Tuesday, November 29, 2011

ආදරණිය දුයිශෙන්......

ආදරණීය දුයිශෙන්......
 
ඔයා දන්නවද ________________
ආයෙමත් අතපය ගල්වෙලා යන තරමට
සීත කාළය ඇවිදින්______________________
ඔව් දුයිශෙන් කියන්නට බැරි තරම් කටුකයි______________
මේ හිම තට්ටු ගණන් බැඳිලා තියෙන කදුකරයට
ආයෙ කවදා නම් වසන්තය එයිද_______________

මම බලාන ඉන්නවා දුයිශෙන්..........

අර පොප්ලර් ගස් යාය පුරාම වසාගෙන තියෙන
සුදුම සුදු හිම දියවෙලා ගිහින්
වසත් සමයට කොල පැහැයෙන් දිලිසෙනකම්___________

මේ හිරගඩු පිපෙන සීත සුළග හරිම කටුකයි දුයිශෙන්_____________
කිර්ගීසියාවේ කඳු මුදුන් හැමදාමත් මෙහෙමයි....

ඔයා දන්නවද සිසිර කාලෙට පිච්චිලා යනවා___________
මේ පොප්ලර් ගස් දුඹුරු පාට වෙලා මුහුණු කලු කරන් ඉන්න
අඬන ළමයි වගේ වෙනවා____________________
ඒ කාලෙට බලන්න බැරි තරම් දුක හිතෙනවා.....
මේ සීත කාලෙයි සිසිරයයි අතර ලස්සනට මල් පිපෙන
වසන්තය එනවා දුයිශෙන්________________
ඇත්තමයි........
ඔයා දන්නවද
සිසිර කාලෙදි අපි පිදුරු ගෙනත් සෙවිලි කරන අපේ පුංචි ඉස්කොලෙ
වසන්තයට අපිට ලස්සනට ජීවිතේ කියාදෙනවා_______________
ඔව් දුයිශෙන් ඔයා වගේමයි____________________
ඇස්දෙකේ කදුළු පුරවන් දුවගෙන ඇවිත් ඔයාගෙ උරහිසේ හැංගුනහම
කරතන්බායි කළබලවෙලා නැගිට්ටා වගේ ඔයා ගියෙ නැහැ දුයිශෙන්.

මහ පොළවෙ පය ගහලා හුස්ම ගන්න ඔයා_____________
මේ ඈත පිටිසර කදුකරයට ඇවිදින්.......
ළගින් ඉදන් මට කියා දුන්නා.........

_________________ජීවිතය_________________________

මේ දැනුත් සීත කාලෙට පිපෙන නම නොදන්නා
කැලෑ මල් සුවඳ විදගනිමින්___________
තණ බිමේ හිම කැට උඩින් එන මේ සීතම සීත සුළගට
මම මුසු කරනවා මගේ හුස්ම දුයිශෙන්_______________
ඒ සුලඟ ඔයා ඉන්න පැත්තකට ඇවිදින්
හඬගා කියයි දුයිශෙන්..........

අතීතෙ සුවඳ එක්කලා අල්තීනායි තවම
_________මග බලන් ඉන්නවා කියලා_________
            
                  

කොහොම නම් කියන්නද මම නුඹ ගැනම......

ආයෙමත් ඉස්සර වගේ ආදරේ සොදුරු තැන් ලියන්න හිතුනා...

හැමදාමත් ආදරේ කදුළ විරහව ලියනකොට මට හිතුනා අසාධාරණයක් වෙනවා කියලා ආදරයෙ ආදරණිය පැත්තට...

....ඉතිං සොදුරු ආදරයෙ අපුරුම තැන් මතක් වෙනකොට මගෙ හිත උඩටම එන්නෙ ඔයා.....
....ඇත්තමයි....
ඒ සොදුරු ආදරය දෙන නුඹ ගැන මම අද කියන්නම්....

කලා සොලොසම අරන් එන පුරහඳ වගේ නුඹ අපුරුයි....
....සඳ ඇවිත් මුළු ලෝකෙටම එළිය දෙනවා වගේ නුඹේ එළියත් මම විඳිනවා...මුළු ලෝකෙටම හොරෙන් නුඹ ගාවට වෙලා විඳිනවා...

....දන්නවද....වෙලාවකට ඔයා හරි ආත්මාර්ථකාමි...වෙලාවකට නෙමෙයි...හැමතිස්සෙම වගේ.....හැබැයි ඒ ආත්මාර්ථකාමි කම ගාව කියා අහවර කරන්න බැරි තරම් ආදරයක් තියෙනවා කියලා මම දන්නවා.....

......පුංචි දේටත් තනිවම හිත රිද්ද ගන්න ඔයා හරියට පොඩිම පොඩි ළමයෙක් වගේ.....
.....හැබැයි අහංකාරයි ඔයා....හරියට දවල් 12 ට විතර මුදුන් වෙන දිනිදුන් වගේ ඔයත් අහංකාර කමින් පුච්චනවා මාව...

....අපේ වචනෙන් කියනව නම් ඔයා හරි ගනන්....අමුතු ලොකු කමක් තියෙන්නෙ....

හැබැයි දන්නවද....
.....ඒ ලොකු කමත් වෙලාවකට හරිම සුන්දරයි....

....ඔයා හංගගෙන තෙරපගෙන ආදරේ හිතේ හිරකරගෙන ඉන්න හදනවා.....ඒත් ඔයාවත් නොදන්න වෙලාවල් වලට ඒ ආදරේ එළියට එනවා....

ඉතිං සමහර වෙලාවල් වලට මට හිනාත් යනවා.....හිනාවෙන්න බැහැනෙ ඉතිං....
ඔයාට යන්තම් ඇත්නම් කෙ‍්න්ති එනවනේ....හිකිස්....

කොච්චර කොහොම වුනත් මට නම් හැමදාම වගේ දැනුන දෙයක් තමා පිටතින් බාහිරින් පෙන්නගෙන ඉන්න ඔයාගෙ චරිතෙට වඩා ලස්සන සොදුරු මිනිසෙක් ඔයාගෙ හිතේ ඉන්නවා...

....මම දැක්ක මට මුණ ගැසුනු අය අතර ඔයා පුදුම කෙනෙක් වෙන්නෙ ඇයි දන්නවද.....
කාටවත්ම කියා ලියා දෙන්න බැරිම තරම් හොදම හොද කෙනෙක් ඔයා...ඔව් ඇත්කමයි.....

ඉතිං ආත්මාරථකාමියෙක් වගේ ලෝභකමට හිතේ ආදරය තියාගෙන මට නපුරුකම් කර කර ඉන්න ඔයා ගැන තව ලියන්න හිතුනත් මම පසුවට තියා ගන්නම්.....

ඇයි දන්නවද....
.....මේ සොදුරු ආදරේ දෙන නුඹ ගැන කියන්නට මට තවම බැරි හින්දා......
                            

Monday, November 28, 2011

මගෙම නුඹට...

දන්නවද ඔයා....



මම දන්නවා_______
 
ඔයාට කවදාවත් ටජ් මහලක් හදන්න බැරි බව.......
නැහැ නේද___________
ආදරයේ සොදුරු තැන් කොහොම නම් සිහි කරන්නද....?
නේද_________
 
ඒ වුනාට ඔයා හැම තිස්සෙම
කාශ්‍යප කෙනෙක් වෙලා........
ආලකමන්දාවෙ කැටපත් පවුරක් හදන්න හදනවා...
 
ඇයි කියලා අහන්න ගියෙ නැහැ_____________
වටපිටේ ඉන්න සීගිරි ළලනාවන්ට ඇහෙයි කියලා බයෙන්...
 
එහෙම වුනොත් විජ්ජුලතාවියො ඇවිත්
බලි රූප අඳියි කැටපත් පවුර පුරාම....
මට දුක හිතේවි කියා ගන්නට බැරි තරම්...
සත්තයි_______________
 
සුදු නෙලුම් රතු නෙලුම් මල් පිපෙන
විල් තෙරට වෙලා
කාශ්‍යප රජ්ජුරුවො වගේම
ඔයත් නෙත්වලට
අල්ල ගන්න හදනවා හැමතිස්සෙම
මේඝලතාවියන්වම.....__________
 
රූ සිරිය දසත ඇති
වෙලාවකට මුහුණ හකුලගෙන
පුම්බගෙන යන්නත් හිතෙනවා මට......

ඒත් ආපහු මම හැරිලා එනවා_____________
ඇයි දන්නවද......
නැහැනේද____________

සීගිරිය නැතිවුනොත්
මට කොයින්ද කැටපත් පවුරක්
තෙරපෙන සිතුවිලි විසික් කරන්න________________

මම හරිනේද..........?


 

Thursday, September 29, 2011

පරවෙලා මම.....




සංසාර පිං කෙතේ
දැවටිලා ආ මගේ...
පිංසාර පෙම වගේ...
දැවටුනා නුඹ වටේ

පණ ගන්න බැරි වුනත්
වළදාපු මිනි කදන්
පුද දෙන්න තව හැකියි
මෙර තරම් සෙනෙහසක්...

කැබලි තැන තැන ඇතත්
ඔජස වැගිරී මිනි කුණින්..
දුබල වුනු මගෙ හිතත්
ගද ගහන සොහෙන වගෙ...

විල් තෙරක මලක් මෙන්
හිනැහුනත් මම ඉතින්..
සිත් අගක නැති පෙමින්
පරවෙලා මම ඉතින්...

Thursday, September 22, 2011

සංවේදි සිත....

ඇරන් හදවත්
කියන්නට බැරි
ලියයි ගලපන්
පද බෙදයි නිති...

ඇස් කෙවෙනි
රිදවමින් නිති
කොනහමින් ඇයි
හිනැහෙන්නෙ
සංවේදි සිතකට..

ලාමකයි කිවුවාට
බොළදයි හැගෙවුවටට....
මනු දයා පෙම් පුරන්
ලෝ දකියි නිති
සංවේදි සිතක් ඇති
මිනිසා.....

Monday, September 19, 2011

නොහිමිකම


මතක අතරින් නුඹ ඇවිත්
මට කදුළු දෙන හන්දා...
සිතක බැදි පෙම විසික් කරමින්
යන්න බැරි හන්දා...
හදක සැනසුම නුඹට දී දැවෙන
ගිනි ගත්ත හන්දා...
සඳක සෙනෙහස සිහිනයක්
උරුමයක් නැතිද මන්දා....

Friday, September 16, 2011

තරු දැක්කා....

ඉත්තෑව වගෙ කූරු විහිදන
පයිනස් ගෙඩි උඩින්
කටු අනින හීතලක
ළැම පුරා හාදු තවරන
පොත් මිටිය මොලවගෙන
බාලිකා ලෝකයක
මුතු සිනහා පතුරගෙන
දෙපා තබමින් ගියපු හැටි....

දෙපස ඇති වල් සූරියකාන්ත
මිලින මල් හංගගෙන ආසිරි සැලුවා
හිරිමල් වියේ හීනය එක්ක
අත් අල්ලන් ගිය දේවදාර ගස් හෙවණෙ
බට්ටිත්තන් එක්ක කතා කළා
කෙවිලියන් පරදවා....

කලු කරපු නැති කලු ලෑල්ල
විරිත්ත විරිත්ත හිටියා
නැන්දම්මගෙ මුහුණ වගේ
සමීකරණ පටලවගෙන
ගුරුතුමි ටොකු අනින කොට...

විද්‍යා පොත උඩින්
මැවෙන ඇස් දෙක දිහා
බලාගෙන තනිවම කියෝනකොට
හයිඩ්‍රජන් ඔක්සින් ට්‍රැපික් එකකලු උන්නෙ
විභාගය දවසෙ ඩෙස්කුවට නාවෙ....

රොබෝරෝසි මල් යාය පාගගෙන
ඊයෙට වේගෙන් දිවුවා
කර බැදි ටයි පටිය අකුලගෙන
හන්තාන මිහිදුමෙන්
වසාගන්නට පෙර......

ඇගිලි ගැන ගැන පොත් අස්සෙ රදවාපු
පුංචි මල් පියලි
පුස් කාලා බව මතක් වුණෙ
හීතම හීතලෙත් දහඩිය දාගෙන
ප්‍රථිඵල ලේඛනයෙ යටින්ම
ඔච්චම් කර කර විරිත්තන
ලයිට් කණු ටික පේනකොට......

ඔබ මගේ.......

අවසනයි පෙම...

සිත තුටින් දැන්....

දැනෙනවා...

අතැර ගියදා පෙම්වන්ත හිත්....
දැනෙනවා පෙම් කරපු උන්හට...
වින්ද පෙම් සුව මතක් කර කර
ලිය ලියා කියවයි පෙමක වගතුග...

මගෙ නුඹට.....

මගෙම මගෙ ප්‍රේමයට.....
මගෙ නොවු මගෙම ආදරයට.....
මට මගෙම කර ගන්න බැරි නුඹට....
මගෙ මටම විතරක් අයිති සිහිනයට....
ඇවිත් යනවද තව එකම එක පාරක්....
..........මේ තනි නොතනියට.....

තව එකම පාරක් නුඹ දකින්න ආසයි....
තව එකම පාරක් නුඹ ලග ඉන්න ආසයි....
තව එකම පාරක් නුඹ සිපගන්න ආසයි....
තව එකම එක පාරකට විතරක්ම එන්න..

Wednesday, September 14, 2011

කොහොම ඉවසමි...


බිඳී විසිරුනු පබලු මාලයේ..
මුතු ඇටත් බයවෙලා ඔහෙ...
කැඩී කූඩුව යනවා හුළගේ..
මගේ ඇස් ඉදිරියෙම අනෙ....

නුඹගෙ මුව කට ඇස්ම අයිතියි..
පෙති හැඩයි මේ මල්වල...
දමා යන්නට කොහොම හිතුවද
පිපෙන මල් දෙස බල බල...

මගේ අඩුවක් කීව නම් ඔබ
හදාගන්නවා නොසිතා අනේ...
මෙහෙම යන්නට හිතුවෙ ඇයි ඔබ...
අපේ උණුසුම සීතලට විකුණලා...

මගෙම වී නුඹ...

සඳක් නැතිවම අඬන අහසට...
සඳක් වී නුඹ පෑයුවා...
මලක් නැතිවම වුන්නු විලකට
මලක් වී නුඹ හිනැහුනා....

කදුලු ඇවිදින් රිදෙන ඇස් යට
හිනාවක් වී නුඹ සැනසුවා...
සුසුම ඇවිදින් තැවෙන හද යට...
පැතුම වී නුඹ මතුවුනා....

කටු කොහොල් පිරි දිවි මගට...
මල් පලස වී නුඹ ඇතිරුවා...
මට මමත් නැතිවම වුන්නු යුගයට...
මගෙම වී නුඹ නැවතුනා....

තාම කවි ලියවේ...

හීන් හුලගක් ඇගේ වැද්දේ...
මගේ හිතෙ ලතැවිලක් ඇත්තේ...
අගේ කෙරුවත් සිකුරු මිතුරේ....
අනේ පෙම් කවි තාම ලියවේ.....

සඳ සොයන්නට වෙහෙසෙමි.....

ගනදුරු රැයක සඳ නොමැතිදා...
වෙල් ඉපනැලි පාගලා...
රැලිති නංවන වැව් දිය කළඹලා
ස‍ඳේ සෙවනැලි හොයනවා...

කණා මැදිරි එළියක් යටට වී...
සරැති නංවන දියේ හැංගි
අමාවක දුන් අහසට ඔරවලා
සඳ සොයන්නට වෙහෙසෙමි....

හැපි හැපි නගන වැව් දියේ
හිතේ සිතුවිලි දවටලා...
මම මටම හිනැහුනා අවසනේ
තාම හිත සිහිනයක හන්දා.....

දැනුනිද නුඹට.....

    • නිදනා දනන් මහ රෑ
      අහස යට...
      නොනිදා දකින සිහිනය
      දෑස යට....
      පුදනා පෙමක් තනිවම
      ... එක හිතකට...
      දැනුනද බිදක් ආදරෙ නුඹෙ
      පපු මතට...

මගෙ නොවුවත්

විලක පිපුනු පියුම තරම් 
හදවිල මැද නුඹ නැලවෙන්නේ....
මතක රැදුනු හිතම අරන් 

යන්න බැරිව මම දගලන්නේ....
රැයක සඳක් වෙලා ඇවිත් 

නිදි නැති නෙත් හඬවන්නේ...
මටම මගෙම වෙලා නැතත් 

නුඹ සුවදින් හිනැහෙන්නේ....

Tuesday, September 6, 2011

ලොවට හොරා රැක ගත්තත් ආලය....

                                  මේ සිහින දැකිල්ල අතහැර....සඳ විමන් අතහැර...අභි නික්මට කාලයයි....ඔව්...මේ මහා මුසල දවස් මගහැර නෙතු පියන් විවර කර ලෝකය දකින්නට කාලය ඇවිදින්ය...ඉදින් ඒ මතින් වුව මම මගෙ හදවතට කන් දුනිමි....අතීතය වගෙම ගෙවෙන වර්තමානයේත් හැම තත්පරයකම අයිතිකරු ඔබම පමණය....


                               අර ඉස්සර දවස්වල සන්නස්ගල සර්ගෙ පන්තියෙ ඉස්සරහම පේලිවල ඉදගෙන හයියෙන් කැගහපු කොල්ලො එක්ක තරගෙට සිංදු කිවුව දඟ මල්ල කියලා ඔයා හැමදාමත් බැනපු මම අදත් දඟ මල්ලම තමයි.....කාලය ගෙවුනා...මිනිස්සු වෙනස් වුනා...ඒ වගේම ඔයත් වෙනස් වුනා....අපි වැඩිහිටියො වුනා....ජිවිතේ වගකීම් වැඩිවුනා....ඒත් ඒ හැමදේටම මුහුණ දුන්නත්....එදා වගෙම වෙනස් වෙන්න බැරි මගෙ හිත තාම ලතවෙනවා.....


              අහස තරම් ආදරේ දුක දරාගෙන ඇස් දෙකෙන් කදුලු පනින කම් අඩ අඩා හිනා වෙන මම දිහා යන්තමින්වත් හිතන්න හිතෙන්නැති හැටි හරි පුදුමයි....මම දන්නවා ආදරය කියන්නෙ පෙරලා කිසිම දෙයක් බලාගෙන දෙන දෙයක් නෙමෙයි....මාත් ආදරේ කරන්නෙ එහෙම තමයි...මට ඔයාව අයිති කර ගන්න එපා.... මට ආදරේ එපා...ඒත් වෙනස් වෙන ලෝකෙ මැද්දෙ ඔයා වෙනස් වෙන එක මට දරා ගන්න බැහැ....


                                                  ඉස්සර උදේම අවදි වුන ගමන් දවසම සුභ වෙන්න කියලා සුභ පතන ඔයා මගෙ හිත සතුටින් තිබ්බා...ඒත් අද මම ඉන්නවද නැද්ද කියලවත් බලන්න ඔයාට මතක නැහැ...ආදරේ පරන වෙනකොට මෙහෙම වෙනවද කියලා මමම හිතනවා....මගෙ ලෝකෙ හැමදාම පසලොස්වක සඳ ඔයා...ඒ අයිතිය කාටවත්ම ගන්න බැහැ...දවස ගානෙ හඳ වෙනස් වෙවි පායන්නෙත් ඒ අහසෙම වගේ හැමදාම මේ දේවල් දරාගෙන මගෙ හිත් අහස ඔයාටම බාරයි....


                                       පාට පාට හීන මං ගාව නැහැ කියලා දන්නවා ඔයාම..ඒ වගේම මම කිසිම දෙයක් අද වෙනකම් ඇහුවෙ නැහැ නේද...ඒ මම හැමදේම දන්න නිසා....ඔයාගෙ ලෝකෙ මට තියෙන්නෙ පුංචිම පුංචි ඉඩක් කියලා මම දන්නවා...ඒ පුංචි ඉඩ ඇතුලෙ ඉදගෙන කටුව ඇතුලෙ හැංගිලා ඉන්න ඉබ්බෙක් වගේ මම ඔයාගෙ ආදරේ ලෝකෙට පෙන්නන්නෙ නැතුව හංගගෙන ඉන්නම්...තව කොයිතරම් කාලයක් මම මෙහෙම ඉදියිද දන්නෙ නැහැ.....හිතේ ඇතිවෙන සිතුවිලි හැම තිස්සෙම මගෙ මුහුණෙන් පිට පනිනවා...ඒ වෙලාවට මම හරි බයයි ලෝකෙට.....ඒත් මම බලා ඉන්නවා කවමදාහරි දවසක මගෙ ආදරේ දැනෙයි කියලා....ඒ දවසට මම මේ ලෝකෙම දිනපු වාසනාවන්තම කෙනා වෙයි නේද.... ඒත් එතකන් මේ ජිවිත ගමනෙ මම තනියම.....තනි මගක තනිකමෙන් යන්නෙ කොහොමද....දරන්නම බැරි ඒ දේ විතරමයි මට......

සඳ සැගව ගිය සද...

සඳ

ආදරෙන් මගෙ නුඹට....

මගෙ නුඹට......අදත්....

අවසර කොයිබින්ද මට...

අපි ඉතින් වෙන්ව යමු...

අහන්න..මේ ඔබ නමට.....

මේ මගේ සොඳුරු ආදරයට.....

හැමදාම සුවඳයි මගේ නුඹ..

ලිහිණියේ.........

ඔබ කොහෙද........

විරුවණේ මේ ඔබටයි....

මගෙ සඳේ නුඹ එන්න....

මගෙ පුතුව රැකදෙන්න.....

ජීවිතේම අඳිමු සිත්තරෝ... — with දිනිති දීපිකා.

කියන්න....ඔබ එනවද....?

කොහොම පහදා කියා දෙන්නද මං...

Sunday, September 4, 2011

අනේ මේ හිතක් මට ලැබුනෙ ඇයි......

න්නවද.....
 

මේ ලියන.....ලියවෙන
හැම අකුරක් ගානෙම...
දැවෙන...ලතවෙන...තැවෙන බව විතරක්ම මම.....



මේ අකුරු දැක වෙන තැවෙන අයෙක් නම් නැත...
මේ අකුරු දැක වෙන විඳවන අයෙක් නම් නැත...
මේ අකුරු දැක වෙන ලතවෙන අයෙක් නම් නැත...
ඒ සිටියේ නම්...උන්නා නම් මේ ලොවටම ඒ මාය....
මා විතරමය.... 



                             විඳින....විඳවන....මේ ආදරය දැනෙන හිතට බර වැඩි වූ හින්දාම මා මෙලොව අතැර යන්නට සිතා උන්නෙමි...සදහටම මේ නෙත් පියා ගන්නට හිතා උන්නෙමි...ඒත් හිතා වුන් දේවත් පතා වුන් දේවත් ඉටු කරගන්නට මට බැරිම වුන හැටි....

                      විසල් අහසක් තරම් සෙනෙහස පුදද්දිත් අබැටක තරම්වත් පෙරලා ආදරයක් නොලබන මා මේ මමම අදත් හුස්ම ගන්නේය...තවම මේ ලොව ජීවත් වෙන්නේය....දැල්වෙන පහන් සිලට අසීමිතව පෙම් කරන මෙරුවෙකු සේ එසේ නොමැති නම් තමාම දැවි දැවි පිච්චී යන බව දැන දැනම ගින්දරට පෙම් බදින පලගැටියකු සේ මමත් ඇබින්දක්වත් ආදරය නැති හදවතක හැපි හැපී ආදරය කරමි....ආදරයම හොයමි....ඒ හිත ළගම වෙලි වෙලි පෙම පුදමි...පුදන ප්‍රේමයට පෙම ප්‍රේමය සොයමි...ලතෙක් බවක් තෙතමනයක් නොමැති බව දැන දැනම ඒ වටාම කැරකෙති....



                    අනේ ගැහැණු හිතකට මේ සා ආදරය කරන්න හිතක් දුන්නේ ඇයි...මේ තරම් දෛවය දඩුවම් කරන්නේ ඇයි...තනිවම මම සිතමි...
  
                          ජිවිතය නම් වුනු මහගිරිදඹේ කොහේ කොතනක හරි මට වැරදී ඇත....ඒ මේ මෙතන කියා හරියටම කියන්නට මම තවම දන්නේ නැත....මට මමත් නැති ලොවක මම තවම හිදින බව විතරක් දනිමි...හුස්මක් හුස්මක් ගානෙ ආදරය කරද්දීත් නොදැනෙන නොපෙනනෙන ලෙස හිදිමින් මේ හිතට දෙන සරදම් නම් මොන තරම් අපුරුද....
    
       හීතලක වැටෙන වැහි බිදුවකටත් පුංචිම පුංචි කුහුඹුවෙකුටත් ආදරය කරන්න තරම් මේ හිත පුරුදු වුයේ කොහොමද...එහෙම ආදරය කරන්නට හිතක් දුන්නේ කිමද....පැලෙන්නට ආදරේ පුදද්දීත් රලු කලු ගලක් සේ හිතක් පපුවක් නැති අයෙකු සේ හිදින්නේ කෙලෙසද....අනේ මේ ආදරය පරිත්‍යාගයක්ම කර මසිතට ආවෙ ඇයි.....



Saturday, August 13, 2011

සදා සැනසුම...අමා දහමයි....


ගිරි දුර්ග දිවි මගේ...
ගිනි වැදී හිදින දා...
ඉසුව දිය බිඳක් වාගේ...
සිසිල දුන්නා බණ පදය මට....

පිච්චෙනා මිහි මඩල යට...
ඇවිලෙනා දුක් ගිනි මැදදි
සිහිල් සුළගක් වගේ ඇවිදින්
නිමා දැම්මා මගේ හිත
පංසලේ බෝ සෙවණ යට.....

නෙතට කදුළැල් උනපු දා...
හිතට සැනසුම අහිමි දා...
වතට හසරැලි නොමැති දා...
හදට අරමක සුවය දුන්නා..
තෙමා සැනසෙන්නට අමා දහරින්.....





Thursday, July 28, 2011

මගෙ නුඹට....

නුඹේ ළගම ඉන්න හිතෙනවා...

විඳගන්නට ජීවිතයේ සොදුරු සහින මැවෙනවා
දැකගන්නට ඒ සිහිනේ ඔබ ඇවිඳින් හිදිනවා....
හිනැහෙන්නට සංසාරේ මගෙ හිත මග බලනවා...
පෙන්වන්නට බැරි තරමට සෙනෙහස දලුලනවා....

පිනි බිංදුව හාදු පුදන මල් කැකුලක් නැවුම් උදේ...
සිහින් සරින් දුරක යන්න කතා කරනවා
හීන් හුළග හමා ඇවිත් ඔබේ සුවඳ ගෙනත් හදේ
කෝඩු සිතුම් හෙමින් හිතට එඹෙනවා...

පිපෙන පිච්ච රෑ මැද්දට සඳ එලියේ සුවද මටම
විඳගන්නට කියනවා
සේපාලිකා මල් ඇතිරුව මුදු පලසේ නුඹගෙ ළගින්
නවතින්නට හිතෙනවා....

Friday, May 20, 2011

මගෙ වසන්තය...මට ලංවෙලා...

මේ වසන්තය මගේ....
හද සන්තකය නුඹේ...
ජීවිතේ ගිරි දුර්ගයේ....
පිය නගමු හරි සීරුවේ....

සීතලට උණුසුම තනා....
හදවතට පණ ටික පොවා...
අත්වැලක් වී ළග නැවතිලා...
මගෙ වසන්තය මට ලංවෙලා...

මල් පිපෙන්නට කල් යල් බලා...
වසන්තය හිනැහෙයි මුව පුරා...
සිත් පිරෙන්නට සෙනෙහස දරා...
පිය නගමු කෙම්බිම කරා....

Thursday, May 19, 2011

ආදරණිය දිලුම් මල්ලියේ....

හිතට දැනුන දුක කියන්නට බැරි තරම්...කවමදාවත් නොදැක්කත් ඔබ සයිබර් අවකාශයේ සොදුරු දේ ගෙනා ඉලන්දාරියා විය...ආදරණිය මල්ලියේ සසරෙ කවමදාවත් නුඹට මෙවන් දෙයක් නොවේවා...බ්ලොග් අවකාශයෙන් හදුනා ගත් ඔබ මුහුනු පොතේ දයාබරම සහෝදරයෙක් විය...මට කියන්නට මොකුත්ම දැනෙන්නෙ නැහැ..දරන්න බැරි මේ වේදනාව නුඹ නැති අඩුව අපිට දැනේවි හැමදාමත්...මටත් බැහැ නුඹට නිවන් සුව නම් පතන්නට...ඒ තරම් නුඹ අප ළගින් ඉන්නවා වාගේ දැනෙනවා...
 

Friday, May 6, 2011

යන්න යන්නම නුඹ ගිහින්...

කප්පරක් පෙම පුද දිදිත්..
ළග ළගම මා වුන්නමුත්..
මෙච්චරක් දුක විදගෙනත්..
යන්න යන්නම නුඹ ගිහින්...

තුන්යමෙ ම මම ඇස් ඇරන්..
තුන් සිතින් පෙම් සිහින දකිමින්..
තැවෙන්නට දුක් හුගක් තියමින්...
යන්න යන්නම නුඹ ගිහින්...

මතක මං පෙතෙ තනිවෙමින්...
මගෙ සඳේ මම ලතැවුලෙන්..
සුවඳ වත් මට නොතියන්..
යන්න යන්නම නුඹ ගිහින්....

Monday, April 4, 2011

නුඹ එන්න ප්‍රියේ..

මල් පිපී ලොවේ...
නුඹ සුවද දැනේ...
මල් සුවද දිගේ...
නුඹ එන්න ප්රියේ..

සද රාහු ගිලී...
මම දුකින් හිදී...
සඳ සදිසි මුවේ..
දුක් කදුළු පිරේ...

සඳ නොමැති රැයේ....
තරුමලත් නැතේ...
සඳ එළිය වගේ...
නුඹ එන්න ප්රියේ...

මගෙ පුතේ.....



පුතේ නුඹ මගෙ සිහින අහසේ...
දකින රන් සුදු සිහිනයයිනේ...
උපන් කූඩුව අතැර රහසේ...
යනු එපා නුඹ මගේ පුතුනේ....

ප්රේමයේ අභිමන සපල වූයේ...
නුඹට පණ දී උපන් දිනයේ...
පිපුනු නුඹහට නුවණ දෙන්නේ....
රජ වෙන්න නුඹ මතු දිනයේ....

දුවන දා නුඹ හෙට වංක ගිරියේ....
රන් පලස් අතුරා නෑ තමයි...
මගෙ පණ දී නුඹ රකින්නේ...
උතුම් මිනිසෙක් ලොවට දෙන්නයි...

ප්‍රේමණිය ම'සිත ( සමාවෙන්න ටයිප් කරනකොට අකුරුවැරදිලා...අන්තිම කවියෙ 3වෙනි පදය නින්ද කියලා හිතයි කියලා එන්න ඔනි..

අම්මේ....

සත් පියුම් මත ඇවිදින්න
ඉඩ නොලද්දත් අම්මෙ...
සත් සියක් කප් කල්ම...
නුඹෙ සෙනෙහෙ සුවදයිනෙ...

පලස් අතුරා නොමැති මාවෙත...
කටු කොහොල් විද ගිය ගමනෙ...
සෙවනැල්ල සේ නිති ළග රැදුනෙ...
නුඹ නොවෙද මගෙ අම්මේ...

සංසාර පිකෙතට ඉසින්නට...
පිංසාර සිතුවිල්ල හද රැදුනෙ...
දුක්දූර දිවිගමනෙ වැලපිල්ල...
සරුසාර අස්වැන්න නුඹ දුන්නෙ...

දරුපෙමට හිත පෙම්වත්ම හින්දා...
ගත රුහිරු ලේ කිරට වුන හන්දා...
ඇතිදැඩි කල පිනට  මම වුන්නා..
ඒ පින් මතින් නුඹ බුදුවෙයි අම්මා...

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...