Saturday, June 22, 2013
සියදිවි නසාගත් නිළිය,
වෙලේ ඕවිටේ දුව පැන ඇවිදාන
නෙලු පලා ඉහිරුණිදෝ නොකියාම
සඳේ සඳ රැසින් රූ සිරි වැඩුණාම
මලේ පෙති වලට විසවෙයි නොදැනීම....
රිදී කලේ දිය උකුලේ තබාගෙන
තැබූ පයම හෙල්ලුනිදෝ නොසිතාම
රිදී හිතම හඬලා පිටමං වුන හැන්දෑව
තැබූ පියවරම ඇරඹුමදෝ නොකියාම
ස්වේත වර්ණ පිච්ච මලින් සුවඳක් ඉස්සාට
ප්‍රේත යක්කු ඉන්නව ඇස් ඉස් මස් ඉල්ලාම
ක්‍රෝධ හිතක් නැතිවම දුන්නත් හැමදේම
පාට වෙනස් වෙන එක වුනිදෝ නිතරෝම....
සබන් පුයර උලා කොකුම් උවන පුරා
ඉතින් නැගුණිදෝ ඔල්වරසන් වීථි පුරා
සඳුන් ගසක් යට හැදුනත් සුවඳ දරා
පිපුණ නේද කීඩාරම් මුළු දිවිය පුරා
කාර් වෑන් බෙන්ස් ගියත් නුඹ රැගෙනා
තෝර ගන්න බැරි වුනිදෝ හිතින් බලා
කාලෙ ඇවිත් පින් අහවර හඬ නැගුනාම
අනේ අකල්හි පැරදුණිදෝ මේ භවයේම...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
අනිතිම කවිය තදටම හිතට වදිනවා
ReplyDeleteස්තුතියි නලින් හුඟක්ම...
Deleteනිලියක් වුනත් නිලිකම අරගෙන හිතට
ReplyDeleteදිවි නහගත්තෙ ඇයි කළ මොන පවට
මොනවා වුනත් මේවා අරගෙන හිතට
නිළියක් නොවී හිටපන් නුඔ මේ ටිකට....
මට හිතේනෙ එහෙමයි..
ලස්සන පිළිතුරක් අයියෙ...බොහොමත්ම ස්තුතියි..
Delete