් යන්න කවි සුළගින් එවන්නේ...
සොදුරු කුමරු කොහි ගියාද නැහැ තතු නම් අසන්නේ
අදුර එන්න අදත් කලින් මගෙ සිහිනය තියෙන්නේ
අඹර පුරා රටා තියන තරුවැල් තනි බිදින්නේ
කවර කළක් ගියත් කවිය නැහැ පුස්ගඳ හමන්නේ...
හිතම බලා බෙහෙත් කියන දොස්තර දුර සිටින්නේ
අතක් අරන් ඇවිද යන්න තව බොහො කල් තියෙන්නේ
දුකක් තමයි හැම කවියෙම එළිවැට ලෙස ගැනෙන්නේ
හුඟක් පෙමක් අද ලැබුණත් හෙටත් තනිය තියෙන්නේ...

Thursday, June 27, 2013
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී
ඉක්මනට යන් ඉතින් ..දැන් නහයෙන් අඩ අඩ නේද ඉදියෙ...
බෑ මට රටකජු අරන් දීල හිටියොත් එනව..
ඔව් ඒ ගමන බස් එක පරක්කු වුනා කියනවකො..
හරි හරි මට රටකජු ගේන්නකො..
ගේන්නම් එතකන් බස් එකට නැගල ඉඳගෙන ඉන්නකො...
ඕකේ සර්...මෙන්න නැග්ග..
මැන්ටලේ..ඒ පාර සර් කියනව..ඇත්තමයි මේකි..ඉන්නව අල්ල ගන්නම්කො..
හාකො..
____________________________________
" හිටියොත් හොඳට හැදී..දෙවියොත් නමට වදී..."
කෝ..කවුද කියන්නෙ...
කවුරුත් කියන්නෙ නැහැ..අර අතන බස් එකේ ඉස්සරහ ඩ්‍රයිවර් සීට් එකට උඩින් ගහල තියෙන්නෙ..
ඉතින් ඕව කියව කියව යන්නද මාවත් එක්කන් ආවෙ...දෙනව මට රටකජු ටික...
මැට්ටි..ඒව කියව කියව යන්න නෙමෙයි...
ඒ වුනාට බලන්නකො කී දාහක් මේ බස් එකට එනව යනව ඇද්ද..කොච්චර ඇස් සංඛ්‍යාවක් දකිනව ඇද්ද..
හයියෝ..දැන් මෙයාට ගණිත ප්‍රශ්ණ...
ගණිත ප්‍රශ්න නෙමෙයි මෝඩියෙ...අපි එක් කෙනෙක් හරි හරියට කල්පනාවෙන් හිතුවොත් නොදැනුවත්වම යහපත් දෙයක් නේද අපිට කියන්නෙ...
අනේ..මේ ඔන්න වැන්දා...අද නම් බණ මට එපා....
බණ නෙමෙයි පිස්සියෙ..හැමදාම වගේ ආදරේට මං මේව කියල දෙන්නෙ...
අනේ ඔයාගෙ ආදරේ...ඔයිට වඩා කොච්චර දේවල් තියෙනවද කියවන්න...
ආදරෙයි ආදරෙයි කිය කියා හිස් දේවල් වරු ගණන් කියවනවට වැඩිය ඔයාටයි මටයි දෙන්නටම වටින දේවල් කතා කලහම හරිම සුන්දරයි නේද...
මං දන්න සුන්දරයක් නැහැ..මං යනව යන්න...
යන්න නම් ආවෙ මොකටද ....
කවුද එන්න කිවුවෙ..
ඇයි ඉතින් නහයෙන් හොටු පෙර පෙර අඩද්දි එන්න නොකිය ඉන්න පුලුවන්ද..
ඇත්තමයි මං දැන් ඔයාට ගහනව...
ගහල හරි කමක් නැහැ මං කියන දේ අහන්නකො ඉතින්..පිස්සි...
පිස්සියන්ට ඕව තේරෙන්නෙ නැහැ....
තේරෙන්න කියල දෙන්න මං දන්නව..කෝ අහනවකො ඉතින්..
හයියෝ..ඔයා නම් මහ නරකයි....මට එපා ඔයාව..
එපාම කියයි..මං දන්නෙ නැද්ද මේ මෝඩිව...
යනව යන්න...
ඔව් පණ්ඩිතය වගේ යනව යන්න කියනව. මං යන්නෙ නැති බව දන්න නිසා...අනේ ඇත්තමයි මේකි නම් මැන්ටලයක්ම තමා......කොහෙන් ආවද මන්දා මං ගාවට..
හරි හරි දැන් කියන්නකො..මහ ලොකු දේ..
මහ ලොකු දෙයක් නෙමෙයි රත්තරං...පුංචි පුංචි දේ තුල තමයි අපිවත් නොහිතන ලොකු දේවල් තියෙන්නෙ.
අපි හැමවෙලේම යහපත් දේ කරන්න කියන්න පුරුදු වෙන්න ඕනි. විහිළුවටවත් බොරුවක් කියන්න නරකයි. මං දන්නව එහෙම නොකර ඉන්න බැහැ..
අයියෝ ඔව්...මම නම් අනන්ත බොරු කියනව..
ඔය මැදින් පනින් නැතුව අහගෙන ඉන්නවකො...
සමහරවෙලාවට නොදැනුවත්වම අපි අතින් කී දෙනෙක්ගෙ හිත් රිදෙන දේ කියවෙනවද..දැන් බලන්න ඔයා..මගෙ හිත රිදුණට කමක් නැහැ..මං දන්නවනෙ මේ පිස්සිගෙ හැටි...ඒත් වෙන කෙනෙක්ට අපි කටින් වචනයක් පිට කරන්න හදනකොට ඒ ගැන දෙතුන් පාරක් හිතන්නම ඕනි. කිවුව දෙයක් ගන්න බැහැ වගේම රිදුණ හිතක් හදන්න බැහැ...
අනේ මං ඕව දන්නව..හැමතැනම ඕවගෙ ඒව අහනව...
ඇහුවට අපේ මිනිස්සු පිළිපදින්නෙ නැහැ නේද මැණික..අද රුපවාහිනියෙ ..රේඩියෝ එකේ කොච්චර මේවගේ දේවල් කියල දෙනවද...ඒත් ස්ටයිල් එකට අපි අරක අහනව..මේ වැඩසටහන අහනව කියල කියවනව විතරයි නේද...ඒ මොහොතෙ ඇහුව ..ඉවරයි නේද...මම කියන්නෙ මේව ප්‍රායෝගිකව එකතු කරගන්න මිනිස්සු උත්සහ කරන්නෙ නැහැ.. හරිම කම්මැලියි..ඒ කම්මැලිකමම අපිව දුර්වල පුද්ගලයින් කරනව.
ඔයා හොදයි පන්සලකට යන්න..මහණ වෙලා බණ කියන්න..
ඇත්තමයි දැන් මං මේකිට ගහනවා...ගහනවාමයි...
හයියෝ මට මේව එපා...
එපා දේමයි කියන්නෙ..මෝඩි...හිතනව ගිරවු වගේ දවසට කි පාරක් අපි පන්සිල් ගන්නවද...ඒත් අඩුගානෙ පන්සිල් පද පහේ තේරුම හිතට අරන් ඒක රකින්නවත් බැහැ නේද...
මට බැහැ තමා පන්සිල් පද පහම රකින්න...මං බොරු කියනවනෙ..හු ..හු...
ඒක තමයි මං කිවුවෙ..හැම වෙලේම ධාර්මිකව ජිවත්වෙන්න ඕනි පැටියො අපි..අපිට අනුන්ට කිය කියා යන්න බැහැ..ඒත් තමන්ගෙ අයට කියල දෙන්න පුලුවන්...හැමදාම වගේ මිනිස්සු බලා ඉන්නෙ වරදිනකම් අපිට...අපි හොදින් ජිවත්වෙනවට මිනිස්සු ඉරිසියයි. කුහකයි..අපිත් වැරදි වැඩ කර කර සමාජෙ ඉන්නව නම් හැමෝම හරිම ආදරෙන් හරි බොළද වචන දදා අපිට කතා කර ලංවෙලා ඉන්නව...එහෙම අයව තේරුම් ගන්න තරම් අපි දැනුවත් වෙන්න ඕනි පැටියො...
අනේ මට නම් තේරෙනිනෙ නැහැ...මං රැවටෙනව ටක් ගාල....
ඒ රැවටීම නෙමෙයි මෝඩි..හොද වැඩිකම..ඒත් සමාජෙ මිනිස්සු...මිනිසුන් දාහක් ආශ්‍රය කලොත් චරිත දාහක් රඟපාන්නෙ...අපිට එහෙම වෙන්න බැහැ..වෙන්නත් හොඳ නැහැ...අපි කොයි තැනදිත්...කාටත් එකම විදිහට ඉන්න ඕනි...අපි අපි තනි තනිව ගුණ ගරුකව ධාර්මික ජිවත්වෙන්න පුරුදු වෙන්න ඕනි...නිවැරදි ධර්මානුධර්ම ප්‍රතිපත්තියකට හිටියහම දෙවියොත් වදිනව...තේරෙණවද...
ම්...තේරෙනව...
ආහ් තේරුණාද මයෙ ඉබ්බිට...
අනේ යනව යන්න..ඉබ්බා...
මෝඩි....
මේ ටැන්කිවු හොදේ...
ඇහ් මාලු එපාද....
මාලු මොකටද....
ඇයි මෝඩියෙ ටැන්කිය ගැන කිවුවෙ...
ඇත්තමයි මෙයා නම් මහ මොකෙක්ද මන්දා...
මොකෙක් වුනත් ඔයාට ආදරෙයිනෙ සුදු...
හපොයි ඔව් මං ඒක දන්නව...
දන්නව නම් එනව යන්න..බහින තැනටත් ආව...
හරියෝ....මෙයාගෙ පස්සෙන් නෑවිත් කොහේ යන්නද මං...
පිස්සි මගෙ...

Saturday, June 22, 2013
සියදිවි නසාගත් නිළිය,
වෙලේ ඕවිටේ දුව පැන ඇවිදාන
නෙලු පලා ඉහිරුණිදෝ නොකියාම
සඳේ සඳ රැසින් රූ සිරි වැඩුණාම
මලේ පෙති වලට විසවෙයි නොදැනීම....
රිදී කලේ දිය උකුලේ තබාගෙන
තැබූ පයම හෙල්ලුනිදෝ නොසිතාම
රිදී හිතම හඬලා පිටමං වුන හැන්දෑව
තැබූ පියවරම ඇරඹුමදෝ නොකියාම
ස්වේත වර්ණ පිච්ච මලින් සුවඳක් ඉස්සාට
ප්‍රේත යක්කු ඉන්නව ඇස් ඉස් මස් ඉල්ලාම
ක්‍රෝධ හිතක් නැතිවම දුන්නත් හැමදේම
පාට වෙනස් වෙන එක වුනිදෝ නිතරෝම....
සබන් පුයර උලා කොකුම් උවන පුරා
ඉතින් නැගුණිදෝ ඔල්වරසන් වීථි පුරා
සඳුන් ගසක් යට හැදුනත් සුවඳ දරා
පිපුණ නේද කීඩාරම් මුළු දිවිය පුරා
කාර් වෑන් බෙන්ස් ගියත් නුඹ රැගෙනා
තෝර ගන්න බැරි වුනිදෝ හිතින් බලා
කාලෙ ඇවිත් පින් අහවර හඬ නැගුනාම
අනේ අකල්හි පැරදුණිදෝ මේ භවයේම...
Tuesday, June 4, 2013
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
සිහින කියන්නෙ බිඳෙන දෙයක්...
ඔව්...ඒත් ඇස් ඇරගෙන සිහින දැක්කම බිදෙන්නෙ නැහැ කියල මං තර්ක කරනව.. ඒ වෙලාවට ඔයා
....අනෙ මගෙ පිස්සි කියල මට හිනාවෙනව...
එකම චැට් හිස්ටොරිය....කතා කරන කෝල් එකක වචන ගැන ඔයා යන්න ගියහම ආයෙ එනකම් මට කඩපාඩම් වෙන තරමට මතකයෙ ගැවසෙනව...
හැම පුංචි අකුරක් ගානෙම..වචනයක් ගානෙම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම මං තනියම හිතනව කියල ඔයා දන්නෙ නැතුව ඇති...
ඒත් ඇත්ත ඒකයි...
අර දවසක් මගෙ හොඳම යාලුවන්ගෙ කෙනෙක් කුරුළුම කියල තිබුණ මේ ෆේස් බුක් එකේ දකුණෙන් යන නිවුස් ෆීඩ් එක බලන්නෙ ඇස් පිල්ලම් ගහන වෙනසටත් ඔයා ගැන මඟ ඇරෙයි කියල වගේ කියල...
මාත් ඒ වගේමයි..හැම වෙලාවකම ඇස් දෙක තියෙන්නෙ නිවුස් ෆීඩ් එකේ... ආදරය කියන එක මේ තරම් හදවතක හැඟුම් දළුලනව කියල මං අත් විඳල තිබුණෙ නැහැ...
දැන් ඉතින් ඔයා කියයි මේක පලවෙනි ආදරය නෙමෙයිනෙ කියල...ඔව් මං ඒක පිළිගන්නව..මං කැමතියි අහන්න පිවිතුරු වෙන්නෙ පළවෙනි ආදරයම විතරද...?
ඇයි අපිට බැරිද හදවතින්ම කිසිම වැරැද්දක් සිතුවිල්ලකින්වත් නොකර ආදරය කරන්න..
හැම කෙනාගෙම හා හා පුරා කියල පටන් ගන්න හැම දේම හරි යන්නෙ නැහැ...
ඒක එහෙම වුනා නම් මේ තරම් ලස්සනට ආදරය කරන අය ලෝකෙ නැහැ...
මං දකින්නෙ එහෙමයි... බොහොම අතලොස්සකට විතරයි පළවෙනි ආදරය හරි යන්නෙ... ඉතින් ඒ කොහොම වුනත් ජීවිතේ හැරවුම් ලක්ෂය වෙලා ඔයා ඇවිදින්...
"මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරි බත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්...."
මං අපේ ආදරයෙත් පළවෙනි පහන පත්තු කරන්නම්. ඕනම සුබ දේකට අපි අදහන ආගම අනුව පහනක් පත්තු කරල ආශිර්වාද ලබා ගන්නව..මාත් ඒ වගේම බුදුන් දෙවියන්ට කියල මේ ආදරේ රැකගන්න පිහිට ඉල්ලන්නම්... කිරිබත් කියන්නෙ අපේ සංස්කෘතියෙ සුබ කටයුත්තකට අනිවාර්යෙන්ම අවශ්‍ය වත් දෙයක්... අළු කොබෙයියන්ට විතරක් නෙමෙයි හැම සතා සිවුපාවටම නොවෙයි මේ ලෝකෙට දෙන්න පුලුවන් නම් කිරිබත් හදල මම දෙන්නම්..ඇත්තමයි... ඒ තරම් මේ ආදරය වෙනුවෙන් මට දේවල් කරන්න පුලුවන් කියල මට හිතෙනව.... ඒ තරම් පේ වෙන්න මට පුලුවන්.....උදේ හවස පහන් පැලට පහන් පත්තු කරන්නම්... මං ඉල්ලන්නෙ මේ ආදරේ රැකදෙන්න කියල විතරමයි.
දැන් ආයෙමත් ඔයා කියයි අනේ මෝඩියෙ මං ඔයාට ඉන්නවනෙ කියල...
ඒක හරි...ඒත් කෙල්ලො කියන්නෙ හරි පුදුම විදිහට සියුම්ව තමන්ගෙ ආදරයෙ චුටිම වෙනසත් දරාගන්න බැරි ජාතියක්.....
ඔන්න කියන්න එපා අපොයි කෙල්ලො ගැන මට කියන්න එපා කියල...
ඇයි දන්නවද ඔයා එහෙම කියන්න කලින් මං මෙහෙම කියන්නම්...
අතේ ඇඟිලි එක සමාන නැහැනෙ..ඒ වගේම හැම කෙල්ලෙක්ම එක වගේ නැහැ..ඒත් පිරිමියෙක්ට වඩා කෙල්ලෙක් හැම වෙලේම තමන්ගෙ කෙනාගෙන් ආදරය හොය හොය ඒ ආදරය අහිමි වෙයි කියන හිතේ පුංචි ගැස්මකින් ඉන්නෙ.
තමන්ගෙ පෙම්වතා දිහා වෙන කෙල්ලෙක් බැලුවත් පොඩි ඉරිසියාවකින් හිත හෙල්ලෙනව... ඒක ස්වබාවයෙන්ම වෙන දෙයක්...
දැන් ඉතින් මූණ හතරැස් කරගෙන ස්ක්‍රින් එක දිහා බලාගෙන මට ඇද කරන්න එපා හොඳද...
මැටි පූසා...
ආදරය කරන කෙල්ලෙක්ගෙ ලෝකෙ දේවාලය එහෙ නැත්නම් පූජනීයම තැන තමන් ආදරය කරන කොල්ල ගාව..
ඔය ඉතින් දැන් ඔයා විතරක් නෙමෙයි මේක කියවන අයත් කියයි අම්ම අප්පච්චිත් ඒ තැන නැද්ද කියල...
මට ඒකට කියන්න තියෙන්නෙ ඒ ආදරයයි මේ ආදරයයි ජීවිතයට වෙනස් කියල විතරයි.
ඉතින් තමන්ගෙ ආදරයෙ හිමිකරුව දෙවියෙක් වගේ සලකන...ඒ තරමට ගරු කරන කෙල්ලො අදත් මේ ලෝකෙ ඉන්නව...
එහෙම උන් ඉපදිලා නැහැ..එහෙම නැත්නම් මැරිලා කියල කියනව මං අහල තියෙනව...ඒත් නිවාඩුවෙ නිදහසේ හෙව්වොත් මේ අපි අතරම ඉන්නව...වෙනස තියෙන්නෙ අපි උඩින් අතපත ගානව වගේ ලෝකෙ දකින එකයි හැම වෙලේම එහෙම අය නැහැ කියල ඉන්න සෘණ අදහසයි නිසයි එහෙම වෙන්නෙ....වටිනා දේවල් දුර්ලභයි කියල අහල නැද්ද...
ගැහැණු ළමයින්ගෙ අහිංසක ප්‍රාර්ථනා...තමන්ගෙ හදවත සුවපත් කරන්න පුලුවන් දේවතාව ඔහු නම් ඔහුනේ ආයාචනා කරනව කවමදාවත් කටුක විරහ වේදනා සිත් තැවුල් නම් ගෙනෙන්නට එපා කියල... ඒ දේට අපි කවුරුත් බයයි තමයි...
මං දන්නව ඔයා එහෙම කරන්නෙ නැහැ කියල...මට සැක මං ගැන තමයි..
" මගෙ ආදරයේ දෙවොල් බිම නුඹයි..
ඒ දේවාලේ දේවතා නුඹයි
මගෙ ජිවිතයට බැල්ම හෙලන
මා හද සුවපත් කරවන දේවතා නුඹයි
කවදාවත් ගෙනෙන්ට එපා
කටුක විරහ සිත් ලතැවුල් නම්... "
දන්නවද ගිම්හානයක ඉදල ඉදල වේලිලා කර කුට්ටම් වෙච්ච පොළවකට වැටෙන වසන්තයෙ දිය බිංදු කොයිතරම්ද කියල... ඒ සිහිලැල් සුවය විස්තර කරන්න බැහැ..
දිවිගමනට වසන්තය එනව කියන්නෙ මං වගේ කෙල්ලෙක්ගෙ නම් හිතේ උපදින හැම හැගීමම මුහුණෙන් ඉදන් පිට පනිනව... ඔව් ඇත්තමයි... මේ අවසන් වසන්තය කියල මං දන්නව... ඒ වසන්තයට පායපු ...ඇවිදින් නතර වුන සඳවත ඔයා...ජීවිත කාලෙදිම වින්ද අනන්ත අප්‍රමාණ දුක් වලට... කළුවරේම ගෙවපු දවස්වලට හරියන්න ආලෝකයෙ සෙවනැල් ගෙනාපු ඔයා ගැන මං කොහොම නම් විස්තර කරන්නද..ජීවිතේම කඳුළු විඳපු කෙනෙක් විතරයි දන්නෙ හිනාව කොයිතරම් වටිනවද කියල...ඇත්තමයි කෙල්ලෙක්ගෙ ලෝකයකට හැමදාම රැකවරණයක් ඕනි..තනියම ජිවත් වෙන්න බැහැ කොයිතරම් හයිය හිතක් තියෙන කෙල්ලෙක්ට වුනත්..මං ඔයාගෙන් ඉල්ලන එකම එක දේ මේ සඳවත කවමදාවත් මගෙ අහසින් මැකිල යන්න එපා...මේ සිහින මං දකින්නෙ ඇස් දෙක ඇරගෙන...ඒක නිසා මේ ආදරයෙ නැවුම් සිහින මං සැබෑකරගන්නව...ඒත් ඒ ඔයා මගෙ ළග ඉඳියොත් විතරයි...
අනේ පිස්සියෙ..මේකි නම් මැටි මෝඩියෙක්ම තමා... මං නැතිවෙන්නෙ නැහැ හොල්මන....
ආයෙත් ඔයා කියන්නෙ ඕක තමා...ඔය වචන අහගන්නනෙ මං හැම තිස්සෙම දඟ කරන්නෙ.. මං විශ්වාස කරනව ඔයාව....මගෙ ආදරය...හැමදාම මං ළග තියෙන්න කියල.....
"මගෙ ජීවිතයේ වසන්තය නුඹයි...
ඒ වසන්තයේ ලැගුම් සඳ නුඹයි
ඝන අදුරින් මා මුදවන
විදිනා දහසක් අණවින
සරාසඳ නුඹයි
කවදාවත් මකන්නට එපා..
මේ ආදරෙයේ නැවුම් සිහින නම්''
****** සත්තටම ඔයා මට නිවනක්..ආදරයේ නිවන මට ඔයා විතරමයි *****
______________________________ ____________________
( මං ආස කරන රටාවට අකුරු කරන මගෙ මිත්‍රය Kurulu හැමදාම මාව අවුස්සනව... ඒ නිසාම මේ හිතිවිලි හිර කරගෙන ඉන්න මට බැරිම නිසා ගැලපුවා )
ගීතය මෙතනින් රස විඳින්න...http://www.youtube.com/watch?v=jPqGK21LdSU

Saturday, June 1, 2013
** අලුත් හිතවතී **
( සිරීපාදෙ වඳින්න පෙර පාට සේදුන සමනලයෙකු )
"මේ ප්‍රථම වසන්තයයි.....
දිවි අරණේ මදුමල් පිපෙනා......"
හේයි...මේ බලපන්කො....මූ හීන දකින හැටි....
හඳිස්සියෙම කණ ගාවින්ම ඇසුණ චිරාත්ගෙ හඩින් මා ගැස්සුණි.
යකෝ මගෙ මුළු ලෝකෙම කුඩු කරන්නද උඹ හදන්නෙ....
නෑ නෑ...උඹ මෙහෙම කියව කියව යයි ටික දවසකින්
"ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
මම ඉන්නම් ඉහ ඉද්දර පවන් සල සලා...."
ආහ් හරි නැද්ද.....පුලුවන් නම් කියපන් මචෝ නැහැ කියල...
..සිරාවටම මං ඒකිට ලව් බන්....
...අනේ මේ උඹයි මායි දන්න සිරා ලව්.... ඇයි උඹේ ධමනිය ලව් නැද්ද...
නෑ බන් චිරා මං මේ ඇත්තටම කියන්නෙ....මට ඒකිට මාරම විදිහට හිත ගියා....ඒ ඇස්...ඒ කොණ්ඩෙ...ඒ ගමන..අනේ මන්දා බන්..කොල්ලෙක්ට දෙපාරක් හැරිල බලන්න හිතෙන අමුතුම ගතියක් ඒකි ගාව තියෙනව....
මේ....හැබැයි පුතෝ ඔය රෝග ලක්ෂණ වලට දැම්ම ඩොක්ටර් කෙනෙක් චැනල් කරපන්...උඹට මතකයිනෙ නෙක්ස්ට් ජනවරි ෆයිනල් එක්සෑම්....
හරි හරි බන්...මං දන්නව. ඒත් මෙච්චර කෙල්ලො ඉන්න මේ කැම්පස් එකේ බලපන් ඒකි හාවියක් වගේ....
හාවියො තමයි බන් සැක වැඩි....
මොකක්ද බන්...පටන් ගත්ත වෙලාවෙ ඉදන් උඹේ අඩවැඩියාව..මාව ධෛර්යමත් කරපන්කො...
උඹව ධෛර්යමත් කරන්න මට තිබුණ...ඒත් අර ඈත ගමේ රබර් කිරි කප කප උඹව මෙච්චර දුර එවපු උඹෙ අම්මව මං නොදැක්ක නම් කවමදාකවත්....
ඉතින් බන් මං අම්මව අත් අරිනව කිවුවද...කෙල්ලෙක්ට ආදරේ කරන එක වැරදිද...අනික හැමදාම සාහිත්‍ය සංගම්...කලා සංගම්..වළ බැහැල නට නටා ඉදිය මිසක් කරේ ආව එක උඩැක්කියක් මං එල්ල ගත්තද..හා කියපන්....
ඒකම තමා මචෝ මට බය...මං වගේ එකෙක් උඹ නොවුන නිසා.....
මචං චිරා...මට මේ කෙල්ල ඕනි බන්....
කවුද බන් දන්නෙ ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල...උඹ අහසෙ මාළිගා හදනව මෙතන....
නෑ නෑ ඒකිට කොල්ලෙක් නැහැ...ඒ ඇස්වල එහෙම දෙයක් ලියවිලා නැහැ බන්...
අනේ උඹ දන්න මඟුල කෙල්ලො ගැන...උඹ මැත්ස් නෙමෙයි කරන්න තිබුණෙ ආර්ට්...එහෙම වුනා නම් හොඳ ඇස් දොස්තර කෙනෙක් වෙන්න තිබුණෙ...
ප්ලීස් බන්..ජෝක් ගන්න එපා...අයි හාර්ට්ලි ලව් හර් ( I heartily love her )
මේ මේ මට නම් උඹට කිසිම හෙල්ප් එකක් දෙන්න බැහැ සදුනො...උඹ මං වගේ කෙල්ලො ආශ්‍රය කරපු එකෙක් නෙමෙයි...බලපන් මං මාසෙට එකා ගානෙ තියා ගත්තත් මටත් බැරිවුනා කෙල්ලො කියන්නෙ මොක්කුද කියල තේරුම් ගන්න...
ඒ උඹ දැකපු විදිහ...එහෙම නෙමෙයි චිරා....නැවතිල්ලෙ හිතපන්..ගෑණු ලමයෙක් කියන්නෙ හරිම සුමට නිර්මාණයක්..කොල්ලෙක් දැක්ක ගමන් ඒ කෙල්ල ඇදන් ඉන්න ඇදුම් ගලවල විසි කරල ඇඳක බුදිය ගන්න හැටි හිතෙන් මවන එක නෙමෙයි..බලපන් කඩා වැටෙන කෙහෙරැලි...ඒව හුළගට පැද්දි පැද්දි පිරිමියෙක්ගෙ මුහුණෙ වදිනකොට කොයි තරම් සුන්දර...ඒ කෙල්ලගෙ හැම ඉරියව්වක්ම ඈත ඉදන් බලාගෙන ඉන්දැද්දි හිත පුරා උණුසුම්ව ආදරේ පිරෙන හැටි.. ඇත්තටම ගැහැණියක් කියන්නෙ ලස්සන කලාවක් බන්...ඒක මස් කෑල්ලක් විතරක්ම නෙමෙයි...සිරුරෙ හැම රේඛාවකම පිරිමියෙක්ව ඇද බැදගන්න පුලුවන් ආකර්ෂණයක් තියෙනව...
හෝව්...හෝව්...මේ මේ උඹේ ඔය අන්ඩර දෙමළ මට තේරෙන්නෙ නැහැ...මට නම් කොයි ගෑණිත් එකයි...ඇදට අරන් ඒකි එක්ක බුදිය ගන්නව මිස ඔහොම පිට ඉදන් අත ගගා ඉන්න පුරුද්ද මට නැහැ....
ඒක තමයි උඹට වෙච්ච වැරැද්ද..යකෝ උනුත් යන්ත්‍ර නෙමෙයි..මේ සොබාදහමෙ මනරම්ම නිර්මාණයක්...
උඹ ඕන ඉටි ගෙඩියක් කරගනින්..මං යනව අංජලි එනව කිවුව නුගේගොඩට....හැබැයි පුතෝ අයි සේ යූ එගේන්...( i say you again ) නෙක්ස්ට් ජනවරි ෆයිනල් එක්සෑම්...හරි...සී යූ ....
_________________________________________________________________
ඈ කොහේ කොහි සිට ආවාදැයි මා සිතමි...මුවැත්තියක් වගේ නිතරම ගැස්සෙන ඒ ඇස්...මොකක්දෝ බියකින් සැලෙන බවක් කියනවාදැයි මා සිතමි. රවුම් වටකුරු සුදු මුහුණ මගේ හදවතේ හැම අස්සකින්ම එබී මට ප්‍රාර්ථනා දෙනවදෝ සිතෙයි..ඈ...චිත්‍ර ශිල්පියකු අතින් නිමවූ අඟනා සිතුවමක් වැනිය...වසර පහකට ආසන්න ගෙවී යන කැම්පස් ජීවිතයේ හිතින්වත් යුවතියකට ලං නොවු මගෙ පිරිමි හිත යට ඈ ගැන ස්නේහයක් දළුලා වැඩුණේඇයි දැයි මා තාමත් සිතයි...
සංසාර මංසන්ධිවල ඒ ඉව පසු පස මා දිව ආවාදැයි බාග වෙලාවට හිත කියයි. මේ සුන්දර යුවතිය ඊයෙ හවස දේශන ශාලාව ඉදිරිපිට පුංචි මල් ලේන්සුවකින් මුව පිස පිස සිටි ආකාරයට මා වශි වී ගියේය...හෘද ස්පන්ධනයක් ගානේ අලුත් අලුත් බලාපොරොත්තු මල් පොහොට්ටු මේ පිරිමි හිත මත පිපෙන්නට වෙර දරන බව නම් ඇත්තම ඇත්තක්ය.
ඒ කෙස් කළඹ යටින් ඇඟිලි තුඩු යව යවා ඒ හිස පිරිමඳින්නට...හීනියට අඩක් පියවෙන ඇස් දෙකත් බර කරන් මේ පිරිමි උරහිසට ඇලවෙන ඇය නළල සිඹින්නට..දිගු ඇඟිලි අතර ඒ දෑත සඟවගෙන උනුසුම දෙන්න..ගැස්සිලා උස්සන ඇස් දෙකත් එක්කම මේ දෝත මැද හිර කරගන්න...අනේ මගෙ දඩබ්බර කොළු හිත...
කිති කැවි කැවි ඇඹරෙද්දි හුස්ම ගන්න බැහැ කියල කෑ ගහද්දි තව තවත් ඒ සොඳුරු ඈ හුරතල් කරන්නට....හෙමින් හෙමින් හිස තියාන මේ පපුව උඩ ඈ සතපවන්න....දකුණත ඈ වටා දමා ගෙන මගෙ අස්සක ගුලි කරන් සඟව ගන්නට....
මගෙ පුංචි තාරකාවියේ...මේ සිහින කොදෙව්ව ගැන කොහොම නම් කියන්නද...ඈට හැකි නම් මගේ හිත විනිවිද දකින්න...
___________________________________________________________________
උඹ කොහෙද මේ උදේ පාන්දර යන්න ලැහැස්ති වෙන්නෙ...ඇහ්....
මං යනව ලයිබ්‍රිය පැත්තෙ...
පාඩම් කරන්න යන පාටක් නම් ඔය මුහුණෙ නැහැ මචං....
නෑ මං යන්නෙ අර සුන්දර කෙල්ලව බලන්න.....
උදේ පාන්දරම දුවන්න තරම් උඹට තියන හදිස්සිය මොකක්ද.....මං උඹට එදත් කිවුව..කවුද දන්නෙ ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල......
ඒක හින්දම තමයි කියන්නෙ....කොල්ලෙක් අයිති කරගන්න කලින් මං මේ හිත පෙන්නන්න....
මේ අහපන් සඳුනො...ඔය නැව ඇවිත් දැන් මාස පහක් හයක් වෙනවනෙ බන්.....අනිවා..අපේ එකෙක් බැහැල ඇති.....
උඹ මාව ධෛර්යමත් කරනව වෙනුවට කරන්නෙම අනික් පැත්ත.....
ඔව් ..ඒ තමයි ඇත්ත...අනික උඹට උඹව මතක් කරන්න.....
හා හරි....එතකොට උඹට හොදයි එක එක කෙල්ල එක්ක බුදියන්න යන්න..එහෙමවත් නැති මට ලව් කරන්නවත් තහනම්ද ....
අහපන් බං...උඹ දන්නව..මට ඩ්‍රිග්‍රි ගැහුවත් එකයි නැතත් එකයි...අපේ අප්පච්චිගෙ විසි කරන්න තියෙන සල්ලි වලට කරන්න දෙයකුත් එපැයි....අනික බන් මං පුංචි කාලෙ ඉදන් හැදුන විදිහ උඹට කියලනෙ තියෙන්නෙ...අපෙ අම්මයි අප්පච්චියි එක දවසක් හිනාවෙලා සතුටෙන් ඉදල තියෙනවද..නෑ...ඉතින් එහෙම ගෙදරක ඉන්නවට වඩා මට උඹත් එක්ක මේ බෝඩිං කාමරේ සැපයි බන්.....අනික ගැහැණු ඉහේ කෙස් ගානට පාවිච්චි කරල ඇති මං...උන් එකෙක් ගාවවත් උඹ ඔය කියන කෙහෙල්මල් නැහැ බන්......
ඒ උඹ හොයන් ගිය එවුවො එහෙම නිසයි ඒ...මේකි එහෙම නැහැ....
ආහ් උඹ කොහොමද කියන්නෙ ඒක...ඇයි ස්කෑන් කොපියක් අරන් උඹ බැලුවද....අනේ සදුනො ඔය විදිහ අත ඇරපන්....හරි මට කියපන් ඇයි උඹ ඔච්චරම වහ වැටිල....
බං චිරා...ඒ හැඩරුව...ඒ ගමන...ඒ ඉරියව්...මට මගෙම කියල හිතෙනව.....මට ඒ හඩ විතරයි තාම අහන්න බැරිවුනේ.....
අනේ මන්දා.ඊට කලින් මට කියපන් උඹ හෙට ගෙදර යනවද....
ඔව් බන් මං හෙට උදේම යනව...හරි මං උඹව කොටුවට දාන්නම්.....
______________________________________________________________
දහවල් දෙක පමණ වන විට නිවසට ළගාවන විටත් අම්මා ගෙදර නොසිටිම හිතට කණගාටුවක් ඇති වුවද ඇය තවමත් කිරි බාල්දි බාර දී නොපැමිණෙන බව මා දන්නා කරුණයක්ය...කුස්සියට ගියත් ඈ උදේටවත් යමක් කා ඇති බවක සළකුණක් නැත. මේ සියළුම දුක්ක දෝමනස්සයන්ට මා ඈ හට සිනහ දිය යුතුය... කුස්සියේ වැල් පටේ එල්ලා තිබු අම්මාගෙ චීත්තයක් නහයට ළං කර ඒ සවඳ මා විදගත්තමි...එක් වරම අර සුන්දර අහිංසකාවියත් මගේ හිත පුරා අරක් ගත්තේය... ඈ ළග මා හිත නවතින්න තරම් හේතු කාරාණා බොහොමයක් මතින් මගෙ අම්මාගෙ අහිංසක දුප්පත් මුහුණ පුන් සඳක් සේ දැකීමම යැයි මට දස දහස් වර සිතේ....
අනේ මං කොහොමද මහත්තයො එහෙම කරන්නෙ...අනික ඒ දරුව කොහොමද මේ මුඩුක්කුවකට එන්නෙ....
නැහැ නැහැ සීලවතී...මහ පාරක හරි ඒ දරුවට අම්ම ඕනි කියනව. අනික දැන් වික්‍රමසිංහ හාමිනේට බාල දූවල දෙන්නයි පුතෙකුයි ඉන්න නිසා සමනලීට හරිම කරදරයි. හාමු මහත්තයට බලා ඉන්න බැරිම නිසයි මට පණිවිඩේ එවල තිබුණෙ. හාමු මහත්තයට අසාධාරණය පෙනි පෙනි බලා ඉන්න බැහැ කියල සීලවති දන්නවනෙ.....
අනේ මහත්තයො මගෙ කිරිකැටිය ගෙනිච්චෙ ඇස් දෙක වගේ බලාගන්නව කියල නේද....
මිදුලෙන් ඇසෙන හඩට මා තව තවත් ළංවෙද්දී අම්මාගෙ ඉවට මා අහුවිය...
අනේ මෙහා පුතා ගෙදර ඇවිත්....මේ ඉන්නෙ මහත්තයො මයෙ කොල්ලා.....
එසේ කියුවද වෙනදා අම්මා මා දුටු විට නැගෙන පියකරු සිනහව ඇගේ මුවේ නොවීය. ඈ බියවී ඇති බවට නම් අමුතුවෙන් සාක්ෂි උවමනා නොවේ. නමුත් ඈ අපූරුවට ඒ හැගුම් පරයමින් වචන ගලපයි.
ඇස් වහක් කටවහක් නැහැ සීලවතී හරි සිරියාවන්තයිනෙ.....
මං රබර් ගස් වටේ කැරකිච්චවල බර අරින්නෙ මගෙ රත්තරන් පුතා තමයි මහත්තයො කවදහරි...අම්මා එහෙම කියාගෙන මා පිට අතගාමින් නිවසට ගොඩවිය...
පුතේ මේ අපේ වත්තෙ සුපිරින්ටන් මහත්තය...ඉස්සර හිටපු....
ඔහුටද සිනහවකින් සංග්‍රහ කර පෙරළා ඔහු ඇසු..
දැන් පුතා කොයි අවුරුද්දෙද කැම්පස් අවුට් වෙන්නෙ....
ලබන අවුරුද්දෙ...
කියා පිළිතුරු දෙමින් මා නැවතත් කුස්සිය පැත්තෙන් පිටුපස අඹ ගස යට ඇති බංකුව මත වාඩි විය.....
මගේ හිත දෙමෝලකින් කොටනවා වැනිය...මට නොතේරුණ ඒ කතාවේ මුල මැද කුමක්ද කියා මා සිතමි. හවස් වෙනතුරු හොර ගල් අහුලමින් සිටි මා රාත්‍රිෙය් නිදි පැදුරට වැටුණ අම්මා අමතමින්
අම්මෙ කවුද අර දවාලෙ කියපු ගෑල්ලමය...
මයෙ පුතාට මේව කොහොම කියන්නද මං....
කොහොම නොකිවුවත් කමක් නැහැ...මට දැන් කියන්නකො....
මගෙ පුතාට මතක නැතුව ඇති. ඒත් ඉස්සරහ ගෙදර අමර නැන්දල දන්නව පුතාට නංගියෙක් හිටිය කියල....
අම්ම කිවුවෙ ඩෙංගු හැදිල මැරුණ කියල...මතකද මං මොන්ටිසෝරි ගිහින් එනකොට නංගි කෝ ඇහුවම අම්ම කිවුව....
එක පාරටම ඒ ඇස් ගැස්සී ඈ වත වෙනස් වෙන හැටි කුප්පි ලාම්පු එළියෙන් මා දුටුවෙමි...හරි දැන් කියන්නකො...මගෙ නංගි මැරුණෙ නැද්ද....
නැහැ මයෙ පුතේ..මං වත්තෙ හාමු මහත්තයට දුන්න..ඒ දවස්වල හාමු මහත්තයට දරුවො නැහැ....පුතාලගෙ තාත්තත් අර කඩේ වැඩට හිටිය එකිත් එක්ක වහංවෙච්ච වෙලේ මං බැරි වුනත් හිතල හිතල ඒ තීරණය ගත්ත...
ඇයි අම්මෙ මට බොරු කිවුවෙ...
ඒ දවස්වල මයෙ පුතාට මං වෙන මොනව කියන්නද....
ජීවිතේ මේ තරම්ම නීරසදැයි හිතමින්,
දැන් කියන්න නංගි කෝ..එයාට මොකද....
නංගිව අම්ම ගාවට ගෙනියන්න කියල නොකා නොබි දැන් දවස් 3ක් වෙනවලු..ලොකු නෝනට නංගිව ගෙනිච්චට පස්සෙ තව දරුවො තුන් දෙනෙක්ම ලැබිල...නංගිට කියල එයාගෙ අම්ම ලොකු නෝන නෙමෙයි කියල....අපේ හාමු මහත්තයට බලා ඉන්න බැරිම තැන මට පණිවිඩේ එවල....
දැන් දෙන්න...නංගි ඉන්නෙ කොහේද කියල...මං රෑ බස් එකේම ගිහින් එක්ක එනව.....
ඉදින් පුතේ මං සුපිරින්ටන් මහත්තයගෙන් හෙට උදැහැනක්ම අහල උඹට ඇඩ්‍රස් එක කොළ කෑල්ලක ලියාන එන්නම්....
ජීවිතයේ අනේක විධ දුක්ක දෝමනස්සයන් හමුවේ ගලා යද්දී අර පුංචි යුවතියද මට සිහියට නොනැගුණා නොවේ...ගම දුවන් ආවෙ අම්මට ඈ ගැන කියන්නට කියා දන්නේ මහිත පමණි...හීනියට හිනාවෙන ඒ වතේ පිපෙන හැම සිනා රැල්ලක්ම දුර ඉදන් විඳින මට අම්මාට නොකියා ඉන්නට බැරි නිසාම හති දමාගෙන ආවත් නොසිතු විරු ලෙස ජිවිතය හරවා ඇත....
හදවතේ අප්‍රමාණ දුක්ක දෝමනස්සයන් උතුරද්දී ඈ අලුයම රබත් වත්තට යන තෙක් මට නොඉවසිල්ලක් නැති විය...අද සුපිරින්ටන් මහත්තයා හමුවේවිද...ඒ ලිපිනය ඇයට ලබා ගන්නට හැකිද....කිසිදු අරමුණකින් තොරව ඕවිල්ලක් මෙන් සිතිවිලි එහෙටත් මෙහෙටත් පැද්දෙයි...අනේ මා ගම දුව ආ සතුට ඒ කාරණය ඇයට කියන්නට හැකි වුවා නම්....
අදත් පෙරදා වගේම දහවල් තුනත් පසුවෙද්දී අම්මා වැටෙන් එබෙන රුව මා දුටුවෙමි....මා හීයක වේගයෙන් ඈ අසලට දිවුවෙමි...
කෝ අම්මෙ ලිපිනය හම්බවුනාද.....එක හුස්මට මා අසද්දී.....
නැවතිල්ලේ ඇය හුස්ම ගැනීම මට පුදුමයට සහ හිත තුළ කුතුහලය ත්‍රිව් කරවන්නට විය. කිසිවක්ම නොපවසා
අම්මා හැට්ටය අස්සේ සඟවාගෙන ආ තුණ්ඩුව මහානර්ඝ වස්තුවක් සේ මා අත තැබුවෙමි.
මට ඔය අකුරු සාස්තරේ තේරෙන්නෙ නැහැ පුතේ...කොළඹ රටේ පුතාට හොයාගන්න පුලුවන් වෙයිද.....
අම්මෙ මං අවුරුදු පහකට කිට්ටු වෙන්න කොළම රටේ ඉන්නෙ..අනික චිරාට පුලුවන් වෙයි මටත් වඩා ඉක්මනට මේක කරන්න..මං හෙටම යනව අම්මෙ චිරානය එක්ක....
අංක 24,
දාබරේ මාවත,
නාරාහේන්පිට.
ඒ අකුරු දිගේ මගෙ අස් දුවද්දි මා ඇදුම් මාරු කරගෙන රෑ බසයෙන්ම කොළඹ බලා පිටත්වෙන්න සුදානම් විය..
____________________________________________________________________
ආහ්..මොකෝ මේ මනමාලය ගිය පයින්ම ආපහු.....කුකුළ අතේ තියන්...
මා දුටු මතින්ම චිරානය ඇසුවෙමි.
මට පොඩි ප්‍රශ්නයක් බන්..මේ වෙලාවෙ ඉන්නෙ ඒක කියන්න මට උඹ විතරයි...
ඇයි කෙල්ලව උස්සමු කියන්නද....උඹ දන්නවනෙ මේ මගෙන් උඹට ඕන සපෝට් එකක්...
නැහැ බන්...මේ ඒ මගුලක් නෙමෙයි....
ඇයි අම්ම උඹට වෙන කෙල්ලෙක් බදින්න කිවුවද....අර සිහින කුමාරිට අකමැතියි කිවුවද....
යකෝ පිස්සු නොකර අහපන්කො....මට ඒකි ඕනි...ඒකිට මං ආදරෙයි...ඒක කියා ගන්න අම්මට මට බැරි වුනා...
කියා ගන්න බැරිවුනා..ඇයි උඹ දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ ගැහුණද...ආහ්...
මචං මේක සීරියස් බන්.....
එසේ කියමින් මා සියළු තතු මුල මැද අද වනතුරු කියුවෙමි..වරින් වර වෙනස් වෙන චිරාගේ වත වෙනදාට නොදුටු සෝබරක් නම් මා දුටුවෙමි. හැමදේටම පිස්සු කියවන ඔහු ගොලු විය.. හිට ගමන්....
සදුනයෝ.....මට පුලුවන් හැමදේම මං කරනව බන්...සහෝදරයෙක් සහෝදරියක් නැතුව ගෙවිච්ච ජිවිතේ මචං උඹ මට මගෙම එකා වුනා...එක බඩවැල කඩන් නාවට උඹ මගෙ සහෝදරය බන්...ඒ අපේ නංගි...බලපන් උඹ දැකල තියෙනවද මේ ඇස්වල තෙත...මේ බන්...මට දරාගන්න බැහැ මේක.... මේ කොළඹ නෙමෙයි මුළු ලෝකෙම පීරල හරි අපි හොයමු...මං උඹට හොයල දෙනව කියල පොරොන්දු වෙනම සදුනයො....
එසේ කියමින් චිරා මා තදින් වැළඳ ගත්තේය. මේ ගෙවී ගිය කාලයට උ මෙසේ මා සමඟ කතා බහ කළාමදැයි මට සිතේ...කොයි දේත් සෙල්ලක්කාරව දුටු චිරානයාගේ මේ හැඟුම්බර බව මහා හයියක් දුන්නේය..මේ ලෝකයේ තවත් එක් අයෙක් හෝ අප වෙනුවෙන් ඉන්නා කියනා අසීමිත සැනසුමක්ද හදවතට දැනුණි...
මගෙන් මිදුණ චිරා
ආ...වරෙන් මචං අපි දැන් යමං...මං දන්නව ඒ පැත්ත..හිටපන් මං ටග්ගාල ඩෙනිම දාගෙන එන්න......
ඒ විනාඩි ගණනද මට දැනුන හැගුම් මෙපණයැයි කියන්නට බැරිය. පුංචිම දා මේ දෙකකුල් මත අම්මා එනතුරු ඈ නැලවුවා මට මතකය..එදවස මට අවුරුදු 4 ක් පමණ ඇත. යන්තම් ඡායා මාත්‍රයක ඇති ඒ සිදුවිම් අද මෙසේ මෙහෙමම දිග ඇරෙතැයි මා කිසිදු දිනක නොසිතුවෙමි...
හදවතේ ඉස් ඉස්සෙල්ම උපන් ආදරණීය කුමාරිකාව ගැන අම්මාට කියන්නට දිවු මට ඒ හැගුම් සියල්ලම වළලා දමා මගේම ලෙයින් උපන් මා නැගණිය සොයා දුවන් එන්නට වෙතැයි මා නොසිතුවෙමි....
වරෙන් බන්....
චිරා එසේ කියමින් බයික් එකේ යතුර කරකවමින් එළියට ආවෙමි....
අද අර අලුත් බැජ් එකේ උන්ගෙ ඩාන්සින් ෂෝ එක...අරකිට බහියි තව දෙතුන් දෙනෙක් ටෝක් කරන්න....
මං මේ උඹ අද එයි එයි කිය කියා හිටියෙ...ඒත් මෙහෙම දෙයක් ....
ඒ ඔක්කොම අපතක කරල නැගපන්....මං මගෙ නංගි තරමටම උඹෙ නංගිව හොයනව..ප්‍රොමිස් මචං....
___________________________________________________________
විනාඩි විසි පහක පමණ ගමනාන්තයකින් පසු අම්මා දුන් තුන්ඩු කෑල්ලට අනුව අදාල ස්ථානයට අපි පැමිණියෙමු...
මචං සදුනො තැන නම් මෙතන තමයි..හිටපන් බලන්න මම ම බෙල් එක ගහල....
මාත් එනව චිරා....
හරි වරෙන්....
සිනුව නාද කර විනාඩි තුන හතරක් ගතවෙද්දීද් කිසිවෙකු පැමිණියේ නැත..දැන් දැන් මේ විසල් තාප්පයට ඉහලින් පනින්නට මගේ සිතුවිලි පෙරලි කරයි...ගේට්ටුවට අතින් පයින් තඩි බාමින් එය කඩා ඇතුළට යන්න මහිත තල්ලු කරයි...ආයෙමත් නොඉවසිලි අතකින් මා විදුලි සිනුව එබුවෙමි..
වයස අවුරුදු පනහක් පමණ ඉක්මවු පිරිමි අයෙකු ගේට්ටුවෙන් හිස දමා
කාවද මහත්තය හෙවුවෙ....
මේ වික්‍රමසිංහ මහත්තයලගෙ ගේද....
මට පෙර චිරා ඉස්සර විය....
ඔව්...
ආහ් අපි මේ වික්‍රමසිංහ මහත්තය කිවුව පණිවිඩේකට ආවෙ....කියන්න සීලවති අම්මගෙ ගෙදරින් ඇවිත් කියල....
එය කියනවිටම,
අනේ මහත්තයො මේ අපේ ලොකු බේබිගෙ ගෙදර අයද......අනේ රත්තරං මහත්තයො මගෙ ලොකු බේබිව මේ අත් දෙකෙන් හුරතල් කර කර හැදුව මට දරාගන්න බැහැ...අදට දවස් 4 ක් වෙනව වතුර උගුරක් බොන්නෙ නැහැ...ඒ දවස්වල ලොකු මැණිකෙ දරුවො නැති කමට ගෙනාවට පස්සෙ පස්සෙ ටික ටික වෙනස් වුනා...
පුංචි බේබිල ඉගෙන ගන්නෙ නැතුව ඇවිදිද්දි ලොකු බේබි පාඩම් කරල ඔන්න දැන් විස්ස විද්දාලෙ යනව...
අපේ ලොකු මැණිකෙට ඒක දරාගන්න බැරුව මේ ළගදි ලොකු බේබිට බැනල බැනල අම්ම කියන්න එපා කියල ඔය හැම විජ්ජුම්බරයක්ම කලේ....
හරි දැන් කෝ ඒ නංගි...
මගේ දෙපා අප්‍රාණිව වචන පිට නොවෙද්දි ආයෙමත් පෙරලා චිරා ඇසුවේය...
එන්න මහත්තයො ඇතුලට...මේ පිටිපස්සෙන් එන්න...අර ගැරිජ් කාමරේ දවස් හතර තිස්සෙම ලොකු බේබි වැළහින්න වගේ අඩ අඩ....
අඩියට දෙකට පියවර තබමින් ගිය අපි දොර අසල නැවතුණි..අනේ වයස අවුරුදු හතරකදී පහකදී වයසකදී මිය ගියා යැයි කිවු මගෙ බෝණික්කි ය වන් නැගණිය මේ බිත්ති හතරක් ඇතුළත පණ පිටින් යැයි දැනෙද්දී මගේ හැගීම් මැඩ පවත්වා ගන්නට මටම බැරිව කඳුළු ගලා හැලෙයි..ඇය වත කොයි හැඩයෙන් ඇද්ද...ඈ මා මෙන්මද...නැත්නම් ඇය අම්මා මෙන්ම රවුම් වටකුරු මුහුණින් පිරි යුවතියක්ද...ඇගේ රුවෙහි විවිධ හැඩතල මා හදවත ඉදිරියෙහි තත්පරයට දහස් වතාවකට වඩා මැවිණි.
ලොකු බේබි...මයෙ රත්තරං ලොකු බේබි මේ අම්ම ගෙදරින් ඇවිත්....කෝ දැන්වත් එන්න එළියට ලොකු බේබි....
ඒ මිනිසාගේ හඩ පිටවෙන විටත් මේ නොඉවසිලි මගෙ හදවත බුර බුරා නැගෙන සහෝදර ප්‍රේමයේ අපිරිමිත හැගුම් සමඟින් යුධ වදිමින් සිටියෙමි. මා ඇය පිළිගන්නේ කෙසේද...ඇයට මා අයියා යැයි කියන්නද...ඇය අයියා සේ මා බාර ගනියිද...ඇය අපිව ප්‍රතික්ෂේප කරයිද...මෙතුවක් කල් ඈ ගැන නොසිතුවා යැයි කියා දොස් කියා හඬයිද...එකම පෙරළියකින් හදවත ගැහෙද්දී
එක පාරට දොරගුළු හඩටත් බිය වී ඇස් උලුප්පාගෙන මා බලා උන්නෙමි....
යන්තමට විවර වෙන අර හිඩැස් අතරින් මා නෙත එකවරම ඒ රුව දකිද්දී මගේ ලෝකය ..මගේ දෛවය මේ තරම්ම අවාසනාවන්තදැයි හිතමින් මා ගැල් ගැසුණි. චිරානයා ඇස් දෙක පොල් ගෙඩි දෙකක් තරම් ලොකු කරමින් මා පිටට තට්ටුවක් දැම්මේය....එහි නොකියු බොහෝ දේ මට සන්කළේය...
__________________________________________________________
(සංසාරයේ හුරු ඉවකින් මා ඈ සොයා ආවද දෙයක් ලැබෙද්දී දෙයක් අහිමි වී යන ලෝක ධර්මතාවයට මා මුහුණ දුන්නෙමි. )
__________________________නිමි _______________________________

Tuesday, May 28, 2013
*** ලයිසන් නැති පිටරට සේවය කරන්නාගේ හදවත ***
ආවේ රැකියාවකට මව් රටෙන් පිට
කීවේ කරන්නට බැරි බැරි වැඩ එමට
ජීවේ පිඹින්නට හුස්මක් නැති කමට
නෑ තව සිතුවෙ පැන්නා පිම්මක් පිටට....
____________________________
දණ ගසාගෙන වෙසක් සඳ
බිම බලාගෙන වඩින විට
හඬ තලාගෙන ඉඟිල යන
අහස් යන්තර පාර දිග...
ඉකි ගසාගෙන ඔලිව් මල්
හිස තියයි එ'ගස් පාමුල
හිත හදාගෙන ගසක වෙලි වැල
නගයි හසරැලි කිසිවක් නොදැන....
පැණි දොඩම් අවාරෙදි
මිදි තිත්ත නැහැ,
යූරෝ හරි බරයි සිරිලකට.
ඌරො එළුවොත් මිත්‍රවරු
ඒත්,
ලැබුනෙත් සොච්චමයි වෙහෙසට..
ගිනි ගන්නවා වගෙයි සියොළඟ
ගලා යන රුධිරයත් විසි හතර පැය
ගැස්සෙනව සිනිදු නල රැල්ලටත්
ඇස් කණුත් හරි මහන්සියි දැන්..
මහා මැදියම් කළුවරට
හිඟ තමයි නිදි සුව ඇසට
අතේ නැති රුපියලට
අපෝ විඳවමි හැම තත්පරේකට....
දැනෙන විට කුස ගිනි වෙලාවට
නැහැ රසක් ගිලෙයි බැරිකමට
අහුවුනොත් මානනා උකුසු ඇසකට
සෙනේකම් නැත යකඩ කූරෙත්...
නැගිටිනා විට දෙදණ මත දෙඅතෙ සවියට
පුපුරනා හිත් ඇතිය ළඟ වෙසෙන සඟයගෙත්
දෙවියනේ වරම් දුන්නොත් තවත් සය මසකට
හැකිවේවි බිරිඳ හට සෙවණ මට තන්නට...
Thursday, May 23, 2013
රකිමි නුඹ පණ වගේ
කිරි බර ඇවිත් ලැම පිරිලා දූ නොදනී
හරි පහසුවට කුස තුළ රැදෙමින් ඉන්නී
මැරි මැරි ඉපදෙනා සිතුවිලි නැහැ දන්නී
ලොව නුඹ දුටු දාට මව් වනචර ගෑණී...
දඩමස් වෙලා කෙනෙකුගෙ ඇට ලේ රිදෙන්නේ
පිරිපත වෙලා දිවි බර නැහැ ඔහු දරන්නේ
කැඩපත ළඟදි හදවත ඉකිබිඳ හඩන්නේ
ජීවිත ගමනෙ නැහැ දුවෙ විස්තර කියන්නේ...
සුන්කර ගන්න බැරි පැතුමන් පිරෙන්නේ
මාපිල් පිඹුරු එක්කම පොර බඳින්නේ
සමනල් හැඟුම් නැහැ සිත තුල නැගෙන්නේ
කරදර එක්ක උඹ කුස තුළ වැඩෙන්නේ...
ගැබ්බර කුස අත ගගා නුඹ කුමරිය යැයි සිතන්නේ
දුක්බර නුඹට පිය පස නැහැ කිසි දිනකදි ලැබෙන්නේ
පෙම්බර දියණියේ දරුපෙම හිත ළඟ මේ රකින්නේ
අම්ඹර මැදක හිනැහීයන් එපමණමයි කියන්නේ...........

Monday, May 6, 2013
*** යශෝවුනි මගෙ ***
මේ මහා සංසාර වන්දනාවේ
ගම් දනව් පසු කරන් ඇවිදන්
අදත් මේ භවයෙ අත්වැල
උරුම හිමිකම ගත් යශෝවුනි...
සා පිපාසා දැනෙන කතරක
මහා සයුරක් වෙලා නවතින
වා සුළං වැහි තියෙන විටකදි
උණුසුමින් රකින පින යශෝවුන්ටයි...
අවේලේ වේලේ නොසිතාම
කිසි ජුගුප්සාවක් නැතිවම
ඡායාව වෙලා මගෙ ළඟම
රැදෙන පින ඇති මගෙ යශෝවුන් හට...
සේද සළුපිළි පලඳනා කිසිවක්
නොඉල්ලා ප්‍රපාතය හිත පුරා
සෝදිසියෙන් අත පත ගගා
සරුම අස්වැන්න දෙන පින යශෝවුන්ටය...
ලේන පැටවුන් අරන් උකුළට
මිහිරි වස්ඳඩු රාව පතුරන
අප්‍රමාණික මහද සිහිනම පාටකරනා
තුටක අයිතිය මගෙ යශෝවුන්ටය...
පෑළදිග කිසි දිනක මුදුන් නොමවන
හදවතේ ප්‍රභාෂ්වර හිරු මඩල
සසර බිත මත නොමැකෙනම ප්‍රේමයේ
අක්ෂර ලිවුව මෙහෙසිය යශෝවුනි මගෙ....
රුවන්මය ඔය හද මැදුරෙ
තිර අදිටනේ බල මහිමෙ
බුදුවෙලා එනතුරා නොසොල්වා
අභිවන්දනයට තියා ගනුමැන යශෝවුනි.....
_________________දිනිති_______2013/05/06_____
Wednesday, April 17, 2013
සිහිනය නොදෙන්නෙද හදවත අසයි...
සඳ මඩල ඇයි මෙහෙම අද අහක බලනව වගේ
හිරු දෙවිඳු හැමදාම ඉන්නවා නොදුටුව වගේ
මහ පොළව දුක දරා ගන්නවා කිවුවත් වගේ
උලලේනි සංසාරෙ පසුපසින් හැමදා මගේ....
තුමුල බල ඇති තෙදැති දෙවිවරු කෝ අනේ
කමුල සිඹි සීත දිය උරුමෙද සිදුවුනේ
අපුල කම් නැති සෙනෙහෙ කූඩුව පණ වුනේ
කැකුළු මල නොපිබිදෙන්නේ ඇයි දෙවියනේ....
දුගද පිළිකුණු සියළු දේ වැලකිලා ඇය පේවුනේ
පෙමද අතහැර යන්න බැරි කම තමයි සෙවනැලි වුනේ
තරුද අහිමිව හඬන නුබ තියෙන දවසුත් හමුවුනේ
මන්ද පෙළහර පාන ඇත් රජ තව මෙහි නොපැමිණුනේ....
ගොයුම් ගොත් කුල බුදුන් පස්මහ බැලුම් බැලුවා තමයි
පියුම් සුවඳින් මවක් වෙන දිනක් නැතිවාද කින්නරි අසයි
උතුම් පින් කම් කරයි ඈ නිවන් නොපතා ඉන්නව වගෙයි
නැවුම් කුළුදුල් සිහිනය නොදෙන්නෙද හදවත කෑ ගසයි...

Tuesday, March 26, 2013
සුබ උපන් දිනයක්
නේක දුක්ක දෝමනස්සයක් ඉදිරියේ ජිවිතය නමැති ගඟ ගලා යනවාමය. විසල් පවුරු පදනම් හෝ අත්ල තියා හෝ අපට නැවතිය නොහැකිමය. එහෙත් ගමන් මඟ නම් වෙනස් කළ හැකිමය. මේද එවන් ගමන් මඟක් වෙනස් කළ මගේ ජිවිතයේ තවත් තැනකි. අන්තර්ජාලය තුළ බුකිය ඇතුළු විවිධ ඉසව්වල මොන තරම් දේ කළත් අකුරුක් ලියා ඒ අකුරට නේක පැසසුම් , ගැරහුම් ලැබුවත් බ්ලොග් ලෝකය යනු වෙනමම සොඳුරු තැනකි. එය හුඳෙක් සිතුවිලි වලින් පිරුණ සෞන්දර්යාත්මක හමුවීම් ගහන තැනක්මය...
ඔබ දන්නව මම ඇයි මේ අටුවා ටීකා කියා යන්නේ කියා..ඔව් කීකරු කමක් නැති මගේ සිතුවිලි බ්ලොග් ගත කළ තෙවෙනි වසර සම්පූර්ණ වන දිනය අදයි. පුරා අවුරුදු 3ක් මෙහිදී හමුවුන ආගිය මිනිසුන් ගැන කතා කළ යුතුමයි. ඊට පෙර පුරුදු විදිහට බ්ලොග් එකක් ලියන්නෙ මෙහෙමයි නංගියෙ කියපු දුකා අයිය http://dukaa.blogspot.com/ එහෙමත් නැත්නම් සුභාෂ් අයියව පුරුදු ලෙංගතු කමින්ම අදත් සිහිකරනව. මන්ද යත් එදවස ජිවිතයේ මුහුණ දුන්න ප්‍රශ්ණ හැල හැප්පීම් ජිවිතයටත් වඩා වේගයෙන් දුවමින් සිටි යුගයක්ම වු හන්දාය. මේ ලෝකෙ හැමදේම ඇයි මටම වෙන්නෙ අයියෙ කියා අසද්දි ඒ උඹ දකින විදිහ නංගි කියා කිවු සුභාෂ් අයියේ එදාටත් වඩා ජවයකින් මේ හරඹ දිවි ගමනෙ අද මා කරන්නෙ ඒ වැටි තැලී පොඩි වෙන තැනදීම මට හයියෙන් නැගී සිටින්නට අයියා දුන් වචන වලට පින් සිදු වන්නටය. අද ආපසු හැරී බලද්දී සතුටු වෙන්නට බොහෝ කාරණා ඇත. මඟ හැරුණයි ..වැරදුණායි කියා පසු තැවෙන්නට තිබෙන තැන් බොහෝම අල්පය.
කොයිවෙලෙත් කිසිම කීකරු කමක් නැතිව හැසිරෙන මගේ සිතුවිලි ඔබ වැළඳ ගත්තෙ ආදරෙන්..කවියටත් වඩා ගීතයට පෙම් බැඳි මා දිනෙන් දින ගීත ලෝකය දිනන්නට වැර ගනිද්දී ඔබ නිසා ලැබූ අපිරිමිති සතුට මා අමුතුවෙන් කියන්නට අවැසි නැත. සයිබරය යනු ගල් සහ මල් ද පිරුණ තැනක්මය. එමෙන්ම කකුලෙන් ඇද බිම දමා සතුටු වන ඔවුන්ද හිඟ නොමැත. එවන් තැනකදී සැබෑ මිනිසුන් බොහොමයක් බ්ලොග් ලෝකයේදි මට හමුවිය... අස්වැන්න ලියන http://aswanna.blogspot.com/ දයානන්ද රත්නායක අයියා, සමකය වටේ ලියන http://samakayawate.blogspot.com/ නලීන් දිල්රුක්ෂ...වැනි මිනිසුන් පමණක් නොව වැහි වැටෙන තැන ලියන http://wehimandarama.blogspot.com/ ආදරණීය පුංචි නංගි, මධුරංගගේ සටහන් ලියන http://madurangacreations.blogspot.com/ මධුරංග, ස්වයාක්ත ලියන http://swayaktha.blogspot.com/ ලියන නුවන් මල්ලි වැනි අය මා මේ බ්ලොග් ලෝකයේදී හදුනාගත් මිනිසුන්ය..
වර්ණයට පාට තවරණ දිනේෂ් උමගිලිය මල්ලි...බට්ටිගෙ සිතුවිලි ලියන බට්ටි නංගි ..සිතුම් පැතුම් මල්ලි ,තොටුපල අයිනේ තොටි මල්ලි..තනි අලිය මල්ලි, අත්තම්මගෙ පෙට්ටගගෙ ලොකු ජෝන් , සිතුවිලි පලස අතුරණ සුදා, කූබු, නෙත්පානි, විමුක්ති, ජිංජිබිරිස්, අඩවි රජා, සිතුවිලි දැහැන, බීටා මල්ලි, ඇතුළු තව බොහෝ නංගිලා..මල්ලිලා...සමඟින් සහෝදර පිරිසක් හමු වුයේද මෙතනදීය. කිසිදු කුහකත්වයක්, නැතිව හුදෙක් හදවතේ සැනසුමින්ම ඔවු නොවුන් ඇවිදින් යන සැරිසර යන තැනක් වූ ආලවන්ත හුඳකලාවේ සිට බලා උන් මට දුන් දිරිය වචනයකට කැටි කළ නොහැක. තව නම් ගම් රාශියක් ඇත. එහෙත් නොලිවුවා කියා තරහ වෙන්න එපා..තරහා නොවන බවද මා දනිමි. මෙයද අද අලුයම 4.30 ට අවදිවී තබන සටහනකි.
එමෙන්ම පහුගිය කාලයේ මට බොහෝ මිතුරන්ගේ බ්ලොග් සටහන් මඟ ඇරුණි. මගේ බ්ලොගයද කරන්නට බැරි තරමට මා රාජකාරී ජිවිතයේ හිරවිය. බුකියේ මොනවා හෝ දෙයක් එවලෙම ටයිප් කර විසි කර ගියද මා බ්ලොගයේ එසේ නොකරමි. ඒ මෙය මගේ ප්‍රථම ප්‍රේමය තරම්ම අමතක නොවන ඉසව්ව හන්දාමය. ලේ ගලන දෙපයකින් නැගී සිටින්නට හයියක් දුන් ලෙංගතුම හස්තය මෙයම වු හන්දාය.
ඉඳින් තෙවසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමින් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුභ උපන් දිනයක් වේවා.....
හැබැයි අවිවේකී දිවියෙම හඳිස්සියෙ පටන් ගත්ත මගෙ අලුත් ප්‍රේමය ගාවටත් එන්න කියල ආරාධනාවක් මම අද කරනව. මේ තමයි එතන. http://dinithigegeethaya.blogspot.com/

Thursday, March 7, 2013
*** දෙව්ලොව ගිය අම්මාට ලියමි. ***
අම්මේ දුටුව විට ලියමන මාගේ
වැහි කළු පිරෙන බව ඇත්තක්ය වතේ
එකටම වැටී එක වේලක් ගත්තු දිනේ
සිහියට නඟන් ඇරඹුම මෙහි ඇතිය හොදේ...
කණකර එකින් එක හන්දියෙ කඩයෙ තබා
පත පොත නැවුම් හසරැලි මුව දුන්නෙ එදා
ටක ටොක සැටලයට මුළු ජීවිතය ලියා
රුව ගුණ මලක් බිහිකළෙ ඔබම තමා....
මහ විදුහලේ ඉහළම ලකුණක්ම නිසා
ඉරණම එතන පැහැදිලි බව ඇසුණ තමා
කරණම් ගසා දර දිය ඔබ ඇද්ද නිසා
නොදකින සිහින පිබෙදන්න වුනා
එක එක ඉංගිරිසි ආරය ගත්ත නඩේ
ගොඩයේ එකිය මා විතරයිම වුනේ
අකුරෙන් අකුර දිලිසෙන විටදි පොතේ
දවසින් දවස තරඟය ජිවිතය වුනේ...
පෙව් කිරි ටිකට ණය වෙන බව දන්න නිසා
ගුණ දම් අතු ගෑවෙ පති ගෙය රකිනු කියා
වැල යන අතට මැස්සක් ගහනවා කියා
පැදුරෙන් බිමට වැටුනේ ඔබ මතක් වෙලා
සුවපත් කරන එක ගිලනුන් පිනක් පුතේ
කිය කිය දියණියව තැවුවා ඔබ බුදුන් වගේ
මුසපත් නොවන හදවත රිදවනා දිනේ
නැවතත් නොඑන ලෙස අම්මා ඇයි යන්න ගියේ...
_________________________________
ගව්වෙන් ගව්ව දිව මාළිඟ සදනු කියා
බෝසත් සිතුම් අහකට නම් දමනු එපා
දළ සිඳ වැටෙන දවසක් මතු තිබෙන නිසා
අම්මට තාත්තට පිටුපා යන්න එපා....
( තම මව් එන්න කියද්දී ලංකාවට නොගිය මා මිතුරියට ඇගේ මව ඇයට අහිමි වීම දැක ඇති වුන සිතුවිල්ලකි )
Saturday, February 23, 2013
වසන්තය එනව ඇත්තයි.
රාත්‍රිය නම් විසේකාරයි
එහෙත් ආදරණීයමයි
සලුපිලි ලිහන් ගහකොළ
අතපය විහදන්නෙ ඒකයි....
සඳ දිය නහවලා මල්
පෙති දෙපෙති විහිදයි
රෑ කුරුල්ලන් හිඟ මුත්
'හ්ම්' හඩ වුනත් මිහිරියි...
තණ පලස්වලට නොරිදා
පිනි බිංදු ඇස් අරියි
කණාමැදිරියො ලතාවට
රංඟනය අරඹන්නෙ ඒකයි...
වළාකුළු හුවමාරු වෙන
ගමනාන්තද නොනවතියි
එකිනෙකට නෙතු සලන
කඳු පන්ති සඳ සිප ගනියි...
හිරුත් නොදුටුව අහුමුලු
විටක තරුපතිට හමුවෙයි
එහෙත් නොකියම හෙමින්
පිරිමඳියි නොරිදෙන්නෙ ඒකයි...
ලා එළිය දළු දමන මැදියමයි
හදවතක් පුබුදුවන හැඟුම් බෝමයි
සිනිඳුවට පිරිමැඳ පෙරාගත්තොත්
වසන්තය හිමිවෙනව ඇත්තයි...
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...