මේ සිහින දැකිල්ල අතහැර....සඳ විමන් අතහැර...අභි නික්මට කාලයයි....ඔව්...මේ මහා මුසල දවස් මගහැර නෙතු පියන් විවර කර ලෝකය දකින්නට කාලය ඇවිදින්ය...ඉදින් ඒ මතින් වුව මම මගෙ හදවතට කන් දුනිමි....අතීතය වගෙම ගෙවෙන වර්තමානයේත් හැම තත්පරයකම අයිතිකරු ඔබම පමණය....
අර ඉස්සර දවස්වල සන්නස්ගල සර්ගෙ පන්තියෙ ඉස්සරහම පේලිවල ඉදගෙන හයියෙන් කැගහපු කොල්ලො එක්ක තරගෙට සිංදු කිවුව දඟ මල්ල කියලා ඔයා හැමදාමත් බැනපු මම අදත් දඟ මල්ලම තමයි.....කාලය ගෙවුනා...මිනිස්සු වෙනස් වුනා...ඒ වගේම ඔයත් වෙනස් වුනා....අපි වැඩිහිටියො වුනා....ජිවිතේ වගකීම් වැඩිවුනා....ඒත් ඒ හැමදේටම මුහුණ දුන්නත්....එදා වගෙම වෙනස් වෙන්න බැරි මගෙ හිත තාම ලතවෙනවා.....
අහස තරම් ආදරේ දුක දරාගෙන ඇස් දෙකෙන් කදුලු පනින කම් අඩ අඩා හිනා වෙන මම දිහා යන්තමින්වත් හිතන්න හිතෙන්නැති හැටි හරි පුදුමයි....මම දන්නවා ආදරය කියන්නෙ පෙරලා කිසිම දෙයක් බලාගෙන දෙන දෙයක් නෙමෙයි....මාත් ආදරේ කරන්නෙ එහෙම තමයි...මට ඔයාව අයිති කර ගන්න එපා.... මට ආදරේ එපා...ඒත් වෙනස් වෙන ලෝකෙ මැද්දෙ ඔයා වෙනස් වෙන එක මට දරා ගන්න බැහැ....
ඉස්සර උදේම අවදි වුන ගමන් දවසම සුභ වෙන්න කියලා සුභ පතන ඔයා මගෙ හිත සතුටින් තිබ්බා...ඒත් අද මම ඉන්නවද නැද්ද කියලවත් බලන්න ඔයාට මතක නැහැ...ආදරේ පරන වෙනකොට මෙහෙම වෙනවද කියලා මමම හිතනවා....මගෙ ලෝකෙ හැමදාම පසලොස්වක සඳ ඔයා...ඒ අයිතිය කාටවත්ම ගන්න බැහැ...දවස ගානෙ හඳ වෙනස් වෙවි පායන්නෙත් ඒ අහසෙම වගේ හැමදාම මේ දේවල් දරාගෙන මගෙ හිත් අහස ඔයාටම බාරයි....
පාට පාට හීන මං ගාව නැහැ කියලා දන්නවා ඔයාම..ඒ වගේම මම කිසිම දෙයක් අද වෙනකම් ඇහුවෙ නැහැ නේද...ඒ මම හැමදේම දන්න නිසා....ඔයාගෙ ලෝකෙ මට තියෙන්නෙ පුංචිම පුංචි ඉඩක් කියලා මම දන්නවා...ඒ පුංචි ඉඩ ඇතුලෙ ඉදගෙන කටුව ඇතුලෙ හැංගිලා ඉන්න ඉබ්බෙක් වගේ මම ඔයාගෙ ආදරේ ලෝකෙට පෙන්නන්නෙ නැතුව හංගගෙන ඉන්නම්...තව කොයිතරම් කාලයක් මම මෙහෙම ඉදියිද දන්නෙ නැහැ.....හිතේ ඇතිවෙන සිතුවිලි හැම තිස්සෙම මගෙ මුහුණෙන් පිට පනිනවා...ඒ වෙලාවට මම හරි බයයි ලෝකෙට.....ඒත් මම බලා ඉන්නවා කවමදාහරි දවසක මගෙ ආදරේ දැනෙයි කියලා....ඒ දවසට මම මේ ලෝකෙම දිනපු වාසනාවන්තම කෙනා වෙයි නේද.... ඒත් එතකන් මේ ජිවිත ගමනෙ මම තනියම.....තනි මගක තනිකමෙන් යන්නෙ කොහොමද....දරන්නම බැරි ඒ දේ විතරමයි මට......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...

No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.