මේ බිනර අහස යට
ජීවිතේ හැරවුම් ලක්ෂයේ
කවිය ලියා යන්නට හැකිය.
ඇස් පිල්ලම් ගැහෙන
තුරු පතක
එකදු නිමිත්තක්වත් නොතියා
ගී කියූ කුරුල්ලා
ඉගිලෙන්න තටු ගසන
හෝරාවක
කවියේ
ශෝකීම වචන
ඇමිණිය හැකිය.
මේ උදෑසන
රාත්‍රිය තරමට
හිස්ය.
හදවත කළුවරය.
නිද්‍රාගත සප්නයක
කෙනිත්තුමකට ගැස්සී
ලබ් ඩබ් ගැස්මටත්
ගුලි ගැසී හැංගෙන
මූසලම උදෑසනක
අපරාජිත ප්‍රේමයේ නටබුන්
උගුල්වා විසි කරන්නට
අකුරු එල්ලන
කවියක්ය.
මනමාලකම් පෑ සුළඟත්
පැත්තකට වී අතපය සඟවා
බියපත් ඇස් උලුප්පා
ආවඩන්නේ
ආලවන්ත ඇස්වල
තෙතමනය නොගෙන්වන්න කියා නම්
මේ කවිය ඔබට බලන්නට හැකිය.
සදුදාවක සන්ධ්‍යාවක
හිරු ගිලී හෝරා දෙක තුනකදී
පාංශකූලයට
සංඝයා පැමිණි
නිශ්චිතම වෙලාවේ
අවිනිශ්චිත ගැඹුර
කවියෙන් බලන්නට නොහැකිය.
ඒත් මේ කවිය මං ලියමි.
ප්‍රේමයේ උඩුගං බලා පිහිනූ
කින්නාරාවිය
සියල්ල හැරපියා දියේ ගිලී
මියගිය පුවත
අද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.
2013/09/03
Wednesday, September 4, 2013
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.