සඳ මඩල ඇයි මෙහෙම අද අහක බලනව වගේ
හිරු දෙවිඳු හැමදාම ඉන්නවා නොදුටුව වගේ
මහ පොළව දුක දරා ගන්නවා කිවුවත් වගේ
උලලේනි සංසාරෙ පසුපසින් හැමදා මගේ....
තුමුල බල ඇති තෙදැති දෙවිවරු කෝ අනේ
කමුල සිඹි සීත දිය උරුමෙද සිදුවුනේ
අපුල කම් නැති සෙනෙහෙ කූඩුව පණ වුනේ
කැකුළු මල නොපිබිදෙන්නේ ඇයි දෙවියනේ....
දුගද පිළිකුණු සියළු දේ වැලකිලා ඇය පේවුනේ
පෙමද අතහැර යන්න බැරි කම තමයි සෙවනැලි වුනේ
තරුද අහිමිව හඬන නුබ තියෙන දවසුත් හමුවුනේ
මන්ද පෙළහර පාන ඇත් රජ තව මෙහි නොපැමිණුනේ....
ගොයුම් ගොත් කුල බුදුන් පස්මහ බැලුම් බැලුවා තමයි
පියුම් සුවඳින් මවක් වෙන දිනක් නැතිවාද කින්නරි අසයි
උතුම් පින් කම් කරයි ඈ නිවන් නොපතා ඉන්නව වගෙයි
නැවුම් කුළුදුල් සිහිනය නොදෙන්නෙද හදවත කෑ ගසයි...
මමත් ඇවිත් ගියා. ඔබත් මෙතැනට ගිහින් බලන්න...
ReplyDeletehttp://www.yasanathsithuwili.blogspot.com/
අනිවා..මම ඇවිදින් යන්න එමි...
Deleteaha apurui mage akkkio hemada vagema me kavikam!!!
ReplyDeleteස්තුතියි මගෙ නංගියෙ..........
Delete